Chapter 07

1.4K 376 34
                                    

සෝල් වල තිබ්බ තරු හතේ හෝටලේක ප්‍රසිඩන්ට් පාක් ගෙ පෞද්ගලික සාදෙට ඕන කරන හැමදේම හෝප් ආරක්ශිතව ලෑස්ති කරල තිබ්බා..පාක්ගෙ පෞද්ගලික හිත මිතුරො සීමිත ප්‍රමානයක් උනත් පාටිය ටිකක් ග්‍රෑන්ඩ් විදියට ලෑස්ති කරන්න හෝප් අමතක කරේ නෑ..මිස්ටර් පාක් මිසිස් පාක් එක්ක හෝල් එකට ඇවිත් අමුත්තො එක්ක කතා කරා..ජිමින් අප්පගෙ පිටිපස්සෙන් ඉන්න අමතක කලේ නෑ..සනා පාටියට එන්න ටිකක් පරක්කු උනේ කෙල්ලට හවස දැනුනු හිසරදේ නිසා ටිකක් නින්ද ගිය නිසා..මිස්ටර් කිම් , නම්ජුන් දෙන්නටත් ආරාධනා ලැබිලා තිබුනා..ඒ වගේම මේ වෙනකොට ජන්ගුක් ආයෙත් වැඩ භාර ගත්ත නිසා ජන්ගුක් ටත් අමාත්‍යංශෙන් වෙනමම ආරාධනාව ක් කරල තිබ්බා..මේ පාටියෙ යටි අරුත උනෙ මිස්ටර් පාක් තමන්ගෙ ඉහල පෙලේ හිත මිතුරො ටික සතුටු කරන එක..ජිමින් නම්ජුන් ජන්ගුක් තුන්දෙනා ටේබල් එකකට ආවෙ මිස්ටර් කිම් බිස්නස් පාට්නර්ස් ල එක්ක කතා බහක උන්නු නිසා..හෝප් උන්නෙ එයාලට පෙනෙන දුරින් බියර් වීදුරුවක් බිබී..

"මං ඉක්මනටම ඔය හෝප් කාරයව අප්පාගාවින් අයින් කරනවා."

ජිමින් ජන්ගුක්ට කියද්දි නම්ජුන් ජිමින්ගෙ පිටට තට්ටුවක් දැම්මා..ඒත් එක්කම එයාල දැක්කෙ හිනා වෙවී කොට ගවුමක් ඇදන් උසට උසේ හීල්ස් දෙකකුත් දාගෙන හෝප් ගාවට ආපු සනාවා..සනා ආපු ගමන් හෝප් ව බදා ගෙන මොනාදෝ කනට කරල කියල හයියෙන් හිනා උනා..ජිමින් නම් උන්නෙ දත්මිටි කාගෙන..

"ඇයි පරක්කු උනේ.."

"නින්ද ගියා "

සනා හිනා වෙලා වටපිට බලලා ඩැඩී ගාවට ගිහින් ටිකක් වෙලා ඉදල ආයෙත් හෝප් ගාවට ආවා..

"අරයත් ඉන්නව නේද?"

"කවුද?"

හෝප් වටපිට බල බල අහද්දි සනා කොල්ලගෙ අතට ගැහුවා..

"ආහ්…"

සනා ජන්ගුක් ලව දැකල මූනත් අදුරු කරගෙන තවත් බියර් වීදුරුවක් අතට ගත්තා..ඒත් එක්කම කොල්ලට ආපි කෝල් එක නිසා හෝප් ටිකක් කලබල වෙලා උන්නු තැනින් නැගිට්ටා..

"කවුද?"

"සනා මං පොඩ්ඩක් එලියට යනවා..අන්කල් ඇහුවොත් ක්ලබ් එකට ගියා කියන්න.."

DARK & WILD (Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang