Episode 03 ❤️

981 218 3
                                    


____My Idol Love____

ඇයි අනේ පලවෙනි දවසෙම මට මෙහෙම උනේ... ශිට් එයා වෙන තරහක් මගෙන් පිට කලාවත්ද... මොකද මං දන්න විදියට ජිමින්ශි කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි....

උන්නි කියලා දීපු විදියට මං මට කරන්න තියෙන වැඩ ටික බලාගත්තා... දවස ගෙවිලා ගියේ හරිම ඉක්මනට....

ගෙදර ගිය ගමන් වොශ් එකක් දාගෙන ඇඳට වැටුනේ උන දේවල් ගැන හිත හිත... කවීත් ආවම පල්ලෙහට ගිහින් කාලා ඇවිත් නිදාගත්තා....

මාස තුනක් ගෙවිලා ගියේ හරිම ඉක්මනට... මගේ වැඩත් කිසිම අඩුවක් නැතුව කරගෙන ගියේ staff එකේ හැමොගේම හිත් දිනාගෙන....

📲📲📲📲📲📲📲📲

අර්ර්ර්.... උදේම කවුද මේ..

"යොබොසයෝ.."

"යොබොසයෝ ඩිල්ශි මං PD sir"

"ඔව් කියන්න pd සර්"

"ඉක්මනට ඔෆිස් එකට එන්න.."

"හරි සර්"

හදිස්සියෙන් ලෑස්ති වෙලා ඔෆිස් එකට දිව්වේ අද ඉදන් මගේ වැඩ පටන් ගන්න තියෙන නිසා.. ගිහින් කෙලින්ම ගියේ pd sirගේ ඔෆිස් එකට..
"එන්න ඩිල්ශි වාඩිවෙන්න"
"කුමාවෝ"
"මං එන්න කිව්වේ අපේ කොන්සට් එකේ publishing වැඩේ ගැන කතා කරන්න.. ඔයා time schedule බලලා හැමදේම ලෑස්ති කරන්න"

"දේ අරස්සෝ සර්.."

කොන්සට් එකේ වැඩ නිසා කට්ටියම මහන්සි වෙලා වැඩ... හැමදාම ප්‍රැක්ටිස් ඉවර වෙද්දේ රෑ 12ත් පහු වෙලා... 

මේ ටික කාලේට ඔප්පලා හය දෙනා මාත් එක්ක ගොඩක් ෆිට් උනා... ඒත් එක්කෙනෙක් විතරක් හැමවෙලෙම මට පුප්පගෙන හිටියේ...

මොකක් හරිම ප්‍රශ්නෙක එයා ඉන්නේ කියන එක මට තේරුනා... අනිද්ද කොන්සට් එක.. කට්ටිය ප්‍රැක්ටිස් කලත් එක්කෙනෙක් පෙන්න හිටියේ නැහැ...

"ඩිශී කෝ ජිමින් හ්‍යුන්ග්" කුකී මගේ ලගට ඇවිත් ඇහුවත් මාත් හෙව්වේ එයාව කියලා කියන්න බැහැනේ එයාට...

"ඊළග solo performance එක ජිමින් හ්‍යුන්ග්ගේ.. ටිකක් බලන්නකෝ කොහෙද කියලා.."

"අරස්සො ඔප්පා"

මං ප්‍රැක්ටිස් රූම් එකෙන් එලියට ආවේ ජිමිනව හොයාගෙන හැමතැනම හෙව්වත් හොයගන්න බැරි උන නිසා මං ගියේ බිග් හිට් එකේ උඩම තට්ටුවට...

"ඇයි තේරුම්ගන්නේ නැත්තේ... කොහොමද ඔයා ඔහොම වෙනස් උනේ කියන්න මට.."

"ඔයා අහන කිසිම දේකට මට උත්තර දෙන්න උවමනාවක් නැහැ... ප්ලිස් දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න..."

මට මොනවද මේ ඇහෙන්නේ... එයා එතකොට දැනටමත් වෙන කෙනෙක්ට ආදරේ කරනවද... 😓💔

ආපු වේගෙට මගේ ඇඟෙත් හැප්පිලා...
"මි..මියනේ"
කියලා මගේ දිහා බය වෙලා වගේ බලලා පල්ලෙහාට දුවන් ගියේ hair stylish උන්නි සොමින්...එතකොට ජිමින් ආදරේ කරන්නේ මෙයාටද... හිතට ලොකු දුකක් දැනුනා... මං එතනම නතර වෙද්දි එතනට ආවේ ජිමින් ඔප්පා...

"තමුසේ මොකද මෙතන කරන්නේ.."

මාව බිත්තියට හේත්තු කරන් ඇහුවේ පුදුම තරම් තරහකින්... මුලු මූණම රතු වෙලා ඔප්පා අඩලද කොහෙද 😞😞

"ම..මං ආවේ ඔප්පව අනිත් අය හොයනව ප්‍රැක්ටිස් කරන්න..."

කිය්ද්දිම මගෙන් ඈත් වෙලා

"මෙතන උන දේවල් කාටහරි කියලා අහු උනොත් බලාගමු.." මගේ මූණටම ඇඟිල්ල දික් කරලා කියලා එයා පහලට ගියා...

එහෙම්ම බිම ඉන්දවුනේ මේ උන කිසිදෙයක් හිතාගන්න බැරි නිසා... ඇයි මට මේ තරම් නපුරු වෙන්නේ... මං එයාට කිසිම වැරැද්දක් කරලා නැහැනේ... ඇයි මටම මෙහෙම වෙන්නේ... මට කියලා මේ ලෝකේ කවුරුත් නැති වෙද්දි මගේ හැමදේම කියලා ආදරේ කරපු ඔයා ඇයි...

හදවත් කෑලි කෑලි වලට කැඩිලා යනවා වගේ දැනෙද්දි  ඇස් වලින් වැටෙන කදුලු කම්මුල් දිගේ බේරිලා ගියේ ආයෙත් මං මේ ලෝකේ තනිවෙලා කියලා හිතට දැනෙද්දි.... මං දන්නවා කවදාවත් මට ලංකරගන්න බැරි කෙනෙක් ඔයා... ඒත් මට මෙහෙම නපුරුකම් කරද්දි මට මං ගැනම ලොකු දුකක් දැණුනා....
😓😓😓

____________________________________________

Saranghea චින්ගුලා...💜️💜️❤️❤️

--Mochi Girl---- ✍️✍️

MY IDOL LOVE ( Completed )❤️Donde viven las historias. Descúbrelo ahora