අටවන කතාංගය😍

671 156 32
                                    


හවස් වරුවේ ප්‍රැක්ටිස් වලට ලෑස්ති වුණේ ජිමින් එන නිසා.. ඒත් මම එළියට යද්දි,  මම එතන ජිමින් බලාපොරොත්තු වුණත් හිටියේ යුංගි.

"යුංගි, ඔයත් එනවද ප්‍රැක්ටිස් ? "

මම එහෙම ඇහුවේ ඇත්තටම යුංගිව ඒ වෙලාවෙ එතන දැකලා පුදුම වෙලා..

"මේ මට පිස්සු නෑ. මම කියන්න ආවෙ අපේ අහින්සක කොල්ලන්ටත් පිස්සු හදවන්න එපා කියලා..

ඔයා අපිට අහස අල්ලන්න උගන්නන්න හදන්නේ මොකටද? "

යුංගි හරි දරුණු මූණක් අරගෙන ඇහුවා.

"යුංගි මම ඔයාලට අහස අල්ලන්න උගන්නන්නේ නෑ.. මම ඔයාලට උගන්නන්නේ ඔයාල කැමති දේ ලබාගන්න හැටි.. "

මම එහෙම කියද්දී ඒ මූණට ආවෙ පාච්චල් හිනාවක්..

"ඔයා හිතුවද මම දවස් දෙකක් කටවහන් හිටියේ ඔයා උගන්නවට ආසාවෙ කියලා..
මම කටවහන් හිටියේ අපේ ඔක්කොම ඔහේට පිස්සු වැටිලා නිසා....

හැබැයි මම එකක් කියන්නම්. ජිමින කියන්නෙ අපේ පන්තියේ ඉන්න අහින්සකයා..

ඒකට අල්ලන්න බැරි හීන දීල, ඒව බොද වුණොත් එදාට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ.. ඔයා එදාට වග කියන්න ඒ කොල්ලගෙ ජීවිතේට ..

එච්චරයි මට කියන්න තියෙන්නෙ..

අහ්. තව එකක්. මෙච්චර හීන ගොඩක් දීල ඔයා මගෑරලා ගියොත් එදාට මම නරක මිනිහා කියන්නෙපා.. "

මට සද්දෙකුත් දාගෙන යුංගි යන්න ගියා.

දරුවෙක් ගුරුවරයෙක්ට එහෙම කතා කරද්දි ලොකු දුකක් දැනුනත් පොඩි සතුටක් මට තිබ්බා.. ඒ යුංගිගේ කතාවෙන් මට තේරුණා තවදුරටත් මාව එලවන්න එයාල වැඩ කරන්නේ නැහැ කියලා.

ජිමින්.. නෑ. ඒ හීන බොද වෙලා යන්න මම ඉඩ දෙන්නෙ නෑ. මොන දේ වුණත් මම පෙන්නපු හීන පාරෙ යන්න මම ජිමින්ට උදව් කරනවා.

එහෙම කියනකොටම එදත් වෙනදා වගේම ජිමින් හොබී පිට්ටනියට ඇවිත්. මම එනකන්වත් ඉන්නේ නැතිව වෝමප් කරන්වා. ඒ උනන්දුව, කැපවිම් දැක්කම මගේ ආයෝජනය කවදාවත් අපතේ යන එකක් නෑ කියලා හිතුනා.

Rowdies😍  ( Sinhala fan fiction ) Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ