Chapter 01

5.9K 534 26
                                    

ඉර බැහැගෙන යන හවස සැරින් සැරේ දිලිසෙන නියොන් එලි මැදින් ගන්ගම් පොදු වෙලෙදසැල් මාවත පුරා තම තමන්ගේ ලෝකවල අතරමන් උනු මිනිස්සු හරි වේගෙන් අඩි තියන අතරෙ වයස අවුරුදු විසි අටක තිහක තරුනයෙක් හරිම සන්සුන් ව ඇවිදගෙන යන ගමන් තමන්ගෙ නිදහස් අත් සාක්කු වල ඔබා ගත්තා..සෝල් වල NIS head office එකට අලුතෙන් පත්වෙලා ආපු ප්‍රධානියා , මේච්චර කාලෙකට කොරියානු බුද්ධි අංශෙට පත්වුනු ලා බාලම නිලධාරියා නමින් Jeon Jungkook මේ සන්සුන් ව ඇවිදන් යන්නෙ Investigation එකක අවසාන තොරතුරු රැස් කර ගන්න..තමන් යටතේ කොයි තරම් දක්ශ නිලධාරියො උන්නත් ජන්ගුක් මේ වැඩේට තමන්ම යන්න තීරනේ කලේ ගන්ගම් මාකට් එකේ ඇවිදින්න තිබුනු කැමැත්තට මිසක් කේස් එක ගැන ලොකු අවදානෙකින් නම් නෙවේ..

"ආයිශ්...බේබි අත අරින්න..මං අද ඕකට…"

"කාම් ඩවුන් බේබි..එන්න අපි යමු.."

ජන්ගුක් ඇතුල්වෙන්න ගිය රෙස්ටුරන්ට් එකෙන් කොල්ලෙක් තවත් කෙල්ලෙක්ව බලෙන් වගේ ඇදගෙන එලියට යන්න උත්සහ කරනවා. කෙල්ලත් අත පය දික් කර කර කාටදෝ බනිනවා..ඒ පැත්ත බලන් උන්නු ජන්ගුක් ට ඒ කවුද කියල අදුරගන්න බැරි උනේ නෑ..හිටපු අගමැති පාක් ගෙ එකම දුව සනා , කෙල්ලගෙ ඇගේ හැමවෙලේම එල්ලිලා ඉන්න හොදම යාලුවා , වෙනත් නමකින් කිව්වොත් අගමැති පාක්ගෙ කලු බිස්නස් වල මුල් පුරුක ජේහෝප්..ජන්ගුක් තමන්ගෙ කැප් එක පහත් කරගෙන ඔලුව නැමුවෙ තමන්ගෙ අනන්‍යතාවය එලි කරගෙන ප්‍රශ්න ඇති කරගන්න ඕන නැති නිසා..එතකොටම වගේ හෝප් සනා එක්ක එතනින් යන්න ගියා..ජන්ගුක් ප්‍රශ්නයක් ඇති නොවෙන්න තමන්ගෙ වැඩේ කරගන්න ඇතුලට ගියෙ හොට් කොෆි එකකිත් ඕඩර් කරගෙනමයි.

"මාව අත අරින්නනෙ තිබ්බෙ බේබි..අරූගෙ දත් ටික බඩට යවන්න බැරි උනානෙ මට.."

"ආයිශ් ඔහොම කේන්ති ගන්නෙපා අනේ..ඉක්මනට නාකි වෙයි.."

හෝප් සනාගෙ කම්මුල මිරිකුවෙ දෙන්නම කාර් එකට නැග්ගට පස්සෙ..ඒත් එක්කම හෝප් තමන්ගෙ ෆෝන් එක අරන් කෝල් එකක් අරගත්තා..හෝප්ගෙ මූන වෙනස් වෙද්දි සනා නම් දැන ගත්තා ඒ ඇයි කියල..

'ෆලෝ කරාද?"

……………

"හරි..ගේ ඇතුලෙදිම ඉවරයක් කරපන්.."

DARK & WILD (Completed)Where stories live. Discover now