22. මතකයන්

2.2K 487 78
                                    

ජෙනී හිටියෙ ජන්කූක්ගෙ ඇද උඩ සනීපෙට නිදාගෙන කොල්ලගෙ ඩුවට් එකට ගුලි වෙලා

තාමත් එළියෙ හොදටම වහිනවා.... වෙලාව දැන් පාන්දර තුනටත් ළගයි....

ජන්කූක් ජෙනීව උණුසුම් ඇදුමකට මාරු කරලා කෙල්ලගෙ තුවාල වෙලා තිබුණු අතට බෙහෙත් දැම්මා.... ඊටපස්සේ අයිස් බෑග් එකක් අරන් හිමීට ඉදිමුණු කම්මුලෙන් තිබ්බෙ ජෙනී ඇහැරෙන්නැති වෙන්න පරිස්සම් වෙමින්....

හා පැටියෙක් වගේ අහිංසක එයාගෙ කෙල්ලව මේ විදියට දකිනකොට කොල්ලට දැනෙන්නේ කියාගන්න බැරි තරම් වේදනාවක්.... එයා හීනෙන්වත් ජෙනීව මේ විදියට දකින්න හිතුවේ නෑ...

ජන්කූක් ඒ මනුස්සයට හොදටම ගහලත් තාමත් කොල්ලගෙ තරහ නිවිලා නෑ.... එයාට තමන් ගැනම ඇති උනේ ලොකු තරහක්... ආයෙමත් මට ජෙනීව ආරක්ෂා කරගන්න බැරි උනා....
.
.
.

එයා ජෙනීගෙ තුවාල වෙලා තිබුණු අත අරන් හිමිහිට සිපගත්තා...

අද දවස හරියට හීනයක් වගේ... අන්තිමට ජෙනී මං ළග.... එහෙම හිතනකොට කාලෙකට පස්සෙ කොල්ලගෙ මූනෙ ඇදුනෙ ලස්සන හිනාවක්.... ඒ විදියට එයා ටිකක් වෙලා ජෙනී දිහා බලන් හිටියෙ හරිම ආදරෙන්....

ජන්කූක්ට බොරු පාට් දැම්මට ජෙනී ගොඩක් අහිංසකයි කියන්න කොල්ලා දන්නවා.... ඒකනෙ පොඩි එකෙක් වගේ හැමවෙලේම ජන්කූක් අස්සට දුවගෙන එන්නේ....

මගෙ පිස්සු කෝච්චිය.....

මං ආයෙමත් ඔයාට මේ විදියට රිද්දන්න ඉඩ තියන්නෑ ජෙනී.... ඔයා කලින් කවුරු උනත් ඔයා දැන් අයිති මට.... මං ඔයාට මුකුත් වෙන්න ඉඩ තියන්නෑ....
.
.
.

After some hours....

කෙල්ල හිටියෙ තද නින්දක.... ඒත් උදරය පැත්තෙන් දැනෙන වේදනාව ටිකින් ටික කෙල්ලගෙ නින්දට බාධා කරා....

"ආහ්...." එයා නින්දෙන්ම බඩට අතකුත් තියාගෙන කෙදිරි ගෑවා....

කෙල්ල තාමත් හිටියෙ අඩ නින්දේ... ඒ අස්සෙන්ම කෙල්ලට ඇහෙන්නේ වතුර බිංදු ඇවිත් ජනේලෙ වදින සද්දෙ.... එයා ඇස් පියාගෙනම ටිකක් වෙලා ඒ සද්දෙට කන් දුන්නා....

කන්ග්මින්... එයා කොහෙද? එකපාරටම කෙල්ලගෙ ඔලුවට ආවේ ඒ මනුස්සයා එයාට හොදටම ගහපු හැටි....

Ghost Girl || CompletedDonde viven las historias. Descúbrelo ahora