Hollow Spirit🍁 [ Zhanyi Comp...

By HashiHiru

402K 78.1K 41.4K

🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යාය... More

🍁 පළමු දිගහැරුම 🍁
🍁 දෙවන දිගහැරුම 🍁
🍁 තුන්වන දිගහැරුම 🍁
🍁 හතරවන දිගහැරුම 🍁
🍁 පස්වන දිගහැරුම 🍁
🍁 හයවන දිගහැරුම 🍁
🍁 හත්වන දිගහැරුම 🍁
🍁 අටවන දිගහැරුම 🍁
🍁 නමවන දිගහැරුම 🍁
🍁 දසවන දිගහැරුම 🍁
🍁 එකොළොස්වන දිගහැරුම 🍁
🍁 දොළොස්වන දිගහැරුම 🍁
🍁 දහතුන්වන දිගහැරුම 🍁
🍁 දහහතර වන දිගහැරුම 🍁
🍁 දහසය වන දිගහැරුම 🍁
🍁 දහ හත්වන දිගහැරුම 🍁
🍁 දහඅටවන දිගහැරුම 🍁
🍁 දහනමවන දිගහැරුම 🍁
🍁 විසිවන දිගහැරුම 🍁
🍁 විසිඑක්වන දිගහැරුම 🍁
🍁 විසිදෙවන දිගහැරුම🍁
🍁 විසි තුන්වන දිගහැරුම 🍁
🍁 විසිහතරවන දිගහැරුම🍁
🍁 විසිපස්වන දිගහැරුම🍁
🍁 විසිහයවන දිගහැරුම 🍁
🍁 විසිහත්වන දිගහැරුම🍁
🍁විසි අටවන දිගහැරුම🍁
🍁විසිනමවන දිගහැරුම🍁
🍁 තිස්වන දිගහැරුම🍁
🍁තිස්එක්වන දිගහැරුම🍁
🍁 තිස් දෙවෙනි දිගහැරුම🍁
🍁 තිස්තුන්වන දිගහැරුම🍁
🍁 තිස්හතරවන දිගහැරුම 🍁
🍁තිස්පස්වන දිගහැරුම🍁
🍁තිස්හයවන දිගහැරුම🍁
🍁 තිස්හත්වන දිගහැරුම🍁
🍁තිස්අටවන දිගහැරුම🍁
🍁තිස්නවවන දිගහැරුම🍁
🍁හතලිස්වන දිගහැරුම🍁
🍁 හතලිස්එක්වන දිගහැරුම🍁
🍁හතළිස් දෙවන දිගහැරුම🍁
🍁 හතලිස්තුන්වන දිගහැරුම🍁
🍁හතලිස් හතරවන දිගහැරුම🍁
🍁හතලිස් පස්වන දිගහැරුම🍁
🍁හතලිස්හයවන දිගහැරුම🍁
🍁හතලිස් හත්වන දිගහැරුම🍁
🍁හතලිස් අටවන දිගහැරුම🍁
🍁හතලිස් නමවන දිගහැරුම🍁
🍁 පනස්වන දිගහැරුම🍁
🍁පනස් එක්වන දිගහැරුම🍁
🍁පනස් දෙවන දිගහැරුම🍁
🍁පනස් තුන්වන දිගහැරුම🍁
🍁පනස් හතරවන දිගහැරුම🍁
🍁පනස් පස්වන දිගහැරුම🍁
🍁පනස් හයවන දිගහැරුම🍁
🍁පනස් හත්වන දිගහැරුම🍁
🍁පනස් අටවන දිගහැරුම🍁
🍁 පනස් නමවන දිගහැරුම🍁
🍁හැටවන දිගහැරුම🍁
🍁හැට එක්වන දිගහැරුම🍁
🍁හැට දෙවන දිගහැරුම🍁
🍁හැටහතරවන දිගහැරුම🍁
🍁හැටපස්වන දිගහැරුම🍁
🍁හැටහයවන දිගහැරුම🍁
🍁හැට හත්වන දිගහැරුම🍁
🍁හැට අටවන දිගහැරුම🍁
🍁හැට නවවන දිගහැරුම🍁
🍁හැත්තෑවන දිගහැරුම🍁
🍁හැත්තෑ එක්වන දිගහැරුම🍁
🍁හැත්තෑ දෙවන දිගහැරුම🍁
🍁 හැත්තෑ තුන්වන දිගහැරුම🍁
🍁හැත්තෑ හතරවන දිගහැරුම🍁
🍁හැත්තෑපස් වන දිගහැරුම🍁
🍁හැත්තෑහය වන දිගහැරුම🍁
🍁හැත්තෑ හත්වන දිගහැරුම🍁
🍁හැත්තෑ අටවන දිගහැරුම🍁
🍁 හැත්තෑ නමවන දිගහැරුම🍁
🍁අසූවන දිගහැරුම🍁
🍁අසූ එක්වන දිගහැරුම🍁
🍁අසූ දෙවන දිගහැරුම🍁
🍁අසූ තුන්වන දිගහැරුම🍁
🍁අසූ හතරවන දිගහැරුම🍁
🍁අසූ පස්වන දිගහැරුම🍁
🍁අසූ හයවන දිගහැරුම🍁
🍁අසූ හත්වන දිගහැරුම🍁
🍁අසූ අටවන දිගහැරුම🍁
🍁අසූ නමවන දිගහැරුම🍁
🍁අනූවන දිගහැරුම🍁
🍁අනූ එක්වන දිගහැරුම🍁
🍁අනූ දෙවන දිගහැරුම 🍁
🍁අනූ තුන්වන දිගහැරුම🍁
🍁අනූ හතරවන දිගහැරුම🍁
🍁අනූ පස්වන දිගහැරුම🍁
🍁අනූ හයවන දිගහැරුම🍁
🍁අනූ හත්වන දිගහැරුම🍁
🍁අනූ අටවන දිගහැරුම🍁
🍁අනූ නමවන දිගහැරුම🍁
🍁සිය වන දිගහැරුම🍁
🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁
🍁එකසිය දෙවන දිගහැරුම🍁
🍁එකසිය තුන්වන දිගහැරුම🍁
🍁එකසිය හතරවන දිගහැරුම🍁
🍁එකසිය පස්වන දිගහැරුම🍁
🍁එකසිය හයවන දිගහැරුම🍁
🍁එකසිය හත්වන දිගහැරුම🍁
🍁එකසිය අටවන දිගහැරුම 🍁
🍁එකසිය නවවන දිගහැරුම🍁
🍁එකසිය දහවන දිගහැරුම🍁
🍁එකසිය එකොළොස්වන දිගහැරුම 🍁
🍁එකසිය දොළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහතුන්වන දිගහැරුම🍁
🍁එකසිය දහහතරවන දිගහැරුම🍁
🍁එකසිය පහළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහසයවන දිගහැරුම🍁
🍁එකසිය දහ හත්වන දිගහැරුම🍁
🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁
🍁එකසිය දහ නමවන දිගහැරුම🍁
🍁එකසිය විසි වන දිගහැරුම🍁
🍁එකසිය විසි එක්වන දිගහැරුම🍁
🍁එකසිය විසි දෙවන දිගහැරුම 🍁
🍁එකසිය විසි තුන්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හතරවන දිගහැරුම🍁
🍁 එකසිය විසි පස්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හයවන දිගහැරුම🍁
🍁එකසිය විසි හත්වන දිගහැරුම 🍁
🍁 එකසිය විසි අටවන දිගහැරුම 🍁
🍁අවසාන (01 ) කොටස 🍁
🍁අවසාන කොටස 🍁
🍁HOLLOW SPIRIT 🍁

🍁හැට තුන්වන දිගහැරුම🍁

3.2K 645 312
By HashiHiru

" පැටියෝ..... නැගිටින්න...."

" ම්ම්ම්........."

" නැගිටල කිරි එක බොන්න....."

ඇස් කඩාගෙන යන හිරු එළියක් කාමරේට වැටෙද්දි අයියා මගේ නළලට සිපුමක් තියාගෙනම ගිහින් කාමරේ කර්ට්න් ඈත් කරල එළිය වැටෙන්න සැල්ස්සුවා....හොදටම එළිය වැටිලා....

" වෙලාව....?"

" දහය පහු දැන් ..... "

එයා කියද්දි මන් ඇදේ ඉදගත්තම එයා මට ඊයෙ ගලවපු බැගී ටී ෂර්ට් එක ඇන්දුවෙ මන් කකුල් පහළට දාලා ඇදේ ඉදගනිද්දි.....

" මේක බොන්න..... ම්ම් "

කිරි වීදුරුවක් එක්ක මන්චි චොක්ලට් බ්ස්කට් පැකට් එකක් දීලා එයා කියද්දි මන් ඔළුව වැනුවා....

එයා එහෙන්මම නැගිටල ඇද ගසද්දි මන් පොත් මෙසෙ පුටුවෙන් ඉදගෙන කකුල් එරමිණියා ගොතාගෙන බිස්කට් එක කිරි එකේ පෙගෙව්වා...

හිරුන්‍ය අයියා තාම කාමරේට ඇවිත් නෑ..... එයා කොහොමත් අයියටයි මටයි බාධා කරන්න කැමති නෑනේ.....

කාමරේ තිබ්බ කොස්සෙන් අයියා කාමරේ අතුගෑවෙ බෙඩ් ශීට්ස් ටික වොශින් මැෂින් එකට දාන ගමන්....

" පැටියො මේ ටික හේදුනාට පස්සෙ මතක් කරන්න උඩ ලොන්ඩ්‍රි රූම් එකේ ඩ්‍රයර් එකට දාන්න....නැත්තන් අද මේවා වේළන්න තැනක් නෑ...වැල් සේරම ගැලව්වනේ.... "

" ම්ම්ම්......."

එයා අලුත් බෙඩ් ශීට් එකක් අල්මාරියෙන් දාලා කාමරේ අතුගාලා කුනු ටික දොර මුල්ලෙන් තියල ඒසි එක ඕෆ් කළා.....

මෙහෙ මහ දවාලක් වෙනකන් උනත් හොදට නිදාගන්න පුලුවන් ....ඒසි එක නිසා ජනෙල් වලට ඝනකම කර්ට්න් එකක් දාලා තීන්නෙ... එළිය වැටෙන්නෑ ඒක අයින් කරනකන්....අනික ඒසි එක නිසා රස්නෙත් නෑනේ....

" ඔයා මොකද කළේ ?"

එයා නම් වොශ් එකක් දාලා අර කහ පාට ස්පෝර්ට්ස් ශෝර්ට් එකකට ටී ෂර්ට් එකක් දාන් ඉදියෙ.... සමහර විට අද කට්ටිය එහෙම ඉන්න නිසා එයා ටී ෂර්ට් එකක් අදින්නැති...

" කඩේ ගියා පැටියෝ..... උයන එක්කෙනා දැන් ටිකකට කලින් ආවෙ... පොඩි අල ළූණුවගයක් එහෙම ඔනෙ උන නිසා මන් ඒ ටික අරන් එන්න ගියා....."

" හ්ම්ම්.......කෑවද ?"

" ඔයා නැගිටිනකන් මාත් කැවෙ නෑ "

එයා කිව්වම මන් කිරි එක එක හුස්මට බිලා ගිහින් බාතෲම් එකට වැදුනා.... මූණ කට හෝදගෙන අලුත් ඇදුමක් දාගත්ත මන් අයියා එක්කම ආවෙ එළියට....

" මිස් කෝ ?"

" උයන්න ගහපු හට් එකේ.... "

කෑම මෙසෙට බෙදල තීද්දි එයයි මමයි මෙසෙන් ඉදගත්තා....

ඉදි ආප්ප..... පොල් සම්බෝලයි අල හොදියි මාළු කිරි හොද්දකුයි තිබ්බා....

එයයි මායි දෙන්නම බෙදාගෙන කෑවෙ බඩගිනි නිසා.... කොහොමත් උදේට නම් මට යකෙක්ට වගේ කන්න ඕනෙ.... බඩගිනී නේ....අනික උදේට කෑවම තමයි දවසෙම එනර්ජි එක ඇගට දැනෙන්න්නේ....

" අයියේ Asian cup එක පටන් ගත්තා නෙහ්...."

" ම්....... "

" මට බලන්න වෙන්නැනෙ සැක්...අද විතරයි බලන්න පුලුවන් .."

විභාග බීසනේ.....

" මන් බලලා ඔයාට විස්තර කියන්නම්...."

අයියා කිව්වම මන් හිනා උනා...

" ආ සුදු අක්කේ...... මේ ඉන්නෙ අභූ...."

කාලා ඉවර වෙලා කෝලිකුට්ටු කෙහෙල් ගෙඩියක් ගිල ගිල උන්න මාව පෙන්නල තාමත් කන ගමන් ඉදිය අයියා කිව්වෙ අපි ළගින් යමින් ගමන් ඉදපු උස සුදු අක්කා කෙනෙක්ට....

ඒ අක්කා මන් දිහා බලලා හිනාවෙලා ඉදගත්තෙ කෑම මෙසෙන්....

" අභූ මේ ඉන්නෙ මයෝමි අක්කා....අපේ ලොකු අම්මගෙ දුව....."

" ආහ්...."

මන් ලාවට හිනා උනාම ඒ අක්කත් හිනා උනා..

" අම්මෝ මම නම් අභූව දන්නවා ඉතිං ....."

ඒ අක්කා හිනාවෙලා කියද්දි මන් කෙසෙල් ගෙඩිය ඉක්මනට ගිල්ලා...

" අක්කා කාලද ?"

" ඔව් මල්ලි... මන් කාලා ආවෙ...."

" පැටියෝ ! ඔයාට පුලුවන් නේ අක්කටත් සාස්තරයක් කියන්න "

" කැහ්හ්....කැහ්හ්..... මොකක් ??"

" ඔයා අර මට කියනව වගේ අක්කටත් පොඩ්ඩක් කියන්නකො.... "

අක්කත් මගේ මූණ දිහා බලන් ඉද්දි මන් පපුවටත් අත තියන් අයියා දිහා බැලුවා.....හරිනෙ අමාරුව....

" අක්කේ කෝ ඔයාගෙ අත දෙන්න.... මෙයාට පුලුවන් අනාගතේ ගැන කියන්න....."

අක්කා අත දික් කරද්දි මන් අයියා දිහායි අක්කා දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.....

" ආහ්.....මෙ... මෙ... අතෙ.. නම්.. මේ... අර අල්ලෙ...රේඛා පේන්නෑ...නෙ..."

මන් කිව්වෙ කටට ආව උත්තරෙ...

" ඇ....මේ පේන්නෙ මල්ලි..."

එයා අත් දෙක දිහා බලලා අයියට පෙන්නල කියද්දි අයියා මන් දිහා බැලුවා....මන් ලස්සනට හිනා උනා...

" නැ....නැ....මන් කිව්වෙ මේ.... පොඩ්ඩක් මට...පැහැදිළි නෑ...වගේ...."

අනේ හිරුන්‍ය අයියේඒඒඒ....

මන් වටපිට බලද්දි කොහෙන්ද මන්දන්නෑ මට හිරුන්‍ය අයියගෙ කටහඩ ඇහෙන්න ගත්තා....

" ඇද්ද බොට....?"

සැක්.....

" ඔයා මට කිව්වා වගේ කියන්න පැටියෝ...."

අයියා කියද්දි මන් වශී වෙලා වගේ ඒ අක්කගෙ අත දිහා බලන් ඉදියා....

" දැන් ඉතිං අහපන් අවුරුදු අටක ආදරේ නැති උනා නේද කියල ...."

ජයවේවා හිරුන්‍ය අයියේහ්හ්හ්... උදව් කරන්නකො.... නැත්තන් අයියට මාව අහුවෙයි...

" ම්ම්ම්...... මට දැන් තමයි පැහැදිළිව් පෙවුනෙ.... අවුරුදු අටක ආදරේ අහිමි උනා නේද ??"

අර අක්කා පුදුමෙන් අයියා දිහා බලද්දි අයියට කටට දාගන්න ගිය ඉදි ආප්පෙත් එහෙන්මම පිගානට වැටුනා....

" ඇත්තද බොරුද ??"

මන් අහද්දි ඒ අක්කා ශොක් වෙලා වගේ ඔළුව වැනුවා....

හිරුන්‍ය අයියෙ තව මොනාහරි කියන්නකෝ......

" ඇත්තමයි ඔහේගෙන් මන් උපරිම ප්‍රයෝජන ගන්නව කෙසේ වෙතත් ඔහේ මගෙන් උපරිම ප්‍රයෝජන ගන්නව...."

හිරුන්‍ය අයියා කියනව ඇහුනෙ පිටිපස්සෙ ඉදන්....සැක්....

" ළමයි නෑ නේද අහපන්... ඒ ගැන වද වෙනව නේද කියල අහපන්..."

එතකොට දැන් මෙයා බැදලද ?

" අක්කේ ඔයා බැදලද ?".

" ඔ...ව්......"

අක්කා ඔලුව වැනුවා....

" ළමයි නැතුව දුක් වෙනව නේද....?"

අක්කා අයියා දිහා බලලා ඔළුව වැනුවා....

" තව මාස දෙකක් ඉවසන්න කියන්න අභූ...."

හිරුන්‍ය අයියා කිව්වෙ.....සැක්.... නරක දේවලුත් හිතෙනව ඒ අස්සෙ....හැබෑටම හිරුන්‍ය අයියා ඒක දන්නෙ කොහොමද....

" තව මාස දෙකකින් .... ඔයා ප්‍රෙග්නට් වෙනවා...."

අක්කා පපුවට අතක් තියාගත්තා....

" ඔය...ඇ...ත්තමද... අභූ....මල්ලි ?"

" ඔව්.... මට සාමාන්‍යෙන් වැරදි දේවල් පේන්නෙ නෑ..... අනික මන් කරන හැමදේම නිවැරදි වගේම මන් කියන දේවලුත් නිවැරදි...."

ගැම්මක් බ්‍රෝ....

මන් පුටුවට හේත්තු උනාම ඒ අක්කා ගල් වෙලා බලන් ඉන්න ගොන් බඩුවගෙ අතින් අල්ලගත්තා....

" අනේ මට හරි සතුටුයි තිසෙව්.......ඔයාට ඉන්නෙ ලෝකෙ ඉන්න හොදම boyfriend ....ඔයාලා දෙන්නගෙ සම්බන්ධෙට මන් ඕනෙම උදව්වක් කරන්නම්.... මට ඒ තරම් සතුටුයි...."

" දැන් මන් මෙහෙම කිව්වා කියල අක්කේ ඔයාලා එදිනෙදා කරන දේවල් නවත්තන්න එහෙම එපා හොදද.....කොහොමත් එදිනෙදා දේවල් එදිනෙදා කරන්න.... "

මල මගුලයි නැත්තන්...

" අනේ ඔව් මල්ලි.... මගේ හස්බන්ඩ් මෙේ දවස් වල බයික් එකෙන් වැටිලා දණිස් තුවාල වෙලා.... අපි කිහිප වතාවක් ඩොක්ටර් හම්බෙන්න ගියාමත් ඩොක්ටර් කිව්වා අනිවාරෙන් හැමදාම මහන්සි වෙන්න කියල ...ඒත් මේ මනුස්සය කකුල් දෙක කඩාගෙන නේ..... මොනව උනත් මට මාර සතුටුයි මල්ලි.....මන් ඉක්මනට මෙේක හස්බන්ඩ්ට කියල එන්නම්...."

ඒ අක්කා ඉක්මනට දුවද්දි මන් ආයෙ කෙහෙල් ගෙඩියක් කටට ඔබාගත්තෙ ගැම්මෙන්.... ශ්‍රාස්ත්‍රපති අභූ මහේෂ්වරි...

" පැ..ටි...යො ?"

" ම්......."

" උඹට...ඇත්තටම....පේනවද බන් ?"

" නැත්තන් ඉතිං ඔයා හිතන් ඉන්නෙ මට මේ දේවල් හිරුන්‍ය අයියා කියනව කියලද.... මේවා මට පේන දේවල්.... ටික වෙලාවක් යනව ඒක පේන්න...ඒක ඇත්ත... ඒත් අයියේ ඔයා පිළිගන්න.... මන් අනාගතේ දකිනව...දැන් වත් පිළිගන්න අනාගතේ ටොප් මම... අනාගතේ දකින නිසයි මන් මෙහෙම කියන්නෙ....."

අයියා මන් දිහා අමුතුවට බලන් ඉදියා....

කාලා ඉවර වෙලා අයියාට අප්පච්චී කතා කරද්දි එයාට අප්පච්චී එක්ක කොහෙහරි යන්න උනා.... පස්සෙ මම කුස්සිය පැත්තට ආවෙ මිස්ව හොයාගෙන.....

මිස්ලා බරටම වැඩ...රෑට බණ අහන්න එන අයට කෑම උයන්න කෝකියෙක් ඇවිත් ඉදියා... එයාට උයන්න එළවළු , ලූනු එහෙම කපල තියන්න කිව්වා.... මිස්ටත් බරටම වැඩ....

පස්සෙ මම ටිකක් වෙලා මිස් එක්ක කයියක් ගගහ ඉදල සාලෙට එද්දි අයියා පෝන් එකත් කනේ ගහන් පොතකින් කාගෙහරි නමබර් එකක් බලන් කෝල් එකක් ගන්නව....

සාලෙ කවුරුත් නෑ ....මන් හෙමින් සැරේ පිටිපස්සෙන් ගිහින් එයාගෙ ඉන වටේ අත් දෙක දාලා එයාව බදාගත්තා...

" කවුරුත් නැති තැන ලන් වෙමු අපි ගේ මැද සාලේ......"

මන් කිව්වෙ එයාව බදාගෙන මගේ පස්ස වනන ගමන්....ඒකව වනන්න මට යෝධ බල යෝධ ශක්තිය ඕනෙ...

" හෙලෝ...... නිමාලි නැන්දෙ මේ මාමගෙන් අහන්නකො එහෙද අර උස ඉනිමග කියල ..... "

" මට ඉන්න හිතුනා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගෙ....."

මන් කිව්වෙ එයාගෙ ඉන වටේ අත් තද කරන් මගේ පස්ස කරකවන ගමන්....

" ආ ඔව් ඔව් ....නැන්දෙ , මාමට කියන්නකො ඉනිමග අරන් එන්න කියල .....මේ ගෙදර බල්බ් වගයක් මාරු කරගන්න තීනව උඩ තට්ටුවේ...."

" ඔය දිස්නෙ ගහන ලස්සන පොඩි ඇස් දෙක මාගේ......"

පොඩි නෑ තඩී හරිද....එයාගෙ හැම එකම තඩී....ම්ම්ම්ම්..... ම්ම්ම්ම්ම්....එව්ව්ව්......

" ඔව් ඔව් ...... හරි නැන්දෙ ආ කමක් නෑ තව ටිකකින් එවන්නකො එහෙනම්....හරී "

" මට ඉන්න හිතුනා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගේ...ඔය දිස්නෙ ගහන ලස්සන පොඩි ඇස්දෙක මාගේ....."

එයා පෝන් එක කට් කරල මන් දිහා බෙල්ල කරකවල බැලුවා.....

" ම්ම්ම් ??"

මන් එයාට ෆ්ලයින් කිස් එකක් දුන්නා....

" අර බබයියො තුන් දෙනාට කන්න දුන්නද...මන් දීලා එන්නද ?"

" මන් උදේ කන්න දුන්නා..."

" ඒ උදේනේ .....දැන් දවල්නෙ... මන් කන්න දීලා එන්නද ?"

" හ්ම්ම්....."

එයාගෙ කුක්කුවක් මිරිකගෙනම මන් දිව්වෙ උඩ තට්ටුවට.....

දවල් දරුව ගෙවුනෙ ඔය විදිහට...ඉන් පස්සෙ එහෙ බලලා මෙහෙ බලද්දි ආවස් වරුව උදා උනේ ගෙදර හැමෝවම කාර්‍යබහුල කරල...
.
.
.
.

සුන්දර ඇසළ සද බබලන අහස මත..
පින්බර දිනක මම අම්මා කෙනෙක් උන..
පෙම්බර මගේ පණ මල බදු සමිද ඔබ..
වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට......

දන්නා නමුත් හැරයන බව යම් දිනෙක..
නැහැ වලකන්නෙ ඔබ යන මග කිසි විටෙක...
පිසදා කදුළු මදහස නගමින් නිබද...
බල බල හිදිමි බුදු වී එන තුරුම අද...

වෙලාව හවස පහට වගේ ඇති....අයියලගෙ වත්තෙ ලොකු කණුවක් ගහල අර ලොකු ස්පීකර් එකක් හයි කරල බෆල් එකෙන් මුලු ගමටම ඇහෙන්න මාරම හිත නිවන කවි පද පේලියක් යද්දි මන් අයියගෙන් ඇහුවා ඒ මොකද්ද කියල ...එයා කිව්වා යසෝදරා කවි කියල .... සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙයින් නික්මිලා බුදු වෙන්න යද්දි යසෝදරාව රාහුල කුමාරයා එක්ක තනි වුනා කිව්වා..... ඒත් යසෝදරා දේවි කවදාවත් තමන්ගෙ ස්වාමියට වෛර කළේ නැහැ කිව්වා.... ඉක්මනට බුදු වෙන්න බුදු බව ප්‍රාර්ථනා කළා මිසක කිසිම තරහක් තිබුනෙ නැහැලු.... සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් ගියාට පස්සෙ යසෝදරා දේවි සුදු වස්ත්‍ර විතරයි ලු ඇන්දෙ.... උස් ආසන වල ඉදගත්තෙ වත් නැහැලු.... ඒ දේවල් අහද්දිත් පුදුමයි... අන්තිමට සිද්ධාර්ථ කුමාරයා බුදු වෙලා අවසානයේ මාළිගාවට වඩිද්දි යසෝදරා දේවියට ඇඩුනලු..... එතුමිය පොළවෙ දණ නමල බුදුහාම්දුරුවන්ගෙ දෙපා සිපගත්තලු කදුළු පිටින්ම...ඒක අහද්දි මට දුකත් හිතුනා.... මන් ඒ දේවල් මීට කලින් අහල තිබ්බෙ නෑ.... මන් ඕලෙවල් වලට බුද්ධගම වෙනුවට කළේ ශෛවනෛරි නිසා...... අපේ ස්කෝලෙ හින්දු විද්‍යාලයක් නිසා ඒ පහසුකම් අපිට තිබ්බා.....

දැන් මෙහෙම යසෝදරා කවි ඇහෙද්දි හිතේ මාරම හැගීමක් මට දැනෙනව.... මන් ඉදියෙ එළියෙ මිදුලෙ අඹ ගහ යට බංකුවෙන් ඉදගෙන .....

" පැටියෝ........පැටියෝ...පැටියෝ..!!."

සැක්......

මන් බෙල්ල හරවල බැලුවෙ ගේ දොරකඩ ඉදන් මගේ නික් නේම් එක කියන එයා දිහා....

" තරහ නැතුව මේ කවරෙට මල් ටිකක් කඩන්නකො පැටියෝ...."

" හ්ම් "

" මල් ටික කඩල ඇග සෝදගෙන සුදු එකක් දාගන්න....සුදු ටී ෂර්ට් එකක් ගෙනාවද ? නැත්තන් මගේ එකක් ගන්න.."

" හ්ම්.....අම්මා කිව්වා දාගන්න කියල ...."

" හ්ම්....ඒක ඇදගන්න....ආ සුදු මල් කඩන්න...ගොඩක් ඕනෙ හොදේ"

" හ්ම් "

එයා මට ෂොපිං බෑග් එකක් දෙද්දි මන් ඒක අරන් ආවෙ වත්තෙ තිබ්බ සුදු මල් ගහ ළගට......

එයාට හරියට වැඩ.... එහෙන් උයන වැඩ වලට මදිපාඩු ගේන්න කඩේ යනවා ආයෙ බණට එන අය එක්ක කතාත් කරන්න ඕනෙ දවල් වරුවෙන් පස්සෙ මන් එයාව ඔය දැක්කමයි....

මන් මලෙන් මල කඩල ෂොපිං බෑග් එකට දැම්මෙ අයියා ආයෙ කාර් එකේ යතුර අරන් කොහෙටදෝ යද්දි......

අහළ පහළ තිබ්බ ගස් වලිනුත් ෂොපිං බෑග් එක පිරෙන්නම මල් කඩාගෙන මන් ගෙට ඇවිත් මල් ටිකට පැන් ගහල පැත්තකින් තිබ්බා.....

මන් කාමරේට ගිහින් ඇදුම් ගලවල දාඩිය යන්නත් එක්ක හොද හැටි නා ගත්තා.... නාලා කළු ඩෙනිමට සුදු ටී ෂර්ට් එකක් ඇදල කොණ්ඩෙ පිළිවලකට පීරගෙන කාමරේ තිබ්බ මන්චි චොක්ලට් බිස්කට් එකෙන් එකක් කටට ඔබාගෙන ආවෙ සාලෙට.....

එතකොටම වගේ සදෙව් අයියා එක්ක ලොකු පෙට්ටියක් උස්සන් අනික් අතට රතු නෙළුම් මල් මිටියක් උස්සන් අයියා ඇවිත් එක මට දීලා ගියේ කුස්සියට.....

සාලෙත් තැනින් තැන බණ අහන්න මිනිස්සු ඇවිත්.....තේ බොනව කතා බහ කරනව.... එළියෙත් කිහිප දෙනෙක් ඉදගෙන ඉදියා සුදු ඇදගෙන.....

මිසුත් සුදු දිග සායකට බ්ලවුස් එකක් ඇදන් ඉදියේ....මිස්ටත් හරි වැඩ.. එහෙට යනව මෙහෙට යනව ....ඇවිත් ඉන්න අය එක්ක කතා කරනව.....ආයෙ තේ ගේනවා....කුස්සියේ වැඩත් බලන්න එපැයි.. අප්පච්චීව නම් ඇහැට දැක්කෙත් නෑ මන්...

ඒත් එක්කම කොස්සක් අරන් කුස්සියෙන් ආව අයියා නෙළුම් මල් පොකුර අතේ තියන් උන්න මන්දිහා ටිකක් වෙලා බලන් ඉදියා....

" ඕක අතනින් තියන්න...."

කටට පුරවගත්ත හිනාවක් එක්ක එයා කියද්දි මන් මල් පොකුර සාලෙ කොනක උසට හදල තිබ්බ තහඩු මෙවෙකක් උඩින් තිබ්බා....මන් දන්නෑ ඒ මොකද්ද කියල .....

" ඔයා මොකද්ද කරන්නෙ...."

" සාලෙ පොඩ්ඩක් අතුගාලා පැදුරු ටික දාන්න ඕනෙ..."

" මන් කරන්නද....?"

" එපා පැටියො...දැන් හෝදගෙනත් නෙ ඉන්නෙ.... ඔයා අම්මගෙන් පිරිසිදු සුදු රෙදි දෙකක් ඉල්ලන් එන්නකො ගිහින්.."

" හ්ම්ම්....."

එයා මගේ කම්මුලක් අතගාලා කියද්දි මන් මිස්ව හොයාගෙන කුස්සියට ආවා..... සුදු රෙදි දෙක හොයාගෙන මන් ආයෙ එද්දි අයියා මුළු සාලෙම පුටු අයිනට අයිනට කරල මැදට පැදුරු දාලා තිබ්බා.... ඉස්සරහටම වෙන්න ලොකු පුටුවක් තියල තීද්දි අයියා මන් ගෙනත් දුන්න සුදු රෙද්ද ඒකෙන් දැම්මා...හාමුදුරුවො ඉදගන්න පුටුව වෙන්නැති....

" දැන් අර මෙසෙට ඔය සුදු රෙද්ද දාලා පැටියා කඩපු මල් වලින් මල් ටිකක් මෙසෙ පිළිවලට හදලා බුදු පිළිමෙ තියන්න.... පහන පත්තු කරන්න පුලුවන් වෙන්න....පහන පත්තු කරන්න එපා දැන්ම.....එතකොට අතන පැටියො කරඩුව වැඩම්මවන තැන... එතනත් මල් පිළිවලට හදල මැදින් ඉඩ තියන්න කරඩුව තියන්න....ම්ම්.... .."

" කරඩුවක් කිව්වෙ ??"

" හනේ....පැටියට මන් මේ කියන ඒවා තෙරෙනවද ඉතිං ? අයියා කියවගෙන කියවගෙන යනව නේද.... "

අයියා ඇහුවෙ මගේ කම්මුලෙන් අත තියාගෙන....

" හ්ම් ..මන් කරන්නම්.....බුදු පිළිමෙ කෝ ?"

" අම්මගෙන් ඉල්ලගන්නකො පැටියො.... මන් ටක් ගාලා වොශ් එකක් දාගෙන එන්නම්....හාමුදුරුවො වැඩම්මන්න යන්නෙපැයි...."

" හ්ම් "

" අයියා පැටියගෙන් වැඩ ගන්නව නේද ?"

එයා ඇස් සිහින් කරල මගේ නහයට තට්ටුවක් දාලා කියද්දි මන් හිනා උනා.... එයා උඩට යන්න ගිහින් ආයෙ මන් දිහා බැලුවෙ මන් එයා දිහා බලන් ඉද්දි...

" ඔයා අද හරිම පින් පාටයි මගෙ පැටියෝ....."

මගේ නළලට හාදුවක් තියල එයා ආයෙ උඩට ගියේ මන් වටපිට බලද්දි...කුස්සියෙ ඉදන් ආව සදෙව් අයියා ඇරෙන්න වෙන කවුරුත් දැක්කෙ නෑ වෙලාවට.....

" මුන්ට පෙම් කරන්නයි අපි මෙතන මැරීගෙන වැඩ කරන්නයි ??"

සදෙව් අයියා කිව්වෙ නෝක්කාඩුවෙන් වගේ....

" ජෙලස් නේහ්....?මන් ලව් කරනව බලන් ඉන්න බැහ් නෙහ් ?"

මන් ඇහුවෙ ඇහැක් ගහල...

" ඔව් ඔව්...."

ඒකා එහෙන්මම එළියට යද්දි මන් සාලෙ තිබ්බ මෙසෙ ළගට ගිහින් සුදු රෙද්ද එළලා මිස් ගෙනත් තියපු බුදු පිළිමය වටේට සුදු මල් තියල අලුත්ම පහනකට තෙල් දාලා හැදුවා....හදුන්කූරු පත්තු කරන්න තැනත් හදල මන් නෙළුම් මල් දෙකක් කඩල එතන මැදින් තිබ්බෙ ලස්සනට.....

එහෙමම කරඩුව තියන තැනටත් මල් පිළිවලට හදද්දි එකපාරටම මගේ නළලට වැටිලා තිබ්බ කෙස් කෑල්ලක් කන පිටිපස්සට උනේ මන් ගැස්සිලා අයියා දිහා බලද්දි....

" ම්ම් ?"

" ම්හ්..... "

එයා එහෙන්මම මගේ ඔළුව අතගාලා එළියට ගියේ මන් මල් ටික ඉක්මනට පිළිවෙළක් කරද්දි...

( ළමයි මන් මේ කියන දේවල් පැත්තෙන් පැත්තට වෙනස් වෙන්න පුලුවන් ....අපේ අම්මගෙ මහ ගෙදර තිබ්බ බණක් වෙලාවෙ බණට කරඩුව වැඩම්මෙව්වෙ නෑ...දානෙට විතරයි ...ඒත් අපේ පැත්තෙ ගෙදරක බණටයි දානෙටයි දෙකටම කරඩුව වැඩම්මෙව්වා..... මන් හිතන්නෙ ඒකත් පැත්තෙන් පැත්තට වෙනස්ද කොහෙද....)

" අම්ම්මා......අම්මා..... කෝ අනේ අර පාවඩ රෝල......අම්ම්මා.....!!"

" තියපු තැන අප්පච්චීගෙන් අහන්නකො....... මටම කෑ ගහන්නෙ...."

" අප්පච්චීගෙන් ඇහුවම කියනව අම්මගෙන් අහන්නලු..... මන් දැන් කාගෙන්ද අහන්නෙ මේක....කඩෙන් ගිහින් ගේන්නද ?? ආ ??"

" පොඩ්ඩක් කෑ නොගහ ඉන්නකො චූටි පුතා....ඉන්න හොයල දෙනකන්..... සේරම වැඩ මමම කරන්න ඕනෙ....පොඩ්ඩක් ඕක හොයල ගන්න බෑ....."

අයියා මහ හයියෙන් කෑ ගහගෙන යද්දි මිසුත් කෑ ගහගෙනම ගියේ මන් දොරකඩ උළුවස්සට හේත්තු වෙලා බලන් ඉදියෙ වත්ත දිහා...අද නම් මුළු වත්තම සුදු ඇදුම් වලින් පිරිලා...පාළු නෑ.....

පස්සෙ අයියා ලොකු සුදු පාට රෝලක් අරන් ඇවිත් මාවත් අඩගහන් ගියේ ගේට් එක ළගට.....ඒක පාවඩයක්....තැනින් තැන රෝස පාටින් සෙටින් රෙද්දෙන් ලොකු නෙළුම් මල් තැනින් තැන මහ තිබ්බා.... ඒක වැරන්ඩා එක ළගටම දිගයි.... ඒක හදල එයා එහෙන්මම සදෙව් අයියවයි අප්පච්චීවයි හොයන් ගියේ මන් ආයෙ ගෙට එද්දි......

මන් ගෙට එද්දි කවුරුත් නැති සාලෙ බිම සුදු මල් මාලයක් දාලා තිබ්බ ලොකු පොටෝ එක දිහා බලන් හිරුන්‍ය අයියා ඉන්නව සාක්කු දෙකට අත් දෙක දාගෙන....

" ඔයා එතන හෙන හැන්ඩ්සම් ඒයි "

එයාගෙ අත් ගොබේකට ඇනල මන් කිව්වෙ.... එයා එතන ඉදියෙ නේවි යුනිෆෝම් එකෙන්..... මාරම ගාම්භීර පෙනුමක් එතනදි තිබ්බෙ...

" මට දැනෙන්නෙ මොන තරම් කලකිරීමක්ද කියල ඔයා දන්නෑ අභූ "

" දැන් ඉතිං දුක් උනා කලකිරුනා කියල වැඩක් නෑ කියල ඔයාමයි මට කිව්වෙ...."

" ඒක ඇත්ත....."

එයා කිව්වෙ ලාවට හිනාවෙලා.....

" උන දේවල් ආපස්සට ගන්නත් බෑනේ.... ඒත් සිද්ධ උනේ මහා ලොකු අපරාධයක්...."

" උන්ට සමාවක් නෑ අභූ..... කොහෙත්ම සමාවක් නෑ.... කාගෙන් සමාව ලැබුනත් ස්භාවධර්මයෙන් සමාවක් නෑ.."

" හ්ම්ම්..... ඔයා කියන එක ඇත්ත හිරුන්‍ය අයියේ...... මන් කියන්නෙ උන් ආයෙ ඊළග ආත්මෙ ඉපදෙන්න ඕනෙ කැතම කැත උණහපුළු පැටියෙක් වෙලා...සැක්..... ලස්සන කියන එක නම් උන්..........."

" අභූ !!!"

ඒත් එක්කම පිටිපස්සෙන් අප්පච්චීගෙ හැගුම්බර කටහඩ ඇහෙද්දි මන් ගැස්සිලා පිටිපස්ස බැලුවා.....

කළු ට්‍රවුසර් එකට සුදු ශර්ට් එකක් ඇදල එයා මන් දිහා බලන් ඉදියෙ එතන සදෙව් අයියා වගේම අයියත් ඉද්දි.....

මන් එහෙන්මම හිරුන්‍ය අයියා දිහා බැලුවම එයත් පිටිපස්ස හැරිලා එයා දිහා බැලුවා....

" අභූ.....??"

අප්පච්චී මගේ අත් දෙක අල්ලගනිද්දි මන් අයියා දිහා බැලුවා.....

" මගෙ...දරුවා... ඉන්..නවද.. අභූ ? "

"..............."

එයාට කතා කරගන්න බෑ...ඒත් එයා ගොඩක් ශක්තිමත් ...එයාගෙ දෑත් වලට මගේ සිනිදු දෑත් හිර වෙද්දි එයාගෙ ගැඹුරු කටහඩින් එයා කතා කළත් එයාව තැන තැන ලොක් වෙනව.... පිටට මොන වගේ දරදඩු හමුදා නිළධාරියෙක් උනත් එයත් අප්පච්චී කෙනෙක්....

" ම්ම්.........."

" ම්....හ්ම්......"

අප්පච්චීගෙ දෑස් දිලිසෙනව....එයා මල් මාලයක් දාපු පොටෝ එක දිහා බලද්දි මන් දැක්කා සදෙව් අයියා ඇස් වල බැදුණු කදුළු පිහිදගන්නව....

" එයා....හොදින්...ද....අභූ.....?"

අප්පච්චී අහද්දි මන් හිරුන්‍ය අයියා දිහා බැලුවත් එයා සාක්කු දෙකට අත් දෙක දාන් ගිහින් කෙළවරේම පැදුරකින් කකුල් එරමිණියා ඔතන් ඉදගත්තෙ මන් ලොකු හුස්මක් පිට කරද්දි....

" හ්ම්....එයා හොදින්.... "

" එ........."

" අප්පච්චී අපි යන්.... පරක්කු වෙනව..."

අයියා කිව්වම අප්පච්චී හොද හුස්මක් ගත්තා.... එහෙන්මම මගේ ඔළුවත් අතගාගෙන එයා යද්දි මන් අයියයි සදෙව් අයියයි දිහා බැලුවා...

මන් දිහා බලපු සදෙව් අයියත් මගේ පිටට තට්ටු කරල යන්න යද්දි අයියා මගේ කම්මුලක් පිරිමැද්දා.....

" මන් ඉක්මනට එන්නම්....."

" හ්ම්ම්....."

එයා යද්දි මම හිරුන්‍ය අයියා ළගින් ඉදගත්තෙ නාකි සීයා වගේ බිත්තියට පිට දීලා.....

" අර පහන පත්තු කරන්න..."

" මට බෑ.... මන් ටැමිල් නේ...."

" පහන පත්තු කළා කියල ඔයාව කවුරුත් එළවන්නෑ...."

" ඒ උනාට ඒක හරි නැහැ නේ...."

" බුදුන්ට පහන තියන එක හිතට පුදුමාකාර සැනසීමක් ගේන දෙයක් අභූ....... මල් ටිකක් පූජ කරල පහනක් පත්තු කරල ඒ දිහා බලන් ඉද්දි ඒ දැනෙන හැගීම......හ්ම්ම්... සල්ලි වලට ගන්න බැරි දේවල්...."

" ම්ම්..... "

" ඉස්සරහට ලොකු දෙයක් සිද්ධ වේවි..."

" කවද්ද ?"

" ඒත්....ඒ සිද්ධ වෙන දේවල් ඒ විදියටම සිද්ධ වෙන්න අරින්න අභූ..... ඒ දේවල් වෙන්න පුලුවන් හොදම විදිය තමයි ඒක......"

" මේ.... මන් විභාගෙ පාස් වෙනවද ?"

මන් ඇහුවෙ කාලීන ප්‍රශ්නයක් .....

හිරුන්‍ය අයියා මන් දිහා බලලා මගේ ළගට ලන් වෙලා දබර ඇගිල්ල නමල ටොක් ගාලා නළලට එකක් ඇන්නා.....

" ආව්....."

" මහන්සි වෙන්න.... තව පොඩ්ඩක් වැඩියෙන් මහන්සි වෙන්න...."

" හනෙව්.... මට දැන් එපා වෙලා ඉන්නෙ.... මගුල මේක ඉවරයක් වෙන්නෙත් නෑ...කල් යනව ඉවරයක් නැ.....මට එ......"

ඒත් එක්කම මන් කට වහගත්තෙ මිස් ගිනිපෙට්ටියක් අරන් සාලෙට ආව නිසා... මිස් පහන පත්තු කරල හදුන්කූරු ටිකත් පත්තු කරල යන්න යද්දි සාලෙට ටික ටික සෙනග පිරුනා....ඒත් මායි හිරුන්‍ය අයියයි ඉදියෙ හෙන අස්සක නිසා මන් එච්චර කතා කළාට ගානක් නැ..

" නක්ෂත්‍ර දුරේක්ෂයේ සාමාන්‍ය සීරුමාරුවේ සමීකරණෙ මොකද්ද....?"

" F අවනෙත බෙදීම F උපනෙත..."

" සැක් මට මතකත් නෑනේ යකෝ ඒක.... එතකොට එතකොට ම්ම්ම්....... ආ.... කාණ්ඩ විශ්ලේෂණයෙදි හයිඩ්‍ර්ජන් සල්ෆයිඩ් වලින් බුබුළනය කළාම කළු පාට වෙන්නෙ මොනාද ?"

" pbs ,cus , Hgs , Bi3S3 "

සැක්.....

" ඔයාගෙ රිසාල්ට් එක කීයද ?"

" AAB district 78 "

" හෑ....... එතකොට ඔයාට ඉන්ජිනියරින් එන්නැති නේ...."

" හ්ම්ම් "

" මල්ලිට වඩා නම් හොදයි... මල්ලි අමු ගොනානේ....කෙමෙස්ට්‍රි S "

" උබ කරල පෙන්නපංකො..... මේ යන විදියට මට සැකයි ඔහෙ F එකක් අරන් එයිද කියල ...."

" මොනා උනත් දුර පේන ඔයා ඔහොම කියද්දි මට දුකයි.... මන් .... කළු ගගට පැනල මැරෙන්නද ?"

" මැරියන්....."

" එතකොට මන් අන්තිම මොහොතෙ අයියව මතක් කරන් පයිනව... අම්මෝ එතකොට මට ටොප් වෙලා ඉපදෙන්න පුලුවන් ......"

" නෙද්දකින් බන් උඹ නම්..."

" හිරුන්‍ය අයියෙහ්හ්..... මාව ටොප් කරල දෙන්න ඔයාට කීයක් ඕනෙද ?"

" වැඩිය ඕන්නෑ අභුවො... ලක්ෂ පන්සීයක් හයසීයක් වගේ....."

" සිරාවටම..... මන් වකුගඩ්ඩක් විකුණල දෙන්නද ඔයාට....."

" ඊට වඩා හොද නැද්ද උඹ තිසෙව්ගෙ බොටම් වෙන එක...."

" අනෙ පිස්සු කොල්ලාහ්..... කොහොමත් තිසෙව්ගෙ ටොප් මම තමයි .... එන්නෙපා ඕවට හරිත.... අයියවයි මල්ලිවයි දෙන්නවම ගස් බදින්නෙ ගස්.... "

ඒත් එක්කම ඇවිත් උන්න අය සේරම වගේ නැගිටිද්දි මමයි හිරුන්‍ය අයියයිත් නැගිට්ටා.....

අයියා පාවඩ මැද්දෙ ඔළුව උඩින් කොට්ටයක් තියාගෙන ඒක මතින් කරඩුව තියාගෙන ශ්‍රද්ධාවෙන් කරඩුව වැඩම්මවද්දි සදෙව් අයියා කහ පාට දිලිසෙන කුඩේ ඒකට ඉහළින් අල්ලන් ඉදියා..... ඊට පිටුපසින් හාමුදුරුවො සන්සුන් ගමනින් වඩිද්දි සාලෙ පුරාවට සාධුකාර හඩක් ඇහුනා.....

අයියා කරඩුව මල් මැදින් තියද්දි හාමුදුරුවො ගිහින් පනවල තිබ්බ ආසනයේ ඉදගත්තෙ කට්ටිය ඉක්මනට පැදුරු වල අසුන් ගනිද්දි....

ඉස්සරහම පැදුරෙ අප්පච්චී මිසුයි ඉදගනිද්දි අයියත් එතනට ගිහින් වටපිට බලලා මට අඩගැහුවෙ මන් යන්න අදිමදි කරද්දි....ඒත් හිරුන්‍ය අයියත් යන්න කිව්ව නිසා මන් අයියා ළගට ගිගින් එයා වගේම කකුල් එරමිණියා ගොතාගෙන ඉදගත්තා... ඇත්තටම මෙතනට ආවට මන් ගාථාවක් කියන්න වත් දන්නෑ...ඒකයි මන් පිටිපස්සෙ ඉන්න හැදුවෙ..

ටිකකින් මගේ එහා පැත්තෙ පැදුරෙ ඉතිරි කොටස සෙලවෙද්දි හිරුන්‍ය අයියත් මන් ළගින්ම ඉදගෙන කකුල් දෙක එරමිණියා ගොතාගෙන ඉදගත්තා...

" මුලින්ම...සාධුකාරයක් දෙන්න....!"

" සාධු සාධු සාධු !!"

දැන් යසෝදරා කවි වෙනුවට හාමුදුරුවො දේශනා කරන බණ තමයි ගමටම ඇහෙන්නෙ....හාමුදුරුවො ඉදිය තැන මයික් එකක් හයි කරල තිබ්බා....

පත්තු කරපු හදුන්කුරු වල පූජ කරපු මල් වල සුවද හමද්ද්දි හාමුදුරුවො ගාථා කියන්න පටන් ගත්ත නිසා මමත් අයියා වගේම වැදගත්තා.....

" හොදයි....අද ඔබ සියලුදෙනාම මෙතනට එක්‍ රැස් වෙලා ඉන්නෙ.... අකාලේ අප අතරින් සමුගත් අශ්වින් හිරුන්‍ය පුතාගෙ , පුතාගෙ දෙමවුපියො සහෝදරයො සහ නෑදෑ හිත මිතුරො හැම අවුරුද්දක් පාසාම ඔහුට පින් තකා ඔහුව සිහි කර සිදු කරන ධර්ම දේශනාව සහ දානමය පිංකම සදහා..... ඔහු අද වන විට අප අතරින් සමුගෙන අවුරුදු.......??"

" දහතුනක් හාමුදුරුවනේ....."

හාමුදුරුවො අපි දිහා බලද්දි අයියා කිව්වා....

" දහතුනක් ගෙවී අවසන්..... කාලය නම් සුළු පටු කාලයක් නෙමෙයි.... මේ ආත්මයේ අපේ ආයුෂ තීරණය වෙන්නෙ මීට පෙර භවයන් වලදී අප කරගන්නා වූ කුසල කර්ම මත පදනම්ව... ඔහු රැගෙන ආ ආයුෂ එපමණක් වු බැවින් ඔහුට අකාලයේ මිය යන්නට සිද්ද උනා....."

මිස් හොදටම අඩනව.... අයියා මිස්ව එයාගෙ උරිස්සට වාරු කරගත්තෙ මන් හිරුන්‍ය අයියා දිහා බලද්දි..... එයා එයාගෙම මල් මාලයක් දාපු පොටෝ එක දිහා කලකිරීමෙන් බලන් ඉදියා.....

" අඩා දොඩා වැලපී ඇත්තෙන්ම දැන් ඵලක් නැහැ.... ඔහු මේ වන විටත් අප අතරින් සමුගෙන අවසන්නෙ..... ජිවිතය කියන්නෙ ඒකට..... ජිවිතය යනු තණ අග රැදුන පිනි බිදක්ලු..... එතරම් අවිනිශ්චිතයි..... "

හාමුදුරුවො ජාතක කතාවක් කියල දුන්නා.... හාමුදුරුවො හිත හැදෙන්න ගොඩාක් දේවල් කිව්වා...ඒවා ඇත්තටම අහන් ඉන්න ආස හිතෙනව...හාමුදුරුවො පුදුම විදියට හිත හදනව..... ඇත්තටම පුදුමයි.... බණ කියන දේ කියන්නෙ මොකද්ද කියල මන් අද දැනගත්තා.....

ටිකකින් සදෙව් අයියා කුස්සිය පැත්තෙ ඉදන් මොනාදෝ කියද්දි අයියා මට තට්ටු කරල කිව්වා යන්න කියල .... මන් කුස්සියට ආවම සදෙව් අයියා මගේ අතට දුන්නෙ ට්‍රේ එකක්....

" කෝ තිසෙව්...තිසෙව්ටත් එන්න කියන්න....."

සදෙව් අයියා කියද්දි මන් උළුවස්සෙන් එබිලා අයියටත් එන්න කිව්වා... එතකොට එයා ආවා.....

සුදු අත් දිග ශර්ට් එකක් ඇදල ට්‍රවුසර් එකක් ඇදල අද එයා හෙන කැල්ලක් වගේ....

එතකොටම සදෙව් අයියා , අයියගෙ අතටත් ට්‍රේ එකක් දුන්නා...

ඒ දෙකේම තිබ්බෙ බ්‍රවුන් පේපර් කොළ වල ඔතපු තෑගි වගේ දේවල්.... මගේ ට්‍රේ එකේ කුඩයක් වගේ එකකුත් තිබ්බා.... අයියගෙ එකේ මන් ඊට වඩා ලස්සන දෙයක් දැක්කා...

" ඕක මොකද්ද ?"

" අටපිරිකර ...."

එයා කිව්වෙ....

" දැන් මේක මොකද කරන්නෙ ?"

" ඕක ගිහින් ඇවිත් ඉන්න අයට අල්ලන්න ඕනෙ අත ගහන්න... ඉන් පස්සෙ අම්මට හරි අප්පච්චීට හරි දුන්නම එයාලා හාමුදුරුවොන්ට පූජා කරනව ...."

" ම්ම් "

" පැටියා එන්නකො මගේ පස්සෙන් "

අයියා ට්‍රේ එක අරන් ඉස්සර වෙද්දි මාත් එයා පස්සෙ ගියා.... මේ දේවල් සේරම මට අලුත්.....

එයයි මමයි පේළියට ඉන්න අයට ට්‍රේ එක අල්ලද්දි එයාලා සාධු සාධු කියල ඒවට අත ගැහුවා..... මුළු සාලෙටම ඒක අල්ලන්න අපිට සිද්ධ උනා...බණ අහන්න සැලකිය යුතු තරමෙ පිරිසක් ඉදියා .. වයසක ආත්තම්මලා , ළමයි , මිස්ලගෙ වයස් වල කාන්තාවො තමයි ගොඩක්ම ඉදියෙ.....

අන්තිමට සේරටම අල්ලලා මන් ශේප් එකේ මන් කලින් ඉදන් උන්න තැනෙනුත් නැමිලා වගේ යද්දි හිරුන්‍ය අයියත් අත ගැහුවා.... අයියටත් වැඩේ තෙරුනාම එයත් ඒ දේම කරද්දි හිරුන්‍ය අයියා අට පිරිකරත් අතගැහුවා.....

පස්සෙ මන් ගිහින් මිස්ගෙ අතට ට්‍රේ එක දුන්නම අයියා අප්පච්චීට අටපිරිකර දුන්නා.....එතකොට ඒ දෙන්නා නැගිටල හාමුදුරුවොන්ට ඒව පූජ කරල වැන්දා....

පැය දෙකක් විතර හාමුදුරුවො බණ දේශනා කළා..... පස්සෙ හාමුදුරුවො යන්න ලන් වෙලා ගෙදර අය එක්ක කතා කළේ මාත් අයියගෙ පස්සට වෙලා ඒ දේවල් අහන් ඉද්දි....

" දැන් ශාන් ළමයා මොකද කරන්නෙ ?"

" මතුගම පොලිසියේ හාමුදුරුවනේ...."

" ආහ් හා....ඒක තමයි ....මන් කලින් දවසක් වැඩකට මොරටුවේ ගිය වෙලාවෙ එතනින් කිව්වා ට්‍රාන්සර් එකකට ගියා කියල ....."

අයියා හාමුදුරුවො එක්ක හිනා උනේ සුහදව.....

" සුනීතා මිසුත් ස්කෝල මාරු කළානේ..... දැන් කොහොමද අලුත් ස්කෝලෙ....."

" වරදක් නෑ හාමුදුරුවනේ...දුෂ්කර ස්කෝලයක්.... ළමයි නම් නෑ වැඩිය..."

" ම්...... කොහොමහරි අපහසුවක් නැතුව රස්සාව කරගන්නව නම් එච්චරයි ..... "

හාමුදුරුවො අයියලත් එක්ක හරි හිතවත් වගේ.....ඒ කතා බහ කරන විදිහෙන්ම ඒක දැනෙනව... ගමයි පන්සලයි අතර තියෙන සබැදියාව මෙතන තියෙනව මන් හිතන්නෙ.....

අන්තිමට හාමුදුරුවො යන්න ලන් වෙද්දි අයියල සේරම හාමුදුරුවොන්ට වැන්දා..... මාත් අයියා එක්කම වැන්දෙ හාමුදුරුවො මටත් තෙරුවන් සරණයි කියද්දි...

" පැටියො මන් පන්සලට දුවලා එන්නම් "
එයා ආයෙ මගේ ඔළුව අතගාගෙනම විගහට ගියේ මිස්ලා දඩි බිඩි ගාලා පැදුරු අකුලලා අස් කරද්දි...

මාත් මිස්ට එහෙන් මෙහෙන් උදව් කළේ මෙච්චර වෙලා අපිදිහා බලන් උන්න හිරුන්‍ය අයියා නැගිටල කාමරේට යද්දි...අද එයාගෙ හිත හොදටම රිදිලා වගේ.... මට ඒක තෙරුනා...

පන්සලට ගිය අයියා ඉන් පස්සෙ කොහේ ඉදියද මන් දන්නෑ...බණ අහන්න ආව අයට එළියෙ හට් එකේ බුෆේ දාලා කන්න දෙද්දි මුළු කුස්සියම බිසී....කෑම වලන් එහෙ ගෙනියනව මෙහෙ ගෙනියනවා.... අඩුපාඩු බෙදනවා.... කුස්සියෙ බිම තමයි මහා යෝධ කෑම වලන් තියල තිබ්බෙ....

" අභූ දරුවො අර නූඩ්ල්ස් බැදුම ඉවර වෙලා....පොඩ්ඩක් බලන්නකො....."

මිස් කියද්දි මන් ආයෙ ගේ ඇතුළට දිව්වෙ නූඩ්ල්ස් බැදුම ගේන්න..... ළූණු කපල දාලා නූඩ්ල්ස් දාලා කතුරුමුරුංගා කොළ බැදල දාලා හදපු කැමක්... මම ඒක කිහිප විටක් කාලා තියෙනව.... ඒත් ඒකට කතුරුමුරුංගා කොළ දානව කියල මන් දන්නෙ ඊයෙ....ඊයෙ උයන කෙනා කතුරු මුරුංගා කොළ හෙන ගොඩක් තෙලේ බැදල දැම්මා....

ඒ උනාට එතකොට ඒක කොළ පාටයි අනේ...කන්න හිතෙන්නෑ... ළූණු , නූඩ්ලස් , රටකජු ,වම්බටු එහෙම දලා හදනව ඒක රහයිදෝ මන්දා මීට වඩා..... හැබැයි මේ කෝකියා වම්බටු මෝජු වෙනම එකකට තමයි රටකජු එහෙම දැම්මෙ....

මන් ඒ බැග් එක අරන් ගිහින් අඩුපාඩු බෙදද්දි පැය දෙකකට නෑ....නෑ ඊටත් වැඩිද මන්දා...කොහොමහරි සෑහෙන වෙලාවකට පස්සෙ මට කෙනෙක්ගෙ කටහඩක් ඇහුනා....

" අම්මා මදි උන අයිස් ක්‍රීම් ටික ගෙනාවා.... අම්ම්මා !!!!!!"

" බෙරිහන් දෙන්නෙපා චූටි පුතා...... අභූ මේ ලන්ෂීට් ටික දාන්නකො....කොච්චර කිව්වත් වැඩක් නෑ බෙරිහන් දෙනවා.. "

මිස් මට ලන්ෂීට් හෙන ගොඩක් දීලා පිගන් ගොඩක් එක්ක තනි කරද්දි අයියගෙ කටහඩ තිරයක් දාලා තිබ්බ උයන තැනෙන් මට ඇහුනා.....

මන් කුස්සියේ ඉදන් සෝදල තිබ්බ පිගන් වලට ලන්ෂීට් ටික දාගෙන දාගෙන ගියේ සදෙව් අයියා ඒවා බුෆේ එක තීන තැනට ගෙනියද්දි.....

ඒත් එක්කම මගේ ගෙලට යමක් ස්පර්ශ වෙද්දි මන් ගැස්සිලා පිටිපස්ස බැලුවෙ අයියා මගේ ගෙල ලගින් දෙතොල් තියාගෙන මන් කරන වැඩේ දිහා බලන් ඉද්දි.....

" මන් බය උනා...."

මන් කිව්වෙ ආයෙ පාඩුවේ වැඩේ කරන් යන ගමන්.....

" නික...න්.....ඉන්න....අනේ...."

එයා මගේ ටී ෂර්ට් එක යටින් අත ගෙනියල බඩ අතගාද්දි මන් කිව්වෙ එයා කවට හිනාවක් දාලා ගිහින් කුස්සියේ උළුවස්සට හේත්තු වෙද්දි....

" බඩගිනිද?"

" ම්හ් "

" බත් එකක් බෙදල ගෙනත් දෙන්නද පැටියට කන්න....."

" එපා පිස්සුද...? මට මෙ කොනකට වෙලා බත් එකක් බෙදන් කන්න පුලුවන් ද....?"

" ඒ උනාට කමක් නෑ....පැටියට බඩගිනි නම් මන් ගෙනත් දෙන්නම්....."

" එපා.....මට බඩගිනි නෑ....."

මන් එහෙම කිව්වම එයා කුස්සියෙ මහා දඩෝරි වළං ඇරල කට්ලට් බෝල දෙකක් අරන් එකක් මගේ කටට ලන් කලේ මන් කට අරින ගමන් ඉක්මනට ලන්ෂීට් ටික දාගෙන යද්දි.....

එයා එහෙන්මම මට එහා පැත්තෙන් පැන්ට්‍රියට හේත්තු උනේ මගේ නළලට වැටිලා තිබ්බ කොණ්ඩ කෑල්ලක් කන පිටිපස්සට කරන ගමන්....

හෙට දානෙටත් එක්ක තමයි කට්ලට් , මෝජු ,චිලි පේස්ට් , නුඩ්ල්ස් බැදුම එහෙම හදල තිබ්බෙ.... මේ කෝකියගෙ අමුතු අමුතු වැඩ තිබ්බා.... කට්ලට් එකේ අවසානයේ මාර නිමාවක් තිබ්බා නිකන් කට්ලට් එක වටේට තල වගේ..... බලද්දි ඒ සව් ඇට.....කට්ලට් එක බැද්දට පස්සෙ උඩින් ඉහළලලු....

ඒ උනාට හෙට හාමුදුරුවොන්ට වෙනම කෑම වට්ටෝරුවක් හදනවලු....හෙට පන්සලෙන් හාමුදුරුවො විසි නමකුයි යාබද පන්සලකින් තව හාම්දූරුවො කිහිප දෙනෙකුයි එක්ක පනස් නමකට ආරාධනා කරනවලු....

හාම්දුරුවොන්ට වෙනම පස්සෙ ගෙනියල කන්න...... ආ නෑ සොරි වළදන්න පුලුවන් විදියට වෙනම බොක්ස් එකක් දෙන්න අයියල ඊයෙ හවස ගෙදර අය එක්ක කතා උනා... අයියා කිව්වෙ ටිකක් ලොකු රෝල්ස් එකක් , සැන්ඩ්විච් එකක් , කප් කේක් එකක් , කේක් පීස් එකක් , චොක්ලට් එකක් පාර්සල් කරල දෙනවා කියල .... පොඩි හාමුදුරුවො දහයක් විතර වඩිනවලු... එයාලා ආසයිලු ඒවට....

අයියා ඉතිං ඒකට චොක්ලට් ගේන්න ගිය වෙලේ මටත් චොක්ලට් එකක් අරන් ආවා.... ටංට ටාං.... ගොං බඩුව මට හරි ආදරෙයි ඉතිං ....

" චං.....එපා අනේ.... "

එයා ආයෙ මගේ පිටිපස්සෙන් ඇවිත් මගේ ටී ෂර්ට් එක යටින් අත දාලා මගේ බුරිය ඇගිලි දෙකකින් මිරිකුවෙ මන් එයාගෙ අත අයින් කරල පපුවට ගහගෙන ගහගෙන යද්දි..

" මොකද වෙලා තීන්නෙ ආහ්...?"

" මොකෝ ඉතිං ...ම්ම් "

" එපා අනේ.....කවුරුහරි එයි දැන් ...අයියෝ "

එයා මාව බදාගනිද්දි මන් කිව්වෙ එයාව තල්ලු කරල දාලා..සැක්... මේ මිනියට මොනා වෙලාද..වෙනදට ඔහොම ගොන් ආතල් ගන්නෙ මමනෙ....

" නිකන් හිටපන්කො අයියේ...රෙද්ද... තමුසෙට අලි විසේද ආහ්.... අලි විසේද....? දැන් ගෙදර කවුරුහරි ආවොත් මොකද්ද වෙන්නේ ආ...මොළයක් නැද්ද නැත්තන් මොළේ දියවෙලාද...තමුසෙට මමම කියා දෙන්න ඕනෙද දැන් ඒකත් ආහ්හ්...? "

මන් කට හදල පටන් ගන්න හදද්දි ඕං එයා සැලෙන්ඩර් වෙලා මගේ කම්මුලට හාදුවක් දීලා කුස්සියෙන් එළියට දිව්වා.....ඔය ටික අහගන්නකං තමයි දැගලුවෙ....හුහ්....

සැක්.....මේ මිනිහ මට බයයිද කොහෙද....කට ඇරියා විතරයි වාෂ්ප උනා....

මන් ආයෙ ඉක්මනට ලන්ෂීට් ටික දාලා දුන්නම සදෙව් අයියා පස්සෙ ඇවිත් ඒ ටික උස්සන් ගියා.....

.
.
.

බණ ඉවර වෙද්දි අට වගේ උන නිසා බණ අහන්න ආව අය කාලා ඉවර වෙද්දි දහය වත් උනා... මන් සාලෙ කෙළවරක ඉදගෙන කම්මුලකට අත හේත්තු කරන් ඉදියෙ මට එවෙලෙ හොදටම බඩගිනී වගේම හොදටම නිදිමතයි නිසා...

" පැටියො.... නිදිද... කන්න යමු පැටියො.."

" ම්ම්......."

" නැගිටින්න පණ....අයියා බෙදන් ඇවිත් කවන්නද ?"

" නෑ ....මට කන්න පුලුවන් ...."

මන් කිව්වෙ ඇස් පොඩි කරන් නැගිටින ගමන්... ඉන් පස්සෙ අපි හට් එකට එද්දි ඉදියෙ ඔය අහල පහළ නෑයො විතරයි ...... අයියා මට බෙදාගන්න කියල පිගානක් දෙද්දි මන් කන්න පුලුවන් තරමට බෙදාගත්තම අයියත් කෑම එකක් බෙදන් ළගට ආවා.... මිසුයි අප්පච්චීත් එවෙලෙ කන්න ආවෙ සදෙව් අයියලත් පැත්තක ඉදන් කද්දි....

අයියට නම් සෑහෙන්න මහන්සි පාටයි.... එයාට බඩගිනීදත් කොහෙද... මුකුත් කතා කළෙත් නෑ කාගෙන කාගෙන ගියා ....පව්....

කාලා ඉවර වෙලා අයිස් ක්‍රීම් වගයකුත් කාලා මායි අයියයි මුළු කෑම කන තැනම අතුගෑවෙ මිස්ලා අර භාජන සෝදල නවද්දි... උදව්වට ආව අය හෙට පාන්දර එන්නම් කියල ගෙවල් වලට යද්දි ගෙදර ඉතුරු උනේ අහල පහල කිහිප දෙනෙකුයි මිස්ලගෙ කොළඹ නෑදෑයො කිහිප දෙනයි සදෙව් අයියලගෙ ගෙදර අයයි විතරයි .....

සදෙව් අයියට ඉදියෙ නන්ගි කෙනෙකුයි තව අයියා කෙනෙකුයි...එයාලගෙ තාත්තා නැහැලු... ඒ අයියත් ඇවිත් ඉදියා එයත් සදෙව් අයියා වගේම තමයි .... සදෙව් අයියගෙ නන්ගිත් බැදල ඉදියෙ..එයාට නම් ශෝයි බබෙක් ඉදියා.... මාත් එක්ක යාන්තමට ෆ්‍රෙන්ඩ් වේගෙන ආවට පොරට නිදිමත ආව නිසා පස්සෙ නිදාගත්තා.... හෙට එයි දැන් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්... නල්ල මලේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්..සැක්.... Aiden akel abewickckrama .....ඕකා හෙට මගේ අතේ එල්ලිලා ඉදී මන් උගෙ අප්පා ගානට....

" පැටියො.... සැහැල්ලු ඇදුමක් දාගන්න....ඔයාට වොශ් එකක් දාගන්න ඕනෙද ?"

" ම්ම්... සීතලයිනෙ..."

" හොට් වෝටර් තීනව.... පැටියො ඔයාට වැඩක් තියෙනව කරන්න... ම්ම් "

" හ්ම්....."

" පැටියො ඔයාගෙ බෑග් එක අරන් උඩට එන්න.... කාමරේ බබාලා නිදි ඇති "

එයා කිව්වම මන් හිරුන්‍ය අයියගෙ කාමරේට ආවෙ කිව්වත් වගේ බබාලා තුන් දෙනෙක් ඇද උඩ නිදන් ඉද්දි.... චූටිම චූටි මාස අටක නමයක වගේ බබුන් කෙනෙක් ඉද්දි මන් දැක්කා හිරුන්‍ය අයියා එයා ළගින් ඉදගෙන ඒ පැටියා දිහා බලාගෙන ඉන්නව....

එයාට එයාගෙ දරුවා මතක් වෙනව ඇති...

" හම්මෝ මට හරි මහන්සී..."

මන් කිව්වෙ ලයිට් එක දාන ගමන් වෙද්දි හිරුන්‍ය අයියා කිව්වා සද්ද කරන්න එපා කියල ...

මන් එහෙන්මම කාමරේ තිබ්බ මගේ බඩු ටික එකතැනකට අරගෙන ඇදට එබුනෙ අර පැටියා දිහා බලන්....

" චූටිම චූටි ...."

මන් ඒ කකුලක් සිපගත්තෙ බබුන් පොඩ්ඩක් ඇඹරෙද්දි... ආයෙත් නින්දට වැටුනෙ කටකුත් පැත්තට ඇරගෙන

" ඔයාට ඔයාගෙ දරුවා මතක් වෙනවද ?"

" හ්ම්ම්...."

මන් එයාගෙ උරිස්සට අත තිබ්බා....

" එයා ජිවත් වෙලා ඉන්නවද කියල වත් මන් දන්නෑ...."

" එයා ඉදියා නම් දැන් වයස කීයක්ද ?"

" මන් මැරෙද්දි එයා දිනිතිගෙ බඩට ආවා විතරයි ..... ඉදියා නම්..... දැන් අවුරුදු දොළහක පොඩි එකෙක්...."

" ම්ම්..... අපි හොයාගන්න උත්සහ කරමු...."

මන් එහෙන්මම මගේ බඩු ටික අරන් උඩ තට්ටුවට ආවෙ හිරුන්‍ය අයියා අර චූටි බබාගෙ ඇගිල්ලක් හෙමීට අතගාද්දි.....

මන් එද්දිත් අයියා බාතෲම් එකේ...අර බබයියො තුන් දෙනා එකිනෙකාට ගුලි වෙලා සැපට දොයි.... මන් ටී ෂර්ට් එක ගලවලා දාලා ඩෙනිමත් ගලවල බොක්සර් එක පිටින් ඉදියෙ අයියා එනකන්.....

ටිකකින් එයා ඉනට ටවල් එක ගැටගහන් ආවම මන් එයාගෙ පපුව ඉඹගෙනම බාතෲම් එකට දිව්වා....

.
.

සාලෙත් අස් කරල අතුගාලා මොප් කරල මමයි එයයි සදෙව් අයියයි සාලෙ බිම පැදුරක් දාගෙන හාමුදුරුවරුන්ට දෙන තෑගි බ්‍රවුන් පේපර් කොළ වල එතුවෙ මන් ඒවා පාර්සල් කරල ටේප් එකක් අලවද්දි.... සිවුරකුයි , කුඩේකුයි , ටවල් එකක් බෙඩ් ශීට් එකක් බ්‍රශ් එකක් ටූත්පේස්ට් එකක් ,කොට්ට උරයක් වගේ දේවල් තමයි එකේ තිබ්බෙ.... කොට්ටෙකුත් වෙනම දෙනවා කියල අයියා කිව්වා.... ඇත්තටම හරි ශෝක් අප්පා.... විය්දම නම් සැරයි...ඒ උනාට ආස හිතෙනව එයාලා මේ කරන දේවල්....

" අභූ ...... හෙට උදෙන් නැගිටල ඔයාට මන් ගෙනත් දෙන්නම් කේක් පීස් ටිකයි සැන්ඩ්විචස් ටිකයි...ඒ ටික ඔයා ගානට පැක් කරන්න ඕනෙ..... මට හෙට ඕව බලන්න වෙලාවක් නම් නැති වෙයි "

" හ්ම්ම්....."

" ඔය වැඩේ ඉවර වෙලා අර පොත් ටිකත් පැක් කරන්න.... පුලුවන් ද ?"

" හ්ම් "

පොඩි හාමුදුරුවරුන්ට පොත් දෙනවලු එයාලා ඉගෙන ගන්න නිසා... කොහොමහරි සේරම දේවල් පැක් කරල පිළිවළකට හදල ඉවර වෙලා කාමරේට එද්දි පාන්දර එකටත් කිට්ටුයි...ඒත් මටයි අයියටයි නිදාගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.... පලතුරු ජාති එකතු කරල හුරුබුහුටි කූඩෙකට අඩුක් කරන්න තිබ්බා..... අයියා මට කිව්වා නිදාගන්න කියල ...ඒත් මට එයා තනියෙන් ඒ දේවල් කරද්දි නිදාගන්න පුලුවන් කමක් නෑනේ....මාත් එයාට උදව් කළා අර ලස්සන පළතුරු බකට් එකට එක එක ජාතියෙ පලතුරු තියල ඉටි කොළේකින් ඔතල රිබන් පටියක් ගැටගහන්න.... අඹ ගෙඩි දෙකයි , පොඩි අන්නාසි ගෙඩියයි , පොඩි කොමඩු ගෙඩියයි , ඇපල් ගෙඩි දෙකකුයි , මිදි වල්ලකුයි , ලාවළු ගෙඩියකුයි , දෙළුම් ගෙඩියකුයි පළතුරු වට්ටිය පිරෙන්න තිබ්බා... අයියා නම් පළතුරු අල්ලන්න වත් ගියේ නෑ එයාට අන්නාසි සුවදටත් අසනීප වෙනව කිව්වා.... පස්සෙ මන් ඒව අඩුක් කරද්දි එයා ඉටි කොළයක් එතුවා.....

පස්සෙ ආයෙ පාන්දර තුනට නැගිටින්න ඕනෙලු උයන්න පටන් ගන්න... උයන මිනිස්සුත් ගියෙ නෑ..... එයාලත් උයන තැනට වෙලා එළවළු ජාති කප කප ඉදියා.... උයන්න ආවෙ කෝකියෙකුයි එයාගෙ අත් උදව්කාරයෙකුයි...මන් කොච්චර ලස්සනද කිව්වොත් ඒ අත් උදව්වට ආව අයියා මන් දිහා බලනව බලනව අනේ ..... හිනාත් වෙනව... මාත් දත් තිස් දෙකම පෙන්නල විරිත්තද්දි පොර කන්ෆියුස් වෙලා බලන් ඉදියා.....

මිසුත් පැයක් වත් නිදාගන්න ඕනෙ කියල ගියේ ඒලාර්ම් තියල... අප්පච්චී ඇහැරිලා ඉදිය නිසා අයියටත් කිව්වා පැයක් දෙකක් නිදන් ඉදල එන්න කියල ...ඒ නිසා අපි දෙන්නා කාමරේට ආවෙ නිදාගන්න....

මන් ටී ෂර්ට් එක ගලවලා අයියගෙ ඇදෙන් ඇල වෙද්දි අයියත් ලයිට් ඕෆ් කරල මගේ එහා පැත්තෙන් ඇලවෙලා මාව පපුව ළගටම ඇදල අරගත්තා.... මන් එයාගෙ පපුවෙ උණුහුමට ගුලි උනේ එයා මගේ හිස සිඹිද්දි....

" පණ....."

" ම්ම් "

" අයියා මොකද කිව්වෙ....?"

" විශේෂ දෙයක් නැ..."

" එයාට සතුටුද ?"

" එයා ආසාවෙන් බලන් ඉදියා..එයා වෙනදටත් එහෙම ඉන්නවලු...."

" ම්ම් ?"

" හ්ම්ම්..... බණ ඇහුවා එයා..... එයාගෙ හිතේ අද දවසෙම කලකිරීමක් තිබ්බා...."

අයියා ලොකු හුස්මක් පිට කරල මගේ නළල ඉම්ඹා....

" අර උයන්න ඇවිත් ඉදිය කොල්ලා කවුද ?"

" කවුද ?"

" අර කුස්සිය පැත්තෙ ඉදියෙ..."

" නදීෂ මල්ලිද..?"

" ඔයා එයව අදුනනවද...?"

" හ්ම්.... ඇයි ?"

මන් එයාව ඇදේ හාන්සි කරල එයාගෙ බඩ උඩින් ඉදගෙන ටේබල් ලෑම්ප් එක ඔන් කළා.....

" ඔයා දන්නවනෙ මන් ලස්සනයි කියල .... මන් දන්නව මන් ලස්සනයි .....ඒක ඔයත් දන්නවනෙ මන් ලස්සනයි ??"

අයියා ඇස් ලොකු කරන් බලන් ඉදියා....

" ඒ කොල්ලා අයියේ..... ඔයාට කියන්න මන් දිහා බලනව හොදේ... බලනව කියන්නෙ ඉවරයක් නෑ.... ඔයාට කියන්න අයියේ මන් දන්නවනේ.... ඔව් මන් දන්නව මන් ලස්සනයි කියල ....ඒත් ඔහොම බලන්න ඕනෙ නෑනේ... නේද.... ඉවරයක් නෑ බලාගෙනම ඉන්නව... ඒකත් මේ කන්න වගේ හොදේ..... මන් දිහා බලාගෙන ඉන්නව..... හිනාවෙනව එක විකාරයයි... මන් අහන්නෙ එහෙම බල බල හිනාවෙන්න තරම් මන් මේ ඕපනින් බඩුවක් නෙමෙයිනෙ... "

"අනෙ බන්...නිදිමතයි..."

" හරි පොඩ්ඩක් ඉන්නකො.... අහන්නකො ඉතිං .... හිනාත් උනා හොදේ....මන් ඔරවගෙන ඉදියා..... පස්සෙ අහක බලාගත්තෙ ඔලුව දෙපැත්තට වනල... සැක්... ඔයා මීට වඩා මන් ගැන හොයල බලන්න ඕනෙ...ම්ම්..... මන් අහන්නෙ එහෙම එක එක්කෙනාට බලන්න මන් ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙයිනෙ.....නේද...?"

" ඔව් ඔව් ඇත්ත...."

" හ්ම් දැන් වත් ඔයාට තෙරෙනවද මන් මේ සමාජෙන් ආරක්ෂා වෙන්න ඔනේ මලක් කියල ...ම්ම්....?"

" ඔව් බන් ඔව්...."

" හ්ම්...ඒක තේරුම් අරන් ඔයා වැඩ කරන්න ...හරිද...?ම්ම්.... "

" හරි හරි ...මන් හෙට ඌට දෙකක් අනින්නම් මගෙ පැටියා දිහා බලනවට..."

එයා මාව ආයෙ ඇදෙන් හාන්සි කරල මාව පිටිපස්සෙන් පපුවට තද කරගෙන ටේබල් ලෑම්ප් එක ඕෆ් කළා....

Proud of me....!! වොහ් අයියා මන් නිසා ගහගන්නයි යන්නේ.... සෝක්නෙ....මන් දැන් නිකන් සුපර් කුල් හැන්ඩ්සම් WWH වගේ.....වොආහ් මන් නිසා කොල්ලොත් ගහගන්නවනේ....

" ඔව් ඔව් අයියේ...ඔයා මේකට හොද ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෙ...අණ්ඩක් වගේ ගලවල ගමු.... මන් ඉන්නව සපෝර්ට් එකට.... ම්ම්....."

" හැබැයි තෝ...තෝ ආයෙ කුස්සිය පැත්ත පළාතෙ ගිහින් අහුවෙන්න බෑ..එතකොට මන් මුලින් ගහන්නෙ තොට තමයි ..."

" මුකාක්...??"

WTF!!

" උඹ ගිහින් රගන නිසානෙ ඌ බලන්නෙ......"

" අන්ද්වේ..... මන් රැගුවෙ නෑ.....ඔයා දන්නවනෙ මන් ගැන....මන් මගේ ලස්සන තියාගෙන ඩීසන්ට් පිට ඉන්නෙ..මන් එහෙම රග...."

" හරි හරි ඉතිං ....උඹ රගන්නැත්තන් ප්‍රශ්නයක් නෑනෙ... කුස්සිය පැත්තට නොයා ඉදපන්....ඉවරයිනෙ....."

සැක්.....සැක්ම සැක්.....

මන් හිතුවෙ මෙයා ගැම්මට ගිහින් දැන්ම දෙකක් නෙලල එයි කියල " "පැටියගෙන් ඈත් වෙලා ඉදපන්" කියල ....සැක්.... එහෙම උන් නෑනෙ..... මෙයා දැන් කියනව ඒ සුදු අයුයගෙන් මට ඈත් වෙන්නලු....

එයාට ගොඩක් නිදිමතයි... එයා මගේ හිසට නිකට තද කරන් ඇස් පියාගනිද්දි මාත් එයාගෙ උණුහුමෙ ඇස් පියාගත්තා....

"පැටියගෙන් ඈත් වෙලා ඉදපන් !!!"

කවුද ඒ ....හීනෙන්ද.... ආහ්.... නෑ නෑ පිස්සුද...කවුරුහරි ලස්සන මට රණ්ඩු වෙනව...මන් ආයෙ ඇස් පියාගත්තා...

#පැටියගෙන්ඈත්වෙලාහිටපන්!!!#

" ගර්ර්ර්ර්ර්ර් ....කෲ.....ගර්ර්ර්ර්ර්ර් ..."

ඕං පටන් ගත්තා...අයියෝ කනක් ඇහෙන්න නෑ රෙද්ද...... මට දැන් නින්ද යන්නෙත් නෑ......

#පැටියගෙන්ඈත්වෙලාහිටපන්!!!#

" ගර්ර්ර්ර්ර්ර් කෲ...ගර්ර්ර්ර්ර්ර් "

.
.
.
.
.
.
.
🍁 බායි.....

Continue Reading

You'll Also Like

509K 34.2K 31
story description>>>>> start-5/10/2021 end-1/1/2022
182K 26.9K 62
අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈
195K 27.4K 67
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
569K 109K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!