CHAPTER - 9

913 163 7
                                    

..........දොර හිරවෙලා වගේ දැනුනා...ජංකුක් පරිස්සමින් සද්ද නොකර දොරේ හැඩල් එක තව පාරක් කැරකුවා..ඒත් දොර ඇරෙන්නෙ නෑනේ.....ඒ කියන්නෙ හ්‍යුන්ලා ටික ජංකුක්ව එලියට දාලා දොර ලොක් කරලා .....ජංකුක් ටිකක් හයියෙන් දොරට ගැහැව්වත් කවුරුවත් එන පාරක්නම් නෑ.....අන්තිමේදි විනාඩි පහලවක් විතර දොර ගාව හිටගෙන හිටියත් කවුරුවත් ආවෙ නෑ.....බැරිම තැන් ජංකුක් ටේට කෝල් එකක් දුන්නා දොර අරින්න කියන්න....වාසනාවට ටේ කෝල් එක ආන්සර් කලා......

" ආ පොඩි මහත්තයා මම බලාගෙන හිටියෙ කතා කරනකම්.....කොහෙද ගියෙ කියන්නෙ නැතුව...බලනවා වෙලාව කීයද කියලා.....ආ මොකද දැන් සද්දයක් නැත්තෙ..
ආ ටේගෙ ෆෝන් එකෙන් මම කතා කරන්නෙ කොහොමද කියලද බැලුවෙ...මගේ ගාව තමයි අනිත් අයගෙ ෆෝන් ටිකත්...දැන් ඉතින් පනිශ්මන්ට් එකටත් එක්ක එලියට වෙලා ඉන්නවා...අදනම් දොර අරින්නෙ නෑමයි මොනව කලත්...."

" අනේ ජින් හියුන් මේ ඔයානේ...අනේ මගේ හැන්සම් හියුන්..ඔයා ඔච්චර කේන්ති ගන්න එපා අනේ ....ඔයාගෙ මූන කැත උනොත් එහෙම ....අනේ හියුන් එලියෙ ගොඩාක් සීතලයි ...ඔයාට ඔයාගෙ පොඩි මල්ලි ගැන දුක හිතෙන්නෙ නැද්ද අනේ.....මට ගොඩාක් බඩගිනී..හියුන් අනේ....දොර අරින්නකෝ......"

විනාඩි පහක් විතර ගියාම ජින් ඇවිත් දොර ඇරියා....කේන්තියනම් මූනේ පිරිලා.....

"මොනවත් කෑවෙ නැද්ද එතකොට...ගිහින් වොශ් එකක් දාගෙන එන්න මම සුප් එකක් හදලා තියන්නම්...කෝ කෝ ඉකමනට යන්න..."

ලැබිච්ච අවසරෙන් ජංකුක් ඉක්මනට වොශ් රූම් එකට පැනගත්තා.........එයා එනකොට ජින් සුප් එකකුයි බත් එකයි කිම්චි හදලා තිබ්බා....ජංකුක් ,ජින්වත් ටික වෙලාවක් බදාගෙන ඉදලා තිබ්බ බඩගින්නටම ඔක්කොම ටික කාලා දැම්මෙ ඇස්පිය ගහන් ක්ශනිකෙට.....මොනව කොච්චර කිව්වත් ජින් , ජංකුක්ට මහමෙරක් තරම්ම ආදරේ කලා...එයාට විතරක් නෙමෙයි එයාගෙ අනිත් මල්ලිලා පස්දෙනාටත් එහෙම්මමයි......

ඊට පහුවෙනිදා තමයි හැමෝම ජංකුක් ගියේ කොහෙද කියලා ඇහැව්වෙ...ජංකුක් ඉතින් සිද්ද වෙච්ච හැමදේම කිව්වා.....මින්ජි පාක් එකේදි අර කෙල්ලට කරපු දේ ජංකුක් කිව්වෙ රගපාලා....හැමොම නිකන් ඩ්‍රාමා එකක් බලනවා වගේ ජංකුක් කියන දේ අහගෙන හිටියෙ වශී වෙලා වගේ...අන්තිමේ කට්ටියම පන යනකම්ම හිනාවුනා
.
.
.
.
.

snowflake || JJK ✅Where stories live. Discover now