Chapter 06

1.4K 389 14
                                    

දවසින් දවස හරි සාමකාමීව ගත උනේ මිස්ටර් පාක් සනාව ඇමෙරිකා යවපු නිසා..කෙල්ල හොදම සයිකැට්‍රික් කෙනෙක් ගාව නේවාසිකව ට්‍රීට්මන්ට් ගත්තා..කෙල්ලගෙ තනියට හෙවනැල්ල වගේ ලග උන්නෙ හෝප්..සනාගෙ බේබි..ඔය අතරෙ ඉලෙක්ශන් එකත් තිබුනා..සනාගෙ තාත්තා බහුතර ජන්ද ප්‍රතිශතයක් එක්ක කොරියාවෙ ජනාධිපති විදියට පත් උනා..ඒත් එයා තමන්ගෙ පලවෙනි රාජකාරිය විදියට කරේ සෞඛ්‍ය අමාත්‍යංශෙට අලුත් නීති රීති ටිකක් ගෙනාපු එක..ඒ තමන්ගෙ දුවව ප්‍රතික්ශේප කරපු කිම් පවුලෙන් පලි ගන්න..ඒත් එක්කම ජන්ගුක් ව NIS එකෙන් තාවකාලිකව අයින් කරා..මේ වෙනකොට ජන්ගුක් හරූ එක්ක සාමාන්‍ය විදියට කතා බහ කරනවා..කොල්ලා සිද්ධ වුනි දේ ගනන් නොගත්තෙ ඒ දේවල් එහෙම්මම වෙයි කියල දැනන් උන්නා වගේ..ඒත් ජන්ගුක්ගෙ ප්‍රශ්නෙ උනේ සනාව..සති දෙකක් තිස්සෙ සනාගැන කිසිම ආරංචියක් තිබ්බෙ නෑ..

"බේබි මට එයාව මතක් වෙනවා"

ජන්ගුක්ගෙ ෆොටෝ එකක් බල බල උන්නු සනා කිව්වෙ හැගීමක් නැතිව..

"අහ් බේබි ඉක්මනට හොද උනාම යමු ඔය කුක් ව කනෙන් ඇදන් එමු.."

හෝප් හැම දාම වගේ සනාගෙ මූනට හිනාවක් ගේන්න හදනවා..කෙල්ල දන්නෙ නෑ ජන්ගුක් තමන්ට කැමති නෑ කියල..සනා හිතුවෙ ඩැඩී ඒ දේවල් හරි ගස්සල ඇති කියල..ඒත් හෝප් දැනන් උන්නා ජන්ගුක් වෙන කෙල්ලෙක්ව ඩේට් කරනවා කියලා..

"මට හිතෙනවා එයා මට කැමති නෑ කියල..කවුද කැමති සැරින් සැරේ පිස්සු හැදෙන කෙල්ලෙක්ට.."

සනා හයියෙන් හිනා වෙලා කිව්වා..

"විකාර කියවන්නෙපා සනා..මෙහෙ ඉදන් පේන බලන්නෙ ඉක්මනට හොද වෙලා ගිහින් ඌව තමන්ට කැමති කරගන්නවා..තමුසෙමයි කියන්නෙ දෙයක් ලබා ගන්න මහන්සි වෙන්න ඕන කියල..මගුලක් කොයෝනවා.."

"අයිගෝ මගෙ බේබිට තරහ ගිහින්...කො කෝ බලන්න.."

සනා හෝප්ගෙ කම්මුලෙන් ඇද්දා..එතකොටම එතන්ට ආවෙ තවත් කෙල්ලෙක්..හෝප් ගෙ අලුත් ගර්ල් ෆ්රෙන්ඩ්..හෝප් සනාට ඇහැක් ගහල ගර්ල් එක්ක එලියට ගියා..

"මෙයාව නම් හදන්න බෑ "

සනා තනියම කියල ආයෙත් ෆොටෝ එක දිහා බැලුවා..

DARK & WILD (Completed)Where stories live. Discover now