හැදින්වීමක්...

2K 199 25
                                    

Rowdies😍

පෙරවදනක්.....

කොහොමද ළමයි? මේ මගේ අලුත් කතාව ඉතින්... කතාව ගැන ඕතරීගෙ අදහස ගැන කීවොත් ඕතරී තාමත් හිතනවා මෙහෙම කතාවක් ලියන්න මට පිස්සු කියලා ඉතින්...😂😂😂😂

ඉන්ට්‍රො එක කියවලම බලන්නකෝ... කොහොමද කියලා...

Rowdies ආරම්භයක්.....

Rowdies මගේ අලුත් කතාව...චරිත ගැන කියනවනම් සුසුපුරුදු පරිදි බී. ටී. එස්... ගැන්සිය තමා.

ඒත් ඉතින් ලෝක ප්‍රසිද්ධ අයනම් නෙවෙයි . එක ඉස්කෝලෙ එක පන්තියේ කොල්ලො හත් දෙනෙක්. දුෂ්කර ඉස්කෝලයක් කියල හිතා ගන්නකෝ..

රටත්... කැමති රටක් හිතාගන්නකෝ..මොකද සමහර කරුණු ලංකාවට ගැලපෙන්නේ නෑ... රටවල් කීපෙක එකතුවක්. කොරියාවම.කියලත් කියන්න බෑ.

ඉස්කෝලෙ ගැන කියන්නම්. ඉස්කෝල ජාලයක එකතුවක්. රට පුරා පාසල් ජාලයක් තියන පාසලක්. මේ ඉස්කෝලෙත් දුෂ්කර වුණාට ළමයි ගොඩක් එන යම් තාක් ජනප්‍රිය පාසලක්. හැබැයි දුෂ්කරයි.

ඉස්කෝලෙ ප්‍රින්සිපල් බැන්ග් පීඩී 😁කියල කෙනෙක්... කණ්ණාඩි දාන බඩ මහත කොට මොඩ්ල් එකක්...

මම කියන පාසලේ පන්ති තුනක් තියනවා. A, B, C කියලා. ඒත් දහයේ පන්තියේ විතරක් F පන්තියක් තියනවා... ඒ පන්තියේ ළමයි දහයයි... කෙල්ලෝ තුනයි. කොල්ලෝ හතයි..

මුලින්ම තුන් නිවුන්නු... කිම් සියොක්ජින්, කිම් නම්ජූන්, කිම් ටේයොන්ග් ..

ටකරමකට ගල් ගහනවා වගේ කටක් තියන කිම් සියොක්ජින්.❤️. එයා හිතාගෙන ඉන්නේ එයා තමා ඉස්කෝලෙ කුමාරයා කියලා. ඒ කීවෙ ලොක්ක එයා කියලා.. පාසල් අධ්‍යාපන කටයුතු අන්තිමයි. සූදුවට නම් උපන් හපන්....

කිම් නම්ජූන්.❤️.. සියොක්ජින්ට වඩා පැය දෙකක් බාලයි... මීටරේ.. හැබැයි බාල මීටරයක්... දකින ඕනම කෙනෙක්ට පදයක් හදන්න හරිම දස්සයි...

කිම් ටේයොන්ග්❤️ නම්ජූන්ට වඩා විනාඩි හතක් බාලයි. . අමුම අමු පිස්සෙක්. ඒකට ඉර පායන්නේ බස්නාහිරින්.. ගහකින් ගෙඩියක් බිමට වැටෙන්නේ මිනිස්සු උඩ යන්න විදිහක් හොයාගත්තට , ගස් තවම ගෙඩි උඩ යවන්න විදිහක් හොයාගෙන නැති නිසාලු...

Rowdies😍  ( Sinhala fan fiction ) Where stories live. Discover now