Chapter 14

1.3K 374 31
                                    


එදා සනා ගොඩක් අමාරුවෙන් තීරණයක් ගත්තා..හෝප් ව බේරගන්න කෙල්ල ඩැඩීගෙ බ්ලැක් මනි රේගුවට බාර දුන්නා..මේ හෙතුව නිසා පාර්ලිමේන්තු ව් ඇතුලෙ ජනාධිපති ට විරුද්ධව දෝශාහියෝගෙකුත් ගෙනාවා..මේ දේවල් ජන්ගුක් කරා කියල දැනන් උන්නෙ සනා විතරයි..සනා ඩැඩීට කිසි දෙයක් කිව්වෙ නෑ  කෙල්ල ජන්ගුක්ට ආදරෙයි..ජන්ගුක් ට පවා ඒක තේරුනත් කොල්ලගෙ හිතේ ආදරේ කියල හැගීමක් තිබ්බෙ නෑ..සනාට තියා වෙන කෙනෙක්ටවත්..ප්‍රසිඩන්ට් පාක් ට දේශපාලන වශයෙන් ලොකු පසුබෑමකට ලක් වෙන්න උනා..ඒත් බලය තමන්ගෙ අතේ තිබ්බ නිසා හැම දේම යට ගහල ටික දවසකින් ඒ දේවල් යතා තත්වෙට පත් කරගන්න පුලුවන් උනේ ජිමින් ගෙ උදව්වෙන්..කොල්ලා අප්පට ගොඩක් උදව් කරා..සනා මේ සතියටම එලියට බැස්සෙ නෑ..කෙල්ල හෝප් ට වත් කතා කරේ නෑ..සනා උන්නෙ ගන්ගම් වල තිබ්බ රිසෝට් එකක තනියෙන්..සනාට හිත හදා ගන්න ඕන උනා..ජන්ගුක් තමන්ට තරජනේ කරපු හැටි , තමන්ගෙම තාත්තට තමන් නිසා උනි දේවල් සනාට ආයෙමත් මානසික පීඩනයක් ගෙනාවා..කෙල්ල කාටත් හොරෙන් කෙල්ලගෙ පරන ඩොක්ටර් ට කතා කරල බෙහෙත් ගෙන්නන් බිව්ව..

"එයා හැමදාම මාව බ්ලක් මේල් කරයි ද?"

සනා තමන්ගෙන්ම ප්‍රශ්න කරා..ඒත් ඒ ප්‍රශ්නෙට තිබ්බෙ එක උත්තරයයි..ඒ ජන්ගුක් ව අත අරින එකෙ..

"අනී මට එයාව ඕන.."

සනාට බෑ ජන්ගුක්ව අත අරින්න..බැරිම තැන සනා හැමදේම අමතක කරන්න කියල මුලු සතියෙම බෙහෙත් වැඩිපුර බිව්වා..ඒවට කෙල්ලට දවස පුරා නින්ද ගියා..ජන්ගුක් ට එදායින් පස්සෙ සනාව හම්බුනේ තියා සනා කෝල් කරේවත් නෑ..ඒත් තව සති කීපයකින් සනාට ජන්ගුක් ඉස්සරහට එන්න වෙනවා කියල කොල්ලා දැනන් උන්නා..ඒ සනාගෙයි ජන්ගුක් ගෙ එන්ගේජ්මන්ට් එකට..ජන්ගුක් තමන්ගෙ වැඩ වලට අවදානය දුන්නා..ලොකු සල්ලි ගානක් එක පාර නැති උනු නිසා පාක් උන්නෙත් ටිකක් කලබලෙන්..

"ඩැඩී "

සනා සතියකට පස්සෙ ගෙදර ආවා.හෝප් උන්නෙත් හොදින් නෙවේ..

"මං ඇෆ්‍රිකා යනවා…."

"මොකක්.."

"ඩැඩී අපිට උනේ කෝටි ගානක පාඩුවක්..ඒක පියවගන්න එකම ක්‍රමේ ඒක.."

DARK & WILD (Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang