Jungkook: මේ මොනාද?
Mira: බීලා බලන්නකො...
Jimin: ශා මේ කෝප්පෙ හරිම ලස්සනයි...
Mira: ඒක කෝප්පයක් නෙවේ පොල්කට්ටක් කියලා මතක් උනාම...
Jimin: woah ඇත්තටම? ඒක හරිම ශෝක්... මේ බීම එකත් හරිම රහයි... මොනාද මේ?
Mira: බෙලිමල්... ඔයාලා මීට කලින් බීලා නැතුව ඇති...
Jungkook: ohh... ඒක හරිම රහයි...

Jimin සහ jungkook රසයි කිය කිය පොල්කට්ටෙන් බෙලිමල් බොනවා බල බල hwani යි mira යි හිනා වෙයි. එය බී අවසන් වූ පසු හතර දෙනත් සමග වටපිට පරිසරය බැලීමට පොඩ්ඩක් ඇවිද පසු දින උදෙන්ම දවස් දෙකක විතර trip එකක් යාමට පිටත් වීමට කතා කරගෙන කට්ටිය නිදා ගැනීමට සූදානම් විය. එම වෙදගෙදර අමුත්තන් පැමිනි විට ලබා දෙන කාමර ඇත්තේ දෙකක් පමණි.
Mira: පොඩි අවුලක් තියෙනවා... මෙහෙ කාමර දෙකක් විතරයි තියෙන්නෙ... අපිට share කරගන්න වෙනවා...
Jungkook: අවුලක් නෑ... ඔයයි jimin නුයි එකක ඉන්න මායි hwani එකක ඉන්නම්....
Jimin: ahh ඔව් ඒක හොදයි...
Hwani: ආසයි????
Mira: marry කරලා ඉන්නෙ කියලද දන්නෙ නෑ හිතන් ඉන්නෙ...
Jimin: නෑ ඉතින් අවස්තාවෙ හැටියට ඉන්න එපැයි...
Hwani: ඒකට ඔයයි JK යි එකක ඉන්න මායි mira යි එකක ඉන්නම්... එතකොට හරි නේ...
Jimin: ah එහෙමත් පුලුවන් නේ...
Mira: එහෙමත් පුලුවන් නෙවේ එහෙම තමයි කොහොමත් ඉන්නෙ... අර කාමරේට යන්න ඔය දෙන්නා... අපි යමු hwani මේකට...

Mira jk ට සහ jimin ට ඔවුන්ගේ කාමරය පෙන්නා hwaniත් සමග තමන්ගේ කාමරයට යයි. කට්ටියම හෙට දින උදෙන්ම පිටත් වීමට සියල්ල ලෑස්ති කරගෙන නින්දට ගියේය. ඇදට වෙලා හිටියට hwani ට නින්ද යන්නෙ නැති නිසා 4n එක අතට ගෙන එක එක දෑ බල බල සිටියි. මේ අවස්තාවේ එහා කාමරයේ සිටින jungkook ට නින්ද යන්නේ නැති නිසා ඔහු hwani ට msg එකක් දමා බලයි. නින්ද යන්නෙ නැතුව හිටිය hwani ත් jungkook නුත් එලියට ඇවිත් වත්තේ ඇති බංකුවෙන් ඉදගෙන පොඩ්ඩක් කතා කර කර ඉන්න තීරණය කරයි. Hwani හොරෙන් හොරෙන් mira ට නොතේරෙන්න කාමරයෙන් එලියට එයි. Jungkook ද jimin ට නොදැනෙන්න හිමින් එලියට පැමිනෙයි. ටික වෙලාවකට පසු mira ට washroom යෑමට අවශ්‍ය වී ඇය නැගිටියි. Hwani ත් washroom යන්න ඇති කියා හිතපු mira කාමරයෙන් එලියට පැමිනෙන්නේ washroom එක ඇත්තේ කාමරේට පොඩ්ඩක් දුරින් නිසාය. එය ලගට යන විට ඇතුලේ කවුරු හෝ සිටින බව තේරුන නිසා ඒ hwani වෙන්නැති යැයි හිතූ mira washroom එකේ දොර ඉස්සරහට වී බලා සිටියි. (ඇය මේ වෙලාවෙ messy කොන්ඩයද සමග ඇද සිටින්නේ සුදු පාට දිග night dress එකක්ය.) එකපාරටම washroom එක ඇතුලෙ සිටි කෙනා දොර අරිනවත් සමගම "Aaaaahhhhhh" ඔහු mira ව දැක බයවී කෑගහයි. ඇත්තටමේ වෙන කවුරුත් නෙවේ jimin. Mira පොඩි වෙලාවක් මේ මොන මලවිකාරයක්ද වගේ jimin දෙස බලාගෙන සිටිමින් "yahhh මේ මම" කියා හයියෙන් ඔහුට පවසයි. "මෝහිණී වගේ එකපාරට මෙතන ඉස්සරහට වෙලා හිටියම බය වෙන්නෙ නැද්ද ශාන්ත..." "හරිනම් මායි බය වෙන්න ඕනෙ කලු hoodie එකකුත් දාගෙන කලුකුමාරයෙක් වගේ එකපාරටම මේක ඇතුලෙ ඉදන් එලියට ආවම... මම හිතුවෙ ඇතුලෙ ඉන්නෙ hwani කියලා... පොඩ්ඩක් ඉන්න එතකොට කෝ hwani? එයා ඇදේ හිටියෙ නෑනෙ..." " අහ් මම එන වෙලාවෙ jungkook හිටියෙත් නෑ ඇදේ... මේ දෙන්න අපිට නොකියා පැනලා ගියාවත්ද? එන්න mira අපි බෙදිලා ගිහින් ඒ දෙන්නව හොයමු..." "මගුලක් කතා කරනවා... මට මේ washroom යන්න හදිස්සි වෙලා ඉන්නවා... ඔයා ගිහින් හොයාගන්න මම යනවා washroom එකට" mira එසේ කියා washroom එක ඇතුලට ගොස් දොර වහගනී. Jimin වටපිට බල බල ඔවුන් නිදා සිටි කාමරය ලගට යන විට jungkook සහ hwani වත්තේ ඇති බංකුවක ඉදගෙන සිටිනවා ඈතට දකී. 'අහ් අර ඉන්නෙ... ඒ දෙන්නට නම් අද නිදාගන්න idea එකක් නෑ වගේ...' කියා සිතූ jimin කම්මැලි නිසා mira ලගෙ කාමරය ඉස්සරහට ගොස් mira නැවත එනකන් හිටගෙන සිටියි. Mira නිදිමතෙන්ම හිමින් හිමින් කාමරය දෙසට එයි. "ඔයා මොකෝ මේ උතුර දකුන මාරු වෙලාද? මේක මායි hwani ඉන්න කාමරේ ඔයාලගෙ එක අර පැත්තෙ" mira අත දික්කර ඔහුගේ කාමරය පෙන්නා පවසයි. " මම දන්නවා... කම්මැලි නිසා ආවෙ... අපිත් යමුකො පොඩ්ඩක් කතාකර කර ඇවිදින්න" "ehh?? ඇවිදින්න? කතාකරන්න? හීනෙන් වගේ නැගිටලා washroom යන්න ආපු මම" "හීනෙන් වගේ? ඔයාට නිකන් මේකත් හීනයක් වගේද?" "ඔව් පොඩ්ඩක් ඒ වගේ තමා---" mira එය පවසා අවසන් කිරීමට පෙර jimin mira ට ක්ෂණිකයෙන් kiss එකක් දෙයි. Mira ඇස්දෙක ලොකු කරගෙන බලා සිටී. "මේකත් හීනෙන් දැක්කෙ කියලා හිතාගන්න" Jimin mira ගේ කනටකර හිමින් පවසයි. Mira මුකුත් නොකියා ඉක්මනින් කාමරයට ගොස් දොර වසාගනී. ඇත්තටම මේ වෙලාවේ mira ගේ heart beat එක 100ට 200ට වැඩි වී ඇත. ඇය දොරට හේත්තුවී හොද හුස්මක් ගෙන relax වීමට උත්සහ කරයි. Jimin ද තනිව හිනා වෙමින් නැවත ඔහුගේ කාමරයට යයි.

(jungkook සහ hwani බංකුවේ ඉදගෙන කතා කරමින් සිටියි.)
Jungkook: hwani, මට ඇත්තටම දෙයක් දැනගන්න ඕනෙ... මම දන්නවා මේ මාස 3ක් විතර ඔයාට vacation එකකට මෙහෙ ඇවිත් ඉන්න  KBS එකෙන් නිවාඩු හම්බෙන්නෙ නෑ කියලා... මට ඇත්තම කියන්න මොකද්ද උනේ? එයාලා ඔයාගෙ වැඩ තහනම් කලාද? නැත්තන්... ඔයාව අස් කලාද?

Jungkook ගේ ප්‍රශ්නයට පිලිතුරක් නොදී පොඩි වෙලාවක් කල්පනා කර කර හිටපු hwani "නෑ එයාලා අස් කලේ නෑ... මමයි අස්වෙලා ආවෙ" කියා පිලිතුරු දෙයි.

Our Destiny Onde histórias criam vida. Descubra agora