Chapter 05

1.4K 386 21
                                    

සාමාන්‍ය ප්‍රමානයේ කොෆි ශොප් එකක අයිනට වෙන්න තිබුනු මේසෙකට බර වෙලා හරි හුරුබුහුටි ගෑනු ලමයෙක් හැගීමක් නැති පිරිමි මූනක් දිහා හිනා වෙලා බලන් ඉන්නවා..මේ වෙන කවුරුත් නෙවේ ජන්ගුක් , ජින් ප්‍රපෝසල් එක ගෙනාපු ජන්ග්මි ගෙ නංගි , හරූ..ජින් ගෙ බල කිරීමට දෙන්නව ඉක්මනටම මුන ගැස්සුවා..ජන්ගුක් හරූගෙ හිස්මුදුනෙ ඉදල යටි පතුල වෙනකන් හොදට බැලුවම කොල්ලට තේරුනේ හරු කියන්නෙ සාමාන්‍ය අහිංසක කෙල්ලෙක් කියල.විනාඩියට දෙකක නිශ්ශබ්ද තාවයකට පස්සෙ ජන්ගුක් අත් දෙකත් බැදගෙන පුටුවට හේත්තු උනා..

"ඔයා දන්නවා මගෙ ජොබ් එක මොකද්ද කියල..එහෙම නේද."

"ඔව් ඔප්පා..උන්නි මට ඔක්කොම විස්තර කිව්වා.."

"ඉතින් එක පාරටම කැමති උනේ මාව මීට් වෙන්න.."

"NIS එකෙන් මැරුන් කන්න තරම් මං වරදක් කරල නෑනෙ ඔප්පා.."

හරූ කියපු දේට නම් ජන්ගුක්ට එක පාරටම හිනා ගියා..කොල්ලා හා දත් දෙක පෙන්නල හිනා වෙද්දි නම් හරූගෙ හිත ගැස්සුනා..ඒක ඒ තරම් ලස්සන හිනාවක්..හරූ ත් ජන්ගුක් එක්ක හිනා වෙලා කොපි කෝප්පෙ අතට ගත්තා..

"ඔප්පා ඇයි මාව මීට් වෙන්න කැමති උනේ"

"ඔම්මා කිව්ව නිසා"

ජන්ගුක් එක පාරටම උත්තර දීලා තමන්ගෙ කෝපි කෝප්පෙ අතට ගත්තා..හරූ ට ජන්ගුක්ගෙ තද ගති ගුන ගැන තේරුනා..

"ඔප්පා ට මීට කලින් ගර්ල් කෙනෙක් ඉදල නැද්ද"

හරූ ඇහුවෙ ජන්ගුක් එක්ක තවත් හිතවත් වෙන්න..මොකද හරූ ජන්ගුක්ට අකමැතියි කිව්වොත් ඒක බොරුවක්..ඒත් ජන්ගුක්ගෙ පැත්තෙන් නම් ඒක ටිකක් වෙනස් කතාවක්..හරූ ටිකක් අහිංසක උනත් ජන්ගුක්ගෙ හිත හොල්ලන්න තරන් විශේශයක් හරූ ගාව තිබුනෙ නෑ..ඒත් ඕනම කොල්ලෙක් බලාපොරොත්තු වෙන ජාතියෙ කෙල්ලෙක් කියල නම් තේරුනා..

"අතීතතෙන් වැඩක් නෑනෙ හරූ...අපි කතා කරන්න ඕන අනාගතේ ගැන.."

"ඒත් අතීතෙ දැනන් ඉන්නෙක වැදගත් නේද ඔප්පා"

මේ දෙන්නගෙ කතාව සාමාන්‍ය විදියට ගලන් යද්දි මේක දිහා තවත් ඇස් දෙකක් තරහෙන් බලන් උන්නා..ඒ සනා..ජන්ගුක්ව ඈත ඉදන් දකින්න තිබ්බ ආසාවට කෙල්ල ජන්ගුක්ව ෆලෝ කරත් කොල්ලා කෙල්ලෙක්ව මීට් උනු එකත් , ඒ කෙල්ල එක්ක හිනා වෙවී කතා කර කර උන්නු එකත් දැකල සනාගෙ ඇස් කේන්තියෙන් රතු උනා..

DARK & WILD (Completed)Where stories live. Discover now