Episode 78

475 93 5
                                    


-"JK ඔයා!! ඔයා මොකද මෙහෙ කරන්නේ?" -"ඇයි මට එන්න බැරිද? අපි කොහෙවත් යන්නම ඕනේ නැහැනේ හම්බවෙන්න නේ... මන් මෙහෙ ආවම අපිට තිබ්බ හැම ප්‍රශ්නයක්ම දැන් විසදෙනවනේ.." -"oh!!! ඔයා මන් හිතුවට වඩා බුද්දිමත් නේ... එන්න එන්න ඇතුලට තව පොඩි වෙලාවයි තියෙන්නේ" JK ගොස් sofa එකෙන් වාඩි වූ අතර මම TV එකේ remote එක ද ගෙන TV එකේ youtube app එක on කරමින්ම ඉදගත්තේ ඒ මොහොතේ වෙලාව 5.55 විතර වෙලා තිබුන නිසාය. -"අම්මෝ JK සති මාස ගණන් ඉවසුවත් මේ විනාඩි 5 තමා ඉවසගන්නම බැරි!!" -"අය්යෝ ඔච්චර නොයිවසිල්ලෙන් ඉන්න තරම් දෙයක් නැහැ අනේ" -"ඔයා කියයි ඔයටනම් මොකෝ ඔයා ඉතින් මේක කලින් දැකල තියෙනේ... මේ බලන්න දැන් වෙලාව යන්නේ නැති හැටි තාම 56යි!!!! මට ඔරලෝසුවත් කුඩු කරන්න හිතෙනවා... මේ ඒක නෙවේ ඔයා අද රෑ මාත් එක්ක ඉන්නවද?" මන් එසේ ඇසු විට JK එක පාරට ඇස් ලොකු කර මාදෙස බලයි -"මොකද්ද hwani ඔයා අදහස් කරන්නේ?" -"අය්යෝ නැහැ නැහැ... ඔය මහා විශාල bag එකක් අරන් ඇවිත් තියෙන නිසා අනේ මන් එහෙම ඇහුවේ... මොනාද එකේ තියෙන්නේ?" -"අහ්... මේකේ තියෙන්නේ snacks... ඔයාටයි මටයි කන්න පුළුවන්නේ stream කරන ගමන්" -"අනේ.... ඔයා හරි ෂෝයි!!!" මන් JK ගේ කම්මුලකට ඇගිල්ලෙන් අනිමින් එසේ පැවසුවේය. -"අය්යෝ එච්චරද... මෙච්චර snacks ගෙනෙල්ලත්... මන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු උනා hwani...." -"ඊට වඩා දෙයක් කිව්වේ..??" -"මන් අදහස් කරේ මේ නිකන්...." -"එහ්!!!! JK!!!! වෙලාව හරි!!!" JK ගේ කතාව හරස් කරමින් මම නොසන්සුන්ව එසේ කෑගැසුවේය. -"අහ්... ඔව් නේ" (hwani TV එකේ සින්දුව play කරයි) -"ශා!!! සින්දු වේ start එක perfect අහ්... oh!!! JK!!! අර V oppa!!!" -"අහ්..." -"අනේ jimin oppa හරිම cute ඒ part එකේ නේ..." -"හ්ම්ම්..." -"අම්මෝ RM oppa ගේ ඒ බැල්ම මාව පිස්සෙක් කළා වගේ JK!!!! Jhope oppa ගේ හිනාව අනේ මට බැහැ JK!!!" -"හ්ම්ම්..." -"wow!!! suga ගේ රැප් එක!!! wow wow!!! JK මේ සින්දුව මාර ලස්සනයි... මට පිස්සු හැදීගෙන එනවා වගේ..." (hwani ඇයගේ එහාපැත්තේ ඉදගෙන සිටින JK ගේ කකුලටද අතින් ගසමින් නොසන්සුන් ව එසේ කෑගසමින් සින්දුව බලයි...) -"එහ් hwani ඔයාට පෙන්නේ නැද්ද ඔය video එකේ මාත් ඉන්නවා අර!!" JK එසේ පවසන්නේ hwani ඔහුව නොදැක්ක සේ අනිත් අය ගැන පමණක් කියවන නිසාය. -"මට පේනවා JK... ඔයා ඔය ඉන්නේ හදක් වගේ බැබලි බැබලි එකේ" -"අහ්... පේනවා නම් ලොකු දෙයක්... ඇත්තටම ඔයාගේ bias මම කියලා sure ද?" -"හා.. හා... ඔව් අනේ... එහෙමයි කියලා ඔයා දිහා විතරක් බලන්න බෑනේ JK.... හරි... මේ.. දැන් වැඩේ පටන් ගන්න තියෙන්නේ..." එසේ කියූ මම මා ලග තිබුණු සෑම device එකකම සින්දුව play කරේය. (පැයකට පමණ පසු.. hwani දිගින් දිගටම සින්දුව play කරමින් සිටියි.) -"මට හරිම නිදිමතයි hwani" මහන්සි නිසා නිදා වැටෙමින් අමාරුවෙන් ඇස් ඇරන් සිටි JK මගේ උරහිස මතට ඔහුගේ හිස තබාගනිමින් පවසයි.


1K views...!!!!!! 🥺🥺🥺🥺 Thank you so much everyone...!!!!! 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

!!!!! 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Our Destiny Where stories live. Discover now