🖤Chapter 03 💠

482 150 87
                                    

" එහෙනම් අද හවස හරිනෙ ? "

" ආශ්....බෑ කියන්න ආසයි.ඒත් බෑනෙ. "

පුටු ඇන්දට බර දීලා ඔලුව පහලට දාගෙන ඉදපු සෝජු කිව්වේ එකපාරටම ඔලුව කෙලින් කරගෙන මට ඔරවන ගමන්.

" ඒක නෙමෙයි සෝජු... විල්සන්ට කතා කලාද ? "

" අහ්...දේ සර්. මිනිහට මම විස්තර කිව්වා. මම කිව්වා කෝකටත් එදා අපි ගිය රෙස්ටුවරන්ට් එකටත් ගිහින් බලන්න කියලා "

" ඒක හොදයි. කෙල්ලව කොහොම හරි හොයාගන්න ඕනි "

මට ඕනි උනේ මටත් නොදැනී මගේ වොලට් එක උස්සන්න තරම් හයියක් ආපු කෙල්ලව කොහොම හරි අල්ලගන්න.

" විල්සන් කතා කලොත් මම සර්ට කියන්නම් "

" අරස්සෝ "

සෝජු එහෙම කියලා කැබින් එකෙන් එලියට ගියා.සෝජු ගියාට පස්සේ මමත් හවස් වෙනකම්ම ඔෆිස් එකේ වැඩ වලට හිර වුනා.ඒ පැය කීපයේ ගොඩ ගැහිලා තිබුන ෆයිල්ස් ගොඩක් චෙක් කරලා ඉවර කලේ හවස සෝජු එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න තියෙනවා කියන එක ඔලුවෙ තියාගෙන.හැමෝම ඕෆ් වෙලා ගෙදර යන ටයිම් එකට මාත් සෝජු එක්ක ගෙදර එන්න පිටත් උනා.

ඔෆිස් එකෙන් පිටත් වුන වෙලාවෙ ඉදන් සෝජුගේ මූනේ එච්චර හොද පෙනුමක් තිබුනේ නෑ.මම කීප සැරයක්ම ඉස්සරහා කන්නාඩියෙන් ඩ්‍රයිවින් ශීට් එකේ ඉන්න සෝජුගේ මූන බලනවා එයා දැක්කත් නොදැක්කා වගේ අහක බලාගත්තා.

" යා............හ් "

" ඕමෝ ඕමෝ.... ආ....ශ් වේ ? "

මගේ කටේ සද්දෙට කලබල වෙලා සෝජු වාහනේ පාර මැදම බ්‍රේක් කලේ අතකින් පපුව අල්ලගන්න ගමන්.ලොකු වුන ඇස් වලින් පිටිපස්ස හැරිලා මා දිහා බලාගෙන ඉදපු සෝජු දැක්කම මට හිනාව නතර කරගන්න බැරි උනා.

" හශ්....සර් හිනා වෙනවා...මම තව ටිකෙන් ගැස්සිලා මැරෙනවා "

" මොකද කිසි කතාවක් නැතුව ගල් පිලිමයක් වගේ යන්නෙ.ඒක හරි අමුතුයි "

" ආ.....හ්... ආයිගෝ "

සෝජු පපුව අතගාගන්න ගමන් ආයෙම කලබලෙන් යන්න පටන් ගත්තේ පිටිපස්සෙන් ආපු වාහන හෝන් කරන්න පටන් ගත්ත නිසා.

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠|| KSJ || (Completed)Where stories live. Discover now