දාසයවන කතාංගය😍

629 146 12
                                    

"ළමයි අද ඔයාලගෙ වාර විභාගය. කොලේජ් එන්ට්‍රන්ස් එක්සෑම් එකට මාස තුනක් තියනවා. ඉතින් අපි මේ විභාගෙන් හොඳ පුහුණුවක් අරගෙන අඩුපාඩු හදාගෙන හරියට විභාගෙ කරලා හැමෝම ඔයාලගෙ ගමන හදාගනී කියලා මම හිතනවා... "

මට කියලා ඉවර කරන්න හම්බුනේ නෑ.. ජින්,

"විභාගෙ තමයි අපේ අභාගෙ..
ටීචර් ඔයත් අපිව අන්තිමට පේපරෙන් මැන්නා ඈ.. ජුකයි.. ඈඅ... ඔයත් අපේ ප්‍රේමයට ගල් ගැහුවා ටීචර් "

ජින් හරි ලස්සනට රග පානවා.

"හා. හා. කාගෙ  කාගෙත් මට්ටම් මම බලාගන්නම්කෝ විභාගෙන් පස්සේ.. ළමයි මම නෙවෙයි ඔයාලගෙ පන්තිය බලන්නේ.

ප්‍රින්සිපල් සර් පෞද්ගලිකව ඔයාලව බලනවා කීව.. ඒ නිසා කරුණාකරලා හොඳ ළමයි වගේ හොදින් හැසිරෙන්න.. ඒ වගේම හොඳට ලියන්න. "

මම ඉතුරු කතාවත් සම්පූර්ණ කළා. .

"අහ්.. ලොකු සර් මේ පාර හොරා පොලිස් කරනවලු. බන්.. ඕන ඔට්ටුවක් විනාඩි දහයයි ඉනෙනෙ.. "

ජින් ආයිමත් පටන්ගත්තා.

"රුපියල් සීයක් ඔට්ටුයි මේ පාර මෑන් යන්නේ ආයි මේ පැත්ත බලලා බත් කන්නෙත් නෑ කියලා.. "

ජන්කුක්ත් වැඩේට හවුල්.

"අනේ පළයන් යන්න... මැවිලා පෙනේවි සීනේ... හැබැයි කුක්කෝ බෑනා කම නම් නැතිවෙනවා හොදේ.. "

ටේයොන්ග් කියනවා.

"අනේ. මක්කැයි. මූදෙ ඉන්නේ එක මාලුවයැ අනේ.. '

"ඒ වුණාට බන් බන් බී ඩී ට ඉන්නේ එක දුවයිනෙ.. "

"ළමයි ... මේ විභාගෙකට කලින් මොනාද ඔය කියවන්නේ? අහ්.. තම තමන් පාඩම් කරපුව එහෙම සිහි කරගන්න. සිත විභාගයට යොමු කරන්න. "

මේ කෝලම් නවතින්නේ නැති තැන මම කීව.
ඒ එක්කම ටේයොන්ග් ආයිමත් අත උස්සගෙන. .

"මොකද ටේයොන්ග් ? "

"ටීචර් මම සෙත් කවි.කියන්නද? කට්ටියට විභාගෙ හොදින් කරන්න පුලුවන් වෙන්න කියලා.. "

"හා කියන්නකෝ බලන්න."

ලොකු විශ්වාසයක් නැතත් ඒ ගල් ආදා ගැන මම අවස්ථාවක් දුන්නා.

Rowdies😍  ( Sinhala fan fiction ) Where stories live. Discover now