හතරවන කතාංගය😍

651 158 9
                                    

යුංගිගේ ඒ උත්තරෙත් එක්ක මම ගැස්සිලා ගියා.. යුංගි මට වෛර කරනවද? ඒ ඇස් වල තියෙන්නේ වෛරයක්ද ? හේතුවක් තියනවද එයාට මට වෛර කරන්න..

එක දිගටම හිටගෙන කතා කරලා මහන්සි නිසා මම පුටුවට වාඩි වෙන්න ගියත් ආයිමත් බයටම ගුරු මේසෙ කොනකින් වාඩි වුණේ පුටුවෙන් වාඩි වෙන භයානක නිසා..

"ආආආආආඅව්ව්... අනේ අම්මේ.. මගේ කොන්ද.."

ආයිමත් මාව වැටුනා.. අනේ මගේ කොන්ද.. අදනම් නැගිටගන්නවත් අමාරුයි වගේ..

මුන් මේසෙ කකුල කඩලා අටවලා තියලා.. අහින්සක මේසෙ කොනින් වාඩිවෙච්ච මම මේසෙත් පෙරලගෙන බිමට පතබෑවුණා..
දවල් තරු පෙනුනේ ආයිමත් කොන්ද ඇනුන නිසා...

"ඒ මම කීව නේද අද මෙයා පුටුවෙ නෙවෙයි මේසෙ වාඩි වෙන්නේ කියලා.. "

ජයග්‍රාහී හිනාවකින් උත්තර දුන්නේ යුංගී.. .

"වාව්.. නියමයිනේ.. බුංගියා.. අපි සාස්තර කඩයක් දාමු .. ඒ.. ඔයා කපුවා.. මම තමා උදව් කරන එක්කෙනා..

ඕං රීං  ගජවරං... ඕං.. නමෝ නමෝ..නමෝ.. බුංගියාගෙ සාස්තරේ හරියටම හරි..ඒස්වාඅ...... පුහ්...."

ටේ පටන්ගත්තා.

"ඒයි.. පෙට්ටියා.. තෝ මට බුංගියා කියලා මාව නරක මිනිහා කරගන්නෙපා.. "
යුංගි ත් කෑගහනවා...

"ඒ.. ටේ.. මේ බුංගියා නෙවෙයි. ජංගියා කියපන්..  ඕක ජංගි හොරා... මගේ ජංගිය එදා වැලේ තියෙද්දී අරන් දිව්වේ... "

ඒ පාර ජන්කුක්...

"අනේ.. පළයන්. යන්න.. අපේ ගෙදරට ගද ආව යකෝ උඹෙ  ඔය ජංගියේ.. මම තියා අපේ බල්ලවත් ඇහැක් ඇරලා බැලුවෙ නෑ ඒක දිහා.. "

. කිසිම කෙනෙක්ට මගේ වේදනාව ගානක්වත් නෑ...

"ඒ මේ .. ඔයා බලල කියන්නකො.. ජින් මාව බදිනවද කියලා.. සාස්තර කඩෙන්... "
නිසා ආයිමත්...

"මේ ඕයි.. තමුසෙට පිස්සුද? පිස්සන් කොටු යන්න ඕන වෙලාද? හැම.වෙලාවෙම.මාව බදින්න හදන්නේ.. ලස්සනවත් තිබ්බනම් කමක් නෑ..

තමුසේ හිතුවද තමුසේ වගේ නට් ලූස් එකක් බැදගන්න තරම් මම පව් කරලා කියලා.. යකෝ.. උදේ හවස ආසි නටෝන මට ජෝකර්ලගෙන් වැඩක් නෑ හරිය.."

Rowdies😍  ( Sinhala fan fiction ) Where stories live. Discover now