Episode 04 ❤️

970 210 14
                                    

❤️❤️___My Idol Love___❤️❤️

ටිකක් වෙලා එහෙම ඉදලා පල්ලෙහාට ආවේ ප්‍රැක්ටිස් ඉවර වෙන ටයිම් එකත් ලග නිසා... මං එතනට ගියාමත් මගේ දිහාවත් නොබලා එයා යන්න ගියා...
මාත් එක්ක ගොඩක්ම ෆිට් උනේ ටේ ඔප්පයි කුකී ඔප්පයි...  මං තනියම පාලුවෙන් ඉන්න වෙලාවට එයාලගේ සහොදරකම මට ලොකු හයියක් උනා...

"ඩිශී මොකෝ මේ අව්ලෙන් වගේ... කොල්ලා බූට් එකක්වත් තිබ්බද??"

අනේ ඉතිම් මේ ටකරං කට... කෑගහන්න එපා හිවලෝ අර දුශ්ටයට ඇහුනොත් මාව එල්ලයි...

"මොන කොල්ලෙක් ගැනද අනේ ඔයා කියවන්නේ... අනික ඔයා දන්නවනේ මේ සූටි කෙල්ලගේ හිත ගන්න කෙනෙක් තාම ලැබුනේ නැහැ කියලා..."
😁😁😁

"අහ් ඔව් ඔව් අපි දන්නවා ඔයාගේ හිතේ ඉන්නේ කව්ද කියලා... මං කියන්නද....?"

ගම කනවනේ මේ තඩි වල් හාවා... 🤐🤐

මගේ ෆෝන් එකේ ස්ක්‍රින් එක දැකලා තමයි මේ කියවන්නේ... මොකද ඒකෙ ඉන්නේ මගේ one and olny crush එක... මගේ ජිමිනා... 😍😍

මේක මාරු කරන්න හිතුවත් කොහොමද අනේ හිතකින් එහෙම කරන්නේ... හැබැයි මේ දෙන්නා දැක්කා වගේ අර නපුරා දැක්කොත් නම් මං ඉදලා ඉවරයි...

"අනේ කෑගහන්න එපා හාවෝ.."

"හාවෝ...? 🙄🙄"

හරිනේ ඉතිම්...  ආමිලා කියන ඒවා මෙයාලා දන්නවා නම්... ඔන්න ඔහේ කියලා දාමු නේ...

" හාවා කියන්නේ rabbit... 🐰🐰  ආමිලා ඔයාට එහෙම තමයි කියන්නේ... ඔයාට තියෙන්නේ හා දත් දෙකක්නේ ඔප්පේ..."

මං එහෙම කියද්දි ටේ ඔප්පා හැක හැක ගාලා හිනා උනත් හාවට නම් ටිකක් මලපැන්නා වගේ ටේ ඔප්පටයි මටයි රවාගෙන යන්න ගියා.... ටේ ඔප්පත් එයාගේ පස්සෙන් ගියේ එයාව ශේප් කරගන්න ඕනේ නිසා...

අද ටිකක් රෑ උන නිසා මටත් ඔප්පලා එක්ක ඩෝම් එකෙම ඉන්න උනා... අජුම්මාටයි චින්ගුවාටයි කතා කරලා කිව්වේ රෑ උන නිසා එයාලත් බය වෙන හින්දා...

මේ පලවෙනි වතාව ඩොම් එකට යන... ඉතින් පොඩි තිගැස්මක් නොතිබුනාම නෙවෙයි... ඒත් ඉතිම් මං කිසිම දේකට බය කෙල්ලෙක් නම් නෙවෙයි ගැහුවොත් ගැහුවා බැන්නොත් ඒත් ගැහුවා තමයි... 😒😒😒

MY IDOL LOVE ( Completed )❤️Where stories live. Discover now