Chapter 08

1.4K 376 17
                                    


"මේ කන්ට්‍රැක් එක අපි කොහොම හරි ගන්න ඕන..මොකද හොන්කොන් වලින් අපිට කලිනුත් ලොකු පාඩුවක් උන නිසා..මිස්ටර් ජෝන් කියන්නෙ අපිට ගොඩක් වැදගත් බිස්නස් පාට්නර් කෙනෙක්.."

"අනී අනී...අපිට ඔය ඩීල් එක විස්වාස කරන්න අමාරුයි.."

සනාගෙ වචන වලට මැදින් පැනල ජිමින් කිව්වා..මේ මාසෙ බිස්නස් ඇනෑලිස් මිටීන් එකේ සනා කතා කර කර ඉද්දියි ජිමින් එහෙම කිව්වෙ..මිස්ටර් පාක් දේශපාලනේ එක්ක බිසී වෙලා උන්නු නිසා කම්පැනි එකේ වැඩ ජිමින් , සනා , හෝප්තුන් දෙනාට බාර උනත් තුන එකතු උනු තැන පලස්තීනෙයි ඉරාකෙයි වගේ..

"දැන් එතකොට බිස්නස් ගැන මෙලෝ හසරක් දන්නැති නැට්ටුක්කාරයෙක් කියන විදියට ද අපි බිස්නස් කරන්න ඕන ජිමින්ශි.."

සනා ඇහුවෙ ටිකක් කේන්තියෙන්..

"මෙච්චර කල් කම්පැනි එක කම්පියුටර් ගේම් ගහන විදියට ගෙනියපු නිසා තමා මේ තරම් පාඩු.."

ජිමිනුත් සෙකන්ඩ් උනේ නෑ..හෝප් හෙමීට සනාගෙ අත් මිරිකුවෙ සන්සුන් වෙන්න කියල..කෙල්ල නා උන්නෙ ජිමින්ව තෙම්පරාදු කරල කන මානසිකත්වෙ..

"මෙහෙමයි..අප්පා මට කම්පැනි එකේ තීරන ගන්න දීලා තියෙන බලතල අනුව මං මේ ඩීල් එක පාස් කරන්නෙ නෑ..ඒ වෙනුවට ඇමරිකන් කම්පැනි එකක් එක්ක ඩීල් එකකට ලෑස්ති වෙන්න ඕන.."

ජිමින් කිව්වෙ මැනේජර් කෙනෙක් දිහා බලල..

"තමුන්ට ඕන විදියට මෙතන නටන්න  බෑ ජිමින්..එහෙම ඕන නම් ගිහින් එලියෙ නටාගන්නවා..මේක අපේ කම්පැනි එක  "

සනා නැගිටල කෑ ගැහුවා..ජිමින්ගෙ නම් සද්දයක් නෑ..කොල්ලට කට කොනින් හිනා..සනාව අවුස්සලා මීටින් එකෙ එලවන්න ඕන නිසාම ජිමින් හිතා මතා සනාව කේන්ති ගැස්සුවා..

"ආයිශ්"

සනා කෑ ගහගෙනම එලියට ගියා..හෝපුත් සනා පිටිපස්සෙන් යද්දි ජිමින් හරිබරි ගැහිලා සීට් එකට බර උනේ මීටින් එකේ වැඩ තනියෙන් කරගෙන යන්න..එතන උන්නු අනිත් අයත් ජිමින්ට සපෝට් කරේ සනා හැමදාම හැමෝටම පොඩි දේටත් කෑගහ ගහ බනින නිසා සනා නැතුව එයාලටත් ඒක පහසුවක් නිසා..එලියට ආපු සනා තමන්ගෙ කැබින් එකට ගියෙ තරහෙන්..

DARK & WILD (Completed)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें