නවවන කතාංගය😍

652 148 20
                                    

"ඇයි දුලා? "

මම පන්තියට කතා කරලා ඉවර වෙනකන්ම දොර ළගට වෙලා ඇඹරි ඇඹරි කතාව අහගෙන හිටියේ දුලා.. වට්ටක්ක බේබි මොඩල්... බන් බී ඩී ගෙ දුව.

"ටීචර්, මේ ජන්කුක්ගෙ දවල් කෑම එක... "

කෙල්ල ඉදියප්පන් අඹරන්න වගේ ඇඹරී ඇඹරී කියවනවා.

"....ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....
ආආආආආආආඅව්ව්ව්ව්ව් ........."

"ඕන් බලපන් ඒකෙත් හැටි.. හොඳ ඇපල් කන්නෙම පනුවෝ කියන්නේ ඕක තමා.. "

ජින්ට ඉරිසියාවෙද කොහෙද දොඩවන්නේ.. ජන්කුක් ඉහළ අත්තක් අල්ලගත්තට..

"අඩේ.. බලපන්කෝ..ඒක.. අනේ ඉතින් බන් බී ඩී ගෙන් බත් කටක් කන්නත් වාසනාව තිබ්බේ අපේ කුක්කටනෙ.. ඒකත් ජයසිරි මංගලම් කීවලු.. "

යුංගි කියනකොට..

"අපිට කොයින්ද පූසෝ මාලු????.. අපි යනවැයි ඉතින් මූදු???.. අනේ ඉතින් මේ ජිනාගෙ ලුනු නැති මිරිස් වැඩි කෑම කන්නෙපැයි අපි.. "

ටේයොන්ග්ත් පැනලා කීව..

"මේකයි දුලා ඇහුවට තරහ වෙන්නෙපා..නංගියෙක්වත් නැද්ද?

මටත් ආසයි ඉතින් අපේ බන් බී ඩී සර්ගෙ නෝනගෙ අතින් උයපු බත් කටක් කන්න.. "

ඇගට පතට නොදැනී නම්ජුනා කියනකොටනම් මුලු පන්තියම හිනා වුණා..

දුලානම් ඇඹරුනා ඇඹරිල්ලක්... මල කෝලම් ඉවරයි ඉතින්..

පන්තියම එකම සද්ද ගොඩක්.. ජන්කුක්ත් පොඩි යැස් පාරක් දාගෙනම කෑම එක අරගත්තා. ඒක දීපු පරක්කුවට දුලා අනෙක් පැත්තට දුවල ගියා..

"ළමයි දැන් ඔය බත් බෙදිල්ල ඉවරනම් ආයිමත් වැඩට එමුද? "

එහෙම කියල මමත් ආපහු පාඩමට ආවා.. දවස නිස්කලංකව ගෙවිලා ගියා... හවස ගුරුවරුන්ගේ රැස්වීමක්...

ඒ නිසාම මමත් ගුරු කාමරේ පැත්තට ගියේ අර ලොක්කා ඉතින් ඔය රැස්වීමෙන් බාගයක් කරන්නේ මගේ පන්තියට බනින එක. මම කරන්නේ අන්ධයා , ගොලුවා  බීරා වගේ ඉන්න එක.

"අහ්...මිස් අමා දන්නවද මට හරියට නින්ද යන්නෙත් නෑ.. තමුන්ගෙ ගෝල පුත්තරයෝ ටික ඊළඟට මොකක් කරයිද කියලා... අහ්..

Rowdies😍  ( Sinhala fan fiction ) Tempat cerita menjadi hidup. Temukan sekarang