Hollow Spirit🍁 [ Zhanyi Comp...

By HashiHiru

400K 77.9K 41.3K

🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යාය... More

🍁 පළමු දිගහැරුම 🍁
🍁 දෙවන දිගහැරුම 🍁
🍁 තුන්වන දිගහැරුම 🍁
🍁 හතරවන දිගහැරුම 🍁
🍁 පස්වන දිගහැරුම 🍁
🍁 හයවන දිගහැරුම 🍁
🍁 හත්වන දිගහැරුම 🍁
🍁 අටවන දිගහැරුම 🍁
🍁 නමවන දිගහැරුම 🍁
🍁 දසවන දිගහැරුම 🍁
🍁 එකොළොස්වන දිගහැරුම 🍁
🍁 දොළොස්වන දිගහැරුම 🍁
🍁 දහතුන්වන දිගහැරුම 🍁
🍁 දහහතර වන දිගහැරුම 🍁
🍁 දහසය වන දිගහැරුම 🍁
🍁 දහ හත්වන දිගහැරුම 🍁
🍁 දහඅටවන දිගහැරුම 🍁
🍁 දහනමවන දිගහැරුම 🍁
🍁 විසිවන දිගහැරුම 🍁
🍁 විසිඑක්වන දිගහැරුම 🍁
🍁 විසිදෙවන දිගහැරුම🍁
🍁 විසි තුන්වන දිගහැරුම 🍁
🍁 විසිහතරවන දිගහැරුම🍁
🍁 විසිපස්වන දිගහැරුම🍁
🍁 විසිහයවන දිගහැරුම 🍁
🍁 විසිහත්වන දිගහැරුම🍁
🍁විසි අටවන දිගහැරුම🍁
🍁විසිනමවන දිගහැරුම🍁
🍁 තිස්වන දිගහැරුම🍁
🍁තිස්එක්වන දිගහැරුම🍁
🍁 තිස් දෙවෙනි දිගහැරුම🍁
🍁 තිස්තුන්වන දිගහැරුම🍁
🍁 තිස්හතරවන දිගහැරුම 🍁
🍁තිස්පස්වන දිගහැරුම🍁
🍁තිස්හයවන දිගහැරුම🍁
🍁 තිස්හත්වන දිගහැරුම🍁
🍁තිස්අටවන දිගහැරුම🍁
🍁තිස්නවවන දිගහැරුම🍁
🍁හතලිස්වන දිගහැරුම🍁
🍁 හතලිස්එක්වන දිගහැරුම🍁
🍁හතළිස් දෙවන දිගහැරුම🍁
🍁 හතලිස්තුන්වන දිගහැරුම🍁
🍁හතලිස් හතරවන දිගහැරුම🍁
🍁හතලිස් පස්වන දිගහැරුම🍁
🍁හතලිස්හයවන දිගහැරුම🍁
🍁හතලිස් හත්වන දිගහැරුම🍁
🍁හතලිස් අටවන දිගහැරුම🍁
🍁හතලිස් නමවන දිගහැරුම🍁
🍁 පනස්වන දිගහැරුම🍁
🍁පනස් එක්වන දිගහැරුම🍁
🍁පනස් දෙවන දිගහැරුම🍁
🍁පනස් තුන්වන දිගහැරුම🍁
🍁පනස් හතරවන දිගහැරුම🍁
🍁පනස් පස්වන දිගහැරුම🍁
🍁පනස් හයවන දිගහැරුම🍁
🍁පනස් හත්වන දිගහැරුම🍁
🍁පනස් අටවන දිගහැරුම🍁
🍁 පනස් නමවන දිගහැරුම🍁
🍁හැටවන දිගහැරුම🍁
🍁හැට එක්වන දිගහැරුම🍁
🍁හැට දෙවන දිගහැරුම🍁
🍁හැට තුන්වන දිගහැරුම🍁
🍁හැටහතරවන දිගහැරුම🍁
🍁හැටපස්වන දිගහැරුම🍁
🍁හැටහයවන දිගහැරුම🍁
🍁හැට හත්වන දිගහැරුම🍁
🍁හැට අටවන දිගහැරුම🍁
🍁හැට නවවන දිගහැරුම🍁
🍁හැත්තෑවන දිගහැරුම🍁
🍁හැත්තෑ එක්වන දිගහැරුම🍁
🍁හැත්තෑ දෙවන දිගහැරුම🍁
🍁 හැත්තෑ තුන්වන දිගහැරුම🍁
🍁හැත්තෑ හතරවන දිගහැරුම🍁
🍁හැත්තෑපස් වන දිගහැරුම🍁
🍁හැත්තෑහය වන දිගහැරුම🍁
🍁හැත්තෑ හත්වන දිගහැරුම🍁
🍁හැත්තෑ අටවන දිගහැරුම🍁
🍁 හැත්තෑ නමවන දිගහැරුම🍁
🍁අසූවන දිගහැරුම🍁
🍁අසූ එක්වන දිගහැරුම🍁
🍁අසූ දෙවන දිගහැරුම🍁
🍁අසූ තුන්වන දිගහැරුම🍁
🍁අසූ හතරවන දිගහැරුම🍁
🍁අසූ පස්වන දිගහැරුම🍁
🍁අසූ හයවන දිගහැරුම🍁
🍁අසූ හත්වන දිගහැරුම🍁
🍁අසූ අටවන දිගහැරුම🍁
🍁අසූ නමවන දිගහැරුම🍁
🍁අනූවන දිගහැරුම🍁
🍁අනූ එක්වන දිගහැරුම🍁
🍁අනූ දෙවන දිගහැරුම 🍁
🍁අනූ තුන්වන දිගහැරුම🍁
🍁අනූ හතරවන දිගහැරුම🍁
🍁අනූ පස්වන දිගහැරුම🍁
🍁අනූ හයවන දිගහැරුම🍁
🍁අනූ හත්වන දිගහැරුම🍁
🍁අනූ අටවන දිගහැරුම🍁
🍁අනූ නමවන දිගහැරුම🍁
🍁සිය වන දිගහැරුම🍁
🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁
🍁එකසිය දෙවන දිගහැරුම🍁
🍁එකසිය තුන්වන දිගහැරුම🍁
🍁එකසිය හතරවන දිගහැරුම🍁
🍁එකසිය පස්වන දිගහැරුම🍁
🍁එකසිය හයවන දිගහැරුම🍁
🍁එකසිය හත්වන දිගහැරුම🍁
🍁එකසිය අටවන දිගහැරුම 🍁
🍁එකසිය නවවන දිගහැරුම🍁
🍁එකසිය දහවන දිගහැරුම🍁
🍁එකසිය එකොළොස්වන දිගහැරුම 🍁
🍁එකසිය දොළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහතුන්වන දිගහැරුම🍁
🍁එකසිය දහහතරවන දිගහැරුම🍁
🍁එකසිය පහළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහසයවන දිගහැරුම🍁
🍁එකසිය දහ හත්වන දිගහැරුම🍁
🍁එකසිය දහ නමවන දිගහැරුම🍁
🍁එකසිය විසි වන දිගහැරුම🍁
🍁එකසිය විසි එක්වන දිගහැරුම🍁
🍁එකසිය විසි දෙවන දිගහැරුම 🍁
🍁එකසිය විසි තුන්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හතරවන දිගහැරුම🍁
🍁 එකසිය විසි පස්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හයවන දිගහැරුම🍁
🍁එකසිය විසි හත්වන දිගහැරුම 🍁
🍁 එකසිය විසි අටවන දිගහැරුම 🍁
🍁අවසාන (01 ) කොටස 🍁
🍁අවසාන කොටස 🍁
🍁HOLLOW SPIRIT 🍁

🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁

2.7K 538 258
By HashiHiru

🍁 අභූගෙ බර්ත්ඩේ එක ළගටම තිසෙව්ගෙ බර්ත්ඩේ එක ආවෙ කොහොමද කියල මගෙන් අහන්න එපා 🤣 එපා කියන්නෙ එපා..... 😌

.
.
.
.
.
.
.

හොස්පිටල් එක ළගම කොපි ඇන්ඩ් ක්‍රීම් කැෆේ එකේ crossiant එකක් කමින් මගේ පාඩුවේ කෝපි උගුරක් හිස් කරමින් උන්න මම බැලුවෙ මගේ රින්ග් උන ෆෝන් එක දිහා.....

දැන් වෙලාව උදේ හතට විතර ඇති..... අද නම් ලස්සනට ඉර පායලා පරිසරය හරි කූල්....ඊයෙ රෑ එලිවෙනකන්ම වැස්සා මන් හිතන්නෙ....ඒ නිසා උදේ හරි සනීපයි .....

ෆෝන් එකේ නිකේත්ගෙ නම වැටුන නිසා මන් කෝල් එක ආන්ස්වර් කරල බ්ලූටූත් එකට කනෙක්ට් කරගත්තා...

" කියන්න නිකේත්...."

" ඔයා කොහෙද අයියෙ ඉන්නෙ.... මන් හොස්පිටල් එකටත් ආවා...."

" මන් කැෆේ එකේ...ඇයි ?"

" ආහ්..... හරි ඉන්න මන් එන්නම්..."

" මොකටද ? අද ඔයාලට ක්ලිනක්ල් නැහැනෙ.....කෙලින්ම ෆැකල්ටි පලයන්..."

" නෑ නෑ පොඩි බඩ්ඩක් දෙන්න ඕනෙ...."

නිකේත් කෝල් එක කට් කරද්දි ෆෝන් ඒකේ ආයෙත් මගේ ප්ලේ ලිස්ට් එකේ ප්ලේවෙමින් තිබුන සිංදුව ප්ලේ වෙන්න ගනිද්දි මන් බරැති සුසුමක් වාතලයට මුසු කරල කැෆේ එකේ වීදුරු බිත්තියෙන් පේන පාර දිහා බැලුව..... ස්කූල් ටයිම් නිසා වාහන සෑහෙන එහෙ මෙහෙ යනව...

මන් බ්ලූටූත් එක අස්සෙ ප්ලේ වෙන සිංදුවට කන් දුන්නා......

මේ තරම් රිදවුම් ඔබෙන්....
හමුවෙලා මොහොතකි....න්...
මේ රිදුම් ඔබ හින්දා දැන්.....
වේදනා උහුලමින්.....
නෑසිලා ඔබෙ පෙම් වදන්....
හිත මගේ හඩනවා...
ආදරේ වේදනා.....
මගේ හිත පුරවලා....
සදා කල් හඩවලා.....
කොහිදෝ ගියේ......
ඔයාටම හිමි වෙලා....
මම ඔයාගෙම වෙලා.....
බලා ඉන්නෙ සදා......
ඔයා වෙනුවෙන් තමා......
සුළගක් වගේ.....
දැවටී ගතේ......
අපි හිටියේ අපි ගාව.....
රැදිලා හිතේ......
සුවදක් වගේ....
මුලු ජිවිතේ......
තනි රැක්ක ....
හිත තනි වෙලා.....
මේ රැයේ......

විනාඩි දහයකට විතර පස්සෙ i8 එකක් කැෆේ එක ඉස්සරහ නතර වෙද්දි මන් බරැති සූසුමක් පිට කරල එකේන් බැහැලා එන නිකේත් දිහා බැලුවා.... ඒ කොල්ලට තියෙන්නෙ අයියලගෙ පෙනුමමයි..... ඒ ගතිගුනමයි... සන්සුන් නිවිච්ච පෙනුමක්..... ඒ ඇස් බාප්පගෙ ඇස්ම තමයි ....

කොල්ලා මන් ළගට ඇවිත් මගේ ඉස්සරහින් පර්සලයක් තිබ්බෙ මන් ඒ දිහා බලලා නිකේත් දිහා බලද්දි....

" හොස්පිටල් යන්නෙ නැද්ද ?"

" උදේට කාලා යන්න ආවා.... තව ටිකෙන් යනව...මේ මොකද්ද ?"

මන් අහද්දි නිකේත් ඔරලෝසුවෙන් වෙලාවත් බලලා මගේ ඉස්සරහෙන් ඉදගත්තා.... අද ෆැකල්ටි යන නිසා කොල්ලා ස්ක්‍රබ් එක වෙනුවට ඇදන් ඉදිය් ශර්ට් එකයි ට්‍රවුසර් එකයි.... හරිම ලස්සනට පිළිවලට ශර්ට් එක ඇදල ඒක ට්‍රවුසර් එකට යට කරල වැලමිට ළගට වෙනකන් අත නමල බෙල්ට් එක දාලා හරි පිළිවලයි....

" හෙට නිවාඩුවක් දාන්නකො...."

මගෙ මූන දිහා බලන් කොල්ලා කියද්දි මන් ඇහිබැමක් ඉස්සුවා....

" මොකටද....බොගෙ කෙල්ල බලන්න යන්නද ?"

" පිස්සුද අනෙ.... හෙට දවස ඔයාට මතකම නැද්ද ?"

කොල්ලා අහද්දි මන් පොඩි හිනාවක් දැම්මා....

" ජිවිතේටම එකම දවසයි අමතක කලේ...... එදයින් පස්සෙ අමතක වෙලා නෑ....."

මන් කියද්දි නිකේත් හිනා උනා.....

" හෙට මොකද කරන්නෙ....කේක් කපල පාර්ටි එකක්ද ?"

මන් ඇහුවෙ හෙට අයියගෙ බර්ත්ඩේ එක නිසා.....

" පිස්සුද අයියෙ....අපෙ අප්පච්චී කේක් කැපුවොත් බැරියැ..... අපි කළුතර බෝධි යනව හෙට.... මමත් ක්ලිනකල් එන්නැ.... ඔයා එනවද යන්න...."

නිකේත් අහද්දි මන් පුටුවෙ ඉස්සරහට බර උනා....

" මම ?"

මන් ඇහුවෙ මගේ පැත්තට ඇගිල්ලකුත් දික් කරගෙන....

" හ්ම්..... "

මන් කකුලක් පිට කකුලක් දාගෙන නිකේත් දිහා බලන් ඉදියා...

" මල් පහන් පූජා කරල පොඩියට පූජාවක් තියල එනව අයියෙ.... ලොකූවට කරන්න අපි දෙන්නම දන්නෙ නැහැ ඉතිං .... "

" කීයටද ?"

" උදේ අට වෙද්දි අපේ ගෙදරට එන්නකො..... අපේ වාහනේක යන්..... අප්පච්චීගෙ සේෆ්ටි එක බලන්නත් එපැයි.."

" හ්ම්....."

" හරිනෙ එහෙනම්.... උදේ අට වෙද්දි එන්න...සුදු එකක් ඇදගෙන එන්න.... "

නිකේත් කියද්දි මන් ඔළුව වනල ආයෙ මෙසෙ උඩ තිබ්බ පාර්සලේට ඇගිල්ලක් දික් කරද්දි නිකේත් පුටුවෙන් නැගිට්ටා....

" ඔයා කොයි වෙලේහරි අසනීප වෙනව ඔය විදියට කඩෙන් කන්න ගියොත්..... අපෙ අප්පච්චී කොහොමත් උදේට උයන එකේ ඔයාට බත් එකක් ගෙනත් දෙන එක මහ දෙයක් නෙමෙයි....."

පුටුවෙන් ලිස්සල යන්න ගිය මන් ආයෙ හරියට පුටුවෙ ඉදගෙන නිකේත් දිහා බැලුවා....

" නිකේත් ඔයා මේව කරන්නෙ ඔයාගෙ අප්පච්චී දැනුවත්වද ? ම්ම්..... සමහර වෙලාවට පරණ තුවාල පාරනවා කියන්නෙ දරාගන්න බැරි තරමේ වේදනාවක් වෙන්න පුලුවන් ....."

මන් කියද්දි නිකේත් මට ලස්සන හිනාවක් දුන්නා....

" උදේ මන් කිව්වා මට බත් දෙකක් බැදල දෙන්න කියල ..... එතකොට ඇහුවා දෙකක් කාටද මන් අද එන්න පරක්කු වෙනවද කියල ...මන් කිව්වා එකක් ඔයාට කියල ..... මුකුත් කිව්වෙ නැහැ..... මන් ලෑස්ති වෙලා එළියට එද්දි කෑම මෙසෙ උඩ ඔතපු බත් දෙකක් ලස්සනට තියල තිබුනා......යනවා....."

මට යනවා කියල නිකේත් යන්න යද්දි මන් බත් එක දිහා බලාගෙන ඉදියා.....

Crossiant එක කාපු නිසා මට බඩගින්නක් නැතත් මන් බත් එක පාර්සලෙන් එළියට අරගත්තෙ ඉහ වහා යන සුවදක් මට දැනෙද්දි..... ඉස්සර ඉදන්ම එයාගෙ කෑම හරි රසයු....එයා ආසයි කෑම උයන්න.... අදටත් පරිප්පු හොද්දයි කරවල බැදුමයි හදාගන්න මට බැහැ...... ඒත් මිරිස් තුනපහ එක්ක ගානට ගනුදෙනු කරන්න එයාට පුලුවන් ......

බත් එක මෙසෙ උඩින් තියල බත් එක ඔතල තිබුන කොරියන් පත්තරේ මන් දිගහැරියා....

කෙසෙල් කොලයක් හරි ලස්සනට නමල තියෙද්දි පුටුවෙ හරියට ඉදගත්ත මම කෙසෙල් කොලෙන් කොලේ පරිස්සමට දිගෑරල බත් එක දිහා බලාගෙන ඉදියා....

බඩගින්නක් නැතත් සුවදට බඩගිනි දැනෙනව......

සුදු බතට කැරට් කිරි දාලා වියල මාළු මිරිසට හදල...සමහර විට උදේට කලබලේට උයන නිසා ඔයිට වැඩි යමක් හදාගන්න බැරි වෙන්නත් ඇති.....

සුදුම සුදු බත් එක වැහෙන්නම බෙදල තිබුන හොදට සුදු ළූණු ,ඉගුරු දාලා හදල තිබුන මාළු හොද්ද එක්කලා මන් කන්න ආසම කපන මාළුවගෙ අර නැට්ට කෑල්ලෙන් කෑලි දෙකක්ම බත් එක උඩ තිබුනා....තැඹිලි පාටින් දිස්නෙ ගහන කැරට් ව්‍යාංජනේ එක්කලා බත් එකෙන් දුම් දානව..... උයල මහ වෙලාවක් නැතුව ඇති.....

මන් එහෙන්මම බත් පොඩ්ඩකට කැරට් චුට්ටක් අනල දාලා කටින් පිඹ පිඹ මාළු කෑල්ල දෙකට කැඩුවා.....අල්ලන්නත් බෑ උනුයි.....

මාළු කැල්ලෙන් චුට්ටක් කඩල බත් කට අනාගනිද්දිත් කටට කෙල උනනව...... මන් එහෙන්මම බත් කට මුවට දාගෙන ගිල්ලා..... හරිම රසයි... ලුණු මිරිස් ගානට..... ගොරකා මිශ්‍රිත ඇඹුල් රස ගානට දැනෙන මාළු හොද්ද එක්කල කිරට හදපු කැරට්....

මගේ මුවගට හිනාවක් මතු උනා.....

.
.
.
.

🌄🌄🌄🌄🌄

පහුවදා දවසට ඉර පායද්දි ගානට මිම්මට අයන් කරපු සුදු ට්‍රවුසර් එකට කළු පාට බොත්තම් ගියපු සුදු පාට අත් දිග ශර්ට් එකක් ඇදල යට නොකර උඩින් දාපු මම රබර් සෙරෙප්පු දෙකක් දාගත්තා.... පිදුරු කහ පාට කොණ්ඩෙ පීරල බූලක් දාලා ගොඩක් සැර නැති පර්ෆියුම් එකක් දෙපැත්තට ගහගෙන කාර් එකේ කී එක අරගෙන මන් පහළට ආවා...

වාහනේ පාරට දාලා මන් නිකේත් මට කියපු තැනට වෙනකන් ඇවිත් නිකෙත්ට කෝල් එකක් ගනිද්දි එයා කිව්වා පාර දිගේ ඉස්සරහට එන්න එයා ගේට් එක ළග ඉන්නම් කියල ...... ඇරත් ගේ මොකද්ද කියල ගේ වටේ ඉන්න මිනිස්සු ගොඩෙන්ම අදුනගන්න පුලුවන් කියලත් නිකේත්ම කිව්වා.....

මට අමුතු හැගීමක් දැනුනා.... ඒක දුකක්වත් බයක් වත් එහෙම දෙයක් නෙමේ....ඒක හරියට බඩේ යට පැත්තක ඉදන් උඩට මතු වේගෙන එන රත් උන ඒත් සිසිල් බඩ පිච්චීගෙන යන විදියෙ මහ අමුතු එකක්......

මන් ලෝටස් රෝඩ් එක දිගේ වාහනේ හෙමින් හෙමින් ඉස්සරහට අරගෙන ආවෙ තාප්ප ගහපු විශාල ගෙවල් මැද්දෙන්.....

කිව්වත් වගේ කොළ පාට තාප්පෙ ගහපු ලොකු ගේට්ටුවක් තිබුන ගෙදරක වටේ ගාඩ්ස්ලා ඉද්දි නිකේත් ඒ ගේට් එක ඉස්සර හිටගෙන ඉදියා..... කොල්ලා මට අත වනල ඇරල තිබුන ගේට්ටුව පෙන්නුවෙ කෙලින්ම වාහනේ ඇතුළට දාන්න කියල .......

නිකේත් කිව්වා වගේම මන් කෙලින්ම වාහනේ ඇතුළට දාලා විශාල වත්තෙ කෙලවරකින් වාහනේ නැවැත්තුවා..... වත්තෙ තැනින් තැන වාහන ගොඩක් එහෙන් මෙහෙන් නතර කරල තියෙද්දි ඒ පොලිස් වාහන කියල අදුනගන්න බැරිකමක් තිබුනෙ නැ...... නිකේත්ගෙ i8 එකයි කෙනෙක් පණ වගේ ආදරේ කරපු ඒ කාලෙ ඉදන් තාමත් තියෙන BMW එකයි වැරැන්ඩා එක යට නතර කරල තිබුනා.....

බැලූ බැල්මටම ඒක හරි විශාල ගෙයක්.... කොටස් දෙකකට වත්ත තියෙද්දි පොඩි පඩිපෙලක් එක්ක තමයි උද්‍යානයක් වගේ හදපු කොටස තිබුනෙ...... වාහන නවත්තන කොටසෙ නම් වාහන එන යන නිසාද මන්දා එහෙම ලොකුවට ලස්සනක් තිබුනෙ නෑ...වැලි පොලව මිසක්...ඒත් පඩිපෙල නැගල යන්න තිබුන කොටසෙ තණ කොල වවල බෙන්චස් දාලා විශාල ගස් යට හෙවණෙ හදල තිබුනා.... එතනම පූල් එකකුත් තිබ්බා හැබැයි ඒක හිස් කරලා.......වතුර තිබුනෙ නැ....

වත්ත දිහා බැලුවත් විශාල ගස් එක්ක වැරැන්ඩා එක දිගේ නම් බෝගන්විලා පොච්චි කිහිපයක් තියල තිබුනා...එච්චරයි ..... දෙන්නම කාර්‍ය බහුල නිසා වෙලාවක් නැතුව ඇති..... හැබැයි අර බෝගන්විලා පොච්චි වල හරි ලස්සන පාට පාට මල් ගොඩාක් පිපිලා තිබුනා.....

මන් වාහනෙන් බහිද්දිම ඩෙනිම් කලිසමට සුදු ටී ෂර්ට් එකක් ඇදගෙන උන්න නිකේත් මන් ළගට ආවා.....

" යන් යන් ඔයා හොදටම පරක්කුයි....ඇයි මේ ඩොක්ටර්ස්ලට වෙලාවට වැඩ කරන්න බැරි....?"

නිකේත් එහෙම කියාගෙන මාවත් ඇදන් ගෙට ආවෙ මන් පොඩ්ඩක් අදිමදි කරද්දි....

" තාම කිරිබත් එක ලිපේ..... දැන් බාතැහැයි.... ඒත් වැඩ ගොඩක් තියෙනව කරන්න... බෙහෙත් පැළෑටි සුද්ධ කරන්නත් එපැයි...."

නිකේත් එහෙම කියමින් මාව ඇදගෙන යද්දි මන් වටපිට බලමින් ගෙට ආවා...... ඒක බැලූ බැල්මටම හරි විශාල ගෙයක්...... සාලෙ උනත් සෑහෙන ලොකු පරාසයක විහිදිලා තීද්දි ලස්සන ගෘහ භාණ්ඩ ලී බඩු එක්කල හරි ලස්සන පිරුණු ස්භාවයක් ගෙට ආරෝපණය වෙලා තිබුනා.. ගෙදර සාලෙ බිත්තියේ නිකේත් ස්කූල් යුනිෆෝම් එකෙන් ගහපු පොටෝස් සෑහෙන එල්ලලා තියෙද්දි එයාගෙ යුනිෆෝම් පොටෝ කිහිපයකුත් ඒ අතර තිබුනා......

" ගේ දිහා නම් බලන්න එපා හොදද....සාමාන්‍යෙන් මේ ගෙදර සතියකට පාරක් වත් අතුගෑවෙන්නෑ... හැඩි කරන්න කවුරුත් ඇත්තෙත් නෑනෙ...."

නිකේත් කියද්දි මන් බිත්තියේ එලලා තිබුන රූප දෙකක් දිහා මහා හිස් හැගීමකින් බලාගෙන ඉදියා..යුනිෆෝම් ඇදන් ඉදිය හිරුන්‍ය අයියගෙ සුදු මල් මාලයක් දාපු ෆොටෝ එකට තනි මකන්න සුදු මල් මාලයක් දාපු දිනිති අක්කගෙ ෆොටෝ එකකුත් එකතු වෙලා තිබුනා..

සාලෙ කෙළවරක සාලෙටම අල්ලාලා හදල තිබුන කිචන් එකට නිකේත් මාව එක්කගෙන එද්දි මන් වටපිට බැලුවත් විසාල ගේ ඇතුලෙ නිකේත් ඇරෙන්න වෙන කාවවත් හොයාගන්න මට පුළුවන්කමක් තිබුනෙ නැහැ..

" මේවත් පන්සල් ගෙනියන්නද නිකේත්.."

" හ්ම්ම්.... සාමාන්‍යෙන් පූජාවක් තියද්දි අපි පාට හතකින් මල් පූජ කරල ජාති හතකින් ගිලන්පස ජාති හතකින් බෙහෙත් බඩු වගේ ඒව පූජ කරනව..... මමත් ලොකුවට දන්නෑ අයියේ..... නිවාසෙ ඉදිය කාලෙ ඉදන් මන් දැකල තියෙන දේවල් කරන්නෙ..... මොකෝ අපිට මේව කියා දෙන්න අම්මා කෙනෙක් වත් ආත්තම්මා කෙනෙක්වත් නැහැනෙ....."

නිකේත් හිනාවෙවී කියද්දි මන් පැන්ට්‍රිය පුරා විසුරවලා තිබුන කොළ වර්ග දිහා බැලුවා.....කොළ කියල මන් කිව්වෙ නිකේත් ඔය කිව්ව බෙහෙත් බඩු වලට....එතන හාතවාරියා , වැල් පෙනෙල , ආඩතෝඩා , කොහොඹ , තෙබු වගේම තව මොනවහරි කීපයක් තිබුනා මන් එච්චර දන්නෑ ඒ මොනවද කියල ......ආහ් රණවරා......එකක් රණවරා......

නිකේත් ඒව සෝදලා දිග වැල් වැල් වගේ ජාති දෙකට තුනට කඩල පිළිවලට පැක් කලේ මන් ඒ දිහා බලන් ඉද්දි....

" අයියේ..... මේ .....ඔයාට පුලුවන් නේද මේ ටික සෝදල මෙන්න මේ වගේ කවරෙට අඩුක් කරන්න..... කිරිබත් එක දාගන්න ඕනෙ තව බඩු කීපයක්ම ලෑස්ති කරන්න තියෙනව.... කොහෙද ඊයෙ වෙලාව තිබුනෙ නෑනේ මේව කරන්න..... "

නිකේත් මට ඒක දීලා ගෑස් ලිප ළගට ලන් උනේ මන් ශර්ට් එකේ අත් උඩට ඇදල නිකේත් කිව්ව විදියට ඒව සෝදල පිළිවලට අඩුක් කරද්දි.......

නිකේත් ලිපේ තිබුන කිරිබත් හට්ටිය ඕෆ් කරල බොක්ස් එකකට දැම්මේ ඒකත් එයා කලින් ලෑස්ති කරල තිබුනා කියල කියන්න පුලුවන් බඩු ගොඩක් ළගින් තියන ගමන්....

මන් ඒ කරන ගමන්ම වටපිට බැලුවත් ගෙදර කිසි කෙනෙක් ඉදිය පාටක් තිබුනෙ නැහැ......

මන් කොළ ටික සේරම අඩුක් කරල ආයෙ අත් දෙක සෝදගනිද්දි නිකේත් ලෑස්ති කරපු දේවල් සේරම බැග් එකකට අඩුක් කලා.....

" ඔයාගෙ අප්පච්චී ගෙදර නෑ වගේ "

ඉදල ඉදල බැරිම තැන මන් අහද්දි නිකේත් මන් දිහා බැලුවා.....

" පිලිකන්න පැත්තෙ මල් කඩනව අයියෙ......"

" කාත් එක්කද ?"

මන් පැනපු ගමන් අහද්දි නිකේත් මාත් එක්ක හිනා උනා.....

" පන්සල් ගෙනියන්න..... මල් කඩනව...."

" ආහ්....."

මන් ඔළුව කහගත්තා...... නිකේත් හරි හොද ළමයෙක්..... මන්දා ඒ ළමය හැදුන පරිසරය නිසාද නැත්තන් අයියලගෙ ගතිගුණ නිසාද කියල ... එයා හැම වෙලාවෙම හරිම සීරියස්...... ඒක හරි සහනයක් මන් කියන්නෙ.... කිසිම දෙයක් ඒ ළමයා ලග ඕනෙවට වඩා අඩුත් නැහැ වැඩිත් නැහැ..... ඕනෙවට වඩා හිනාවෙන්නෙත් නැහැ......ඒත් ඒ ළමය හරි ප්‍රියමනාපයි..... ඕනෙම දෙයක් කතා කරන්න පුලුවන් එයා එක්ක....

නිකේත් ආයෙ දේවල් නැවත හරිද කියල බලද්දි මන් එතනම තිබුන පිටිපස්සෙ දොරෙන් පොඩ්ඩක් එළියට එබුනෙ සුදු මල් ගහක් ළග ඉදිය රුවක් මගේ නෙත ගැටෙද්දි....

සුදු පාට ෂොපිං කවරයකට සුදු මල් කඩන ගමන් එයා ඉදියෙ පොලිස් යුනිෆෝම් එකේ ට්‍රවුසර් එක ඇදගෙන උඩට බැනියම පිටින්....

" අප්පච්චී ටැප් එක ළග දම් පාට මල් ගහෙන් මල් ටිකකුත් කඩාගෙනම එන්න...."

නිකේත් එකපාරටම කෑ ගහද්දි පිටුපාලා උන්න අයියා කුස්සිය පැත්තට හැරුනෙ මන් ඉක්මනට එතන බිත්තියට මුවා වෙද්දි....එතකොටත් එයා මාව දැකල ඉවරයි කියන්න මම දැනගෙන ඉදියා.......

ඒත් මන් මුවෙන් ලොකු හුස්මක් පිට කලා......

නිකේත් සූදානම් කරපු දේවල් සේරම කිචන් එකෙන් ගෙනියල එහා තිබුන රවුම් මෙසයක් උඩින් තිබ්බ....

" දැන් ගිලන්පස හදන්න ඕනෙ අයියෙ.....ජාති හතකින්.... "

" හතක් ?"

" හ්ම්....කිරි , තේ ,නාරං , කොත්තම්මල්ලි , බෙලිමල් , රණවරා , වෙනිවැල් ගැට....."

නිකේත් කිව්වෙ මන් හිස වනද්දි....

" බෙලිමල් රණවරා හදල ඉවරයි..... පෙරාගන්න විතරයි තියෙන්නෙ.... අයියා අතනින් ඉදගෙන ඉන්නකො..... තව විනාඩි දහයෙන් අපිට පිටත් වෙන්න පුලුවන් ....."

" හ්ම්ම්...."

නිකේත් මට පුටුවක් පෙන්වද්දි මන් ගිහින් ඉදගත්තා.....කිචන් එක සාලෙටම අල්ලලා හදල තිබුන නිසා කිචන් එකේ ඉන්න කෙනෙක්ට මුළු සාලෙම පේනව.... සාලෙ ඉදිය කෙනෙක්ටත් කිචන් එක පේනව...... නිකේත් දැන් මට ඉදගන්න කිව්වෙත් කිචන් එක හරියෙම තිබුන ලී පුටු පේලියක.....

ඒත් එක්කම ෂොපිං කවර දෙකක් අතේ තියන් කෙනෙක් කුස්සියේ දොරෙන් ඇතුළට ආවෙ මන් ඉක්මනට ෆෝන් එක අතට අරන් ඒකට නැඹුරු වෙද්දි.....

" අප්පච්චී දම් පාට මල් කැඩුවද ?"

" ම්........"

" එතකොට පාට හත හරි නේද .....වතුසුදුයි , දම්නුයි , රත් මලුයි , රුක්කත්තනයි ඔක්කොම කැඩුවනේද..... අනික් ටික මගින් ගමු එහෙනම්....."

නිකේත් කියව කියව ගිලන්පසට ගෙනියන්න තේ හැදුවා.....

" කාටද ඔය තේ හදන්නෙ ?"

අයියා ඇහුවෙ....

" මේ ගිලන්පසට අප්පච්චී ......"

එතනින් එහාට නිහඩ බවක් ඇහෙද්දි මන් බොහොම බැරෑරුම් විදියට ෆෝන් එක දිහා බලන් ඉදියා...

" අයියේ....... ඔයාට කිරි එකක් හදන්නද ?"

නිකේත් කෑ ගහල මගෙන් අහද්දි මන් ෆෝන් එකෙන් ඇස් අරන් කොල්ලා දිහා බැලුවා..

" ආහ් මන් බීලා ආවෙ නිකේත්....."

අයියා මට පිටුපාලා හිටගෙන ඉද්දි මන් ආයෙ දෑස් මුදවගෙන ෆෝන් එක දිහා බැලුවා......

" අයියේ ඔයා බත් කාලද ආවෙ ?"

ටිකකින් නිකේත් ආයෙ ඇහුවෙ .....

" මට බඩගිනි නැහැ නිකේත්.....මන් කොෆී එකක් බීලානේ ආවෙ......."

මන් කිව්වෙ කන්නාඩි දෙක ඇස් වලට තද කරගෙන......

ටිකකින් කුස්සියේ කුටු කුටු සද්දයක් ඇහෙද්දි නිකේත් මගේ ළගට ඇවිදගෙන ආවා......

" බත් පොඩ්ඩක් කමුද ?"

" අනෙ බෑ කොල්ලො..... දැන් කන්න බෑ...... මන් පාන් වගයක් කාලා ආව නිසා බඩ පිරිලා තීන්නෙ...."

" දැන් ගියාම ආයෙ එන්න ටික වෙලාවක් යනවනේ අයියෙ..... අනික ගෙදර බත් තියෙනව......පොඩ්ඩක් කමු...."

" එපා එපා......කන්න බෑ කොල්ලෝ....."

" නෑ නෑ.... පොඩ්ඩක් කමු....ඉන්නකො මන් බෙදාගෙන එන්න...."

නිකේත් කුස්සියට යද්දි මන් ඔළුව කසාගත්තා....මන් ඇවිත් ඒ මිනිස්සුන්ට වද දෙනවද මන්දා...

නිකේත් කුස්සියට යද්දි මන් දැක්කා කෙනෙක් පිගානකට කෑම වගයක් බෙදනව......

අයියෝ..... !!

මොනව හිතනවද දන්නැ..... එකපාරටම කඩාගෙන පැනල ගෙදර තියෙන බත් ටිකත් ගිලලා යනව කියල බනිනවද දන්නෑ......

නිකේත් පුරවපු වතුර වීදුරුවක් එක්ක අයියා බෙදල දුන්න බත් එක ගෙනත් මගේ අතට දුන්නෙ මන් මොකක් කරගන්නද කියල හිතාගන්න බැරුව කොත ගහල තියෙන බත් එක දිහා බලද්දි......

" කන්න කන්න..... "

" ඔයාලට තියෙනව නිකේත්....අයියෝ මන් පාන් වගයක් කාලා ආවෙ....."

" අපි හැමෝම කාලා ඉන්නෙ.......අනික ඔය පාන් ජාති අනම් මනම් හැමදාම කන්න හොදත් නැහැනෙ අයියෙ...... ඔයා හැමදාම කන්නෙ ඕවනෙ....අදවත් බත් පොඩ්ඩක් කමු....."

නිකේත් බලෙන්ම බත් පිගාන මගේ ඇගේ ගහල යද්දි මන් කරගන්න දෙයක් නැතුව වතුර වීදුරුවෙන් උගුරක් බිව්වා...

කලින් අත සෝදපු නිසායි ආයෙ කිචන් එකට යන්න කොහෙත්ම උවමනාවක් නැති නිසයි මන් බත් එක දිහා බැලුවා..... සුදු හාලෙ බතට බණ්ඩක්කා තෙල් පොඩ්ඩක් දාලා බැදුමක් වගේ මලවල අරගෙන පතෝල එක්ක බැදපු පපඩමක් එහෙමත් තිබුනා.....සේරටම හපන් බත් එකේ සයිස් එක..... ආහ් මට මූණ පේන්නෑ වගේ....

මන් බත් එකෙන් පොඩ්ඩක් අනල මුවට දාගත්තෙ මේක කොහොමද කාලා ඉවර කරගන්නෙ කියල හිතමින්.....

ඇත්තටම මම පාන් වලට බටර් ගාලා පාන් පෙත්තක් ගිලලා ආවෙ......කාගන්න බෑ ඒ නිසා.....

කොහොමහරි කුස්සියෙ ඉදිය එයා එකපාරටමා සාලෙට එනව දැක්ක මම ඉක්මනට බත් එක අස්සෙ තිබුන නිධානයක් හොයන්න වගේ ඒකට ඇස් යොමාගෙනම ඉදිය....

" නිකේත් අඩුපාඩු තියෙනව නම් බෙදන්න පුතේ......."

එහෙම කියල එයා පඩිපෙල් නැගගෙන උඩට යද්දි පපුවට දැනුන බරම බර හුස්මක් පිට කරල මන් බත් කටක් ගිලලා දාද්දි නිකේත් එනව පතෝල වළද උස්සගෙන..

" දෙයියනේ නිකේත් මට කාගන්න බෑ ළමයො......මේ හොදටම ඇති... !"

" අද කෑම හොදද මන්දා අයියෙ..... පන්සල් යන්න තිබුන නිසා මාළු කරවල මුකුත් විව්වෙ නෑ....."

" අපෝ මේ හොදයි ..... මට කා ගන්නත් බැ......."

" කමක් නැ.... මේ පතෝල ටිකක් බෙදාගන්නකො..... මේක හරි රසයි..... හොදට ළපටි පතෝල වගයක්...."

නිකේත් පිගාන වැහෙන්නම වෑංජන බෙදල යන්න යද්දි මන් හෙනම අමාරුවෙන් බත් එක ගිල දැම්මා.....

කාලා ඉවර වෙලා මන් අත සෝදගන්න කුස්සියට යද්දි එයා ලැහැස්ති වෙලා යුනිෆෝම් එකෙන් පහළට ආවෙ ෆෝන් එක කනේ තියාගෙන....

" නිකේත් ෆ්‍රිජ් එකේ යෝගට් වගයක් ඇති....."

" ආ හරි අප්පච්චී ......."

එයා එළියට යද්දි මන් පිගාන සෝදල පැත්තකින් තියල අත සෝදගත්තෙ නිකේත් ඒ ගමන යෝගට් එකක් උස්සන් එද්දි....

" අනෙ අම්මේ වදින්නම්..... මට දැන් හුස්ම අල්ලගන්න බෑ...... තව නම් එපා...."

නිකේත්ට අත් දෙක එකතු කරල පෙන්නල මන් කිව්වෙ බඩටත් අත තියාගෙන......

" ඔයාගෙ අප්පච්චී අද වැඩද නිකේත්......"

" ඔව් අයියෙ..... පන්සල් ගිහින් එයා එහෙන්මම ආයෙ වැඩට යනව..... "

නිකේත් කියද්දි මන් ඔළුව වැනුවෙ නිකේත්ව ආයෙ ෆ්‍රිජ් එක ළගට තල්ලු කරන් ගිහින් යෝගට් එක ෆ්‍රිජ් එකෙන් දාන ගමන්....

කොහොමහරි සේරම දේවල් ලෑස්ති කරල අපි එළියට බහිද්දි වෙලාව නවය විතර වෙලා තිබුනා.... නිකේත් මාවත් ඇදගෙනම ගිහින් එතන තිබුන ඩිෆෙන්ඩර් එකකට නගිද්දි අයියා එකේ ඉස්සරහෙන් නැග්ගෙ ඩ්‍රයිවර්ට එහා පැත්තෙන්.....

" ඔයා අද ආව එකත් ලොකු දෙයක් අයියේ...... හැමදාම මේ ගමන යන්නෙ මායි අප්පච්චී තනියෙම නේ.."

නිකේත් කිව්වෙ වාහනේ ස්ටාර්ට් කරල පාරට දානවත් එක්කම වගේ....වාහනේ ඉස්සරහින් සහ පිටිපස්සෙන් වාහන දෙකක් විදියට ගාඩ් කරද්දි මන් නිකේත් දිහා බලලා හිනා උනා.....

අයියා ඉස්සරහ සීට් එකේ ඉදගෙන ඉදියත් එයා ඉදියෙ කෝල් එක්කල සෑහෙන බිසී වෙලා.... ඒවා රාජකාරීමය කෝල්ස් කියල කියන්න පුලුවන් උනා.....

කොහොමහරි අපි ටික වෙලාවකින් කළුතර බෝධිය ළගට එද්දි වාහනේ පාරෙ අයිනට කරල නැවැත්තුවෙ අපි කට්ටියම බැහැගනිද්දි..... වාහනේ එහෙන්මම යන්න යද්දි මම නිකේත් සහ එයා වගේම එයාගෙ ගාඩ් එකට ඉදිය කිහිප දෙනෙකුත් අපේ වටේට ඉදියා.....

මන් කන්නාඩි දෙක ඇස් වලට දාගනිද්දි අයියා ඉස්සර වෙලා ඇවිදන් ගියේ ඉස්සරහින් ගිය ගාඩ් කෙනෙක් පාරෙ මිනිස්සුන්ව ටිකක් එහෙට මෙහෙට කරල එයාට ඉඩ හදල දෙද්දි......

පදික වේදිකාව වටෙන් ඇවිත් පේලියට මල් විකුණන කඩ ළග එයා නැවතිද්දි මන් ඒ දිහා බලාගෙන ඉදියා.... කළුතර බෝධිය කියල දැකල අහල තිබුනට ගිහින් තිබුනෙ නම් නැ....... කොහොමත් යන්න විදියක් නම් නෑ මම ටැමිල්නේ.....

" පොකුරම දෙසීයයි මහත්තයා..... "

මල් කඩේ උන්න ගැහැණු කෙනා කියද්දි අයියා නිල් මානෙල් පොකුරක් අරගෙන ඒක නිකේත්ගෙ අතට දීලා රතු නෙළුම් පොකුරක් අරගෙන මන් දිහාවට දික් කලා......

ඒ වෙලාවෙ මන් එයා දිහා බලාගෙන ඉදියෙ ඒක ගන්නවද නැද්ද හිතාගන්න බැරුව.... ඒක මහා ලොකු වෙලාවක් නෙමෙයි..... තත්පරේකිනුත් අරික්කාලක චූටි වෙලාවක්...... අයියා ඒ පොකුර මගේ දිහාවට දික් කරන් ඉද්දි මන් සෑහෙන වෙලා එයාගෙ ඇස් දිහා බලාගෙන ඉදල ඒක අතට ගත්තා.....

" සුදු නෙළුම් ඕනෙද නිකේත්..."

" අර රෝස පාට එකෙන් ගන්න අප්පච්චී ...... එතකොට අපේ පාට හත හරි ..."

නිකේත් කියද්දි තව නෙළුම් පොකුරක් අරන් නිකේත් අතට දුන්න එයා සල්ලි ගෙවල ඉස්සරහට ඇවිදන් ගියේ මග දෙපස ඉදිය හැමෝම එයා දිහා අවධානෙන් බලද්දි.....

පන්සලට ඇතුළු වෙලා එතනම තිබුන තැනකින් සෙරෙප්පු සපත්තු ගලවලා අපි ඉස්සරහට යන්න හැදුවත් හාමුදුරු නමක් ඉස්සරහට මුණ ගැහුන නිසා අපිට යන්න ලැබුනෙ නැහැ.....ඒ හාමුදුරුවො එතනට වැඩම කරල තිබුනෙම අයියා එන ආරංචියට කියල මට හිතුනෙ එයා අපි දිහා බලලා අපිට යන්න කියල අතින් සන් කරපු නිසා.....

එයා හාමුදුරුවො එක්ක කතාවක ඉද්දි මමයි නිකේතුයි ඇවිදගෙන ආවෙ ඉස්සරහට.....

" ඔයා නම් අද හරි පිං පාටයි අයියෙ....."

නිකේත් කිව්වෙ රතු නෙළුම් මිටක් අතේ තියන් ඉදිය මන් දිහා බලන් වෙනකොට මන් නිකේත් එක්ක හිනා උනා......

" අපි දැන් මොකද කරන්නෙ ?"

" ගෙනාපු දේවල් පූජාවට ලෑස්ති කරන්න ඔනෙ අයියේ..... අතනට යන්කො...."

නිකේත් මේස වගේ හදල තිබුන තැනක් පෙන්වල කියද්දි අපි යද්දිත් එතන කිහිප දෙනෙක්ම මල් වට්ටි වලට හදන ගමන් ඉදියා....

නිකේත් එයාගෙ අතේ තිබුන මල්ල එතන උඩින් තියල වටපිට බැලුවා...

" මම ගිලන්පස තියන භාජන අරගෙන එන්නම්....අයියා ඔහොන්මම ඉන්නකො......ආ මේ මල් ටිකත් අතේ තියාගන්න...."

එයාගෙ අතේ තිබුන මල් ටිකත් මගෙ අතට මිට මොලවපු නිකේත් කොහෙටදෝ යන්න යද්දි හූ කියාගෙන සද්දෙට කෝච්චියක් කොළඹ ඉදන් මාතර පැත්තට ඇදුනෙ ඒ දිහා බලන් ඉදිය මම වටපිට බලමින් ඉස්සරහ පැත්තට හැරෙද්දි....

හාමුදුරු නමක් එක්ක කතා බහ කරමින් උන්න එයා ළග මගේ ඇස් නැවතුනේ එතකොට..... අතක් පිටිපස්සට තියාගෙන එයා ඒ හාමුදුරුවො කියන මොකක් හරි දේකට ඇහුම්කන් දෙමින් ඉද්දි හිස සලමින්ම මන් ඉදිය දිහා බැලුවෙ හදිසියෙන් වගේ......

එයාගෙ ඇස් මගේ ළග නතර වුනත් ඊළග මොහොතෙ හාමුදුරුවො දිහා බලපු එයා කලිසම් කකුල් උඩට අදිමින් නැමිලා හාමුදුරුවොන්ට වැන්දෙ මන් සුසුමක් පිට කරල මගේ අතේ තිබුන නේකවිධ නෙළුම් මල් වර්ග දිහා බලද්දි....

හරි සුවදයි...... කොහොමත් නෙළුම් මානෙල් ජාති වලට තිබුනෙ නහය පිනා යන සුවදක් නේ..... මගේ අත් දෙකේ තිබුනා උනත් ඒවා මාරෙට සුවද හමද්දි මන් මල් පොකුරම නහයට ලන් කරල හුස්මක් උඩට ඇද්දා......

" පූජා කරන මල් ඉඹින්න හොද නැහැ කියල කතාවක් තියෙනව....."

මගේ ළගින්ම උගුර පාදපු කටහඩක් එක්ක මන් ගැස්සෙද්දි එයා කිව්වෙ අත් දෙක පිටිපස්සට බැදගෙන වෙනතක් දිහා බලලා.....

" ආහ්..... මන් දැනගෙන දියෙ නැහැනේ..."

මන් කිව්වෙ මල් පොකුර ඉක්මනට ඈත් කරමින්.....

" අද නිවාඩුද ?"

ටික වෙලාවක් ඉදල එයා ඇහුවෙ මගේ දිහා හැරෙන ගමන්....

" ඔව්......මේ..... මන් නිවාඩුවක් ... ගත්තා......"

" ම්..... "

එයා මගේ මූණ දිහා බලාගෙන ඉදල ආයෙ වෙනතක් බලාගනිද්දි මන් නිකේත් ගිය දිහා බලාගෙන ඉදියා......

ආහ් මේ කොල්ලා කොහෙද .....

හුස්ම හිර වෙලා මාව මෙතන මැරෙන්න වගේ......

" මන් හිතුවෙ අද පාර්ටි කියල ....."

ටික වෙලාවක් ගිහින් මන් කිව්වෙ එයාගෙ මූණ දිහා බලන ගමන්....

එයා කට කොනින් හිනාවක් දාලා නිහඩව ඉදියෙ මන් ආයෙ ඉස්සරහ බලාගනිද්දි..

" දවස් දෙකේ නිවාඩුවක් එනව නේද..... නිවාඩු යනවද ?"

ටික වෙලාවකින් එයා ඇහුවෙ....

" සදුදාටනෙ වැටෙන්නෙ..... සදුදා චැනල් එකට යන්න ඕනෙ...ඒ නිසා ගෙදර යන්න වෙන්නැ...."

" ම්....... කොහෙද සදුදා ඉන්නෙ ?"

" නුගේගොඩ..... අර කාර්ගිල්ස් එක හරියෙ..... "

" ම්න්...... "

මන් වටපිට බල බල ඉද්දි නිකේත් භාජන වගයක් උස්සගෙන අපි ළගට ආවෙ අපි දෙන්නටම ලස්සන හිනාවක් දීලා....

එතන ට්‍රේ තුනකුයි පොඩි වීදුරු කෝප්ප වගේකුයි පිරීසි තැටි වගේකුයි තමයි තිබුනෙ....

නිකේත් ට්‍රේ තුන තියල වීදුරු කෝප්ප වලින් හත ගානෙ ඒ ට්‍රේ තුනට තිබ්බෙ පිරීසි තැටි අතට ගන්න ගමන්.....

" අයියෙ මේවට කිරිබත් බෙදන්න ඕනෙ..... බෙදල පොඩ්ඩක් ලස්සනට මේ හැන්දෙන් හැඩේට හදන්න..."

හැන්දකුත් දීලා නිකේත් කියද්දි මන් පිරිසියයි හැන්දයි අතේ තියන් බලාගෙන ඉදියෙ නිකේත් එහෙට මෙහෙට පැනල දඩිබිඩි ගාලා දේවල් ලෑස්ති කරද්දි....

නිකේත් කිරිබත් බෙදන්න කියල දුන්නට මට ඒක ඒ හැටි තේරුනේ නෑ මොකද්ද මේ ලස්සන කරන්න කියල කිව්වනෙ....

නිකේත් නම් ගිලන්පස කියල හදාගත්ත දේවල් අර පොඩි වීදුරු කෝප්ප වලට වත් කරනව.....

" නිකේත් මේක මොකද්ද කරන්න කිව්වෙ....? මට තේරුනෙ නැහැ....."

" එයාට මල් හදන්න දීලා ඒක ඔයා කරන්න නිකේත්...."

එහෙම කියපු එයා එතනින් එහාට යන්න ගියේ මන් නිකේත්ගෙ අතට පිරිසියයි හැන්දයි දෙද්දි....

" ඔයා මල් හදන්නකො එහෙනම්..... වට්ටි තුනට සුදු මල් තියල ඔය මලුත් තියන්න..... පාට හතම එක වට්ටියකට තියන්න ඕනෙ....."

නිකේත් ආච්චි අම්මා කෙනෙක් වගේ කියද්දි මන් හිනාවෙලා මල් වට්ටියක් අතට අරගෙන ඒකට මල් හැදුවා...

මලෙන් මල අතට අරගෙන පරිස්සමට වට්ටියට අඩුක් කරන එක හිත නිවෙනව හරීයට.....

කොහොමහරි කිරිබත් පිරීසි තැටියට බෙදල ඒකට උඩින් මී පැණි වත් කරල මුද්දරස්පලම් ඉහල හරි ලස්සනට නිකේත් ඒව ලෑස්ති කලා....කිරි ටොපි ,පොල් ටොපි ,තල කැරලි වගේ දේවලුත් නිකේත් ඒ පිරිසි තැටිල්ල උඩින්ම තියල ඒකත් ට්‍රේ එක උඩින් තිබ්බා...... ඒක එතකොට ගිලන්පස වර්ග හතක් , බෙහෙත් බඩු පැලෑටි සහ බුලත් කොලයක් එක්ක පුවක් කැල්ලක් එහෙම තියල එකම වගේ ට්‍රේ තුනක් ලෑස්ති කලා....

" දැන් හරි ....අප්පච්චී කොහෙද අයියේ..."

නිකේත් අහද්දි මන් වටපිට බැලුවත් එයාව දකින්න තිබුනෙ නැහැ.... පස්සෙ නිකේතුත් උවමනාවෙන්ම වටපිට බලද්දි අපි දැක්කා එතන තිබුන චෛත්‍ය ඉස්සරහ එයා වැදගෙන මොනවහරි ප්‍රාර්ථනා කරනව....

" මන් අප්පච්චීව එක්කගෙන එන්නම්....."

නිකේත් එහෙම කියල යද්දි මන් බරැති සුසුමක් පිට කරල කන්නාඩි දෙක ඇස් වලට දාගත්ත....

" අයියා මේක ගන්නකො....මේක බෝධියට........."

නිකේත් මගේ අතට ට්‍රේ එකක් දීලා අනික් දෙකම එයාගෙ අතට ගත්තෙ මටත් එන්න කියාගෙන යන ගමන් ...මමත් අර ට්‍රේ එක පරිස්සමෙන් අල්ලගෙන නිකේත්ගෙ පස්සෙන් ගියේ එයත් අපේ පස්සෙන් එන බව හොරැහින් බලාගෙන.....

පාරට පේන ලොකු චෛත්‍ය නෙමෙයි..... අනික් පැත්තෙ තිබුන සාමාන්‍ය ප්‍රමාණයේ චෛත්‍ය ළගට ආව නිකේත් එයාගෙ අතේ තිබුන එක ට්‍රේ එකක් අයියගෙ අතට දුන්නෙ අයියා ඒක අරන් පූජාසනයෙන් තියල වදිද්දී.....

කොහොමහරි බෝධිය ළගටත් ගිහිල්ලා බුදු පිළිම ගෙටත් ගිහින් පූජාව තියල අපි අන්තිමට ' ආනන්ද බෝධිය ' කියල තිබුන තැනින් ඉදගත්තෙ අයියා එළියෙ හිටගෙන ඉද්දි..... එයා ඇතුළට නාවෙ ඇයි කියල මන් දන්නැ..... ඒත් නිකේත් ළගින්ම ඉදගෙන මාත් අත් දෙක එකතු කරගත්තෙ නිකේත් හෙමිහිට ගාථා කියන සද්දෙ මට ඇහෙද්දි...

ලොකූවට තේරුමක් නැතත් නිකේත් සෑහෙන වෙලා ගාථා කියල මගේ දිහා බලලා මට කිව්වා කැමති නම් එළියට යන්න කියල .....එයා එන්න ටික වෙලාවක් ගන්නව කියල එයා කිව්වා....

සමහර විට එයාට එයාගෙ අම්මවයි තාත්තවයි මතක් වෙනව ඇති....

නිකේත්ගෙ ඔළුවත් අතගාගෙන මන් නැගිටල එළියට ආවෙ එයා අත් දෙක පිටිපස්සට බැදගෙන කොහෙදෝ ඈතක් දිහා බලාගෙන ඉද්දි..... මන්දා එයා හරි වෙනස් කියල හිතෙනව දැන්..... අපිට කතා කරන්න දෙයක් නැති නිසාද මන්දා එයා එච්චර දෙය්ක් කියන්නෙත් නැහැ.... එයා මාත් එක්ක කතා කරන හැම වෙලාවකම එයාගෙ ඇස් හීනියට දිලිසෙනව..... කළු පාට ඇස් උඩින් මීදුම් පටලයක් වගේ කදුළු පටලයක් බැදිලා ඒව දිලිසෙන්න අරගන්නව මන් නෝට් කරල තිබුනෙ .....

" ඇයි ඔයා ඇතුළට ආවෙ නැත්තෙ ?"

කන්නාඩි දෙක හදාගන්න ගමන් මන් ඇහුවෙ එයාගෙ ළගට ලන් වෙලා....

එයා හුස්මක් පිට කලා...

" මන් තද පාට රළු ඇදුමක් ඇදගෙන එතනට ගියොත් එතන ගාථා කියල හිත නිදහස් කරගන්න ආව අයගෙ හිත නොසන්සුන් වෙන්න පුලුවන් ..."

" ම්..... "

මමත් සුසුමක් පිට කලා...

" මන් දැක්ක ගොඩක් මිනිස්සුන්ගෙ මූණවල් නම් හරිම නොසන්සූන්... සමහර අයගෙ මූණු වල ලොකු දුකක් ලියවිලා තිබුනා.... සමහර අයගෙ මුහුණු හොදටම වැහැරිලා ඇදිලා ගිහින් දුක් විදින පාටක් පෙනුන...."

මන් කිව්වේ.....

" හැමෝම හැමදාම සතුටින් ඉන්නෙ නෑනෙ...."

මන් ලොකු හුස්මක් පිට කරල සිනිදු වැල්ල දිහා බැලුවා....

" දිනිති අක්කා අන්තරා උනාලු නේද ?"

මන් අහද්දි එයා මගේ මූණ දිහා බැලුවෙ සෘජුව.....

" නිකේත් මට හැමදෙයක් ගැනම කිව්වා.... "

එයා බරැති සුසුමක් පිට කලත් ආයෙ ඒ ගැන මුකුත් කිව්වෙ නැහැ.....

" කෙනෙක් යන්නම ගියාට පස්සෙ ආයෙත් ජිවිතේ ගැන බලාපොරොත්තුවක් මට දුන්නෙ නිකේත්...."

එයා කියද්දි මන් එයාගෙ මූණ දිහා බලන් ඉදියා....

" ඔයා ඒ කෙනාට වෛර කරනවද ? මන් කිව්වෙ දාලා ගිය එක ගැන....."

එයාගෙ මූණෙ හිනාවක් ඇදුනා...

" ආදරෙයි වෛරයයි අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක් කියල කිව්වට........... ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ට කවදාවත් පිරෙන්න තරම් ආදරේ දුන්න හිතකට වෛර කරන්න බැ....!"

මගේ මූණෙත් සැනසිලිදායක හිනාවක් ඇදුනෙ මන් අත් දෙක සාක්කු දෙකට දාගෙන බිම බලාගනිද්දි....

" ඔයා තවම ඒ හිතට ආදරෙයිද ? මන් අහන්නෙ එදා කලා වගේ...."

මන් අහද්දි එයා ඈතක තිබුන එයාගෙ ඇස් ගෙනත් මගේ දිහා බැලුවා....

" එදත් , අදත් , හෙටත් මට සැනසීමක් දෙන්න පුලුවන් එකම හිතට මැරෙනකන්ම මම ආදරෙයි .....!"

මගේ ඔළුවට බර වෙන්න අතක් තියපු එයා මාව පාස් කරන් යන්න ගියේ මන් දෙඇස් පියාගනිද්දි.......

" ඔයා කොහොමද ඔහොම ආදරේ කරන්න ඉගෙනගත්තෙ?"

එයාට ඇහෙන්න මම කිව්වෙ එයා යන්න ගිය ගමන නතර කරල මන් දිහා බලද්දි....

" අවුරුදු ගානක් ගිහිල්ලත් වෙනස් නොවී , වෛර නොකර එදා වගේම ඉන්න මනුස්සයෙක්ට පුලුවන් ද ? ඔයා කොහොමද එහෙම ආදරේ කරන්නෙ...?"

" මට ආදරේ කරන්න ඉගැන්නුවෙ අවුරුදු දහ නමයක චූටි කොල්ලෙක්..... ආදරේ ඉගෙනගත්තෙ මන් ඒ දරුවගෙන්.... ආදරේ දෙන්න ඉගැන්නුවෙ ඒ දරුවා..... ආදරේ කරන්න කියල දුන්නෙ ඒ දරුවා.... මගේ ආදරේ උනෙත් ඒ දරුවම තමයි ...... අදටත් ඒක එහෙම්මයි.....දාලා ගිය තැන නැවතිලා මන් බලාගෙන ඉන්නව එයා ආයෙ එනකන්.... එයා ආයෙ ආවත් නාවත් මම වත් මගේ හිත වත් පොඩ්ඩක් වත් වෙනස් වෙන්නෙ නැහැ කියල මට සීයට දාහක් විශ්වාසයි..... "

එයා මගෙන් මිදිලා යන්න ගියෙ මන් ඇස් පියන් තද කරගනිද්දි....

එයා තවම ආදරෙයි !

ඒ පොඩි දරුවට........!

.
.
.
.

" අප්පච්චී එද්දි කීය වෙනවද ?"

" වෙලාවක් කියන්න බැහැ....."

" හ්ම්..... පරිස්සමෙන් යන්න අප්පච්චී ....."

අපිව බත්තරමුල්ලෙන්ම බස්සපු වාහනේ ආයෙ හරවගෙන යන්න යද්දි නිකේතුයි මමයි ගෙදරට ඇවිදගෙන ආවා.....

" අයියට අද වැඩක් තියෙනවද ?"

" විශේෂ දෙයක් නම් නැහැ නිකේත්.....ඇයි ?"

" මුකුත් නැහැ..... ඔයා මොකද කරන්නෙ කියල බැලුවෙ...."

" ම්ම්...... ඔයත් නිකන් නම් ඉන්නෙ........අපේ ගෙදර යමුද ?"

මන් අහද්දි නිකේත් ඔරලෝසුවෙන් වෙලාවත් බලලා ඔළුව වැනුවෙ හා කියන්න.....

නිවාඩු දවසෙත් නිකන් ඔහේ සිගරට් බිබී ඉන්නවට වඩා නිකේත් එක්ක කයියක් ගහන් ඉන්න එක මට සැනසීමක්......

.
.
.
.
.
.
.
.
.
.
🍁 ඊයෙ වැරදීමක් උනේ.....හොර ගෙඩියො ටික කියෙව්වා නේද ම්ම්ම්...... 🤣

🍁 බායි....

Continue Reading

You'll Also Like

8.4K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
400K 77.9K 130
🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර ය...
4.6K 814 10
යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ සහෝදරයා......
1.8K 510 8
~I wanna sleep next to you And I wanna come home to you I wanna hold hands with you I wanna be close to you~ 🚫 This is not an English book.This is a...