Episode 05 ❤️

925 211 6
                                    

❤️❤️__My Idol Love__❤️❤️

රූම් එකට ඇවිත් ඇඳට පැන්නේ මහන්සියටමයි...

එතකොට එයා වෙන කෙනෙක්ට ආදරේ කරනවද... ඇයි උන්නි එයාව ගණන් ගන්නේ නැත්තේ ඒ වගේ ප්‍රශ්න ගොඩක් මගේ ඔලුවේ කැරකුනා... වොශ් රූම් එකට ගිහින් වතුර මල යටට උනාම ඇඟට වැටුන සීතල වතුරට පුදුම තරම් සනීපයක් දැනුනා...  පැයක් විතර නාගත්තට පස්සේ එලියට ඇවිත් පහලට ගියේ පොඩි බඩගින්නක් දැනුන නිසාමයි...

යද්දී හැමෝම කෑම මේසේ වාඩිවෙලා හිටියා..

"අහ් එන්න එන්න..."

කියලා මාව ජින් ඔප්පා කතා කලා...
ටේකුක් දෙන්නා නම් කිසිම කතාවක් නැහැ කනවා...
එකම වේලාවේ දෙන්නම එක ඩම්ප්ලින් එකක් ගන්න ගිහින් මෙන්න හතරවෙනි ලෝක යුද්ධෙ වගේ මේ දෙන්නා රණ්ඩු.. නම්ජූන් ඔප්පා බලන් හිටියේ මුන් දෙන්නා නම් කවදා හැදෙයිද වගේ බැල්මකින්... 😑😑

" පොඩි එකෝ ඕක දෙනවා මෙහෙට..." 😤😤

කුකීට නම් ගානක්වත් නැහැ ටේටත් ඇදකරලා එයා නම් කනවා...
අනිත් අයටත් හිනා කොච්චර ලොකු උනත් මේ දෙන්නා තාමත් පොඩි අය වගේමයි...

මගේ ඉස්සරහා ඉදන් හිටියේ ජිමින් ඔප්පා... මං අවුරුදු ගානක් දැකපු හීනේ... අද එයා මගේ ලගම ඉදලත් මට අයිති නැහැ කියන හැඟිම මට දැණුනා... ජිමින්ගේ හිනා වෙන ඇස්... රෝස පාට තොල්.. ඇත්තටම එයා අඹපු රූපයක් වගේ... මං එයා දිහා බලන් ඉන්නවා එයා දැක්ක නිසා මං ඉක්මනට අහක බලාගත්තා... මට රැව්වත්  තාම කිසිම කතාවක් නම් නැහැ.... මෙතන හිටියත් නැහැ වගේ... 

"ජිමින් හ්‍යුන්ග්... මොකද අනේ ඔයා කතාවක් නැත්තේ"

කුකී එහෙම ඇහුවම එයා ලාවට හිනා වෙලා ආයෙත් බිම බලා ගත්තා...

අනිත් හය දෙනාම මූණට මූණ බලාගත්තේ මෙයාට මොකද උනේ කියලා...

කලා ඉවර වෙලා හැමෝටම ගුඩ් නයිට් කියාගෙන එයා උඩට ගියා...

මොන තරම් ප්‍රශ්න තිබුනත් එයා වෙන අය එක්ක ඒ දෙවල් බෙදාගන්න කැමති නැහැ කියලා මට හිතුණා... මට තාම තේරුම් ගන්න බැරි සොමින් උන්නි ඇයි මේ වගේ කෙනෙක්ගේ ආදරේ ප්‍රතික්ෂේප කරන්නේ කියලා... උන්නිටත් පිස්සුනේ... 😒😒😒

MY IDOL LOVE ( Completed )❤️Where stories live. Discover now