23. පිස්සු හැදුනු මිනිහෙක්

2.2K 490 118
                                    

"මොනවා... ඔයා කොහොමද මගෙ අප්පා වෙන්නෙ?"

"ජෙසී මං ඔයාට හැමදෙයක්ම කියන්නම්...."

"නෑ මට ඔයා කියන කිසිම දෙයක් දෙයක් අහන්න ඕන නෑ..... පිස්සු හැදුනු මිනිහෙක් එක්ක කතා කරන්න මට කිසිම දෙයක් නෑ"

"මට තේරෙනවා..... ඔයාට මේක විශ්වාස කරන්න අමාරු ඇති.... ඒ උනත්...."

"මං කිව්වනෙ මට තව එක වචනයක්වත් අහන්න ඕන නෑ...."

එයාව අල්ලන් හිටපු ඩොක්ට එරික්ගෙ අත් ගසා දාලා ජෙසී එතනින් ඉවතට ඇවිදන් ආවේ හොදටම වියවුල් උන සිතින්
.
.
.
.
.

මොනවද දැං එයා ඒ කිව්වේ? මගෙ අප්පා? හහ් මොන විකාරයක් ද?

ඩොක්ට එරික් කොහොමද මගෙ අප්පා වෙන්නේ?
.
.
.

ජෙසීට මතක් උනේ එයාට ඩොක්ට එරික්ව මුලින්ම මුන ගැහුනු දවස

එදා එයා අක්කව බේරගන්න කොච්චර මහන්සි උනාද කියලා ජෙසීට තාමත් මතකයි.... ඒ වගේම ෂොක් වෙලා හිටපු ජෙසීවත් එයා සන්සුන් කරලා කෑමත් දුන්නා....එයා බයවෙලා හිටපු ජෙසීව සන්සුන් කරේ පොඩි ළමයෙක් සනසනවා වගේ.... එයා හොඳ කෙනෙක්.... ඉස්සර ජෙසීට හිතුනෙ එහෙම....

ජෙසී එහෙට ගිය හැම වෙලේම එයා ගොඩක් කරුණාවන්තව එයාට සැලකුවා.... නෑ එයා හැමෝටම එහෙමයි.... කවුරු එතන්ට ආවත් එයා ඒ හැමෝටම සැලකුවේ ගොඩක් කරුනාවන්ත විදියට.... ජෙසීත් එයා කරන දේවල් දිහා බලන් හිටියෙ පුදුමෙන්

අක්කා එක්කත් එයා ගොඩක් සමීපයි.... ඒ දෙන්නා හිනාවෙවී කතා කර කර ඉන්න හැටි පවා ජෙසී දැකලා තියෙනවා.... මොකද එයා ඉයුන්බිට හොරෙන් කිහිප වරක්ම එහෙට ගියා. ඒ ඩොක්ට එරික්ගෙ ඉල්ලීමට..... ඒත් කවදාවත් අක්කා එක්ක කතා කරන්න ජෙසීට හිත හදාගන්න බැරි උනා....

මං එයාට වෛර කරනවා.... මට එයාව දකින්න ඕන්නෑ.... ඩොක්ට එරික් ඒ දෙන්නව මුන ගස්සන්න හදපු හැමවෙලේම ජෙසී කිව්වේ එහෙම

එයාට පිස්සු ඒ නිසා එයා ඉන්න ඕනෙ මෙතන.... හැමදාටම..... එහෙම කියලා එයා කෑගහපු හැටි ජෙසීට මතක් උනා

ඒත් ඒ හැමවෙලේම ඩොක්ට එරික් කිව්වේ එක දෙයයි

වෛරයට කවදාවත් ජයගන්න බෑ.... එයා ඔයාගෙම අක්කා.... එයාට කතා කරන්න.... මේ හැමදේකටම එයාගෙන් සමාව ඉල්ලන්න....
.
.
.

Ghost Girl || CompletedWhere stories live. Discover now