15. ඉට් හර්ට්ස්

2.4K 492 67
                                    

"මොකද කරන්නේ?"

"ඔයා කෑවද?"

"...........

"............

"නිදිද?"

"බ්ලා බ්ලා බ්ලා....."

සොයොන් නාගෙන එන ටිකට ෆෝන් එකට මැසේජ් විසි පහක් විතර ඇවිත්... කාගෙන්ද? වෙන කාගෙන්ද ඉතිං අපේ ජිමින්සීගෙන්....

මැසේජ් දැක්ක ගමන් කෙල්ලගෙ මූණෙ ඇදුනෙ පොඩි හිනාවක්.... එයා ෆෝන් එකත් අරන් ඇදට ගිහින් තනියම හිනා වෙවී මැසේජ් එකක් ටයිප් කරන්න පටන් ගත්තා.

"මං නිදි... ගුඩ් නයිට්"

"ඔයා නිදියන්නෙ ලයිට් ඔන් කරගෙනද?"

"මොකක්ද....?"

"මං ඉන්නේ ඔයාගෙ ගේ ඉස්සරහ..."

ඒ මැසේජ් එක දැක්ක ගමන් කෙල්ල ඇදෙන් බැස්ස නෙමෙයි ඇදෙන් පැන්නා.

එයා කාමරේ ජනෙල් තිරයක් ඈත් කරලා බලනකොට දැක්කෙ කාර් එකට හේත්තු වෙලා ෆෝන් එක දිහා බලන් ඉන්න ජිමින්ව.

වට් මේ රෑ එයා මොනවද මෙහෙ කරන්නේ?

කෙල්ල ඉක්මනටම එයා ඇදන් හිටපු සැහැල්ලු ඇදුමට උඩින් කබායකුත් දාගෙන පහළට දුවන් ගියා.

"ජිමින් ෂී ඇයි ඔයා මේ වෙලාවෙ....?"

"තදා...." ජිමින් ලොකු හිනාවකුත් එක්ක එයා අරගෙන ආපු චිකන් ඩ්‍රම්ස්ටික් පාර්සලේ කෙල්ලට පෙන්නුවා.

"මං මේවා ඕඩර් කරාට මෙතන ගොඩාක් තියෙනවා. මට තනියම මේ සේරම කන්න බෑ. ඉතිං මං ඔයාටත් අරගෙන ආවා."

"මොකක්ද...?"

කෙල්ල තාමත් පුදුමෙන් බලන් ඉන්න කොට ජිමින් ගේ ඇතුලට ඇවිදන් ගියා.

"යා කොහෙද ඔය යන්නේ...?" කෙල්ලත් ඉක්මනටම ජිමින් පස්සෙන් දුවගෙන ගියා.
.
.
.

"සෝජු තියෙනවද?" ජිමින් ඇහුවෙ සෝපා එකෙන් වාඩි වෙන ගමන්.

"අනී...."

"එහෙනම් වයින්..."

"ම් ඇති..."

"පර්ෆෙක්ට්..."

කෙල්ල නම් තාමත් ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන ඉන්නවා...

යා මං ආවේ ඔයාව කන්න නෙමෙයි ඔයත් එක්ක මේ චිකන් ඩ්‍රම්ස්ටික් කන්න...

Ghost Girl || CompletedWhere stories live. Discover now