CHAPTER - 5

980 203 3
                                    

මින්ජි කා එකට නැගලා ජංකුක්ගෙ අතින් අල්ල්ලා තද කරනකම්ම ජංකුක් හිටියෙ හීන ලෝකේක....

මින්ජි කරපු දේ නිසා තමයි ජංකුක් පියවි සිහියට ආවෙ....

" මින්ජි ඔයාඅද වෙනදටත් වඩා ලස්සනයි...."ලැජ්ජාවෙන් රතුවෙන මින්ජි දිහා බලපු ජංකුක් කිසිම සද්දයක් නැතුව ඩ්‍රයිව් කර්න්න ගත්තා.....

පැය තුනක විතර ගමනකින් පස්සෙ තමයි ජංකුක්ට ඕනි තැනට ආවෙ....ජංකුක් ඉක්මනට කා එකෙන් බැහැලා මින්ජිටත් කා එකෙන් බහින්න ඩෝ එක ඕපන් කලා..

එලියට ආපු මින්ජිටනම් ජංකුක් ගැන සිහියක් නෑ.....එයා පුදුමෙන් වගේ වටේ බලනවා.....ඒක තැනිතලාවක්....සම්පූර්න සුදුම සුදු තැනිතලාවක්.....ඒකෙ මැද පුංචි කැලැවක් වගේ එකක් තිබ්බා....

ජංකුක් මින්ජිගෙ අතින් අල්ලගෙන පලවෙනි අඩිය තියද්දිම අර පුංචි කැලෑව ලයිට් එලියෙන් පිරුනා....මින්ජිගෙ අතින් අල්ල ගත්ත ජංකුක් ටික ටික කැලෑව පැත්තට යන්න ගත්තා....

ඒක පොඩිම පොඩි ගස් කිපයක් තිබ්බ තැනක්....ජංකුක් මින්ජොව ගස් ටික මැද්දෙන හිටවලා උඩ බලන්න කිව්වා....

මින්ජිගෙ ඇස් පුදුමෙන් පිරෙන්න තත්පරයයි ගියේ....වේලිලා ගියපු ගස් වල උසම කොන් එකතු වෙලා ලස්සන හදවතක හැඩයක් මවලා.....මින්ජි  තාමත් ඉන්නේ ඒ හදවත දිහා බලාගෙනමයි

කුක් මින්ජිගෙ අත් දෙක තමන්ගෙ අත්  දෙකෙන් අල්ල  ගත්ත එකට තමයි මින්ජි ජංකුක් දිහා බැලුවෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.....කුක් මින්ජිගෙ අත් දෙක තමන්ගෙ අත්  දෙකෙන් අල්ල  ගත්ත එකට තමයි මින්ජි ජංකුක් දිහා බැලුවෙ .....දෙන්නා දෙන්නගෙම ඇස් වල අතරමං වෙලා....ටිකකින් ජංකුක් කතා කරන්න ගත්තා.....

" මින්ජි මට ඔයාට කියන්න ලොකූ කතාවක්  තියෙනවා....ඔයාව මුලින්ම හම්බවෙලා මම ගෙදර ගියාට මගේ හිත මම ඔයා එක්ක තියලා ගිහින් ...දැන් ඒක ඔයා ලග....මම ඒ මුලු සතියෙම ඔයා ගැන විතරයි හිතුවෙ මින්ජි.....ඔයා කිව්වා හරි හැම හිම පියල්ලක්ම විශේශයි.....අපි හැමෝටම අපිටම කියලා හිම පියල්ලක් තියෙනවා....ඉතින් මම හිතන්නෙ ඔයා තමයි මගේ හිම පියල්ල...නැත්තන් මම ඔයාගෙ හිම පියල්ල.....මට ඒ උනුසුම හොයාගන්න උදව් කරන්න.....මින්ජි මම ඔයාට ආදරෙයි...මට හිතාගන්න බැරි තරම්...ඔයා සරලයි ලස්සනයි පුංචි හිම පියල්ලක් වගේ....මගේ ලගින් ඉන්න කැමතිද මින්ජි...."

snowflake || JJK ✅Where stories live. Discover now