Chapter 12

1.3K 366 43
                                    

"ආන්ටී මේ බලන්නකො මේක හරිද?"

සනා පන දාගෙන කිම්චි හදන්න ගෝවා කපනවා..ඇනා නම් ඩයිනින් ටේබල් එකේ ඉදන් හිනාව තද කරන් ඉන්නවා..මිසිස් කිම් කිම්චි පේස්ට් එක හද හද ඉදල සනා ගාවට ආවා..කෙල්ල ග්ලපවුස් දෙකකුත් දාගෙන බරටම වැඩ..

"අනියා..පුතේ තව මහතට කපන්න..චූටි වැඩියී.."

මිසිස් කිම් හිනාවෙලා කිව්වා..ගෙදර වැඩ කරන අය ඔක්කොම කිචන් එකෙන් අයින් කරල සනා පන්ඩිත කමට මිසිස් කිම් ට උදව් කරන්න හැදුවත් කෙල්ල මීට කලින් කිම්චි හදල තිබ්බෙ නෑ..

"සනාලගෙ ගෙදර කිම්චි හදන්නෑ.."

"අනී උන්නී..හදනවා..මමී තමා හදන්නෙ..මං කරන්නෙ කන එක.."

"ආහ් ඒවා හරියන්නෙ නෑ..කුකීට හොදට කන්න ඕන.."

මිසිස් කිම් කියද්දි සනා බිම බලන් හිනා උනා..සනා ආපු පලවෙනි දවසෙන්ම මිසිස් කිම් ගෙ හිත දිනා ගත්තා..ඇත්තටම ඒක රගපෑමක් නොවුනෙ කාලෙකට පස්සෙ පරන සනාට පන දෙන්න පුලුවන් උනු නිසා..

"හෙට කවුද ඕමමා සනලගෙ ගෙදර යන්නෙ.."

"මායි අප්පයි  විතරයි..පුතාට යන්න බැනෙ..නම්ජුනී ට කලින් එන්න කියල කිව්වා හෙට.."

හෙට තමයි කිම් පවුල සනාලගෙ ගෙදර මැරේජ් එක කතා කරන්න යන්නෙ..ජන්ගුකුත් අදාල පැය කිහිපයට විතරක් ඔෆිස් එකෙන් එලියට එන්න පොරොන්දු උනා..

"ආහ් ඕමෝ ඉවරයි.."

සනා ලොකු බේසමක් පිරෙන්න ගෝවා කපලා තිබ්බා..ඇනාට් හෙමි හෙමීට ඩයිනින් ටේබල් එකේ ඉදන්ම රාබු කැපුවා..

"ජන්ග්මියි සෝයයි ත් උන්න නම් මෙතන මගෙ පවුල සම්පූර්නයි.."

මිසිස් කිම් කිව්වෙ හිනා වෙලා..මිසිස් කිම් උනෙ ගොඩක් සතුටින්..තමන්ගෙ පුතාල හතර දෙනාටම ලැබුනු අය ගැන සතුටු උනා..

"මං හිතන් උන්නෙ හේසන් කියන්නෙ හෙන මැර කෙල්ලෙක් කියල.."

ඇනා කිව්වෙ සනා ඇනා ගාවින් වාඩි උනු වෙලාවෙයි..සනා හැමදාම වගේ ඇනා ගාවට ආවම ඇනාගෙ බඩ අතගානවා..

"ආහ් මං මැර නෑ."

"ඒක නෙවේ හෙට ඔම්මල අතේ මට කෑම පෙට්ටියක් එවන්න ඕන හොදේ"

DARK & WILD (Completed)Where stories live. Discover now