සති අන්තය නිදහසේ ගෙවිලා ගියා... යන්න කියල ගෙයක් තියන එකක් කියලයැ ඉතින්..
ටව්ම පැත්තෙ කරක් ගහලා කඩචෝරු මල්ලකුත් අරගෙන හෙමින් සැරේ එනකොට මම දැක්කේ යුංගි ... අත වැනුවත් දැක්කේ නෑ වගේ ගියා...
එයා මොකක් කරනවද? අනේ මන්දා... ඉතින්.. කොහොම වෙතත් ඕව හිත හිත එද්දී නැන්දා ගුරු නේවාසිකාගාරයේ එළියට වෙලා...
"මිස් මිස්ට ලොකු බෑග් එකක් ආවා... "
"ආහ්.. ආවද? මෙච්චර ඉක්මනටම .. ම්ම්ම්. බලමු.. "
බෑග් එක අරිද්දි දැනුනේ වල දාපු මිනියක් ගොඩගන්නවා වගේ හැගීමක්.. මේ මගේ පණ ටික.ඒත් පණ රැකගන්න ගිහින් ගෙදරත් නැතිවුණා. පණත් නැතිවුණා.. .
මගේ පිත්ත.. පෑඩ්ස්... ග්ලව්ස්... හෙල්මට්.. ඔක්කොම ටික ආයිමත් දාගත්තම මට අවුරුදු 16 අතීතයට ගියා....
එදා මම අයියලගෙ ටීම් එකේ ඉන්න බෝලර්ස්ලට දුන්නේ දුවන්න.. වටෙන්ම ඇහෙන සද්දේ.. ඒ අතීතෙ මගේ ඉස්සරහ මැවිලා නැතිවෙලා යද්දි මගේ හිත හැදෙනකන්ම මමත් ඇඩුව..
පුංචි ලියුමක්.. .
දෝණි,
ආයිමත් මේ පිත්ත එවන්න කීවම මට දැනුන සතුට කියන්න වචන නෑ. ඔයා මුල හදන්න. කොල්ලා හොදනම් මම අනිවාර්යයෙන්ම ඉතුරු ටික බාරගන්නම්...පරිස්සමෙන් සතුටින් ඉන්න.. මැට්ටී...
ආදරෙයි.❤️
අයියා..
ඒ ලියුම ඇතුළේ මහ හුගක් ආදරේ පිරිලා තිබුණා.. අගහරුවාදාට ජිමින් එක්ක මුලින්ම සෙල්ලම් කරන්න මම ඇගිලි ගැන ගැන බලාගෙන හිටියා... එදාට ජිමින්ට වෙනමම පුදුම කිරීමකුත් ඉතුරු වෙලා තිබුණා...සදුදා.. ඉස්කෝලෙ.. කොහොමහරි මම සතියක් හිටියා. ජිමින් නොහිටියනම්.. එයාට ක්‍රිකට් ගහන්න ඕන නොවුණනම් එහෙමනම් මමත් දමල ගහල ගිහිල්ල...
"අමා මිස්.. හවස පාසලේ සාහිත්‍ය සමිතියට පන්තියෙන් අංගයක් සූදානම් කරන්න.. "
බන් බීඩී කියාගෙන ගියා.
"අනික කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා එනවා. තමුනුයි තමුන්ගේ පන්තියයි මගේ සායම එහෙම අරින්නේ නෑ..