Hollow Spirit🍁 [ Zhanyi Comp...

By HashiHiru

401K 78K 41.3K

🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යාය... More

🍁 පළමු දිගහැරුම 🍁
🍁 දෙවන දිගහැරුම 🍁
🍁 තුන්වන දිගහැරුම 🍁
🍁 හතරවන දිගහැරුම 🍁
🍁 පස්වන දිගහැරුම 🍁
🍁 හයවන දිගහැරුම 🍁
🍁 හත්වන දිගහැරුම 🍁
🍁 අටවන දිගහැරුම 🍁
🍁 නමවන දිගහැරුම 🍁
🍁 දසවන දිගහැරුම 🍁
🍁 එකොළොස්වන දිගහැරුම 🍁
🍁 දොළොස්වන දිගහැරුම 🍁
🍁 දහතුන්වන දිගහැරුම 🍁
🍁 දහහතර වන දිගහැරුම 🍁
🍁 දහසය වන දිගහැරුම 🍁
🍁 දහ හත්වන දිගහැරුම 🍁
🍁 දහඅටවන දිගහැරුම 🍁
🍁 දහනමවන දිගහැරුම 🍁
🍁 විසිවන දිගහැරුම 🍁
🍁 විසිඑක්වන දිගහැරුම 🍁
🍁 විසිදෙවන දිගහැරුම🍁
🍁 විසි තුන්වන දිගහැරුම 🍁
🍁 විසිහතරවන දිගහැරුම🍁
🍁 විසිපස්වන දිගහැරුම🍁
🍁 විසිහයවන දිගහැරුම 🍁
🍁 විසිහත්වන දිගහැරුම🍁
🍁විසි අටවන දිගහැරුම🍁
🍁විසිනමවන දිගහැරුම🍁
🍁 තිස්වන දිගහැරුම🍁
🍁තිස්එක්වන දිගහැරුම🍁
🍁 තිස් දෙවෙනි දිගහැරුම🍁
🍁 තිස්තුන්වන දිගහැරුම🍁
🍁 තිස්හතරවන දිගහැරුම 🍁
🍁තිස්පස්වන දිගහැරුම🍁
🍁තිස්හයවන දිගහැරුම🍁
🍁 තිස්හත්වන දිගහැරුම🍁
🍁තිස්අටවන දිගහැරුම🍁
🍁තිස්නවවන දිගහැරුම🍁
🍁හතලිස්වන දිගහැරුම🍁
🍁 හතලිස්එක්වන දිගහැරුම🍁
🍁හතළිස් දෙවන දිගහැරුම🍁
🍁 හතලිස්තුන්වන දිගහැරුම🍁
🍁හතලිස් හතරවන දිගහැරුම🍁
🍁හතලිස් පස්වන දිගහැරුම🍁
🍁හතලිස්හයවන දිගහැරුම🍁
🍁හතලිස් හත්වන දිගහැරුම🍁
🍁හතලිස් අටවන දිගහැරුම🍁
🍁හතලිස් නමවන දිගහැරුම🍁
🍁 පනස්වන දිගහැරුම🍁
🍁පනස් එක්වන දිගහැරුම🍁
🍁පනස් දෙවන දිගහැරුම🍁
🍁පනස් තුන්වන දිගහැරුම🍁
🍁පනස් හතරවන දිගහැරුම🍁
🍁පනස් පස්වන දිගහැරුම🍁
🍁පනස් හයවන දිගහැරුම🍁
🍁පනස් හත්වන දිගහැරුම🍁
🍁පනස් අටවන දිගහැරුම🍁
🍁හැටවන දිගහැරුම🍁
🍁හැට එක්වන දිගහැරුම🍁
🍁හැට දෙවන දිගහැරුම🍁
🍁හැට තුන්වන දිගහැරුම🍁
🍁හැටහතරවන දිගහැරුම🍁
🍁හැටපස්වන දිගහැරුම🍁
🍁හැටහයවන දිගහැරුම🍁
🍁හැට හත්වන දිගහැරුම🍁
🍁හැට අටවන දිගහැරුම🍁
🍁හැට නවවන දිගහැරුම🍁
🍁හැත්තෑවන දිගහැරුම🍁
🍁හැත්තෑ එක්වන දිගහැරුම🍁
🍁හැත්තෑ දෙවන දිගහැරුම🍁
🍁 හැත්තෑ තුන්වන දිගහැරුම🍁
🍁හැත්තෑ හතරවන දිගහැරුම🍁
🍁හැත්තෑපස් වන දිගහැරුම🍁
🍁හැත්තෑහය වන දිගහැරුම🍁
🍁හැත්තෑ හත්වන දිගහැරුම🍁
🍁හැත්තෑ අටවන දිගහැරුම🍁
🍁 හැත්තෑ නමවන දිගහැරුම🍁
🍁අසූවන දිගහැරුම🍁
🍁අසූ එක්වන දිගහැරුම🍁
🍁අසූ දෙවන දිගහැරුම🍁
🍁අසූ තුන්වන දිගහැරුම🍁
🍁අසූ හතරවන දිගහැරුම🍁
🍁අසූ පස්වන දිගහැරුම🍁
🍁අසූ හයවන දිගහැරුම🍁
🍁අසූ හත්වන දිගහැරුම🍁
🍁අසූ අටවන දිගහැරුම🍁
🍁අසූ නමවන දිගහැරුම🍁
🍁අනූවන දිගහැරුම🍁
🍁අනූ එක්වන දිගහැරුම🍁
🍁අනූ දෙවන දිගහැරුම 🍁
🍁අනූ තුන්වන දිගහැරුම🍁
🍁අනූ හතරවන දිගහැරුම🍁
🍁අනූ පස්වන දිගහැරුම🍁
🍁අනූ හයවන දිගහැරුම🍁
🍁අනූ හත්වන දිගහැරුම🍁
🍁අනූ අටවන දිගහැරුම🍁
🍁අනූ නමවන දිගහැරුම🍁
🍁සිය වන දිගහැරුම🍁
🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁
🍁එකසිය දෙවන දිගහැරුම🍁
🍁එකසිය තුන්වන දිගහැරුම🍁
🍁එකසිය හතරවන දිගහැරුම🍁
🍁එකසිය පස්වන දිගහැරුම🍁
🍁එකසිය හයවන දිගහැරුම🍁
🍁එකසිය හත්වන දිගහැරුම🍁
🍁එකසිය අටවන දිගහැරුම 🍁
🍁එකසිය නවවන දිගහැරුම🍁
🍁එකසිය දහවන දිගහැරුම🍁
🍁එකසිය එකොළොස්වන දිගහැරුම 🍁
🍁එකසිය දොළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහතුන්වන දිගහැරුම🍁
🍁එකසිය දහහතරවන දිගහැරුම🍁
🍁එකසිය පහළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහසයවන දිගහැරුම🍁
🍁එකසිය දහ හත්වන දිගහැරුම🍁
🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁
🍁එකසිය දහ නමවන දිගහැරුම🍁
🍁එකසිය විසි වන දිගහැරුම🍁
🍁එකසිය විසි එක්වන දිගහැරුම🍁
🍁එකසිය විසි දෙවන දිගහැරුම 🍁
🍁එකසිය විසි තුන්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හතරවන දිගහැරුම🍁
🍁 එකසිය විසි පස්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හයවන දිගහැරුම🍁
🍁එකසිය විසි හත්වන දිගහැරුම 🍁
🍁 එකසිය විසි අටවන දිගහැරුම 🍁
🍁අවසාන (01 ) කොටස 🍁
🍁අවසාන කොටස 🍁
🍁HOLLOW SPIRIT 🍁

🍁 පනස් නමවන දිගහැරුම🍁

2.9K 613 259
By HashiHiru

🌄🌄🌄🌄

" උඹලා ආයෙ මෙහෙ එන්ඩ ඕනෙ...හරිය.... "

" අනිවාරෙන් අනිවාරෙන්.... "

වදින්න ගියහම කාර්ති මාමා කියද්දි මන් කිව්වෙ එයා මගේ කම්මුලක් මිර්‍ර්කද්දි... එකම කොලු ගැටයා නිසා පවුලෙම අය මට ලැදියි වගේ....

" මන් ගිහින් එන්නම් තංගච්චි....පරිස්සමෙන් ඉන්න ඕනෙ..."

" අණ්ණා කියකන් ඉදියෙ...."

ලොකු නෑනා උදෙන් කැම්පස් ගියා.... එයාව මට ගොඩාක් මිස් වෙනවා .... මොනා උනත් ලොකු නෑනා මාර කියුට්....

පාට්ටිත් මූණ ඔහෙක් කරන් ඉද්දි ලාවට වැදල මන් දූවල ගිහින් නැග්ගෙ කාර් එකට.....සිත්තප්පත් අපි එක්ක එනවා අපිව ඇරලවල එන්න....

" ලඩ්ඩු කඩේකින් නවත්තන්න.... මට අයියට අරන් යන්න මොනාහරි ගන්න ඕනෙ "

මන් කිව්වෙ කාර් එක පාරට දාද්දිමයි.... ගොන් බඩුවට කන්න අරන් යන්න ඕනෙ.... මගෙ වස්තුවනේ ඉතිං .....

" ම්ම්ම්.....උඹට ඕනි දෙයක් අරන් වරෙන් "

සිත්තප්පා ස්වීට් ශොප් එකක් ළගින් නවත්තල කියද්දි මන් ඉක්මනට බැහැලා ගියේ අම්මත් මගෙ පස්සෙන් එද්දි....

අම්මො අම්මො ගන්නෙ මොනාද කියල හිතාගන්න බෑ මට.....

කොහොමහරි ගොඩක් වෙලා යවන්න බැරි නිසා මන් ලඩ්ඩු බොක්ස් එකකුයි ඔය තව ස්වීට්ස් කිහිපයක් අරගෙන බිලගෙවල ආවෙ අම්මත් ගෙදර අරන් යන්න කෑම වර්ග කිහිපයක් ගනිද්දි....මේවා නම් දෙන්නෑ ඉතිං මේ සේරම මගේ ගොන් බඩ්ඩට....

එන අතරමගදි මන් නූලත් ගලවලවිසි කරල දැම්මා..... පාට්ටි හිතන් ඇති....හුහ්....

මතුගමට එන අතරමගදි මන් හොදට නිදාගත්තා....කන්න විතරයි ඇහැරුනේ..... කොහොම උනත් මතුගමට එද්දි රෑ උන නිසා ආයෙ අයියට මැසේජ් එකක් දාලා එහෙන්මම නිදාගත්තා....

🌄🌄🌄🌄🌄🌄

" ඒ උඹ නේද අද ගුටි කාපු එකා...."

ක්ලාස් ඇරිලා මන් තනියෙන් බෑග් එකත් තනි කරට එල්ලන් ප්‍රධාන පාරට ඇවිදන් යද්දි පිටිපස්සෙන් ආව කොල්ලෙක් ඇහුවෙ මන් පිටිපස්ස හැරිලා ඌ දිහා දරුණුවට බලද්දි...

පහුවෙනිදා උදා උනත් අපිදෙන්නා උන්නෙ කොළඹ යන්න නේ..ඒ උනාට යන්න හම්බුන්නෑ මට පිසික්ස් ක්ලාස් වැටුනා හදිසියේම ....ඒ නිසා මට උදෙන් නැගිටින්නත් උනා..... ඔය වගේ සම්බු ඉතිං ඉදල හිටල හම්බෙනව මට....කොහේහරි දුර ගමනක් ගිහින් මහන්සි වෙලා එද්දි ඊට පහු වෙනිදා පාන්දම ක්ලාස්.... සැක්.....

ඉතිං හොද්ම වැඩේ තමයි දවස් ගානක් ඉදියෙ යාපනේ නිසා මෙලෝ සංසාරෙ වැඩක් කරන් ගියේ නෑ..... දෙයියො දෙන්නෙ බෝනස් පිටින් කියනවනේ....ජිවිතේට මගේ ගෙදර වැඩ නොබලපු සර් එකපාරටම සෙනග පිරිවරාගෙන මාවම හොයන් ළගට ඇවිත් ඇහුවා 98 පේපර් එක කරාද කියල ......

මන් ඥැහ් කිව්වා කියල විතරයි මට මතක....

පිට ලෙප්ට් උනා...... දෙකයි දෙකේ තඩී CR පොත් පහ හයක් එක්කහු කරල දුන්නා ටෞකන්ඩ මට නිකන් හාට් ඇටෑක් වගේ දැන් ..... සේරටම හපන් පේළියේ ඉදිය අනික් බේසිකයො ටික එකෙක් වත් කරල නැ....මන් දන්නෙත් නෑ උන් මොක්කුද කියල ..

ඒ අස්සෙ එකෙක් අහනව මමද ගුටි කාපු එකා කියල ??

" ඇයි මොකෝ.....උඹ අතගාන්නද අහන්නෙ....?"

මන් පිටිපස්ස හැරුආ ඇහුවෙ ඒ කොල්ලා වික්ෂිප්ත වෙද්දි...ආවා මෙතන අතගාන්න...

ගස්සගෙනම මන් වෙගෙන් ඇවිදන් ගිහින් පාර පැනල නැග්ගෙ පාර එහා පැත්තෙ නවත්තල තිබ්බ අයියගෙ කාර් එකට..... අපි දැන් අනුක් අයියලගෙ ගෙදර යන්න හදන්නේ.....

" මොකෝ....කාටද තමුසෙ ඒ ගමන නෙලුවෙ ?"

මන් කාර් එකට නගින දිහා බලාගෙන එයා ඇහුවෙ මන් බෑග්ගෙ ගලවල ඔඩොක්කුවෙන් තියාගනිද්දි....

" මොකෙද්ද මන්දා ප#යෙක් ඇවිත් කුනුහරපයක් අහනව "

මන් ගස්සල දාලා කිව්වෙ ශටර් එකෙන් එළිය බලාගෙන ....

" මොකෝ දැන් ඔය පුප්පන්නෙ එතකොට "

එයා මගේ කම්මුලක් කොනිත්තල අහද්දි මන් බෑග්ගෙ එහෙන්මම පිටිපස්සට විසි කරල දාලා කකු දෙපැත්තට දාලා අයියගෙ ඔඩොක්කුවේන් ඉදගත්තෙ එයාගෙ මූණ දිගා බලාගෙන.....

" ගැහූවා...."

" ගැහුවා ???"

" හ්ම් "

" කාත් එක්කද ගහගත්තෙ ආ.... දැන් ඒ ගමන පන්ති ඇවිත් මරාගන්නවද ? දැන් උඹට එච්චරයි අඩු වෙලා තීන්නෙ...."

" නෑ මනුස්සයෝ නෑ..... මට ගැහුව !"

" කවුද ?"

මන් එයාගෙ ගෙල අස්සට මූණ ඔබාගත්තා...

" ම්ම්...... පැටියෝ කවුද ගැහුවෙ ?"

" ම්හ්..... සර් තමයි ඉතිං "

අයියා මගේ බෙල්ල පිටිපස්සෙන් මාව ඇදල අරගත්තෙ එයාගෙ මූණ් ඉස්සරහට.....

" උඹ වැඩ කරන් යන්නැතුව ඇති "

" හී "

මන් ලස්සනට හිනාවෙද්දි අයියා මහා හයියෙන් ගහන්න වගේ අත උස්සල චූටි තට්ටුවක් මගේ කම්මුලට දැම්මා....

" කොහෙටද ගැහුවෙ ?"

" පිටට "

අයියා මගේ ටී ෂර්ට් එක අස්සෙන් අත ගෙනියල මගේ පිට පිරිමැද්දා.....

" හොද පාරක් වැදුනා අනේ...."

" කීයක් ගැහුවද ?"

" පහක් විතර ගැහුවා මන් හිතන්නෙ.... ම්හ්හ්.....ඔයාගෙ පැටියටමයි මෙහෙම කරන්නෙ..බ්ලන්න නේද ?"

" උඹ ඉතිං නට නට හිටපං මෙලෝ සංසාරෙ වැඩක් කරන්නෙත් නෑ....ඔහොම ගියොත් ඉතිං ලයිට් කණු තුනක් තමයි ...."

" එහෙම නෑ මන් වැඩ කරනව මේ සතියෙ ඉතිං මේ ජැෆ්නා ගිය නිසානේ....."

" මෙඩ් කොලේජ් යන්න ඕනෙ කියල හීනයක් තියෙනව නම් මහන්සි වෙයන් පැටියො.... ඒවා මේ ලේසියෙන් ලබාගන්න පුලුවන් ඉලක්ක නෙමෙයිනෙ.... ඒතුනක් ගන්න ළමයි පුදුම මැරිල්ලක් මැරෙන්නෙ පැටියෝ.... උඹට මෙඩ් කොලේජ් යන්න හීනයක් තියෙනව නම් ආන් ඒ මැරෙන මැරිල්ලෙන් බාගයක් වත් උඹ මැරෙනවද කියල නිකමට හිතල බලපන් "

හරිනෙ අමාරුව...ඔය අහගත්තෙ ඉතිං ......

එයා මෙහෙම බැන්නම මට මාර දුකයි අනේ ඉතිං ..... පපුවත් රිදෙන්න වගෙ....

මන් ඩොග් ගාලා එයාගෙ උරිස්සට ඔළුව ගහගත්තා.....

මොනා උනත් සර් මෙච්චර බැන්නෙ නැ...

මන් එහෙන්ම ඉද්දි අයියා මගේ ටී ෂර්ට් එක පිටිපස්සෙන් ඉස්සුවෙ මන් එයාගෙ ගෙල ළග උණුහුමට ගුලි වෙද්දි...

" පොඩ්ඩක් රතු වෙලා.... හයියෙන් ගැහුවද ?"

" හ්ම් "

" ක්‍රීම් එකක් ගාමු... එතකොට අඩුවෙයි "

" ඕන්නෑ........"

" මගින් ගමු....ම්ම් "

එයා මගේ ඔළුව පිරිමැද්දෙ මන් එයාගෙ උරිස්සෙ ඇස් පොඩ්ඩකට පියාගනිද්දි.... මාරම සනීපයි එයා ළග.....

" නිදාගන්න එපා ඉතිං .... "

" හ්ම්ම්......"

" කෝ.... දැන් සීට් එකට යන්න ළමයො.... අපි රෑ වෙන්න කලින් එන්නත් එපැයි...දැන්ටත් වෙලාව එකොළහයි "

" හ්ම්ම් "

මන් එයාගෙ කම්මුලක් සිපගෙන මගේ සීට් එකෙන් ඉදගත්තම එයා මගේ අත්ල අරන් අල්ලට හාදුවක් දුන්නා...

" බඩගිනිද ?"

" චුට්ටක් විතර "

" මොනාහරි බන් එකක් අරන් දෙන්නද කන්න "

" ආ මේ....ඔයාට උස්සන් ආව පාර්සලෙ...."

මන් පිටිපස්සට දික් වෙලා බෑග් එක අරන් බෑග් එකෙන් එයාට මන් යාපනේ ඉදන් අරන් ආව පාර්සලේ දුන්නා....

" මොනාද පැටියො මෙච්චර "

" මාමණ්ඩිටත් දීලා කන්නකො..... "

එයා ඒක අරන් පිටිපස්සෙන් තියල කාර් එක ස්ටාර්ට් කරල පාරට දාද්දි මන් එක blootooth එකක් එයාගෙ කනේ ගහල අනික් එක මගේ කනේ ගහල පෝන් එකට කනෙක්ට් කරල සින්දුවක් දැම්මා......

" මොනාද බං මේ සින්දු...."

විනාඩියක් යන්න නෑ එයා බ්ලූටූත් එක ගලවල මගේ කනටම ගැහුවෙ එහෙම කියන ගමන්..

එයාට ඉතිං මේ වගේ සින්දු දිරවන්නෑ කොහොමත්....

එයා වාහේනේ කළුතර පාර දිගේ අරන් එද්දි මගින් නතර කරල මට බන් එකක් අරන් දුන්නා.... මන් ඒක කාලා ටිකක් විතර නිදාත්ගත්තා.... පස්සෙ ආයෙ නැගිටල බලද්දි ඉදියෙ මොරටුව හරියෙ...අයියා කේක් ශොප් එකක නතර කරල කේක් එකකුයි ක්‍රීම් කැකර් ලොකු බිස්කට් පැකට් එකකුයි ගත්තා...ගෙදරකට යද්දි නිකන් යන්න බෑනේ......

පස්සෙ අපි ෆ්ලවර් රෝඩ් එකට එද්දි මන් කොණ්ඩෙ පිළිවලකට පීරගෙන පොඩ්ඩක් පිළිවෙළ උනා.....

" අනුක් අයියගෙ අසනීපෙ මොකද්ද ?"

ඇත්තටම අසනීපයක් තියෙනව තියෙනව කිව්වට මන් දන්නෑ මොකද්ද අසනීපෙ කියල ....

" එයාගෙ ඇග ඇතුලෙ poison එකක් තියෙනවලු.... වැඩි යමක් දන්නෑ මාත්.... "

" එහෙමද....... ඒ කොහොමද ඒ ?"

" දන්නෑ පැටියො.... පවුල් ප්‍රශ්නයක් මන් හිතන්නෙ....මොකද ඒ කාලේ ඒක නිවුස් වලත් ලොකුවට ගියා..... "

" ම්ම් "

" ඒ දේවල් අහල එහෙම එයාලව අපහසුතාවයට පත් කරන්න බෑනෙ පැටියො.... ඒ නිසා නිකන් සාමාන්‍ය විදියට ඉන්නව මිසක් ඕව අහන්න යනව එහෙම නේමේ..."

" අනේ මේ මන් ඕව අහන්න යන්නෑ "

එයාව කොනිත්තල මන් කිව්වෙ එයා වාහනේ අනුක් අයියලගෙ ගේ දිහාවට හරවල හෝන් එක ගහද්දි.....

" ගෙදර ඉන්නවද දන්නෑ "

වෙනදට නම් මෙච්චර හෝන් එක ගහන්න ඕනෙ නෑ..... එත් අපි දැන් විනාඩියක්ම වගේ මෙතන.....

" ගෙදර ඇති...... "

එයා ආයෙ හෝන් එක ගහද්දි ගෙට් එක ඇරුනෙ අයියා වාහනේ වත්තට දාද්දි.... ඒත් එක්කම ගේට් එක ඔටෝ වැහෙද්දි පොල් කටු හැන්දකුත් අතේ තියන් කොට ශෝටක් ගහගෙන ගෙදර දොර ඇරන් එළියට ආවෙ අනුක් අයියගෙ හස්බන්ඩ්....

" පොර කුස්සි අම්මා වෙලා වගේ "

අයියා වාහනේ නවත්තන ගමන් කිව්වෙ මමත් ලාවට හිනාවෙද්දි.....

ඉන් පස්සෙ අයියා බැහැලා ගිහින් අනුක් අයියගෙ හස්බන්ඩ් එක්ක කතා කරද්දි මන් පාර්සල් දෙක අරන් වාහනේන් බැස්සා....

" එන්න උඩට"

අනුක් අයියගෙ හස්බන්ඩ් එහෙම කියද්දි අයියායි මමයි පඩිපෙල නැගන් උඩට ආවා....

" අයියා කාමරේද ?"

අයියා ඇහුවෙ අනුක් අයුයගෙ හස්බන්ඩ් පහළ දොර වහල උඩට එද්දි....

" ඔව් නිදාගත්තා ටිකකට කලින් "

" ආහ් කමක් නෑ එහෙනම් ඇහැරවන්න එපා "

" නෑ කමක් නෑ එන්න "

අනුක් අයියගෙ හස්බන්ඩ් එහෙම කියල අපිට එන්න කියන් දොර ඇරල කාමරේට යද්දි මායි අයියයිත් එයා පස්සෙ ගියා.....

අපි කාමරේට යද්දි අනුක් අයියා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා එහෙන්මම නිදි.... එයාගෙ ඔඩොක්කුවේ ටුටුවා එහෙන්මම අනුක් අයියගෙ පපුවට මූණ තියන් නිදන් ඉද්දි පැත්තකින් Red white and royal blue කියල පොතක් අනික් පැත්ත හරවල තිබ්බා...සමහර විට අනුක් අයියට පොත කියව කියව ඉද්දි එහෙන්මම නින්ද යන්නැති...

අනුක් අයියව දැක්කම මට පව් කියල හිතුනා...එයාගෙ එක අතකින් ටුටුවව තුරුල් කරන් ඉද්දි අනික් අතට කට්ටක් ගහල තිබ්බ..එයාට ලේ දෙනවා..... ඇත්තටම මේ කාමරේ දැක්කම පිස්සු හැදුනා.... වෙනදා කවදාවත් නැති මැශින් ගොඩක් කාමරේ..... මෙයාලට ඉතිං සල්ලි තියෙන නිසා ගෙදර ඉදන් සමහර විට බෙහෙත් කරනව ඇති....

" අයියේ..... චූටි අයියේ.... ඔයාව බලන්න දෙන්නෙක් ඇවිත් "

අනුක් අයියගෙ හස්බන්ඩ් ගිහින් අනුක් අයියගෙ කකුලක් අතගාලා සිපගනිමින් ඇහැරවද්දි මට අයියා දිහා බැලුනා...

" ම්ම්ම් "

" ඔයාගෙ අභූ ඇවිත් "

අනුක් අයියා ලාවට ඇස් අරිද්දි එයා කිව්වෙ අනුක් අයියගෙ නළලට වැටුන කොණ්ඩෙ පිටිපස්සට කරල හදන ගමන්.....

" ආහ්.... ශාන් මල්ලිත් ඇවිල්ලනේ.."

අනුක් අයියා ඇස් පොඩි කරන ගමන් සුහදව හිනාවෙලා කියල ඇදේ කෙලින් උදේ ටුටූවත් අල්ලන්....

" දැන් කොහොමද අනුක් අයියේ "

අනුක් අයියගෙ හස්බන්ඩ් පුටු දෙකක් කාමරේට ගෙනත් දුන්නෙ අපිට ඉදගන්න.....

" දැන් හොදයි මල්ලි..... ඩොක්ටර් කිව්වා පොඩ්ඩක් බෙඩ් රෙස්ට් කරන්න කියල .... පොඩ්ඩක් ලේ මදිත් කිව්වා "

" එකපාරටම මොකද්ද උනේ අයියේ ?"

" බෙහෙත් බොන්න අමතක උනානෙ මල්ලි..... බෙහෙත් පරක්කු උන නිසා මාව වැටුනා පොඩ්ඩක් .... ලොකු දෙයක් උන් නෑ....මේ පොඩි තුවාලයක් විතරයි .... "

අනුක් අයියා හිනාවෙලා කියද්දි මන් නිකන්ම බැලුවෙ එයාගෙ නළල දිහා...ඒක වෙලුම් පටියකින් වෙලලා තවම...

" මෙයත් ගිය සතියෙම නර්සරි ගියේ නෑ.... අද බොහොම අමාරුවෙන් මේ මල්ලි අතේ යැව්වෙ.... ඒ ගිහිනුත් අඩල ගෙදර එන්න ඕනෙයි කියල .....මිස් කෝල් කරල කිව්වා බබා හොදටම අඩනව කියල ...ඉන් පස්සෙ මේ අපේ එක්කෙනා තකහනියක් ගිහින් එක්කන් ආවෙ...."

" එයාට බය ඇති "

මන් කිව්වෙ ටුටූ දිහා බලාගෙන... පගයා කටත් පොඩ්ඩක් ඇරගෙන සැපට අනුක් අයියගෙ පපුව උඩ නිදි...

" ඔව් හොදටම ඇඩුවාලු මන් හොස්පිටල් ඉද්දි.... එයාට සාංකාව වගේ....මේ දවස් ටිකේම ලගින් හෙල්ලෙන්නෙ නෑ....."

අනුක් අයියා කිව්වෙ ටුටුවගෙ ඔළුව අතගාන ගමන්...

" ඔයාලා කීයටද එහෙන් ආවෙ මල්ලි ?"

" මෙයාට මේ ක්ලාස් එකක් තිබ්බ නිසා එකොළහ වගේ උනා එද්දි....."

" කාලද ආවෙ දෙන්නා ?"

" කන්න හම්බුන්නෑ අයියේ.... දැන් යන ගමන් මොනාහරි කනව "

" මොනාහරි ඕඩර් දාන්නද කොල්ලෝ කාලා යන්න....."

" එපා එපා අනුක් අයියෙ....කරදර වෙන්න ඕනෙ නෑ..."

" මේ රෙද්ද නැති උනා නම් මට මොනාහරි හදල ගන්න තිබ්බා..."

අනුක් අයියා ලේ පැකට් එක දිහා බලන් කියද්දි මන් ලාවට හිනා උනා...

" කමක් නෑ අපි එතකන් තේක්ක වත් බොමුකො..... බබා...... බබා !!"

" ඕහ්......"

" මේ තේ දෙකක් හදන්නකො බබා .... පුළුවන්ද ?"

" හා හා "

අනුක් අයියගෙ හස්බන්ඩ් කුස්සියේ ඉදන් කිව්වෙ ....

" මේ දවස් ටිකේම අපේ ගෙදර සේරම වැඩ ටික කරන්නෙ එයා තමයි ....උයාගන්න තෙරෙන්නෑ....ඔම්ලට් එකක් වගේ තමයි හදන්න දන්නෙ....ඔය රෙසිපි බලන් හදනව ඉතිං මෙලෝ සතෙක්ට කන්න බෑ.... ඉන් පස්සෙ මූණ දෙක කරන් ඉන්නව.."

මන් ආඩම්බරෙන් ගොන් බඩ්ඩ දිහා බැලුවා....අම්මෝ මන් වැටිලා එකතැන් උන කාලෙක උනත් ගොන් බඩ්ඩ උයල මට කන්න ගෙනත් දෙයි..... I'm proud of me ....මේ වගේ බෝයිෆ්‍රෙන් කෙනෙක් හොයාගත්ත එකට.....

" වැඩට යන්නෙත් නැතුව ඇති "

අයියා කිව්වෙ ලාවට හිනාවෙලා...

" ඔව් සති දෙකකින් විතර ගියේ නෑ ඔෆිස් එක පැත්ත පලාතෙ.... සීයා පපාත් මුකුත් කිව්වෙ නෑ මන් අසනීපෙන් නිසා..... "

අනුක් අයියා ලොකු හුස්මක් පිට කරල ටුටූගෙ නළලට හාදුවක් දුන්නා..

ටිකකින් අනුක් අයියගෙ හස්බන්ඩ් ට්‍රේ එකකට පිරීසි කෝප්ප දෙකකුයි ටියාරා කේක් පෙට්ටියකුයි පිහියකුයි අරන් ඇවිත් දඩස් ගාලා තිබ්බෙ බෙඩ් සයිඩ් ටේබල් එක උඩින්....යකෝ අර කේක් ටික කපල ගෙනෙන්කො... සැක්....

" අයියෝ බබා මේක කපල ගෙන්නෙපැයි "

" මට බෑ කප කප ඉන්න...."

" කමක් නෑ ඉන්න මන් කපන්නම්...."

අනුක් අයියගෙ හස්බන්ඩ් මහ කුරුවල් උන මූණක් දැගෙන කියද්දි මන් එහෙම කිව්වෙ....

මන් එහෙන්මම නැගිටල ගිහින් කේක් පෙට්ටිය කඩල කේක් එක කපද්දි අනුක් අයියා හෝ ගාලා හස්බන්ඩ්ට රවනව....

පෞ.......

මන් කේක් එක කපල අනුක් අයියට කෑල්ලක් අල්ලද්දි එයා එපා කිව්වා...ඉන් පස්සෙ අයියාට කෑල්ලක් දීලා මාත් කෑල්ලක් අරන් තේකත් එක්ක ඉදගත්තා....

" ආනුක් අයියට අපේ අයුයගෙ දානේ කියල යන්නත් එක්කම ආවෙ.... ඒත් ඉතිං මන් එන්න කියල නම් බල කරන්නෑ..... "

" අයියෝ...ඒක කමක් නෑ ශාන් මල්ලි.... මට දැන් හොදයි...තව දවස් දෙක තුනක් රෙස්ට් කරාම හරි...කවද්ද දානෙ "

" ලබන සදුදා..."

" බබා .... සදුදා ඔයා ෆ්‍රී නේද ?"

අනුක් අයියගෙ හස්බන්ඩ් ටැබ් එක අතට අරන් බලද්දි මන් අතේ තිබ්බ තේ කෝප්පෙ දිහා බැලුවා.... ඒක මදි නොකියන්න කහට දාලා වගේ....කමක් නෑ බීලා බලමු....

" හ්ම්....."

" එහෙනම් අපි එන්නම් ...කොහෙද පානදුරේ ගෙදර නේද ති......."

" පුහ්හ්හ්........ කැහ් කැහ්හ්... කැහ් "

මන් තේ එක එහෙන්මම ඩොහ් ගාලා තිබ්බෙ මෙසෙ උඩින්..සැක්..... කරවිල පැණියක් වෙන්න බැරිද ඒ....

" මොකද උනේ ළමයො...."

අනුක් අයියා පුදුමෙන් අහද්දි මන් ඉක්මනට ලෙේන්සුවෙන් කට දෙපැත්ත පිහාගත්තා... තේ එක නහයෙන් ආවෙ යකෝ......

අයියා මට රවනව හැටට හැටේ...... අනුක් අයුයා උනේ මොකද්ද කියල හිතාගන්න බැරුව ඉද්දි අනුක් අයියගෙ හස්බන්ඩ්නුත් අමුතුවට බලන් ඉදියා.....

" නෑ ...නෑ ...මුකුත් නෑ....."

මන් එහෙන්මම තනි කටට කේක් කෑල්ල ගිල දාද්දි අනුක් අයිය එතන තිබ්බ අනික් තේ එක අරන් උගුර බිව්වා.... අයියා තාම බිව්වෙ නැති නිසා ඒ කෝප්පෙ ඉතුරුයි...

" ඊව්ව්ව්ව්.... බබා මේක බොන්නෙ කොහොමද බලනවකෝ "

අනුක් අයුයගෙ මූණ කජු ලෙල්ලක් වෙද්දි හස්බන්ඩ් දොර ළග ඉදන් ඔළුව කහගත්තා.....

ඒ එක්කම අයියා මගේ ඉන කෙනිත්තුවෙ කරවිල පැණියක් උනත් උඹට කට වහන් බොන්න තිබ්බනෙ කියන්න වගේ...

" මේක පට්ටම තිත්තයිනෙ... කොහෙ තීන තේ කොළ එකක්ද දැම්මෙ ?"

" අර උඩ කබඩ් එකේ තිබ්බෙ..."

" මොන එකේද..... "

" අර පැන්ට්‍රි කබඩ් එකේ අනේ..."

" අයියො..... බබා ඒක මන් මේ මගේ දණිස් රිදෙන්න ගන්නවට බොන අස්ථි වර්ධක පැණියක්නේ....."

හෑ.............බ්වෑක්ක්ක්....

" මන් දන්නවද ඉතිං ...එකේ තේ කොළයක් තිබ්බ නිසා මන් ඒක ගත්තා.."

" ඇයි බල්...... ක්හ්ම්... බබා ලේබල් එක බලන්නෙපැයි.....අනේ මන්දා උඹ නම්... කොෆි මැෂින් එකෙන් කොෆි දෙකක් වත් හදන් එන්න මේ දරුවො දෙන්නට බොන්න...ඔයාටත් මමම ඉන්න ඕනෙ වැඩක් කරගන්න නම් "

අනුක් අයියා නලලත් අතගගා කියද්දි හස්බන්ඩ් ඇස් හීනි කරන් දඩාස්ස් ගාලා දොරත් වහන් ගියා යන්න.....

" මගේ මේ කකුල් රිදෙන්න ගන්නව හිටපු ගමන් මේ කොල්ලා එක්කම නටල.... මන් ඉතිං ඉදල හිටල ඔය ඕකෙන් පොඩ්ඩක් බොනව.... මේ දරුවා ඒක දාලා තේ හදලනේ...අනේ මන්දන්නෑ මේ ළමය නම්..... "

මන් අයියා දිහා බැලුවෙ අසරණව.... දැන් මාව උස යයි නේද.... දණිස් වර්ධනය වෙලා.....එතකොට අහවල් එක කරද්දි අයියට කරදරයි නේද.... අයියට හීල්ස් දෙකක් වගේ දාගන්න වෙයිද දන්නෑ...නෑ මන් කිව්වෙ මායි අයියයි දෙන්නම විවිධත්වයට කැමති.... හැමදාම ඇද උඩ ඉදන් ඕක කරන්න බෑනේ...අයියත් දවසක් කිව්වා අපි බැල්කනි එකේ ඉදන් කරමු කියල ....හත්තිකේ එතකොට එයාට හීල්ස් දාලා තමයි මට කිට්ටු වෙන්න වෙන්නෙ.... ම්ම්ම්......

" අභූ දරුවො අවුලක් නෑනේ ?"

" නෑ නෑ ප්‍රශ්නයක් නැෑ "

මන් හිනාවෙලා කියද්දි අනුක් අයියගෙ හස්බන්ඩ් ටිකකින් කොෆී දෙකක් හදන් එද්දි අයියා මට කලින් ඒක බීලා බැලුවෙ ඒ ගමන මූ වහ දාලද කියල ශුවර් නැති නිසා ......

" බබා ඔයා දවල්ට මොනවද හැදුවෙ "

" ඔම්ලට් එකක් හැදුවා... ඊයෙ නැන්දා ගෙනාව ව්‍යාංජන වගයක් ෆ්‍රිජ් එකේ තීනව "

" මේ දවස් ටිකේම බිත්තර බිත්තර බිත්තර...උදේට බිත්තර තම්බලා දවල්ට බිත්තර කර කරල රෑට බිත්තර බැදලා.... මට දැන් බිත්තරයක් දාන්න හිතෙනව "

අනුක් අයියා ' බලන්න ' වගේ බැල්මකින් කියද්දි මට හිනායන්න ආවත් මන් කාමරේ තිබ්බ පොටෝ එකක් දිහා බලාගත්තෙ හිනාව හිර කරන්....

කපල් පොටෝ එකක්..අනුක් අයියගෙයි හස්බන්ඩ්ගෙයි...ඒක ලස්සනයි ....

" ඉතිං චූටි අයියේ එහෙනම් ඕඩර් දාමු....මගුල ඒකට කැමතිත් නෑ "

අරයා කිව්වෙ මූණ කළු කරන්...මරු අනේ මෙයාලා....

" හරි හරි අනේ මේ මෙන්න වැන්දා මට නම් බිත්තර කන්න බෑ.... අම්මට කෝල් එකක් දාලා කියන්න අපිට කෑම දෙකක් එවන්න කියල "

" එතකොට මන් හදපු බිත්තරේ "

" හරි හරි ඒකත් කමු ඕන්නම්.... දේශ් අතේ කෑම දෙකක් එවන්න කියන්න.... ආ....ඊට කලින් අර මැෂින් එකට දාපු රෙදි ටික වැලෙන් දාන්න බබා.... ඊයෙ රෑ ඉදන් රෙදි ටික මැෂින් එකේ.... දැන් අවුවත් හොදට පායලා.... "

මන් හිනාව කාගෙන ඉන්නෙ අමාරුවෙන් දෙයියනේ ..... හොද වැඩේ ඕකට.....

" අභූ දැන් මහන්සි වෙනවා නේද ? ම්ම් තව ටික දවසයිනේ "

මන් උරිස් අකුලලා හිනා උනා...

" කොහෙ කැම්පස් යන්නද වැඩිපුරම ආස....?"

" පේරාදෙණිය තමයි ඉතිං "

" ම්ම්ම්...... හොද ඉලක්කයක් තියන් වැඩ කරල කොහොමහරි කැම්පස් යන්න....එතකොට සේරම හරි ඔයා නිදහස්.."

" ඒ උනාට කැම්පස් ගියාම assaiment , quiz ඒවා අනම් මනම් ගොඩක් හරීයට තියෙනවලුනේ....නේද ?"

මන් කිව්වෙ ඔළුවත් කහගන්න ගමන්....

" නැතුව ඉතිං ...... ලෙජ්චරර් උඹලට assaiments දෙන්නැතුව සමෘද්ධිය දෙන්න යැ...."

" ඒ උනාට කියන්නෙ නම් උපාධියෙ බෙල්ලෙ එල්ලනව කියලා....."

" එහෙම මේ ඒවගේ දේවල් නම් බලාපොරොත්තු වෙන්න එපා ඉතිං ....."

අනුක් අයියා කිව්වෙ හිනාවෙන ගමන්...

අයියා මගේ ඔළුව අතගෑවෙ මන් කොෆී එක අතට ගනිද්දි...
.
.

" අපි එහෙනම් ගිහින් එන්නම් අනුක් අයියේ...... "

අන්තිමට දණිස් අමාරුවට තේත් බීලා ඉවර වෙලා තව ටිකක් ආගිය තොරතුරු කතා කරල අපි යන්න නැගිට්ටෙ අනුක් අයියා හිනාවෙද්දි.....

" ගිහින් එන්නකො එහෙනම්....... අපි දානෙටම එන්නම් "

අනුක් අයියා නිදන් ඉන්න ටුටූව උස්සල ඇදෙන් තියල ටෙඩියෙක්ව තුරුල් කළේ කාමරේ ඒසි එක වැඩි කරන ගමන්...

" අභූ ලබන සතියෙ ක්ලාස් එක අනිවාරෙන් තියමු......ඕකෙ ?"

" හරි "

" බබා මෙයාලට ගේට් එක ඇරල දෙන්නකෝ......."

අනුක් අයියා කියද්දි මන් අනුක් අයියට වැදල එන්න ආවා......

" අනුක් අයියගෙ හස්බන්ඩ් පව් කියලත් හිතුනා අයියේ....."

එයා කාර් එක පාරට දාද්දි මන් කිව්වෙ සීට් එකට හේත්තු වෙලා එයා දිහා බලාගෙන....

" එහෙම තමයි පැටියො ඉතිං ... එයාලගෙ ගෙදර අනුක් අයියනෙ අම්මා වගේ ඉන්නෙ.... දැන් ඔයාම හිතන්න ඔයාගෙ අම්මා අසනීප උනාම කොච්චර නම් දේවල් ඔයාලට අතපසු වෙනවද කියල ....ම්ම් හරියට කන්න නෑ රෙද්දක් හෝදන්න නෑ .... "

" හ්ම්ම්...ඒක ඇත්ත "

" අපේ අම්මා අසනීප උනාම ඉස්සර අපේ අප්පච්චී තමයි ගෙදරම වැඩ කරන්නෙ....පස්සෙ පස්සෙ මන් ඒකට හුරු උනා.... අප්පච්චී නිසාම වෙන්නැති.... ඒ ඇරත් ඉතිං අම්මා ජොබ් එකට යනව අප්පච්චී ගෙදර නෑ.... ඉස්සරම අයියත් ඉතිං ක්ලාස් යනව අරගෙ මෙහෙ යද්දි මන් ගෙදර තනිවෙනවනේ.... මන් උයන්න ඉගෙන ගත්තෙ එහෙම...... දැන් ඉතිං ඔය අනුක් අයියා බැදපු කොල්ලා නම් රත්තරන් හැන්ද කටේ ගහන් ඉපදුන ඈයොනෙ... එයාලට නම් ඉතිං ඔඕව පුරුදු නෑ කොහොමත් "

" ඔහොම හරි ක්රන එක ලොකු දෙයක් "

" ඔව් ඉතිං .... කොල්ලෙක් උනාම අඩුම හදිසියකට හරි බතක් තම්බගන්න පුලුවන් වෙන්න ඕනෙ පැටියො... ඒක පුලුවන් වෙන්නෙ කසාදයක් බැන්ද්ම නෙමෙයි...ඒක පුරුදු වෙන්නෙ ගෙදර ඉන්න කාලෙදි.... හැමදේම අම්මටම කරල දෙන්න බෑනේ.... කසාදයක් කරගත්තමත් ඒ දේවල් තියෙන්න ඕනෙ... හැමදේම ගෑණි කරනකන් බලන් ඉන්නෙ නැතුව...වයිෆ් අසනීප උන දාට බතක් උයාගන්න රෙද්දක් මැදගන්න හෝදගන්න පුලුවන් කම තියෙන්න ඕනෙ "

" අනුක් අයියා ගැන මට මාර පුදුමයි... එයා මරු නේද....බබෙක්වත් බලාගෙන ජොබ් එකත් කරගෙන....අනික එයා ප්‍රොෆෙසර් කෙනෙක් එක්කනේ...."

" එයාගෙ chemistry එක ඇතුලෙ එයා සතුටෙන්...."

අයියා කිව්වෙ මගේ අතට එයාගෙ නිදාහ්ස් අත පටලවන්....

මන් ලොකු හුස්මක් පිට කරල එයාගෙ අත් ගොබේට මගේ කම්මුලක් හේත්තු කරගත්තා...

" අපිත් ඉක්මනට එක වහලක් යටට වෙමුකෝ..... "

" ම්ම්ම් ???"

" මටත් ඔයා එක්ක ජීවත් වෙන්න ආසයි "

" පරස්තාවක් කරගන්න කලින් විභාගෙ කරල හිටපං පොඩි එකෝ...."

" අනේ මන්දා අයියේ.... මට දැන් අරමුණක් නෑ වගේ.... ඔහේ ඉන්නවද මන්දා.... ඉස්සර නම් දැඩි උවමනාවක් තිබ්බා දොස්තර නළාවට.... අම්මා වෙනුවෙන්.... ඒත් දැන් මගේ ලෝකෙන් අම්මා අයින් වෙලා....."

" ඔයා අරමුණේ පිහිටන්න ඔයා වෙනුවෙන්ම..... ඔයා වෙනුවෙන් හැම දෙයක්ම කරන්න...."

මන් එයාගෙ මූණ දිහා බැලුවා...

" මට ඔයා ඉන්නවනේ....."

" තමන්ගෙ වියහියදම් තමන්ටම බලාගන්න පුලුවන් වෙන්න ඕනෙ පැටියො.... මන් ඔයාට ඉන්නව ඒක ඇත්ත... ඔයා වෙනුවෙන් මට වියදම් කරන්න බැරිකමක් නෙමේ.... ඒත් පැට්ටො තමන් කැමති දෙයක් කරන්න කැමති ඇදුම අදින්න කැමති කෑමක ගාන නොහිතා කන්න කැමති තැනක යන්න.... ආන් ඒ තමන්ගෙ තීන stranderd එක හදාගන්න ඕනෙ තමන්ම තමයි ....."

" හ්ම්ම්..... මන් දන්නව "

" පැටියා කවදහරි මන් කියන්නෑ ඩොක්ටර් කෙනෙක් වෙන්නම ඕනෙ කියල ....මොන යම් හරි ජොබ් එකක් කරල රුපියලෙන් රුපියල එකතු කරල වාහනයක් ගත්තා කියන්නකො.... එතකොට පැටියට දැනෙනව තමන් ගැන ආත්ම අභිමානයක්... මේක මම නේද හම්බ කරල ගත්තෙ මේක මගේ සල්ලි වලින් නේද ගත්තෙ කියල...."

" හ්ම්ම්...... මට තෙරෙනව "

මන් එයාගෙ මූණ දිහා බලන් ඉදියා...

එයා මෙහෙම උපදෙස් දෙද්දි ජිවිතේට වටින දේවල් ගොඩක් මට කියාදෙද්දි මට වඩා එයාට තියෙන අත්දැකීම් නිසා එයා මට දේවල් උගන්වද්දි ඇත්තටම ලස්සනයි......

මන් කිව්වෙ මන් ගැන..... එහෙම දේවල් අහන් ඉද්දි මන් ගොඩක් ලස්සනයි ....

ම්ම්ම්ම්ම්.....

" ඔයා මාව කොහෙද එක්කන් යන්නෙ...?"

" පොඩි කෑමක් කන්න "

" මොකද්ද කෑම එක ?"

" ගිහින් බලාගන්නකො...."

එයා කියද්දි මන් එයාගෙ අත් ගොබෙන් අත අරන් ශීට් එකේ කෙලින් වෙලා පෝන් එක අතට ගත්තා... මන් පෝන් එක ගත්තෙ සින්දුවක් දාන්න උනත් මන් දැක්කෙ සුරේශයගෙන් ඇවිල්ලා තිබ්බ මැසේජ් එකක්....

මන් එහෙන්මම වට්සැප් එකට ගිහින් ඒක ටච් කරල බලද්දි තිබ්බෙ විඩියෝ එකක්...... අනේ දෙයියනේ බලන්න සිද්ධ වෙන අපරාධෙ... කියල ... එකේ මුල පේන්න තිබ්බෙ ඇක්සිඩන්ට් එකක්...මන් සද්දෙ වැඩි කරල ඒක ටච් කලා කියල විතරයි මට මතක.....

📱 " ආහ්හ්හ්හ්හ්..... ඌම්ම්හ්හ් හ්හ්හ්..... ආහ්හ්..... තව... හයියෙන්.....දෙයියෝහ්හ්.... ආහ්හ්හ්....... ආහ්හ්හ්...."

" පැටියෝ !!!!"

එකපාරටම ගෑනියෙක් කටත් ඇරන් උඩට පහළට යන විඩියෝ එකක් මහා සද්දෙන් කෑ ගහද්දි සත්තයි මට හිතුනෙ කාර් එකෙන් එළියට පනින්න....

" ම....ම....ම.....ම....න්... ද...න්...නෑ...."

මගේ මූණ පුපුරන්න ඔන්න මෙන්න රතු වෙද්දි මට හිතුනෙ රෙදි නෑ වගේ කියල ....අයියා මන් දිහා කන්න වගේ බලන් ඉන්නව.....

" මේ...ඇ...ත්...ත..මයි... මන්..දන්නෑ...."

හනේ යකෝ කන්න වෙනවා දැන් ....

" මොනාද උඹ බලන්නෙ ආහ්.... ඔය හදන්නෙ මට කියල ඕක කුඩු කරගන්න තමයි ...."

" ඇත්තටම ....මන් දන්නෑ... මේ සු......නෑ මන් කිව්වෙ...ගෲප් එකකින් ආව ...විඩියෝ එකක්... මන් දන්නැතුව ටච් කලේ......"

ලැජ්ජයි යකෝ මට ලැජ්ජයි...... ඒ ගෑන් කෑ ගහපු විදිය..සැක්.... වෙලාවට මෙතන ඉදියෙ අයියා විතරයි ......මේ සුරේෂ් ප$යා නම්.....

" ආව්ව්ව්....."

අයියා එහෙන්මම අත උස්සල මට ඇන්නෙ දාර ටොක්කක්....

" අත ගනින්....."

මන් ඔළුව අතින් වහගනිද්දි එයා කිව්වෙ මූණ නිකන් මෙව්වා කරගෙන.....

" ආව්ව්ව්.....බෑ.....රිදෙනවා...."

" අත ගනින්න් !!!"

" හයියෙන් ගහන්න බෑ හැබැයි ... අනික ඒක මගේ වැරැ....ආව්ව්......"

ඇස් වලින් කදුළුත් පැන්නා... මන් ඔළුව අතගාගත්තෙ එයාට රවන ගමන්...එයා එහෙන්මම ඇදල අරන් මගේ පෝන් එක දිහා බැලුවෙ මාව කන්න වගේ....

" උඹත් එකයි උඹෙ යාලුවොත් එකයි "

එයා මට පෝන් එකෙන් දමල ගැහුවෙ මන් ඔළුව කහගනිද්දි....

ටිකකින් අපි ආවෙ දෙහිවල mount lavinia පැත්තට.... indulgence dessert කියල ශොප් එකකට....

අයියා ශොප් එකක් ළග වාහනේ නවත්තල මන් දිහා බැලුවා....

" රිදුනද ?"

මන් එයා දිහා බලන් ඉදල ඔව් කියන්න ඔළුව වැනුවා..... මොලේ තැලුනා වගේ....

අයියා මගේ ඔළුව පපුවට තව කරන් ගහපු තැන අතගෑවා...සැක්.... තාත්තයි පුතයි වගේ .....

" හරි හරි ඕක ඔච්චර රිදුන්නෑ.... අපි යන් දැන් ....."

මන් කැප් එකත් දාන් කාර් එකෙන් බැස්සෙ එයත් බහිද්දි....

මන් එයාව ඇදගෙනම ආවෙ ශොප් එක ඇතුළට..... ඒකෙ මෙනු එකේ සම්පූර්ණෙන්ම තිබ්බෙ ඩෙසර්ට ජාති.... ඒ වගේම ඒ ශොප් එකේ රට චොක්ලට් විකුණන වෙනම තැනකුත් තිබ්බ...අයියා එකෙන් මට cadbury චොක්ලට් එකක් අරන් දුන්නා පාඩම් කරද්දි කන්න කියල .....

එයයි මමයි ටේබල් එකක ඉදන් බලන් ඉදියෙ ඕඩර් එක එනකන්.... එයා මෙතනට ආවෙම ඒක ගන්න කියල එයා කිව්වා...මන් දන්නෑ ඒ මොකද්ද කියල .... chocolate Dome කියල තමයි මෙනු එකේ තිබ්බෙ....රුපියල් දෙදාස් පන්සීයක් ඒක.... මොකද්ද කියල දන්නැති නිසා මන් වටපිට බල බල ඉදියෙ එයා අත් දෙක බැදන් මන් දිහා බලන් ඉද්දි...

" මේ....ඔයාට ප්‍රමෝෂන් එකට කීයක් හම්බුනාද ?"

" ම්ම්ම් "

" අගේ නොකර කියන්නකො "

" පහයි...."

" පන්දාහයිද....අයුයෝ මන් හිතුවෙ මේ රුපියල් පනස්දාහක් වගේ වැඩි වෙලා ඇති කියල ...."

" උඹ හිතන් ඉන්නෙ මේක කොරියාව කියලද ?"

" ඒ උනාට මන් හිතුවා අඩුම දහයක් වත් වැඩි කරයි කියල "

" එච්චර වත්කමක් භාණ්ඩාගාරෙට නෑ පැටියො "

" හ්ම්ම්ම්ම්....."

" කෝ....මේ පැත්ත හැරෙන්න පොටෝ එකක් ගන්න....."

එයා කියද්දි මන් එයා දිහාවට හැරිලා එකේක ඇක්ෂන් පෙන්නුවම එයා පොටෝස් දෙක තුනක් අරන් ඒ දිහා ආසාවෙන් බලන් ඉදියා....කොහොමත් මන් ලස්සනයි තමයි ....

මන් කම්මුලට අතක් තියාගනිද්දි ටිකකින් අපේ ඕඩර් එක ආවා....

" මේ මොකද්ද අනේ මේ....කේක් ගෙඩ්ඩක්ද ? "

එයාලා ගියාට පස්සෙ මන් කිව්වෙ ඒක දිහා බලාගෙන....ඒක නිකන් චොක්ලට් වලින් හදපු අඩ ගෝලයක් වගේ.....

එයා පෝන් එකේ කැමරාව ඔන් කරල එතන තිබ්බ මල් පෝච්චියට හේත්තු කළේ මගේ මූණත් එක්ක විඩියෝ වෙන විදියට.....

" දැන් ඔය ජොග්ගුව ඕකට වක් කරන්න "

එයාලා ඒ කේක් ගෙඩ්ඩ වගේ එක දෙද්දි පොඩි ජොග්ගුවක චොක්ලට් දිය කරපු වගේ එකක් දුන්නා....

අයියා කියද්දි මන් ඒක අරන් ඒකට වත් කරද්දිම අර මේවෙක දියවෙලා මැද තිබුන අයිස් ක්‍රීම් , ස්ට්‍රොඉබෙරි පලතුරු උඩට වැටුනා..... චොක්ලට් .....

" ඒහ්..... ඒක බලන්නකො...."

මන් කිව්වෙ අන්තිමට පිගාන දිහා බලලා....

අයියා හැන්දක් අරන් මගේ අතට දුන්නෙ මන් දියවුණ චොක්ලට් එක්ක අයිස් ක්‍රීම් කටක් රස බලද්දි....

" ම්ම්ම්ම්....... මරු ....ඔයත් කන්නකො "

" මට එපා පැටියා කන්න..."

" ඇයි ???"

" මන් ඔය පැනිරහට ආස නෑ.... "

" අනේ ඉතිං ....පොඩ්ඩක් කන්නකො.... රෑට ගිහින් මෙට්ෆොමින් එකක් බොන්න "

" ම්හ්..... "

මේකා ඉතිං නාකිනෙ...කොලෙස්ටරෝල් ශුගර් හැම මගුලම එයාට තියෙනව..... එයා කියන්නෙ පරම්පරාවෙන් කියල ....

එයා කන්න බෑම කිව්ව නිසා අරකම තනියෙන් කන්න උනේ මට.... කන්නත් බෑ ඇත්තටම ...ඒත් අහක දාන්න බෑනෙ ...පිස්සුද මේ එහෙම අහක දායි මන්.....

කාලා ඉවර වෙලා අපි කෙලින්ම ආවෙ ගෙදර ..එයාලා හෙට පානදුරේ යනව කිව්වා..... අයිය දිගටම නිවාඩුනේ...එයා කිව්වා මට දානෙට කලින් දා බස් එකේ නැගල එන්න එයා මාව හොල්ට් එකෙන් ගන්නම් කියල ...මන් හා කියල ගෙදර ආවා....

.
.
.
.
.
.
.
.
🍁 බායි....

Continue Reading

You'll Also Like

110K 17.5K 54
💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්.. ❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්...
14.6K 1K 9
အစိမ်းရောင် (.....) အောက်မှာ ကျရှုံးခြင်း Cover photo by Lwin Min Khant
1.8K 510 8
~I wanna sleep next to you And I wanna come home to you I wanna hold hands with you I wanna be close to you~ 🚫 This is not an English book.This is a...
509K 34.2K 31
story description>>>>> start-5/10/2021 end-1/1/2022