21. සිරිපොද වැස්ස

2.2K 474 61
                                    

ජෙනී කුණු දාලා ඉවර වෙලා සුසුමක් හෙලමින් පාර දිහා බැලුවා.... අද ගොඩක් සීතලයි.... එයාගෙ කටිනුත් සීතල පිටවෙනවා.... කෙල්ල අත් දෙක එකට පිරිමැදලා කටින් උණුසුම් හුස්ම පිබලා අත් කබා සාක්කුව ඇතුළට ඔබාගත්තා

එයාගෙ ඇගම හොදටම රිදෙනවා.... එයාගෙ සියුමැලි අතුත් රතු වෙලා තුවාල වෙලා....

එයාට මේ දේවල් පුරුදු නෑ.... ඒත් තාත්තගෙ හිරකාරියක් වෙන එකෙයි මේකෙයි ලොකු වෙනසක් නෑ කියලයි කෙල්ලට හිතුනෙ..... අනික තාත්තා ළගට ගියොත් ආයෙ කවදාවත්ම ජන්කූක්ව දකින්න ලැබෙන්නේ නෑ කියලත් කෙල්ලට විශ්වාසයි.....

ඒත් තාත්ත, නංගිව පාවලා දෙන්නත් තාමත් කෙල්ලට හිත හදාගන්න බෑ..... අනික අම්මා මේ දේවල් දැනගත්තොත් එයාට මොනව හිතෙයිද?

ඒත් එයාලා සුහෝට කරපු දේ.... මට ඒකට සමාව දෙන්න බෑ.... එයාලට ඒකට වන්දි ගෙවන්නම වෙනවා.... මං සුහෝ වෙනුවෙන් ඒක කරනවා.....
.
.
.

කෙල්ල සීතල නිසා කන් වලට දාන් හිටපු ඉයර් මෆ් (earmuff) එකත් හරිගස්සන ගමන් ආපහු ඇතුළට යන්න හැරුනා

ඒත් එයා ටිකකට නැවතිලා ආපහු හැරිලා බැලුවේ එයා හිටපු ගෙදරට ටිකක් ඈතින් තිබුණු විලෝ ගහ යට නවත්තලා තිබුණු කා එකක් දැකපු නිසා.... ඒත් අදුර නිසා කිසි දෙයක් හරියට පැහැදිලි නෑ....

ඒ උනත් කෙල්ලගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.... ඒ තාත්තගෙ මිනිස්සුවත්ද? උන් මං ඉන්න තැන දැනගනද?

"තාමත් උබ ඔතන මොකද කරන්නේ? ඔය කුණු දාලා ඉවර නම් ඉක්මන්ට එනවා.... මේ කෑම අස් කරන්නේ මමද?"

එතකොටම ජෙනීට ඇහුනෙ කන්ග්මින් කෑගහන සද්දෙ

"ආහ් මේ එනවා...." ඒ ගැන හිතන එක පැත්තකින් තියලා ජෙනී ඉක්මනටම ගේ ඇතුළට දුවගෙන ගියා....
.
.
.

ජන්කූක් කා එක ඇතුලට වෙලා මේ හැමදෙයක්ම දිහා බලන් හිටියෙ දරාගන්න බැරි වේදනාවකින්....

"හියුන් ජෙනීව මට මේ වගේ තැනක තියන්න බෑ.... එයා ඒ විදියට...."

"ජන්කූක් අහන්න ජෙනී ඔයා ගාවට ආවොත් උබල දෙන්නම අමාරුවක වැටෙනවා. එයාව ඔහොම හරි බලන්න තියෙන චාන්ස් එක උබට නැති වෙයි...."

Ghost Girl || CompletedWhere stories live. Discover now