Chapter 11

1.2K 370 18
                                    


සුදු පාට ෆුල් සූට් එක ඇදල තමන්ගෙ වයිෆ් ට එහා පැත්තෙ හරි ලස්සනට වාඩි වෙලා ඉන්න ටේහයොන්ග් , ටේහයොන්ග් දිහා ආදරෙන් බල බල අතින් අල්ලන් ඉන්න ටේහයොන්ග් ගෙ වයිෆ් සෝයා..දෙන්නම අද හරි ලස්සනයි..ඒ වගේම ටේගෙ පවුලෙ හැමෝම හරි සතුටින්..ජන්ග්මි හරූ ගැන මොහොතකට අමතක කරේ ටේහයොන්ග් ගෙ ජීවිතේ ලස්සනම දවසෙ කොල්ලව සතුටින් තියන්න ඕන නිසා..

"ඒ දෙන්නා හරි ලස්සනයි නේද ජන්ගුක්"

ජන්ගුක් ගාවට ආපු සනා ටේ දිහා බලාගෙන කියද්දි ජන්ගුක් ටිකක් ගැස්සුනා..කොල්ලා කවදාවත් සනාගෙ කට හඩින් මේ තරන් ලස්සනක් අහල තිබුනෙ නෑ..කෙල්ල හරි සන්සුන් වෙලා..ඒත් ජන්ගුක් දන්නෑ සනා ජන්ගුක් ගාවදි ඉබෙම සන්සුන් වෙනව කියල..

"අපෙ වෙඩින් එකේදිත් අපි දෙන්නා එහෙම ඉදී නේ.."

සනා ජන්ගුක් දිහා බලල කිව්වා. ඒත් ජන්ගුක් සනාව ගනන් ගත්තු පාටක් නෑ..සනාගෙ ඩැඩීට වෙඩින් එකට එන්න බැරි උනේ ආරක්ශක හේතු නිසා..එත් සනා මමී එක්ක වෙඩින් එකට ආවා..හෝප් නම් උන්නෙ ඇතුලට නෑවිත් වාහනේ..ජීමිනුත් සනාගෙ මමී එක්ක ආවෙ කොල්ලා ටික ටික සනාගෙ මමී ට ලං වුනු නිසා.ඒත් සනා නම් දැනන් උන්නා ජිමින් කරන්නෙ තනිකර රගපෑමක් කියල..

"කොහෙද යන්නෙ ඔහොම ඉන්න"

ජන්ගුක් සනාව මග ඇරල යන්න හැදුවත් සනා පැනපු ගමන් ජන්ගුක්ගෙ අතේ එල්ලුනා..ජින් නම් ඈත ඉදල දත්මිටි කාගෙන උන්නෙ..ජන්ග්මි නැවැත්තුවෙ නැත්තන් ජින් සනාව එලෝලා..කොල්ලා ඒ තරන් සනාත් එක්ක තරහින් උන්නෙ..ජන්ගුක් ට සනාව ඈත් කරන්න බැරි උනේ ජන්ගුක්ගෙ ඔම්මයි , සනාගෙ මමී දෙන්නම ඈත ඉදන් තමන් දිහා බලන් උන්නු නිසා..කොල්ලා සනාට ඕන දෙයක් කරගන්න දීලා අහක බලන් උන්නා..ඒත් එතන ඇවිත් උන්නු හැමෝගෙම අවදානය ගියෙ සනාකුක් කපල් එකට..ප්‍රසිඩන්ට් දෙ දුව NIS head officer එක්ක..ඒක අත්තටම හොද නිවුස් එකක්..

"පොඩ්ඩම් හිනා වෙන්නකො අනේ.."

සනා ජන්ගුක්ගෙ අත තදින් අල්ලගන්න ගමන් කිව්වා..

"තමුසෙ නම් හෙන නට් එකක්"

ජන්ගුක් කියපු විදියට සනා බෙල්ලත් හරෝලා හිනා උනා විතරයි..මුලු පාටි එකේම ජන්ගුක් උන්නෙ සනාව දකුනු අතේ එල්ලගෙන..දැන්නම් කොල්ලගෙ අතත් රිදෙනවා..

DARK & WILD (Completed)Where stories live. Discover now