🖤 Chapter 13 💠

Start from the beginning
                                    

" මට සතුටුයි නූනා. මගෙ හ්‍යුන්ග් ගොඩක් ලකී ඔයා වගේ කෙනෙක්ව ලබන්න. "

" හ්ම්ම්...කුකී අපි එලියට යමු. ජින් හොදටම නිදි "

" දේ.... "

ටිකකින් මට ඇහුනා කාමරේ දොර වැහෙනවා. දෙන්නම එලියට ගියාට පස්සේ මම ඇඳ වියනට හේත්තු වෙලා කල්පනා කලේ කුකී කියපු දේවල් ගැන. ඒත් මට එහෙම දෙයක් තියෙනවා කියලා කිසිම වෙලාවක් හිතුනෙ නෑ.

" පිස්සෙක් කවදද තමන්ට පිස්සු කියලා පිලිගත්තේ. කොරියාවේ ලාබාලතම වගේම දක්ශම ව්‍යාපාරිකයා මිස්ටර් සොක්ජින්...ඔයා දැන් පිස්සෙක් "

ලොකු හුස්මක් පිට කරලා හිනා වෙන ගමන් මම මටම කියාගෙන ආයෙම ඇඳෙන් ඇලවුනා. මට නින්ද යන වෙලාවක් මතක තිබුනේ නෑ.ඒත් වැඩි වෙලා යන්න කලින් මට නින්ද ගියා.
.
.
.
.
.

~ Next Day Morning ~

" හ්‍යුන්ග් නැගිටින්න. හ්‍යුන්ග් "

" ආහ්...තව ටික වෙලාවක් දෙන්න කුකී "

" හ්‍යුන්ග් ඔයා කෑම කාලා බෙහෙත් බොන්න ඕනි නැගිටින්න "

" අනී..."

" චෙබල් හ්‍යුන්ග් "

" අනී..."

" සොක්ජින් නැගිටපං. උඹ මැරෙන්න යන්නේ  "

මෙච්චර වෙලා ඇහුන කුකීගේ හුරතල් කටහඬ වෙනුවට ඇහුන හුරු පුරුදු ගොරහැඬි කටහඬට මම ගැස්සිලා ඇහැරුනේ ඇඳේ එහා කොනට රූටලා යන ගමන්.

" කු....කුකී..ඔයා මාව බය කරන්නද ඒක කලේ ? "

" මෝ...? මොකක්ද හ්‍යුන්ග් මං කලේ ? "

" ඔ...ඔයා කටහඬ වෙනස් කරලා කතා කලා නේද ? "

" අනී...හ්‍යුන්ග් ඔයා හොදින්ද ? "

කුකී මගේ ලඟට එන්න හැදුවත් මම කුකීව මගෙන් ඈත් කලා.

" එන්න එපා..මගෙ ලඟට එන්න එපා. ඔ...ඔයා මගෙ කුකී නෙමෙයි "

" මොනවද හ්‍යුන්ග් මේ කියන්නේ.මම ඔයාගේ කුකී. හ්‍යුන්ග් ඇයි මේ ? "

" අනී...ඔයා කුකී නෙමෙයි...ඔ...ඔයා මාව මරන්න නේද ආවේ ? ම...මාව බේරගන්න..සෝජු...පෝලි "

මම පුලුවන් හයියෙන් කෑ ගැහුවා.මගේ කෑගැහිල්ලට උඩට ආපු පෝලි දොර ගාව නතර උනේ මා දිහා බයෙන් වගේ බලන ගමන්.

🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠|| KSJ || (Completed)Where stories live. Discover now