2. හොර පූසි

3.3K 581 86
                                    

"හහ් මිනිහා මං හිතපු තරම් අමාරුකාරයෙක් නෙමේ වගේ." කෙල්ලගෙ කට කොනින් සරදම් හිනාවක් මතු උනා.

කොස්ස පැත්තකට විසිකරලා කෙල්ල ඇගිලි තුඩුවලින් සීරුවෙන් අඩි තිය තිය ජන්කූක් ගාවට ඇවිදගෙන ආවා.

ඊටපස්සේ එයා ජන්කූක් ගාවින් දනගහගෙන කොල්ලගෙ මූණට එබිලා බැලුවා.

කිසිම සද්දයක් හෙලවීමක් නෑ.

කෙල්ල ජන්කූක්ට තට්ටු කරලා බැලුවා. කිසිම සද්දයක් නෑ. හොලවලා බැලුවා. ම්හ් නෝ රෙස්පොන්ස්. ඒ පාර නම් කෙල්ලත් ටිකක් බයවුණා.

"මූ මැරුනවත්ද?😬 මං ගැහුව සැර වැඩිද?"
කෙල්ල කල්පනා කරනවා.

"හේයි... යූ ඕකේ...?" කෙල්ල ඇහුවෙ ජන්කූක්ගෙ අතක් හොලවන ගමන්.

ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ.

"මං දැන් මොකද කරන්නේ? ඕ හරි වතුර"

කෙල්ල ජන්කූක්ට ඉහින්න වතුර ටිකක් ගේන්න යන්න හදනකොටම ශක්තිමත් බාහුවක් කෙල්ලගෙ බද වටේ එතුනා. අනිත් අත තිබුනේ කෙල්ලගෙ බෙල්ල වටේ. කෙල්ලට හෙලවෙන්න තියා හුස්ම ගන්නවත් බැරි විදියට ඒවා කෙල්ල වටේ එතිලා. කෙල්ල සෑහෙන වෙලාවක් යනකම් ට්‍රයි කළේ ඒවගෙන් මිදෙන්න. ඒත් උනේ නම් කෙල්ල තව තවත් ඒ අත් අතර හිරවෙන එක.

"මාව අතාරිනවා." කෙල්ල අමාරුවෙන් හුස්ම ගන්න ගමන් කිව්වා.

"කියනවා කවුද තමුසෙ?"

"මට...ම..ට... හුස්ම ගන්න බෑ. කෙල්ලගෙ බෙල්ල වටා එතිලා තියන ජන්කූක්ගෙ අතට ගහන ගමන් කෙල්ල කෑගැහුවා.

ඒත් ජන්කූක් ග්‍රහණය බුරුල් කරේ නෑ.

"කියනවා තමුසෙ ඔත්තුකාරියක්ද? BlackC එකෙන්ද තමුසෙව එව්වෙ?"

"වට්...ද... හෙල්...I can't...i...Brea.."
කෙල්ල අමාරුවෙන් හුස්ම ගන්නකොට ජන්කූක් ග්‍රහනය ටිකක් බුරුල් කරා.

ලැබුනු ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගත්තු කෙල්ල ජන්කූක්ගෙ අත හපලා කොල්ලගෙන් ඈතට දිව්වා.

"යා...." ජන්කූක් අත අල්ලන් කෑගහනවා.

"I'm... I'm... sorry... මං ටිකක් කලබල උනා." කෙල්ල කිව්වේ අදුරු හෙවනැල්ලක් අස්සට මුවාවෙන ගමන්.

Ghost Girl || CompletedWhere stories live. Discover now