(Jimin Mira සමග පැමින car එක ඇයගේ සහ hwani ගේ ගෙදර ඉස්සරහ නවත්තයි. )

"එහෙනම් මම යන්නම් jimin... ඔයත් පරිස්සමෙන් යන්න..." mira එසේ පවසා car එකෙන් බහින්න හදයි. "පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න... අපිට මගඇරුනු දෙයක් තියෙනවා නේද කරන්න... ඔයාට මතක නැද්ද?" jimin Mira ගෙ දෙසට ලං වෙමින් අසයි. ඉක්මනින් jimin ගේ කම්මුලට kiss එකක් දුන්න mira  "bye bye මම යනවා..." කියා පවසා ලැජ්ජාවෙන් ඉකමනින් car එකෙන් බැස ගේ දෙසට දුවගෙන යන්නේ jimin ට අතවනමිනි. Jimin වාහනේ shutter එක පහත් කර "මම අල්ලගන්නම්කො වෙලාවක!!" කියා කෑගසමින් යයි. ගෙදර දොර ලගට ගිහින් දොරේ password එක ගසනවිට mira දැක්කේ hwani ඈත සිට හිමින් හිමින් ඒ දෙසට එනවයි. 'මෙයා මොකෝ මේ තාම එන්නෙ... අපිට කලින් නෙ JK යි මෙයයි ආවේ' එහෙම හිතමින් mira " Hwani!!!! Hiii" කියා කෑගසුවද කිසිම ප්‍රතිචාරයක් නොදක්වමින් හෙන හිමින් hwani ඒ දෙසට එන්නේ කදුලුත් ඇස් වල පුරවන් බව mira දකී. Mira ඉකමනින් hwani ලගට දුවගෙන යයි. " hwani මොකෝ මේ? ඇයි මේ අඩන්න වගේ... JK මනාහරි කිව්වද ඔයාට? අහ්හ්? මට කියන්න... මම ඕකගෙ දත් දෙකක් බඩට ඇරලා එන්නෙ ඔයාව ඇඩෙව්වට..." "එහෙම දෙයක් නෑ mira... එයා මුකුත් කිව්වෙ නෑ..." "අහ්හ් එහෙනම් මේ අනිවාරෙන් හෙට ඉදන් එයාලා LA යන නිසා වෙන්න ඇති... ආයෙ කාලෙකට හම්බවෙන්න වෙන්නෙ නැති නිසාද? අයියෝ hwani... ඕක ගැන හිතන්න එපා අනේ... මහලොකු කාලයක් ඈ අවුරුද්දක් වගේ නේ... අනික ඕනෙ නම් අපිට ඒ අතර මැද වෙන රටකට tour එකක් වගේ ගිහිල්ලත් එයාලගෙ concert එකක් බලලා එන්න පුලුවන් නේ..." "Hmmm ඒක තමයි... අපි යමුකො ඇතුලට" hwani එසේ පවසා mira සමග ගේ ඇතුලට යයි. jimin සහ mira අතර අද සිදුවූ සිද්දිය මතක් කරන hwani ගේ mood එක එකපාරටම වෙනස් වෙයි. Mira දෙස බලා කින්ඩි හිනාවක් දමා "අහ්හ් අද එක්කෙනෙක්ට හරි ගියා නේ..." කයා පවසයි. "ඔන්න ඉතින් පටන් ගත්තා... Jimin එක්ක යාලු උනා කියලා කාටද hwani හරියන්නෙ???" "අහ්හ් හරියන්නෙ නැද්ද?  හරි මම jimin ට කියන්නම්කො..." "අපෝ hwani මම මේ joke එකට කිව්වෙ... ඔයා නිකන් චීත්තයක් වෙන්න එපා ඉතින්..." hwani සහ mira එසේ පවසා හිනා වෙමින් කාමරයට යයි. නිදාගැනීමට තම ඇදවල් වලට පැමිනි hwani සහ mira seoyoon සම්බන්ද සිද්දිය ගැන කතා කිරීමට පටන් ගනී.
"Mira ඔයා මට නොකියා CID වගේ එකක වැඩ කරනවද?" hwani අසන්නේ හිනා වෙමිනි. "මෙහෙමයි ඉතින් මට ඕනෙ නම් ඒ වගේ තැනක වැඩ කරන්නත් පුලුවන් බැරිකමක් නෑ... ඔයා දන්නවනෙ මම ඕන දේකට දක්ෂයි කියලා-" "හරි බන් එල... මම දන්නවා..." "ඔය පැහැදිලි ඊරිසියාව... ඒක නෙවේ hwani... වැඩේ කරපු කෙනා අල්ල ගත්තා කියලා මේ ප්‍රශ්න විසදෙන්නෙ නෑ... ඔයාට හෙට ඉදන් මොනවගේ ප්‍රශ්නවලට මූණ දෙන්න වෙද දන්නෙ නෑ... ඔයා ඕන දේකට ලෑස්ති පිට ඉන්න හරිද... ඔයා කිසිකෙනෙක් කියන දේකට පොඩ්ඩක් වත් සැලෙන්න එපා..." "hmm ඒක තමයි" hwani එසේ පිලිතුරු දෙන්නේ ' ඒත් ඒක හිතන තරම් ලේසි නෑ ඉතින් කියා' හිතමිනි. "එහ් hwani මම නිදාගන්නවා බන් අද හරිම මහන්සි... හෙට උදේට වැඩත් එක්ක... Good night..." Mira එසේ පවසමින් ඇයගේ පැත්තේ ඇති table lamp එක off කරයි. "හරි Good Night" Mira ට එසේ පිලිතුරු දෙන විටම hwani ට JK ගෙන් msg එකක් පැමිණෙයි.

(Phone msg)
JK: පාන්දර 4ට flight එක තව පොඩි වෙලාවයි නිදාගන්න තියෙන්නෙ... Good Night Hwani...!!!! Bye

ඒ msg එක දැක්ක ගමන් hwani එයට "Good night Jungkook!" කියා type කර reply කිරීමට ගියද දැන් ටිකක පෙර bang pd ඇව හමුවී කිව්ව දේවල් මතක් වෙන නිසා ඇය නැවත එම msg එක මකා දමා phone එකේ screen එකද lock කර phone එක පැත්තකට දමයි. Hwani ඇස්වල කදුලුත් පුරවන් ඇදටවී කල්පනා කිරීමට පටන් ගනී.







ඉස්සරහට Episode දෙක තුනක් යනකන් පොඩ්ඩක් විතර දුක හිතෙයි... බයවෙන්න එපා මොකද winter එක ඉවර උනාම අනිවාරෙන් ආයෙම spring එක එනවා... 🙂😅💜

 🙂😅💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Our Destiny Where stories live. Discover now