කඩතොළු

By NirMad238

11.8K 2.3K 9.9K

ලස්සනම මූර්ති මැවෙනවද, ගල්කුළු කඩතොළු නොවුනොතින්? More

2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68

1

967 72 178
By NirMad238

"නැගිටපං!!!!"

කැන්ටිමේ මේසෙ වටේට අපි වාඩි වෙලා හිටියෙ.
අපේ බැච් එකේ හත් දෙනයි.
එක සින්නයි.
ඒ සින්නා රාස්ස පාටයි.
මූණෙ හිනා පොදක් නෑ.
ඒ මදිවට ආපු වෙලාවේ ඉඳන් අහස කඩං වැටිලා වගේ හූ තියනවා හූ තියනවා ඉවරයක් නෑ.

"නැගිටලා මුගේ විස්තරේ කියපං!"

"මේ... මේ... නම... නම...."

කෙල්ලෙක් හෝ ගාලා මගේ දිහා බලාගෙන තටමනවා.
මං ඒකිව දන්නෙත් නෑ.
ඒකි මාව දන්නෙත් නෑ.

"නම...
උඹ දන්නැද්ද??? ආ!!!!
කතා කරපං!!!
උඹ මූව දන්නවද නැද්ද????"

".........................................."

"කන් දෙක අල්ලගෙන තනි කකුලෙන් හිට ගනින්!
දැන් උඹ!
කියපං මේකිගෙ විස්තරේ!!!"

"මං දන්නෑ!"

මං කෙලිම්ම කිව්වා.
සින්නා මගෙ දිහා බැලුවා.
රාස්ස ඇස්!
ඒත් ඉතින් මට ප්‍රශ්නයක් නෑ.
ඌ රාස්සයෙක් නම් මං පරාස්සයෙක්!

"ගහගනිං පුටුව!!!"

සින්නා කෑගහපු කෑගැහිල්ලට උගේ උගුර මැද්දෙ අර බෙල්ල වල දාගෙන පැද්දි පැද්දි ඉන්න එකාවත් මට පෙනුනා.
පුදුමයක් නෑ ඉතින් මේ සද්දෙට උගුරක් වුනත් මැරෙන්න තීරණේ කරන එක.
කොහොම වුනත් ඉතින් මං නැගිටලා ඌ කිව්ව හැටියට කලා.

ඒකා ඔය පුටුව කිව්වෙ මනෝ පුටුවට.
තනි කකුලෙන් හිටගෙන ඒ කකුලෙ දණහිස නවාගෙන අනිත් කකුල නවලා ඒ කකුල පිට දාගෙන කොන්ද කෙලින් තියාගෙන අත් දෙක ඉස්සරහට කරගෙන ඉන්න ඕනෙ.
හරියට මවාගත්ත පුටුවක් උඩ වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා වගේ.
වැඩේ තියෙන්නෙ ඉතින් කියන තරම් ලේසි නෑ ඕක කරන්න ගියාම.

"දැන් මුගේ විස්තරේ උඹ කියපං බලන්න!"

ඔන්න තවත් කෙල්ලෙකුට ඌ මාව පෙන්නුවා.
දෙයියනේ මං සිහින තරුවක් කියලා හිතාගෙනද දන්නෑ මූ හැම එකාගෙන්ම මගේ විස්තරේම අහන්නෙ!

"නම ඒ බී සී නරියා.
ආවෙ කොළඹ ඉඳන්.
අණ්ඩර කෑවෙ අග්‍ර උපස්ථායක අණ්ඩර කඩෙන්.
දෙවෙනි ලැජ්ජාව.
අම්මා අණ්ඩර දෙනවා.
තාත්තා රාජ්‍ය සේවය හූරගෙන කනවා......."

කවුද යකෝ මෙහෙමත් කටේ තොලේ නොගෑවී අණඩර දෙන එකී?
මං කටත් ඇරෙගෙන ඒ කෙල්ලගෙ මූණ දිහා බලාගෙන හිටියා.

"උඹ ඔය මොනවද කියන්නෙ??
කතා පරපං!!!
ඔය මොනවද ආ???
උඹලට මේවා ආතල්ද???
ඔය උඹලගෙ එවුන්ගෙ විස්තර පාඩම් කරගත්ත හැටිද?
ගනින් බෑග් එක!
ඕක ඔළුව උඩ තියාගෙන දුවපිය වට දහයක් කැන්ටිම වටේ!!!"

කන් බීරි වෙලා යන්නම කෑගහපු රාස්සයා ඊලඟට බැලුවෙ මගෙ දිහා.
මාත් ඌ දිහාම බලාගෙන හිටියා.

"මොකද යකෝ???
තොටත් ඇයි ආතල්ද?
හරියට පුටුව ගහගනින් මොකාද වගේ බලාගෙන ඉන්නෙ නැතුව!!!"

ඉතින් මං අහක බලාගත්තා.
කොහොමත් ඌ දිහා බලාගෙන ඉන්න මොකෝ ඌ එංගලන්තෙ ඔටුන්න හිමි කුමාරයාද?

ඒ වුනාට ටිකකින් මගේ මූණට දාඩිය දාගෙන කකුල් දෙක වෙව්ලන්න වගේ පටන් ගත්තා.
මෙහෙම ඉන්න මාරම අමාරුයි.
ඕන මගුලක් කියලා දමලා ගහලා ගිහින් අල වෙනවා.
එහෙම හිතාගෙන මං කකුල බිම තියන්න හැදුවා විතරයි.

"වාඩිවෙයං!"

ඉතින් මං ලොකු හුස්මක් බිමට දාලා වාඩි වුනා.
හැබැයි ඊලඟ මොහොතෙම ආයෙත් නැගිටලා පුටුව ගහගන්න හිතුනෙ පැයකටත් වඩා අනලා අනලා චප්ප කරපු කෙල්ලෙකුගෙ බත් පිඟානක් මේසෙ පුරාවට යන්න ගනිද්දි.
දැන් ඕක කට්ටියම කාලා ඉවර කරන්න ඕනෙ.
ඒත් ඒක කනවට වඩා හොඳයි කැන්ටිමේ කුණු බක්කිය අරන් කටට හලාගන්නවා.
ඒ තරමටම ඒක සීතලයි!
චප්පයි!
අජූවයි!
කන්න බැරි නම් මොන මගුලකට අඩුවෙන් කියලා බෙදා නොගන්නවද මං දන්නෑ.

මගේ ලඟට පිඟාන ආවම මං කෑවෙ නෑ.
කනවා වගේ බොරුවට පෙන්නුවා විතරයි.
ඒ ගමන්ම රාස්සයා දිහත් හොරාට බැලුවා.
වෙලාවට ඌ හිටියෙ අහක බලාගෙන.

"ඒයි!
ඒයි!!
උඹ!!
උඹ බොරු නේද කලේ?
කාපිය හරියට!"

ඒ මම නෙමෙයි.
මට පස්සෙ හිටපු කෙල්ල!
මං ඒකි දිහා අනුකම්පාවෙන් බැලුවා.
ඔය දහජරාව නම් කන්න තියා හිතන්නවත් බෑ.
ඒකි කසාය ගිලිනවට වඩා අමාරුවෙන් බත් කටක් ගිලගත්තා.

"හරි!
දැන් පලයල්ලා!"

වෙලාවට කෑම පිඟාන ඊලඟ රවුම යන්න කලින් රාස්සයා ගෙරෙව්වා.
අනික් එවුන් ගැන දන්නෙ නෑ.
හැබැයි මම නම් නැගිට්ටෙ පුදුම සැනසීමකින්.

තාම කැම්පස් පටන් ගත්තා විතරයි.
ඉතින් කඩ්ඩ හැදිල්ල තමයි කාගෙත් ප්‍රධාන පරමාර්ථය.
පඩිපෙල බැහැලා අපි හැමෝම පෝලිමට ගියේ ELTU එකට.
දික් කරලා කිව්වොත් English language teaching unit.
මුලින්ම තිබ්බ English test එකකින් අපිව එක එක පන්ති වලට බෙදලා තිබුනා.
හොඳම එවුන් ටික වෙනම.
සාමාන්‍ය එවුන් ආයෙම තවත් කීපෙක.
එතකොට අවසාන මට්ටමේ එවුන් තවත් එකක.
මං ඉන්නෙ සාමාන්‍ය මට්ටමේ එකක වෙන්න ඕනෙ කියලා මං හිතාගෙන ඉන්නවා.
මොකද හොඳම ක්ලාස් එක මේකයි, නරකම ක්ලාස් එක මේකයි කියලා කවුරුත් අපිට කිව්වෙ නෑ.
ඒත් ඉතින් ඉන්න ළමයින්ගෙ හැටියට හිතාගන්න පුළුවන්.

"Good morning students!!"

ඔන්න අපේ ඉංග්‍රීසි මිසුත් ක්ලාස් එක අස්සට ආවා.
දැන් තියෙන්නෙ නිදාගැනිල්ලක් තමයි.
.
.
.
.
.
.
.
පැය හතරක් තිස්සෙ ක්ලාස් රූම් එකක් අස්සෙ ඈනුම් ඇර ඇර ඉඳලා ඔන්න දොළහා වෙද්දි කට්ටියම එලියට ආවා.
දැන් ආයෙත් කැන්ටිමට!
අර උදේ චප්ප කෙල්ලව නම් මගෑරලම වාඩි වෙන්න මතක තියාගන්න ඕනෙ.
නැත්තම් ආයෙමත් අර දහජරාව කන්න වෙයි.
මොන මල හෝන්තුද මන්දන්නෑ මේක අස්සටත් රිංගගෙන තියෙන්නෙ.

"අනේ මේ එක්ස්කියුස් මී!
ඔයාගෙ විස්තර ටික පොඩ්ඩක් කියන්නකො!"

එක පාරටම කවුද උරහිසට තට්ටු කරද්දි මං හැරිලා බැලුවා.
බලද්දි උදේ පාන්දර කටේ තොලේ නොගෑවී පච හලපු කෙල්ල!

"ආ.. මම මදහස්!
මදහස් වික්‍රමනායක"

"ඕකේ!
තැන්ක්‍යූ!
ඉතුරු ටිකත් කියන්නකො.
කාඩ් එකයි, ඉස්කෝලෙයි සේරම"

මේකි සද්දන්නත පොතකුත් දිගෑරගන හෝ ගාලා ලියනවා.
මං පොඩ්ඩක් වටපිට බැලුවා.
බැලින්නම් මෙන්න හැම එකාම එහෙමයි!
යකෝ මං විතරද මෙතන පොර වගේ මොකෙක්ගෙවත් විස්තරයක් ලියාගන්නැතුව ඉන්නෙ?

"කාඩ් එක පී. බකයා.
ආවෙ මාතර ඉඳලා.
අණ්ඩර කෑවෙ වමත් බුද්ධපුත්‍ර අණ්ඩර කඩෙන්.
අම්මා බත් උයනවා.
තාත්තා රටටම කන්න දෙනවා.
නංගියි මල්ලියි අණ්ඩර කනවා.
ආවෙ පළවෙනි ලැජ්ජාවෙන්!"

මං කියාගෙන කියාගෙන යද්දි කෙල්ලත් ඒකට නොදෙවනි විදියට ලියාගෙන ලියාගෙන ගියා.

"හරි!
තැන්ක්‍යූ!
ඔයාට මගේ විස්තර ටිකත් කියන්නද?"

ලියාගෙන ලියාගෙන ගිහින් ඉවර වෙලා කෙල්ලම මගෙන් අහනවා.
එපා කියන්නෙ කොහොමද ඉතින් එහෙම අහද්දි!

"හා!"

"මම අනායා සමරසේකර.
කාඩ් එක මාදුරු.
ආවෙ පිළිමතලාවෙන්.
මල්දන්සැල අණ්ඩර කඩේ.
දෙවෙනි ලැජ්ජාව.
අම්මා අණ්ඩර දෙනවා.
තාත්තා රාජ්‍ය සේවය හුරගෙන කනවා.
අක්ක ශිල්ප හදාරනවා."

හුස්මක් ගන්නෙත් නැතුව කියවගෙන කියවගෙන ගිය කෙල්ල එක පාරටම මගේ දිහා හොඳට බැලුවා.

"ලියාගන්නැද්ද?"

"ආ.. මේ...
ඉන්න!
මං ලියාගන්න ඕනෙ!"

මං කිව්වෙ වෙන කරන්න දෙයක් නැතුව.
නැත්තම් ඉතින් මට ඕවා පොත්වල ලිය ලිය පාඩම් කරගන්න තරම් පු# අමාරුවක් නෑ.
අපේ හැම එකාටම පිස්සු!
ඔක්කොමලා කටට එන එන පැත්තට බොරු ගැහුවා නම් ඉවරනෙ.
එහෙනම් සින්නොන්ටම ඕක එපා වෙනවා ටික දවසකින්!

බෑග් එකේ තිබ්බ කොල කෑල්ලක් අරන් අර කෙල්ලගෙ විස්තරේ ලියාගත්ත මං කැන්ටිම පැත්තට හැරුනා.
බඩගිනියි ඉවසගන්න බෑ.
ඒත් කැන්ටිමේ ක්ලෝරීන් රහ බත් එක කන එකනෙ වැඩේ.
වතුරෙන් ඉව්වත් ඊට රහට උයන්න පුළුවන්.
ඒත් කරන්න දෙයක් නෑනෙ.
ජීවිතේ ගැටගහගන්න නම් කන්නම වෙනවා.

හොඳකට කියලා තියෙන්නෙ දවල්ට කැන්ටිමේ සින්නොන්ගෙ ලොකු ලොකු කේස් නැති එක.
සින්දුවක් දෙකක් කියලා ආතල් එකේ ඉන්න තියෙන්නෙ.
චප්ප කෙල්ලව මගෑරලා මං වෙන මේසෙකින් වාඩි වුනා.
නැත්තම් දවල්ටත් ඒකිගෙ චොරොප්පෙ ගිලතැහැකැ!

එකෙක් සින්දු කියද්දි තව එකෙකුට අභිරූපන රංගන කරන්න තමයි අපේ මේසෙට ආපු සින්නා කිව්වෙ. ඒක නම් ඒ හැටි කරදරයක් නෙමේ.

"මුව රැළ අතරේ..
වග වලසුන්ගේ..
රඟ මඩලකි මේ උයනේ...."

කොල්ලෙක් කෑරලෙක් වගේ මොර දෙද්දි අතපය වන වන ඌ කියන කෑලි රඟපාලා පෙන්නන වැඩේ සෙට් වුනේ මට.
ඉතින් අවංක සිතින් මං මුව රැලට අපේ එවුන් ටික පෙන්නලා වග වලසුන් කියද්දිම සින්නගෙ පැත්තට අත දික් කලා.

"මොකද යකෝ උඹ මට අත් දික් කරන්න එන්නෙ?
උඹට ආතල්ද ආ...???
ආ...???
කතා කරපිය!!!!
උඹ මෙතෙන්ට ආවෙ ආතල් ගන්නද???"

ඔන්න ඉතින් සින්දුවෙ හැටියටම වග වලහා කඩා පනින්න පටන්ගත්තා.

"ඇයි? ඇයි??
මොකද්ද මචං කේස් එක?"

ඔන්න එතකොටම ඉතුරු උත්තමයො ටිකත් කඩා පාත්වුනා.

"මෙන්න මූ ගානට වැඩියි.
මල්ලි තෝ දැන ගනිං!
ආවා නම් ලයින් නොදී පැත්තකට වෙලා කියන දේ කරගෙන හිටපං!!
නැත්තම් උඹටමයි මේකෙ ඉන්න අමාරු වෙන්නෙ!"

අපේ මේසෙ හිටපු සින්නා උතුමාණන්ට මැරිච්ච ලව්ඩ්ස්පීකරයක් වැහිලා වගේ කෑගහනවා.
යකෝ ඉතින් වග වලහා කියන්නෙ නරක සතෙක්යැ ඔච්චර හූ තියන්නෙ!
අර පැංචා වගේ අහිංසකයෙක්නෙ!
කියන්නම හිතුනට මං කිව්වෙ නෑ.
අමාරුවෙන් කටත් තද කරගෙන ඉස්සරහා බලාගෙන හිටියා.
විනාඩියක් දෙකක් විතර ගෙවිලා ගියා.

"වාඩිවෙයං!"

උදෙත් ඇහිච්ච සීතල කටහඬ ආයෙමත් ඇහෙද්දි මං එකපාරටම ගැස්සුනා.
ඇත්තටම මෙච්චර වෙලා මං හිටගෙනද ඉඳලා තියෙන්නෙ?

එහෙම්මම වාඩි වෙලා මං ඉස්සරහා බැලුවා.
බලද්දි අර ආච්චි වැහිච්ච එකා නෑ.
ඉන්නෙ රාස්සයා!
මං හිතන්නෙ අරූ කෑගහපු හැටියට නහරයක්වත් පුපුරයි කියලා උගේ අනික් එවුන් ටික අරන් යන්නැති.

රාස්සයා නම් අපිට කිසිම දෙයක් කරන්න කිව්වෙ නෑ හැබැයි.
ඔහේ මේසෙන් වාඩි වෙලා කෙලින් ඉස්සරහා බලාගෙන හිටියා විතරයි.
ඒ වුනාට ඌ එහෙම ඉන්න එකත් මල වදයක්!
මොකද ඌ මොකුත්ම නොකර නිකං හිටියත් ඉන්නෙ සීයකට ගහන්න වගේ.
අමාරුවෙන් අනලා කටට දාගන්න බත් කට ගිලින්නත් වතුරු උගුරු දෙකක්වත් බොන්න ඕනෙ ඌ ඉද්දි.
මූට මේ පැත්තට නෑවිත්ම ඉන්න බැරිද මන්දා.

"සුභ දවසක් උතුමාණනී!!"

කාලා බීලා ඉවර වෙලා අපි අරූට ආචාර සමාචාර කරගෙනම එතනින් නැගිටලා එන්න ආවා.
හවස් වරුවෙ introduction කියලා විකාරයක් තියෙන්නෙ.
Lecture hall එක ටිකක් කරුවලට ලයිට්ස් එහෙම දාලා සැප පුටුත් එක්ක තියෙන එකේ නිදාගන්න නම් කියාපු තැන.
කැම්පස් එනවා කියන්නෙත් බලද්දි පුදුම ආතල් එකක් තමයි.
උදේට කනවා නින්දක් දානවා
දවල්ට කනවා නින්දක් දානවා.
රෑට කනවා නින්දක් දානවා.
කවදා විඳපු සැපද?

4ට සේරම ඉවර කරලා අපි බෝඩිං කරා ඇදී යන්න වුනා.
අපේ බෝඩිමේ පස්දෙනයි.
ලංකාවෙ හතර දිබ්බාගෙන්ම ආපු පස්දෙනෙක්.
ප්‍රමිත, සහස්, නිම්නෙත්, දිසඳ සහ මම.
මමයි දිසඳයි හිටියෙ එක කාමරේක.
එතකොට අනික් එවුන් තුන් දෙනා හිටියෙ අපිට අල්ලපු කාමරේ.

ප්‍රමිත අනුරාධපුරේ, සහස් ගම්පහ, නිම්නෙත් මොණරාගල.
දිසඳ මීගමුවෙ.
දිසඳ තමයි අපි කට්ටියගෙන්ම යමක් කමක් තිබුන එකා.
ඒ වගේම ඌ පවුලෙ එකම කොල්ලා.
ඉතින් බඩු මුට්ටු කෑම බීම කෝටියයි.
ඌ ඉන්න එක මටත් වාසියි.

බෝඩිමට ඇවිත් ඇඟපත එහෙම හෝදගෙන අපි තේ හදාන්න ලෑස්ති වුනා.
හැබැයි එකක් තියෙන්නෙ කොල්ලොම පහක් හිටියට මොකද අපේ බෝඩිම හරිම නිහඬයි!
සාමකාමීයි!
ගොළු හදවතේ නැවත විකාශයක් වගේ.
ඒ අපි ඇල් වතුරත් නිවලා බොන කොල්ලො නිසා කියලද හිතන්නෙ?
අපෝ නෑ.
ඒකට තියෙනවා වෙන හේතුවක්!

බෝඩිමේ හිටපු අපි එකෙකුටවත් නෑ සුපිරි කඩ්ඩක්.
යාන්තම් කම් ඕ ගෝ චිකාගෝ කියාගන්න නම් පුළුවන්.
ඒ නිසාම අපි පොඩි එකඟතාවයකට ආවා බෝඩිම ඇතුලෙ කඩ්ඩෙන් දෙසන්න.
හිස් වෙච්ච ජෑම් බෝතලයක් තිබ්බා සිංහලෙන් කතා කරන හැම වචනෙටම රුපියල ගානෙ දඩ ගහන්න!
ඉතින් දැන් හරි!
බෝඩිමේ උළුවස්සෙන් මේ පැත්තට අඩිය තිබ්බ වෙලේ ඉඳන් අපි සිංහලෙන් කතා කරන්නෑ.
හැබැයි එහෙමයි කියලා කඩ්ඩෙන් කතා කරන්නෙත් නෑ.
කතා කරන වෙන අණ්ඩර දෙමළෙකුත් නෑ.

හීටරේට අත දික් කලාම තේ හදන්නයි යන්නෙ කියලා අපි හැමෝම තේරුම් ගන්නවා.
තේ බීලා එකෙක් වාත පොත, ඒ කිව්වෙ අපේ බැච් එකේ එවුන්ගෙ විස්තර ලියලා තියෙන පොත අතට ගත්තම කට්ටියම එතෙන්ට ගිහින් පොඩ්ඩක් ඔළුව දාලා බලනවා.
බඩගිනි වෙද්දි ලඟ ඉන්න එකාට ඇනලා බඩ අත ගාලා පෙන්නනවා.
නිදාගෙන ඉන්න එවුන්ට අතේ පයේ ශොට් දීලා ඇහැරවනවා.
අන්න ඒ වගේ අභිරූපන රංගන මිසක් මෙහේ කතාබහට කිසිම තැනක් නෑ.
දැන් සතියක් තිස්සෙ අපේ දින චරියාව ඕක.
නිහඬ අරුණ දළු මල් පුබුදයි.... කියන්නෙ අපේ ආදර්ශ පාඨය!
සින්නො බෝඩිමට පනින දවසට විතරයි දෙයියනේ කියලා හුස්මක් කටක් අරන් කතා කරන්නෙ.

ඒත් මට නම් දැන් මේක ඇති වෙලා තියෙන්නෙ.
මට විතරක් නෙමේ.
අනික් එවුන්ටත් ඒක එහෙමම වෙන්නැති.
එකෙකුටවත් කියාගන්න බැරි කමයි තියෙන්නෙ.

ඉතින් තේ බීලා කැන්ටිමෙන් එන ගමන් ඔතාගෙන ආපු මෙලෝ රහක් නැති කෑම ටිකත් ගිලලා දැම්මට පස්සෙ මං මේ ප්‍රශ්නෙ අදම විසඳලා දානවා කියලා හිතාගෙන අපේ කාමරේ පැත්තට අත දික් කලා.
එතකොට ඉතින් කට්ටිය දන්නවා ඒක අස්සට යන්නයි තියෙන්නෙ කියලා.
කට්ටියම ඇවිත් ඇඳ උඩින් වාඩි වුනාට පස්සෙ මං බෑග් එක ඇරලා කොළයක් අරන් ඒකෙ තඩි පොල් ගෙඩි අකුරෙන් ලියන්න ගත්තා.

'මේක බෑ බං!
අපි දන්න සිංහලෙන් කතා කරමු!'

මං ලිව්වට පස්සෙ ඔක්කොම එවුන්ගෙ මූණෙ හිනාවක් ඇඳුනා.
ඇත්තටම මෙහෙම දිව ගිලිච්ච ගොළුවො වගේ ජීවත් වෙන්නෙ කොහොමද අප්පා!

'එහෙනම් අපි දඩේ බල්ලට දාලා ඉස්සර වගේම කතාබහ කරලා ඉමු!'

මං ආයෙත් ලිව්වා.
හිනා වෙවී හැම එකාම ඔළුව වන වන ඉන්නවා ඇරෙන්න එකෙක් නෑනෙ හ්ම් සද්දයක් කරන්නෙ.
මේ යන හැටියට ඒකත් කරන්න වෙන්නෙ මටම වගේ තමයි.

"හරිද?"

අඩුම වචන ගානකින් කෝකටත් කියලා මං කතාව පටන් ගත්තෙ.
රුපියලක් වුනත් ජෑම් බෝතලයක් අස්සට ඔබා ගන්න හිත හදාගන්නෙ කොහොමද?

"හරි යකෝ!
හරි හරි!"

ඔන්න ඒ පාර නම් මොට්ට බුවාලා ටික කෑගහගෙන, හිනා වී ගෙන, උඩ දාගෙන දුවගෙන එනවා.
අනේ නොදකින් ඉතින්.
මං කතා කරනකල්ම ගල් බිල්ලො වගේ හිටියනෙ!

කාලෙකට පස්සෙ අපේ කටහඬවල් අපේම කන් සිසාරා ඇදී යද්දි අපි සංතෘෂ්ටියේ හිනි පෙත්තටම ලං වුනා.
එක එකාව බදාගෙන, උඩ පැනගෙන, හූ තිය තිය අපි ලැබුවා වූ ජයග්‍රහණය සාමකාමීව සැමරුවා.

මේ අස්සෙ තමයි මං අපි ඔක්කෝගේම ජීවිත බේරගන්න යූස් කරපු කොලේ ප්‍රමිතයගෙ උකුසු ඇසට ලක් වෙන්නෙ.

"අඩෝ මේ බලපං!
මෙන්න කවදාවත් මොකෙක්ගෙවත් නමක්වත් ලියාගෙන එන්නැති මූ කෙල්ලෙකුගෙ විස්තරේම ලියාගෙන ඇවිත්!"

හපොයි!
අර හොල්මනගෙ විස්තරේ ලියාගත්ත කොලේද මං ඇදලා අරන් තියෙන්නෙ?

කොල්ලො ටික ඉතින් මැජික් බලන්න වගේ ඒ කොළ කෑල්ල වටේට සෙට් වුනේ.
මුංටත් ඉතින් කෙල්ලෙක් කිව්වොත් ජංගි වුනත් හෝදලා දෙයි.

"ඒකි ලියාගන්නැද්ද අහද්දි කරගන්න දෙයක් නැති වුනා බං.
ඒකයි ලියාගත්තෙ!"

"ආ...
දැන් එතකොට අනික් එවුන් එහෙම ලියාගනින් කියලා කිව්වෙ නෑනෙ නේද?
අනේ පලයං බකයො යන්න!"

"අඩෝ!
මේ අනායා කියන්නෙ අර කොණ්ඩෙ ස්ට්‍රේට් කරපු සුදු ලස්සන කෙල්ල නේද?
උඹත් උපාසකයා වගේ ඉඳලා දැම්මා නේද නියම ඇමක්!
මරු ආ....."

මුන්ට පිස්සු!

"එහෙම එකක් නෑ යකුනේ....!!!
ඒකි මගේ විස්තරේ අහලා බලෙන්ම ඒකිගෙ විස්තරෙත් කිව්ව නිසා ලියාගත්තෙ!!!"

"හාරෙ! හාරෙ!
ඔහොම යමුකො මල්ලේ!!
අපිත් ඉන්නෙ උඹේ කැම්පස් එකේ, උඹේ බැච් එකේම තමයිනෙ!"

අන්තිමේදි කටහඬ ලැබීමේ සතුට සමරනවා වෙනුවට මුන්ගෙ මේ මල අඳෝනාව අහගෙන ඉන්න වුනානෙ මටත්!

"උඹලගෙ ඔළු විකාර වෙලා බං!
ඒක නෙමේ,
අදත් අරුං එයිද?"

මං හෙමීට කතාව වෙන පැත්තකට මාරු කරා.

"ශ්...
පොඩ්ඩක් හිටපං!
මං හිතන්නෙ දැනටමත් ඇවිල්ලද කොහෙද?"

ප්‍රමිතයට කියලා කටගන්න ලැබුනෙ නෑ.

'ටක්! ටක්!! ටක්!!!'

ඉස්සරහා දොරට කවුදෝ තට්ටු කරන සද්දෙ ඇහෙන්න ගත්තා.

.....................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤


මේ ලස්සන cover photo එක Poo-miගෙන් 🥰🥰🥰
ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤

මේක switch.
ඔයාලට ආස විදියට රාස්සයට හරි පරාස්සයට හරි දෙන්නව මවා ගන්න.
මං ලියන්නෙ නම් රාස්සයා yibo,
පරාස්සයා zhan කියලා හිතාගෙන.
ඒත් ඔයාලා කොහොම හිතාගත්තත් ඒකෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කතාවට.

අලුත් කතාවක් නැද්ද කියලා සැරින් සැරේ අහ අහ මාව ලියන්න පොළඹවන චූටි පැටික්කියො ටිකටත් ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😘😘😘🥰🥰🥰🥰

Continue Reading

You'll Also Like

80.5K 14.2K 29
🥀තමන්ගේ එකම ආදරේ අමතක උන තරුණයෙක්.. 🥀තමන්ගේ නැති උන එකම ආදරේ සොයන පිස්සු හැදුන තරුණයෙක්.... 🥀තම මිතුරා වෙනුවෙන් හැමදේම අත අරින තරුණයෙක්... ⭐ තමන...
342K 27.2K 34
punishment type ပါ။ အဆင်ပြေမှဖတ်ပါ။
61.8K 10.3K 29
ආදරෙයි මගේ මැණික.. මහ ගොඩක් අඩු නැතිව.. නොදැනෙන්න ඇති නුඹට.. මගේ සෙනෙහසේ තරම.. ඒත් මම ආදරෙයි ඊයෙටත් වැඩිය.. මැරෙනකල...
201K 3.4K 24
"ရွင့္ကိုသိပ္မုန္းတယ္ ေဒၚျမတ္သဒၵါေသြး"