(පසු දින උදේ)
කට්ටියම trip එක යාමට උදෙන්ම පිටත් වෙයි. Mira සහ jimin car එකේ ඉස්සරහ යන අතර hwani සහ jungkook car එකෙ පිටිපස්සෙ seatවල යයි. මුලින්ම mira සහ hwani ඔවුන්ව ලංකාවෙ සීගිරිය නම් ස්තානය බැලීමට එක්කන් යයි. Jimin සහ jungkook සුපුරුදු පරිදි mask දමාගෙන මූණ ආවරණය කරගෙන යයි.

Jimin: ශා මේ ගල ලස්සනයි...
Mira: ඕකට කියන්නෙ සීගිරිය කියලා... ඕකෙ ඉතිහාස කතාව ඇහුවනම් ඔයාලට හිතෙයි ඕක amazing කියලා...
Jungkook: ඉතින් කියන්නකො...
Mira: අපි guide වැඩේ hwani ට බාර දෙමු... එයා ලංකාවෙ ඉතිහාසය හොදට දන්නවා...

Mira එසේ පැවසූ විට jimin සහ jungkook දෙන්නම hwani දෙස බලා සිටින අතර phone එක ඔබමින් සිටි hwani එකපාරටම ඔවුන්ගේ මූණු දෙස බලා "eh මේ මමද දැන් එතකොට ඒක කියන්න ඕනෙ?" කියා අසයි.

Mira: ඔව් ඉතින් ඔයා history ඉගෙන ගත්තෙ A/L වෙනකන්ම...
Hwani: aishh ඒත් දැන් මුකුත් මතක නෑ කියලා මතක් උනාම... හරි හරි මම මතක විදිහට කියන්නම්... මේක කාශ්‍යප කියන රජතුමා තමයි හදලා තියෙන්නෙ... ක්‍රි.පු 5 දි වගේ තමයි හදලා තියෙන්නෙ... මේකෙ ගල උඩට වතුර අරං ගියපු තාක්ෂණය ගැන තාම හිතාගන්න බෑ...
Jimin&Jungkook: wow!!!
Hwani: ඔව්... අපි යමුකො උඩට...

හතර දෙනාම උඩට නගී. නැගීමට හරියට පඩි නොමැති නිසා කට්ටිය එකිනෙකාට උදව් කරගනිමින් හිමින් හිමින් උඩට ආසන්න වෙයි.

Hwani: හිතන්න... ඒ කාලෙ රජතුමා කීයටවත් මෙච්චර වෙලා අරන් මෙච්චර අමාරු පාරකින් මාලිගාවට එන්නෙ නෑ... ඒ කියන්නෙ ඒ කාලෙ මෙතන උඩට ලේසියෙන්ම එන්න එක්කො මොකක් හරි පාරක් නැත්තන් මොකක් හරි තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙන්න ඕනෙ...
Jungkook: ohhh...
Jimin: woahh ඇත්තටම හරිම interesting
Hwani: එන්නකො තාම උඩට ඇවිත් බලන්න තියෙන වැදගත්ම තැන බැලුවෙ නෑ...
Mira: ඒකතමා... සීගිරි චිත්‍ර බලන්න තමයි මේ කට්ටිය තකහනියක් උඩට නගින්නෙ...
(ඔවුන් සීගිරි සිතුවම් බැලීමට යයි)
Jungkook: woahh මේවත් ඒ කාලෙ ඇදපුවද?
Hwani: ඔව්... සමහරු කියනවා ඔය රජතුමාගෙ බිසෝවරු කියලා... තවත් සමහරු කියන්නෙ මෙහෙ සේවිකාවො වගේ හිටපු අය කියලා...

(jungkook හිමින් hwani ගේ කනට ලං වී යමක් අසයි.) "ඔයාලගෙ රජකාලෙ ඇදුමෙ හැටිද නැත්තන් මෙයාලව ඇදලා තියෙන්නෙ උඩට ඇදුම නැති විදිහට ද?" "ඒ කාලෙ කාන්තාවො උඩුකය නිරුවත්වලු ඉදලා තියෙන්නෙ" hwani ද ඔහුට රහසින්ම කියයි. "ඇයි ඉතින් දැන් කාලෙ කාන්තාවන්ටත් එහෙම ඉන්න බැරි?" jungkook රහසින්ම අසන්නේ හිනා වෙමිනි. "Yahh prevent!"

Our Destiny Where stories live. Discover now