පස්වන කතාංගය😍

668 149 11
                                    

මම ඔෆිස් එකට යද්දි අනේ අර සුදු බෝල මූණ රතු වෙලා.. මුලු මූණම පලු දාල. අත් පුරාත් පලු දාලා.. සර්ව කොල්ලෝ කහඹිලියා වත් වලින් නාවලාද?

බන් බී ඩී ලොක්ක කසනවා නන්ස්ටොප්..
"සර්... "

"මිස් අමා.. අයිගෝ.. කසනවා.. අහ්.. .. මේ සත්තු ටික මාවත් සතෙක් ගානට දාලද.??? බලනවා මුලු මූණම කසනවා..
මොන මගුලක්ද කළේ අහනවා.. ???"

"සර්.. දළඹුවෙක් වත් ගෑවිලාද දන්නේ නෑනෙ.. දරුවො අහින්සකයිනම්.. "

මම කීවෙ හේතුව මොක වුණත් ඒකෙ පිටිපස්සේ මගේ රාජකීය පුත්තරයො ටික ඉන්න බව දන්න නිසා..

"අයිසේ. මිස් අමා.. දළඹුවෙක් දන්නැතිවෙන්න මම පොඩි බබෙක් කියල හිතුවද.???.

තමුසේ මගුලක්ද බලන් ඉන්නේ මූණෙ මේ පැත්ත කසනවා අයිසේ.

ඇත්තමයි මම ඕකුන්ව කෝටු මස් කරලා කොටියට කන්න දානවා.. "

කේන්තියෙන් ම බැන බැන බන් බී ඩීයි අපේ මුර අන්කලුයි මාරුවෙක් මාරුවට කසනවා. .

කොල්ලෝ කීවෙ මොකක්ද ? ගුරු මේසෙට අත තියන්නෙපා.. එතකොට එහෙනම් මේසෙද.. අව්ල..

"සර්..අපි පොඩ්ඩක් මේසෙ අයින් කරමුද? මොකද බලන්න.. "

"අහ් ඕන මගුලක් කරගන්නවා මිස් අමා.. මට මේ කසා ගන්න දීලා.. "

මේසෙ අයින් කරද්දිනම් එතන ආපු සුවදින් කොල්ලෝ දීපු වැඩේ තේරුණා . කහඹිලියා තලලා මේසෙ ගාල කියලද හිතුවේ නැ නෑ. කිතුල් ඇට තලලා.මේසේ ගාලා... .

ඒත් කියන්නේ කොහොමද? කොල්ලො ටික පාවලා දෙන්නත් මොකක්ද වගේ..

අනික ඉතින් ඇත්තවසයෙන්ම මේ ටීචර් ට සතුටුයි බන් බී ඩී ට එහෙම වුණ එක..

"සර් මේසෙ පොඩ්ඩක් හෝදල දාල මූණෙ පොල්තෙල් ටිකක් ගාන්න.. එතකොට හරි. මොකක්ද කියල කියන්න නම්.තේරෙන්නේ නෑ සර්..ඒත් මේ මේසෙ මොනාහරි ගෑවිලා..

අහින්සක දරුවෝ ටික පන්තියට යවමු නේ සර්? "

මම හරිම අහින්සක විදිහට කීව.. ඒත් මගේ හිත බල්ටි ගහනවා.. අවන්කයෙන්ම කීවොත් මට යුංගි බදාගෙන නටන්න තරම් සතුටුයි... ඒ බන් බී ඩීගෙ මූණට වෙලාතියන වින්නැහිය දැකලා.

Rowdies😍  ( Sinhala fan fiction ) Where stories live. Discover now