"Why do you keep trying to hide under your mask?
Even all the scars from your mistakes make up your constellation...
You shown me I have reasons I should love myself..."

'ඇත්තටම මම මෙහෙම ඇදට වෙලා jungkookට reply නොකර ඉන්න හැදුවා කියලා ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ... ඇත්තටම මට බයයි මගෙ අතින් වැරැද්දක් උන නිසා ඒත් ඇයි මම හිතන්නෙ නැත්තෙ මේක මට හොද පාඩමක් කියලා ඉස්සරහට මීට වඩා කල්පනාවෙන් වැඩ කරන්න... මම මගේ ජීවිතේට ආදරේයි මගේ ජීවිතේ කියන්නෙ jungkook එක්ක හැමදාම සතුටින් ඉන්න එක... ඉතින් මම කොහොමද ඒක නැති කරගන්නෙ... මට හිතා ගන්න බෑ මම දැන් මොහොතකට කලින් jungkookට reply නොකර එයාව මග අරින්න උත්සහ කලා කියලා... බෑ... මට එහෙම කරන්න බෑ... මම එයාට පොරොන්දු උනා හැමදේකදිම එයත් එක්ක ඉන්නවා කියලා... Stressful වෙයි ඒත් හොදම දේ ඊයෙ උන වැරැද්ද අද තේරුම් අරගෙන ඉස්සරහට කල්පනාවෙන් එහෙම වැරැද්දක් ආයෙ නොවෙන්න වැඩ කරන එක...'
BTS ලගෙ සින්දුවෙ lyrics නිසා තම ප්‍රශ්නයට මුහුණ දීමට දෛරයක් ආපු hwani phone එක ගෙන jungkook ට reply කරයි.

[phone msg]
Hwani: Jungkook sorry... Good night and have a safe flight!💜
JK: Sorry??
Hwani: ඔයා තාම නිදාගත්තෙ නැද්ද?
JK: නෑ... නිදිමත නෑ...
Hwani: අහ්හ් කමක් නෑ දැන් නිදා ගන්න good night...!!!!
Jk: Good night!!!

JK hwani ට reply කර phone එකේ screen lock කර කල්පනා කිරීමට පටන් ගනී. ' ඉස්සෙල්ලා hwani msg එක seen කරපු ගමන් typing කියලා පෙන්නුවත් එකපාරටම ඒක නැතුව ගියා... මම පොඩ්ඩක් බලාගෙන හිටිය ඉතින් එයා reply කරනකන්... එහෙම phone එක දිහා බලාගෙන ඉන්න ගමන් මම අද උන ප්‍රශ්න ගැන පොඩ්ඩක් කල්පනා කලා... මේකට hwani ට දොස් කියන්නත් බෑ... අපි දෙන්නම වැරදී... ඒත් ඉතින් මේක මගෙ ජීවිතේ නේ... අනේ මන්දා මොනව කරන්නද කියලා... මොනවා උනත් මම hwani ත් එක්ක ඉන්නවා...'

Next day
Hwani සුපුරුදු පරිදි වැඩට යෑමට ලෑස්ති වෙයි... 'සුපුරුදු පරිදි කිව්වට වෙනද වගේ නිදහස් ඇදුමක් ඇදන් නෙවේ hoodie එකක් ඇදලා mask එකක් දාගෙන මොකද මම එදා JK එක්ක අර 4to එකේ ඉන්න කෙනා කියලා දැන ගත්තොත් මාව මරලා හංගයි පිස්සු fans ලා එකතු වෙලා...' මම වැඩට යන විටත් mira වැඩට ගිහින් තිබුණි. "පුදුමයි අද අරයා උදෙන්ම ගිහින්" එහෙම පැවසූ hwani taxi එකක් අරන් KBS එකට යයි. Hwani තමා වැඩ කරන office room එකට යන විට ඇයගේ පුටු මේස සියල්ල ඇයගේ office room එකෙන් අයින් කර තිබුණි. ඇය වට පිට බැලුවද කිසි කෙනෙක් ඇයව ගණන් නොගෙන තම තමන්ගේ වැඩ කර මින් සිටියි. Office room එකෙන් එලියට පැමිණි විට ඇය දුටුවේ ඇයගේ මේසය එලියෙන් තබා එයට කුණු රොඩු දමා ඇති බවයි. hwani ගිහින් එක තනිවම සුද්දකර තනිවම නැවත සුපුරුදු ස්තානයෙන් තබා ගනී. කාටවත් මුකුත් නොකිව්වට ඇය වැඩ කරන තැන අය මෙහෙම හැසිරෙන්නේ අර jungkook එක්ක ගත්ත photo එකේ සිද්දිය නිසා බව hwani ට වැටහෙයි. ඒ දවස තුල ඇයගේ office room එකේ කවුරුත් ඇයත් සමග කතා කලේ නෑ... ඇත්තටම hwani එදා දවසෙම හිටියෙ ගොඩක් පාලුවෙන්... කොහොම හරි තමාට නියමිත වැඩ ටික ඉවර කරපු hwani ගෙදර යාමට mask එකත් දාගෙන KBS එකෙන් එලියට බැස ඉක්මනින් taxi එකක් අරන් ගෙදර ලගට ඇවිත් ගෙදර දොර ඇරීමට යන විට ඇය දුටුවේ ඇයගේ දොර ඉස්සරහ කිසියම් පාර්සල් එකක් ඇති බවයි. ඇය එම පර්සලය ගෙන දිග ඇර බලයි.

"Aaaaaaaaahhh" hwani කෑගසමින් එය ඈතට විසි කරන්නේ එහි තිබු නේ මිනී ඔලුවක් නිසයි. ඒවගේම ඇයගේ දොරේ notice එකක්ද අලවා තිබුණි.

"මෙහෙම තෑගි වලට කැමති නැත්තන් අපේ jungkook ගෙන් ඈත් වෙලා ඉන්නවා!"

Hwani ඒ notice එක කියවා එය දොරෙන් ගලවා ඉරා දමා විසික් කරයි. Hwani බොහොම අමාරුවෙන් ඇයගේ කදුලු තද කරගෙන දොර ඇරගෙන ගේ ඇතුලට ගිය විටම Mira ගෙන් call එකක් පැමිනේ.

[phone call]
Mira: hwani... මට මේ දැන් තමයි වෙලාවක් හම්බුනේ ඔයාට කතා කරන්න... මට අද ගෙදර එන්න වෙන්නෙ නෑ... මට busan එන්න උනා...
Hwani: මොකක්? ඔයා අද වැඩට නෙවේද එතකොට උදෙන්ම ගියෙ? Jimin ලා tour එකට LA ගියානෙ... ඇයි ඔයා හදිස්සියෙ busan ගියෙ?
Mira: jimin මට උදෙන්ම කතා කලා... එයාගෙ අම්මට පොඩ්ඩක් සනීප නෑ කියලා... එයාට කොහොමත් එන්න බෑනෙ අම්මව බලන්න... මට කතා කරලා කිව්ව පොඩ්ඩක් ගිහින් බලන්න කියලා... එයා අම්මට අපි දෙන්න ගැන ඊයෙම කිව්වයි කියලත් කිව්වා... අම්මට පොඩි අසනීපයක් වගේ නම් jimin මට කියන්නෙ නෑනෙ... ඉතින් මම ටාස් ගාලා ආවා මෙහාට...
Hwani: ඔව් ඒක තමයි... දැන් කොහොමද aunty ට?
Mira:........ මේ..... බලමුකො.... Report එයි තව ටිකකින්
Mira එක පැවසුවේ පොඩ්ඩක් හිමින් දුකෙන් වගේය.
Hwani: ඇයි mira මොකද? ඔයා කියපු විදිහට මොකක් හරි තියෙනවා...
Mira: hwani... Doctors ලා කියනවා එයාගෙ රෝග ලක්ෂණ වල හැටියට cancer එකක් කියලා 50%ක් sure ලු....
Hwani: මොකක්?????

Our Destiny Where stories live. Discover now