ඉස්කෝලෙට ඇවිත් හරියටම සතියකට පස්සේ මම යන්න තීරණය කළා.. කොච්චර කට්ට කාගෙන ඉන්න හැදුවත් තව දුරටත් මගේ දරාගැනීම නැති බව මටම දැනුනා..ඉල්ලා අස් වීමේ ලිපිය අඩ අඩම ලියල ට්‍රන්ක පෙට්ටියට බඩුත් අහුරගෙන ක්‍රිකට් බෑග් එකත් කරට දාගෙන එළියට බැස්සේ මේ වේදනාවන් වල කෙලවරක් නොපෙනෙන නිසා..
එළියට බහිනකොටම ජිමින් මගේ ඇස් ඉස්සරහ... පොඩි ලී බැට් කෑල්ලකුත් අරගෙන.. කොට කලිසමකට ටී සර්ට් එකක් ඇදලා මම දිහා බලාපොරොත්තු පොදි බැදගෙන බලාගෙන ඉන්නවා..
අගහරුවාදා .. මම වුණ පොරොන්දුව .. මටම අමතක වුණා.. ජිමින්ට පිටිපස්සෙන් හෝබිත් ඇවිත්.. යාලුවව පරිස්සම් කරන්න..
"මිස් කොහේවත් යන්නද? "
ජිමින් ඇස් දෙකත් පුංචි කරලා අහද්දි ඒ මූණට මට යනවා කියලා කියාගන්න තරම් හයියක් තිබ්බෙ නෑ.
"අහ්.. නෑ...ජිමින්...මම ක්‍රිකට් ගහන්න එන්න හැදුවේ.. ටීචර් ට විනාඩි පහක් දෙන්න. ටීචර් පිට්ටනියට එන්නම්... "
ගෙනියන්න එළියට ගත්ත ට්‍රන්ක පෙට්ටිය ආපහු දාල ටැක් කිට් එකෙන් ක්‍රිකට් බෑග් එකත් උස්සන් පිට්ටනියට යනකොට මතක් වුණේ ඉස්සර මම ඉස්කෝලෙ පුරාම උජාරුවට මෙහෙම ගියපු විදිහ..
මම කෙල්ලෙක් වුණත් කොල්ලොත් මට බෝල් කරන්න බයයි..
"අමාගෙ අතට පිත්ත ආවා කියන්නේ ඉතින් වටේ පිටේ ගෙවල්වල ජනෙල් කුඩු...නේ.. නගා.."
අයියලා මට හිනා වුණේ එහෙම.. ඒ හැම එකකදිම මගේ අයියා කළේ හරි ආඩම්බරෙන් මම දිහා බලල හිනා වුණ එක..
"ජිමින්.. "
"ජිමින් දරුවෝ මොකද මේ බය වෙලා වගේ???? "
මම දිහා කන්න වගේ අර පුංචි ඇස් දෙකත් ජිල් බෝල කරගෙන බලන් ඉන්න ජිමින්ගෙන් මම ඇහුවා..
"නෑ.. මිස් මුකුත් නෑ.. "
"හරි.. එහෙනම්.. පටන්ගන්න කලින් වෝ මප් කරමු.. පිට්ටනියෙ වටේ වට තුනක් විතර දුවමු...
හෝබි එනවද?"
මම අහද්දි
"අනේ මට බෑ ටීචර් .මම ජිමිනගෙ තනියට ආවෙ.. "
![](https://img.wattpad.com/cover/277672696-288-k417990.jpg)