Episode 22

601 105 0
                                    




ඉබේ නැගිට්ටුන මා Mira ගෙ phone එක බලෙන්ම ගෙන ඒ post එක උඩ සිට යටට දෙවතාවක් විතර කියෙව්වේය

-"Mira කෝ මේකේ එයාව ගෙනිච්ච hospital එකක් ගැන කියලා නැනේ"

-"මොකද hwani මේ..? එහෙම දාන්න පුලුවන්ද එයාව අරන් යන hospital එක fans ලා hospital එක ඉස්සරහ පදිංචි වෙයි.. අනික ඔච්චර කලබල වෙන්න දෙයක් නැහැ hwani ලෙග් ඉන්ජරි එකක් නේ ඉක්මනට හොදවෙයි"

-"අහ්! ඔව් නේ.."

-"මේ කෝ අනේ ඔයාගේ යාළුවා? අපි පැය2 ක් මෙතන නේ"

-"ඔව් එයා දැන් එන එකක් නැහැ Mira අපි යමු"

මාත් Mira ත් නැවත apartment එකට පැමිණ නිදාගැනීමට ගියේය.. මගේ හිත බොහෝ කලබල වී ඇත මට එදා එතරම් සමීපයෙන් කතා කරපු JK අද hospital එකේ.. මට අඩුම තරමේ ඔයාට දැන් කොහොමද කියලවත් අහන්න විදිහක් නැහැ.. මන් රෑ එලි වෙනකන් ඒ පිලිබදව සිත සිතා සිටියේය..

#ට්‍රින්ග් #ට්‍රින්ග්

Mira ගෙ phone එක රින්ග් විය.. පාන්දර 3යි! මේ වෙලාවේ කවුද Mira ට call කරන්නේ... phone එක නාද වෙන හඬට අවදි වූ Mira නිදිමරගාතේ phone එක answer කරයි.

-"hello.. කවුද අනෙහ්.. මන් නිදි පස්සේ කතාකරන්න අප්පා!"

-"hello! මේ මට හදිස්සියේ ගමනක් යන්න වෙලා එන්න මගේ apartment එක ලගට දැන්ම"

-"ඉතින් ඔයාට දැන් මන් යන්න එපා කිව්වද.. ඔයාට යන්න ඕන ගමනක් ඔයා යන්නකෝ අනෙහ්! ඇයි මේ මට වද දෙන්නේ"

Mira නිදිමරගාතයෙන් කියවයි

-"ඒයි! මන් තමුන්ගේ බොස්.. ඔයා මගේ private driver ඔහේට මතක නැද්ද අහ්!"

-"අයියෝ බොස් ඇයි අනේ මට හීනෙනුත් වද දෙන්නේ" -"ඒයි තමුන් බීලද?"

-"ඔව් ඔව් නිදාගන්න කලින්නුත් වතුර වීදුරුවක් ම බිව්වා"

Mira ට ආපු වැදගත් call එකකට නිදිමරගගාතයේ විකාර උත්තර දෙන බවක් මට වැටහී ගියේය.

-"ඒ!! Mira!! මේ හීනයක් නෙවේ.. ඔය කතාකරන කෙනාට හරියට උත්තර දෙන්න"

එකපාරට ගැස්සිලා ගිය Mira phone එක අතට ගෙන call එක කාගෙන් දැයි බලයි

-"omg!! ඇතටම බොස් ගෙන් නේ යකෝ call එක" යැයි පැවසු Mira phone එක නැවත කනේ තබා ගනී

.-"hello sir! මොකද්ද වෙන්න ඕනේ" ඉතා සන්සුන් වූ හඬකින් Mira ඇසුවේය..

(Mira ගෙ දුරකථන ඇමතුම අවසන් විය)

-"එහ් hwani මට දැන් යන්න වෙනවා බොස්ට හදිස්සියක් ලු"

-"මේ වෙලාවේ?"

-"ඔයා දැන් මොකෙන්ද එතෙන්ට යන්නේ"

-"මන් taxi එකක් හරි කතාකරන් යන්නම්"

-"හරි එහෙනම් පරිස්සමින්"

(බොස් ගේ apartment එක ඉදිරිපිට,බොස් සුපුරුදු පරිදි මුණ ආවරණය වෙනසේ ඇදගෙන සිටි.)

-"අහ්! ආවද ඇතියන්තම්.. මැදැයි driver කියලා එකෙක් ට හදිස්සි ගමනක් යන්න කතා කලා... මන් ඔයාට කතා කරද්දී 3යි වෙලාව.. පැයක් ගියාද ඔයාට මෙතෙන්ට එන්න"

-"ඉතින් sir ඔයා call කරද්දී මන් නිදාගෙන නේ හිටියේ"

-"ඔව් ඒක මට හොදට තේරුණා... දැන් ටක්ගාල යමුකෝ general hospital of seoul එකට මගේ යාලුවෙක් hospitalized කරලා එයාව බලන්න යන්න ඕනි"

-"oh! ඇත්තද? අනේ sorry sir පරක්කු උනාට මන් ටක්ගාල ගිහින් දාන්නම් hospital එක ලගට"

බොස් වාහනයට නගී Mira වාහනය පන ගන්වා හැකි උපරිම වේගයකින් යෑමට පිටත් විය.

Our Destiny حيث تعيش القصص. اكتشف الآن