#Ep - 1 💖⛓🔐

Mulai dari awal
                                    

හිතේ දුකක් තිබුණට මේ කෙල්ලෝ දෙන්නා ඒක එයාලගේ ඔන්නිලට පෙන්නන්න කොහෙත්ම කැමති නෑ... ඒත් ඒක හිතෙන් දරාගෙන ඉන්න ඊටත් වඩා අමාරු ඇති..

හනේ තොපි දෙන්නටම කෑම කන්න දෙන්න වටිනනෙ නෑ...

හා හා දැන් ඕක නවත්තලා කන්න එනවා හැමෝම...

ඒ Jae.. එයාලගෙන් වැඩිමල්ලම එයා.. එයාගේ යොන්දොන්සෙං ලට ගොඩක් ආදරෙයි ඒත් හිත ඇතුලෙන්..එයා ඒක පිටට පෙන්නන්නේ නෑ.. සමහර විට ඒ එයාගේ කැමැත්ත වෙන්න පුලුවන් නැත්තං වෙන හේතුවක්ද දන්නෙත් නෑ...

හරි ඔන්නියෝ මේ එනවා...😁😋

කෑම කිව්වොත් තොපිට ඉතින් වෙන දෙයක් ඕනි නෑ නෙ බඩජාරියො ටික...😂🤗

සන්ග්මී කිව්වේ හිනා වෙන ගමන්...

ඔයාටත් එහෙමයිනෙ ඔන්නියෝ...😂😅

රයේරා කියපු ඒ දේට නං හැමෝටම හිනා ගියා..ඒ හිනාව නැවතුනේ ජයේ ගේ කටහඩ නිසා..

අනේ අම්මපා තමුසෙලා ටික දෙනා අද රෑට මේ කෑම කනව ද නැත්නම් හෙට උදේට කනවද ? 😤😒

මේ එනවෝ... ඔච්චර තරහ ගන්න එපා ඔන්නියෝ ඔයා වයසට යයි...😅😂😜

පුංචි යොන්දොංසෙන්ලා ටික එහෙම කිව්වේ ජයේ ඒ නපුරු මූණට හිනාවක් එන්න..

හිනා වෙවී හිටපු කෙල්ලො ටික ඒක නැවැත්තුවේ රයේරා කියපු දේට..

කෝ කියුන්ග් පේන්න නෑ නේ.. 🤨

මං ආව රයේරා ඔන්නියෝ...මං පොඩි වැඩක ඉදියෙ.😁🤗

ඒත් එක්කම

ජයේ ඔන්නි... මං ඔයාට කියන්නමයි හිටියෙ...😶😓

ඇයි මොකක්ද හාවොන් ? 😐

මේකයී.....

හාවොන් ඔන්නි ඔයා ඉන්න මං කියන්නම්...🤕

කියුන්ග් කිව්වේ හාවොන්ගේ ඒ මූණ බයෙන් පිරිලා තිබුණ නිසා..

මේ තමුසෙලා දෙන්නාගෙන් එක්කෙනෙක් ඉක්මනට කියනවා... හෙට ගොඩාක් වැඩ තියෙනවා කරන්න...😤😒

හරි ඔන්නි මේකයි.අපිව පොලීසියෙන් හොයනවා...😓

ඒ කියපු දේට හරාටනං ගානක්වත් නෑ...

𝐌𝐘𝐒𝐓𝐄𝐑𝐈𝐎𝐔 𝐌𝐀𝐅𝐈𝐀 𝐆𝐀𝐍𝐆 ☠︎︎♥︎☘︎ || 𝐀𝐍𝐃 𝐓𝐑𝐔𝐄 𝐋𝐎𝐕𝐄 ༒︎♥︎᯾Tempat cerita menjadi hidup. Temukan sekarang