Hollow Spirit🍁 [ Zhanyi Comp...

Da HashiHiru

402K 78.1K 41.4K

🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යාය... Altro

🍁 පළමු දිගහැරුම 🍁
🍁 දෙවන දිගහැරුම 🍁
🍁 තුන්වන දිගහැරුම 🍁
🍁 හතරවන දිගහැරුම 🍁
🍁 පස්වන දිගහැරුම 🍁
🍁 හයවන දිගහැරුම 🍁
🍁 හත්වන දිගහැරුම 🍁
🍁 අටවන දිගහැරුම 🍁
🍁 නමවන දිගහැරුම 🍁
🍁 දසවන දිගහැරුම 🍁
🍁 එකොළොස්වන දිගහැරුම 🍁
🍁 දොළොස්වන දිගහැරුම 🍁
🍁 දහතුන්වන දිගහැරුම 🍁
🍁 දහහතර වන දිගහැරුම 🍁
🍁 දහසය වන දිගහැරුම 🍁
🍁 දහ හත්වන දිගහැරුම 🍁
🍁 දහඅටවන දිගහැරුම 🍁
🍁 දහනමවන දිගහැරුම 🍁
🍁 විසිවන දිගහැරුම 🍁
🍁 විසිඑක්වන දිගහැරුම 🍁
🍁 විසිදෙවන දිගහැරුම🍁
🍁 විසි තුන්වන දිගහැරුම 🍁
🍁 විසිහතරවන දිගහැරුම🍁
🍁 විසිපස්වන දිගහැරුම🍁
🍁 විසිහයවන දිගහැරුම 🍁
🍁 විසිහත්වන දිගහැරුම🍁
🍁විසි අටවන දිගහැරුම🍁
🍁විසිනමවන දිගහැරුම🍁
🍁 තිස්වන දිගහැරුම🍁
🍁තිස්එක්වන දිගහැරුම🍁
🍁 තිස් දෙවෙනි දිගහැරුම🍁
🍁 තිස්තුන්වන දිගහැරුම🍁
🍁 තිස්හතරවන දිගහැරුම 🍁
🍁තිස්පස්වන දිගහැරුම🍁
🍁තිස්හයවන දිගහැරුම🍁
🍁 තිස්හත්වන දිගහැරුම🍁
🍁තිස්අටවන දිගහැරුම🍁
🍁තිස්නවවන දිගහැරුම🍁
🍁හතලිස්වන දිගහැරුම🍁
🍁 හතලිස්එක්වන දිගහැරුම🍁
🍁 හතලිස්තුන්වන දිගහැරුම🍁
🍁හතලිස් හතරවන දිගහැරුම🍁
🍁හතලිස් පස්වන දිගහැරුම🍁
🍁හතලිස්හයවන දිගහැරුම🍁
🍁හතලිස් හත්වන දිගහැරුම🍁
🍁හතලිස් අටවන දිගහැරුම🍁
🍁හතලිස් නමවන දිගහැරුම🍁
🍁 පනස්වන දිගහැරුම🍁
🍁පනස් එක්වන දිගහැරුම🍁
🍁පනස් දෙවන දිගහැරුම🍁
🍁පනස් තුන්වන දිගහැරුම🍁
🍁පනස් හතරවන දිගහැරුම🍁
🍁පනස් පස්වන දිගහැරුම🍁
🍁පනස් හයවන දිගහැරුම🍁
🍁පනස් හත්වන දිගහැරුම🍁
🍁පනස් අටවන දිගහැරුම🍁
🍁 පනස් නමවන දිගහැරුම🍁
🍁හැටවන දිගහැරුම🍁
🍁හැට එක්වන දිගහැරුම🍁
🍁හැට දෙවන දිගහැරුම🍁
🍁හැට තුන්වන දිගහැරුම🍁
🍁හැටහතරවන දිගහැරුම🍁
🍁හැටපස්වන දිගහැරුම🍁
🍁හැටහයවන දිගහැරුම🍁
🍁හැට හත්වන දිගහැරුම🍁
🍁හැට අටවන දිගහැරුම🍁
🍁හැට නවවන දිගහැරුම🍁
🍁හැත්තෑවන දිගහැරුම🍁
🍁හැත්තෑ එක්වන දිගහැරුම🍁
🍁හැත්තෑ දෙවන දිගහැරුම🍁
🍁 හැත්තෑ තුන්වන දිගහැරුම🍁
🍁හැත්තෑ හතරවන දිගහැරුම🍁
🍁හැත්තෑපස් වන දිගහැරුම🍁
🍁හැත්තෑහය වන දිගහැරුම🍁
🍁හැත්තෑ හත්වන දිගහැරුම🍁
🍁හැත්තෑ අටවන දිගහැරුම🍁
🍁 හැත්තෑ නමවන දිගහැරුම🍁
🍁අසූවන දිගහැරුම🍁
🍁අසූ එක්වන දිගහැරුම🍁
🍁අසූ දෙවන දිගහැරුම🍁
🍁අසූ තුන්වන දිගහැරුම🍁
🍁අසූ හතරවන දිගහැරුම🍁
🍁අසූ පස්වන දිගහැරුම🍁
🍁අසූ හයවන දිගහැරුම🍁
🍁අසූ හත්වන දිගහැරුම🍁
🍁අසූ අටවන දිගහැරුම🍁
🍁අසූ නමවන දිගහැරුම🍁
🍁අනූවන දිගහැරුම🍁
🍁අනූ එක්වන දිගහැරුම🍁
🍁අනූ දෙවන දිගහැරුම 🍁
🍁අනූ තුන්වන දිගහැරුම🍁
🍁අනූ හතරවන දිගහැරුම🍁
🍁අනූ පස්වන දිගහැරුම🍁
🍁අනූ හයවන දිගහැරුම🍁
🍁අනූ හත්වන දිගහැරුම🍁
🍁අනූ අටවන දිගහැරුම🍁
🍁අනූ නමවන දිගහැරුම🍁
🍁සිය වන දිගහැරුම🍁
🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁
🍁එකසිය දෙවන දිගහැරුම🍁
🍁එකසිය තුන්වන දිගහැරුම🍁
🍁එකසිය හතරවන දිගහැරුම🍁
🍁එකසිය පස්වන දිගහැරුම🍁
🍁එකසිය හයවන දිගහැරුම🍁
🍁එකසිය හත්වන දිගහැරුම🍁
🍁එකසිය අටවන දිගහැරුම 🍁
🍁එකසිය නවවන දිගහැරුම🍁
🍁එකසිය දහවන දිගහැරුම🍁
🍁එකසිය එකොළොස්වන දිගහැරුම 🍁
🍁එකසිය දොළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහතුන්වන දිගහැරුම🍁
🍁එකසිය දහහතරවන දිගහැරුම🍁
🍁එකසිය පහළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහසයවන දිගහැරුම🍁
🍁එකසිය දහ හත්වන දිගහැරුම🍁
🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁
🍁එකසිය දහ නමවන දිගහැරුම🍁
🍁එකසිය විසි වන දිගහැරුම🍁
🍁එකසිය විසි එක්වන දිගහැරුම🍁
🍁එකසිය විසි දෙවන දිගහැරුම 🍁
🍁එකසිය විසි තුන්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හතරවන දිගහැරුම🍁
🍁 එකසිය විසි පස්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හයවන දිගහැරුම🍁
🍁එකසිය විසි හත්වන දිගහැරුම 🍁
🍁 එකසිය විසි අටවන දිගහැරුම 🍁
🍁අවසාන (01 ) කොටස 🍁
🍁අවසාන කොටස 🍁
🍁HOLLOW SPIRIT 🍁

🍁හතළිස් දෙවන දිගහැරුම🍁

3.1K 679 279
Da HashiHiru

" මේක  හොදටම විශ්වාසයි නේද නොනේ...දරුවට කරදයක් වෙන එකක් නෑනේද ?"

" මමත් මේ ස්කෝලෙ අදුරන ටීචර්ස්ලා කිහිප දෙනෙක්ගෙම අහල තමයි මේ කට්ටඩි මහත්තයව හොයාගත්තෙ.... අපිත් ළග ඉන්නවනේ පද්මා ...අපි බලමුකො...."

" අනේ නෝනේ මෙහෙම වත් මේ කරදරේ මගේ දරුවගෙන් නිදහස් උනොත් ලොකු දෙයක් නෝනෙ...."

අම්මා මගේ ඔළුවත් අතගගා කියද්දි මට නම් එච්චර හොදක් දැනුනෙ නෑ...... මිසුයි මායි අම්මයි එළියට වෙලා ඉද්දි සුදු සරමකට සුදු බැනියමක් ඇදල උන්න  කට්ටඩි අංකල් අපේ ගේ ඇතුලෙ  පැදුරක් දාලා එතන මොනාදෝ කරනව....ඒ අස්සෙ කකුලක් ගැටගහපු  කුකුළෙකුත් ඉන්නව එළියෙ ගටගහල.....

" අම්මා මන් පොඩ්ඩක් මූණ සෝදන් එන්නම්....."

" අභූ බය වෙලාද ඉන්නෙ....ම්ම්??"

මිස් මගේ කම්මුලක් අතගාලා අහද්දි මන් ඔළුව දෙපැත්තට වැනුවා....

" බය වෙන්නෙපා...මේවා මේ අපේ එදා ඉදන් එන දේවල් නේ...."

මන් මිස් එක්ක හිනාවෙලා පිළිකන්න පැත්තෙන් ටැප් එක ළගට ඇවිත් සාක්කුවෙන් පෝන් එක ගත්තා..... අද උදේ ගහෙන් ගෙඩි එන්න වගේ මිස් ගෙදර ආවෙ කට්ටඩියෙක් එක්කන්..... බලන් යද්දි අම්මත් මේ ගැන දැනන් ඉදල....මන් බය වෙයි කියල කියල නෑ.... මොනා උනත් මට හොද හැගීමක් නම් දැනෙන්නෙ නෑ.......

මන් එහෙන්මම අයියට කෝල් එකක් ගත්තෙ මෙ වෙලෙ මට ඉන්න එකම කෙනා එයා නිසා.....ඒත් කරුමෙට එයා අන්ස්වර් කරන්නෑ.....මන් ඒ නිසා එයාට මැසේජ් එකක් තියල ආයෙ ඉස්සරහට ආවා......

" ඔය දරුවා එක්කන් ආවා නන් "

කට්ටඩියා කියද්දි මට ඇතුළට යන්නත් බය හිතුනා.... අනේ මන්දා ඒ මනුස්සයත් මහ අමුතුයි....

" බය වෙන්නෙපා සුදු චූටි ...අම්මා ළග ඉන්නවනේ...."

අනේ මන්දා....

මන් ගේ ඇතුලට ගියාම කට්ටඩියා මගේ ඔළුවට සුදු රෙද්දක් දාලා ඒක බෙල්ල වටේ ඔතාගන්න කිව්වා.... දැන් ම්න මූ කියන පදේට නටන්න ඕනෙද ?

අම්මා ඒක ඔළුව වටේ ඔතල මාව එතන වාඩි කරව්වට පස්සෙ මිසුයි අම්මයිත් මගේ දෙපැත්තෙන් ඉදගත්තා.....

අයියා හදිසි වැඩක් වත්ද.... එයා මතුගම නැද්ද දන්නෑ..... අනෙ  මන්දා මේ මගුල් කරන්න ගිහින් මන් මැරිලා ගියොත් දෙයියනේ දෙයියනේ ...... මගේ ගොං බඩුව වෙන කෑල්ලක් ටෝක් කරගනීද දන්නෑ.....

ලස්සන නිසානෙ මේ සේරම.... අම්මයි මිසුයි කියන විදියට ආත්මයක් මගේ ඇගට වැහෙන්නෙත් මන් ලස්සන නිසානේ....සමහර විට මගේ ඇගට ආසද දන්නෑ..... ස්ටැචූ එකක් වගේ ඉන්නවනේ මන් ඉතිං .....

ඒ මනුස්සය මට මොනාද දාපු වීදුරුවක් දෙද්දි මන් ඒක දිහා බලන් ඉදියා...ඇල්කොහොල්ද මන්දා.... මොන ජරාවක්ද දන්නෑ...

" බොන්න දරුවා....."

" බොන්න පුතේ....."

මන් ඒක හෙමීට බොන්න ගත්තා..ඒක මහ වහතු රහයි....ඇඹුල් රහකුත් එනව......

ඒ මනුස්සය පහනක් පත්තු කරල එකේක දේවල් කරන්න ගත්තා.....මන්තරයක් වගේ මතු කරල දෙහි ගෙඩි වගයක් වටේට වැනුවා.... එතන බිත්තර දෙහි පුහුල් ගෙඩි තියල තිබ්බා...බුලත් කොලත් තිබ්බා.... රතු පාට ලේ වගේකුත් තිබ්බා ඒ අස්සෙ.....

" ආව්ව්..."

ඒ මනුස්සය මොනාදෝ මතුර මතුර පිහියක් අරන් මගේ ඇගිල්ලක් කපල දාලා ලේ අරගත්තෙ බුලත් කොලේකට....මට දැන් මෙතනින් නැගිටල යන්න හිතයි.....

මන් හොල්මනක් වගේ රෙද්දත් ඔළුවට පෙරවන් බලන් ඉද්දි මේක පටන් අරන් පැයක්ම විතර ගියා..... අයියා මැසේජ් එක දැකලද කියල වත් මන් දන්නෑ.....

ඊලග මොහොතෙ කට්ටියා උඩ පැන පැන දගලන්න ගනිද්දි ළග තිබ්බ දාරෙ මන්නෙකින් අර පුහුල් ගෙඩිය දෙකට පැලුවෙ එකේන් ලේ මතුවෙද්දි .....මාත් ඇස් දෙක ලොකු කරන් බලන් ඉද්දිම එළියෙ වේගෙන් ආව වාහනයක් නැවැත්තුවෙ අපි සේරම ඒ දිහා බලද්දි....

" අම්මා !!!!"

ඒත් එක්කම ලොකුම හොල්මන දොරකඩ පෙනී ඉද්දි මන් නම් ලොකු හුස්මක් අරගත්තා.....

අයියට මල පැනල වගේ...... කොණ්ඩෙත් මූණට වනාගෙන එයා මිසුයි අපේ අම්මයි දිහා බලන් ඉන්නෙ මරන් කන්න වගේ....

" මොනාද අම්මා මේ කරන වැඩ වල තේරුම ආහ්හ් ??"

ඊට හපන් අයියා යුනිෆෝම් නිසා කට්ටඩියත් බයවෙලා....

" චූටි පුතා....කට වහගන්න.... මෙතන විශේෂ වැඩක් කියල පේන් නැද්ද ?"

" අනේ අම්මා....මොනාද මේ කරන තුට්ටු දෙකේ වැඩ..... ආහ්....අභූ... නැගිටපන් ඔතනින්...."

අයියා කියපු සැනින් එයාගෙ වචනෙට කවදත් කීකරු පැටියා මන් හිටගත්තෙ රෙද්දත් පැත්තකට දාලා..

" අම්මා.... මේකුන් මොක්කුද කියල ඔයා දන්නවද අම්මා..... මේ දේවල් ඇත්ත කියල ඔයා හිතනවද....ඔය දෙන්නටම ඕනෙ හොදට ඉන්න මේ දරුවා මරාගන්නද ආහ්හ්??"

අයියට මල පැනල..... එයා සද්දෙට කෑ ගහද්දි අම්මත් බය වෙලා බලන් ඉදියෙ....

" මේවා බොරු දේවල් වෙන්නෙ කොහොමද චූටි පුතා..... මේවා එදා ඉදන් තියෙන දේවල් ...... මොකද්ද මේ කරන විකාරෙ ඔයා...."

" එදා ඉදන් තිබ්බ දේවල් ඇත්ත වෙන්නැති අම්මා...හැබැයි මේ මිනිහ දැක්කම අම්මට හිතෙනවද මූ කට්ටඩියෙක් කියල..... ඕනෙ තර්ම් නිවුස් වල යනව එකේක දහජරාව පොවල මැරිලා ගිය උන් ගැන....එහෙම වෙලත් මේකුන් ගැන විශ්වාසෙ තියන්නෙ මොන පදනමකින්ද අම්මා ??"

අයියා ගෙට ඇවිත් අර කට්ටඩියා ළගට ගිහින් උගේ උඩ ඉදන් බිමටම දැම්මෙ හොද බැල්මක්....සිරාවට ඌ බය වෙලා....

" මේවා....මන්...පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි මහත්තයා..."

" පලයන් හු#තෝ යන්න.. තෝ හිතන්නෙ මට ලේයි කුකුල් සායනුයි අදුනගන්න බෑ කියලද ආ....."

අයියා අර කට්ටඩියා  හදල අටමගුල් වලට පයින් ගැහුවෙ ඒවා සීසීකඩ විසි වෙද්දි....හොදෑඩේ.....

" කුකුල් සායම් නෙමෙයි...මහත්තයා... මේ ඇත්ත ලේ.....මහත්තයල මොනාද දන්නේ...."

අයියා බිමට නැමිලා අර පුහුලෙ තිබ්බ ලේ අරන් නහයට ලන් කරගත්තා......අයියගෙ ඇස් කේන්තියෙන් රතු වෙද්දි අයියා අර මනුස්සය්ගෙ කරෙන් ඇදල අරන් තල්ලු කළේ සෙටියට වදින්න.....කොම්ද කැම්ඩෙම්නැම්ති...

" චූටි පුතා....!! වහාම ඔක නවත්තනවා !!!"

" මහත්තයෝ !!!"

චටාස්ස්.........

ඔය මදී....බෙල්ල ගැලවෙන්න දෙන්නෝනෙ......

" අනේ මහත්තයෝ....ඕක නවත්තන්න...."

" තව ගහන්න අයියේ..... "

" ඕක් නවත්තන්න චූටි පුතා !!"

මිස් කෑ ගහද්දි අයියා අර මිනිහව බෙල්ලෙන් ඇදන් ගිහින් තල්ලු කලේ මිදුලට......

" ලේයි කුකුල් සායම්නුයි අදුරගන්න බැරි වෙන්න මම අත උස්සල ඕඅයිසී උනා නෙමෙයිනෙ මනුස්සයෝ...... පලයන් දොට්ට....උඹ ආයෙ මේ හතරමායිමේ පස් පාගලා තිබ්බොත් උඹව මකවනව මන්....පරයා........"

ගැහුවා මදී අනේ....මන් නම් කියන්නෙ සරම ගලවල ගන්න ඕනෙ..... කෝ නෑනේ අයියගෙ කිසි උනන්දුවක්....

" මන් බලෙන් ආවෙ නෑනෙ මහත්තයා..... මහත්තයලට වස් වදී..... මහත්තයල හිතන් ඉන්නෙ මට ගහපු එකෙක් හෙට ඉර එළිය දකී කියලද මහත්තයා....."

චටාස්ස්..........

අයියා උගේ කම්මුල පුපුරන්න පාරක් ගැහුවෙ මටත් ඌ එක්ක මල පනිද්දි...හොර කට්ටඩියෙක්......

ඕකට දෙන්න්ඩෝනෙ..... මාත් අර සුදුරෙද්ද පැත්තකට දාලා ගැම්මට ඌට නෙලන්න යන්න හදද්දි අයියා මගේ බෙල්ලන් අල්ලලා ගෙට තල්ලු කළා....

" උඹ ඔය කොහෙද  කොහෙද යන්නෙ ?"

නෙල්ලන්නනේ යන්න හැදුවෙ...ආව්ව්....බෙල්ල.....

මන් බෙල්ල අතගාගනිද්දි අයියා අරූව ඇදන් ගිහින් වත්තෙන් එලියට තල්ලු කරල දැම්මා......මට යන්න දුන්නැනේ.....මන් ගියා නම් සරම ගලෝලා ගන්නව හොර කට්ටඩියගෙ....

ඒත් එක්කම අයියා මල පැනගෙන ආයෙ ගෙට එද්දි මිස් පපුවට අතක් තියන් බැලුවෙ අයියා දිහා.....

" මොකද්ද පුතා ඒ කරපු ජරා වැඩෙ....."

" මන්ද අම්මා ජරා වැඩ කලේ ආ......!!!!"

අයියා මහ සද්දෙට කෑ ගැහුවෙ මිස්වත් අන්ද මන්ද වෙලා යද්දි......

" මේ දරුවට මොනා හරි උනානම් තෙරෙයි දෙන්නටම........ අභූ ගිහින් නගිනව වාහනේට...."

අයියා කියද්දි මන් කීකරු පැටියා වගේ ගිහින් කාර් එකට නැගල දොරත් වහගත්තා....

මන් එයාගෙ කීකරු පැටියනෙ ඉතිං ......

කීකරුකම පැත්‍තකින් තිබ්බත් කොහොමහරි පැටියෙක්නේ....

අයියත් මල පැනගෙනම ඇවිත් කාර් එක එහෙට කපල මෙහෙට කපල දැම්මෙ පාරට.....

කොහෙද දන්නෑ යන්නෙ...? අහන්නත් බෑ වgay....

මන් කාර් එකේ තිබ්බ වතුර බෝතලේ අරන් බීගෙන බීගෙන ගියේ අර වහතු රහ නැති කරගන්න....මොන මගුලක් පෙව්වද මන්දා.....

" මේ ඒයි.......ඔය ඉස්සරහින් පොඩ්ඩක් ...නවත්‍තන්නකො..."

" ඇයි ?"

" ප්‍රශ්න නාහා නවත්තන්නකො.... මට නිකන් උගුරට එනව වගේ...."

මන් පපුව අල්ලන් කිව්වම අයියා මන්දිහා ඇස් ලොකු කරල බලලා වාහනේ අයිනට කරල නැවැත්තුවම මන් කාර් එකෙන් බැහැලා එතන කැලේ ළගට ගියා......

" මොකද එකපාරටම ??"

" අරූ මොනාද බොන්න දුන්න අනේ.... ඒක මහ...අප්පිරිය රහයි.... ...."

" උඹ මොකටද යකෝ බිව්වෙ ඉතිං ..... උඹට මොළයක් නෑ සේරම කලි...න්...."

" අනේ මේ....තමුසෙ මහ ලොකු මොළකාරයනෙ.... කෝල් එකක් ගත්තම ආන්ස්වර් කරන්නෑ..... මගුලෙද පෝන් එක ආ..... තමුසෙ කලින් ආවානම් මෙහෙම වෙන්නෑනේ...... දැන් මට කියවගෙන එන්නෙපා මෙතන...."

මන් බඩත් අල්ලන් බිම ඉදගත්තෙ උගුර කාරන ගමන්..... ඉන්න බෑ....ඔක්කාරෙට එනව යන්නෙත් නෑ මගුල.....

" ඒ හු#තා මොනා දාලා දුන්නද දන්නෑ...... උඹට බොන්න කලින් ඕක බොන්න හොදද නැද්ද කියල වත් හිතුන් නැද්ද යකෝ..... "

" ඒක මහ ජරා රහක් අනේ....ඇබුලයිත් එක්ක...."

" උගේ කැ# දාලා දුන්නද දන්නෑ....දැන් සැපයිනෙ අම්මටයි පුතාටයි සේරොටම.....මන් කියන්නෑ ඉතිං තව....."

" ඔව් ඔව් කියන්නෙපා..... නැත්තන් මාව මෙතන බඩ වෙනවා...."

මන් ඔලුවත් අල්ලන් කියද්දි අයියා කාර් එකෙන් ගත්ත වතුර බෝතලෙන් මගේ මූණ සේදුවා......

" දැන් මොකද කරන්නෙ ?ඕක යන්නෙත් නෑ...... කට අරිනව මන් උගුරට ඇගිලි දෙකක් දාන්නම්....."

එව්ව්ව්.......අයියා සිරියස් පිට කියද්දි මහා වලත්ත දේවල් මට මතක් වෙනව.....

" ඕන්නෑ....... ගිහින් මට බුලත් කොලයක් අරන් එන්නකො...."

" බුලත් ??? මන් බුලත් කොහෙන් හොයන්නද...අනික මන් ඉන්නෙ යුනිෆෝම් ?"

" විටක් හරි අරන් එනව මිනිහෝ... මගුලක් කියන්නෙ...."

මන් කෑ ගහද්දි අයියා කාර් එකෙන් වොලට් එක අරන් ගියේ ඒ හරියෙ කඩයක් පැත්තට.....

බ්වෑක්ක්ක්..........

අයියා යනකන්ද කොහෙද බලන් ඉදල තීන්නෙ.....ඊයෙ රෑට කාපුවත් ගියාද කොහෙද.....

සේරම ඉවර වෙද්දි ඇගටත් පණ නෑ..... බුලත් ගේන්න ගිය මිනිහා ආගිය අතකුත් නෑ...... මන් බෝතලෙන් මූණ සෝදන් කාර් එකේ ඉදගත්තා..... වතුර ටිකක් බීලා මන් එහෙන්මම ඇස් පියාගනිද්ද් ගොං බඩුව එනව විටකුත් අතේ තියන්....

" දැන් ඕක තෝම කාපන්..."

මන් කියද්දි එයා මගේ ඔඩොක්කුවට ඒක විසි කළා.....

කට අමුතු නිසාම මන් බුලත් කෑල්ලක් කටට දාගෙන හප හප ඉදියෙ අයියා වාහනේ ස්ටාර්ට් කරල පාරට දාද්දි....

" මට දැන් බඩගිනි .....කන්න අරන් දෙන්න "

" කොහෙද අපි යන්නෙ ?"

" අලුත්ගම යන් "

මන් කිව්වම අයියා වාහනේ අලුත්ගම පැත්තට හැරෙව්වා....

" අපි බීච් ගිහිල්ලා එමුද....හාත ?"

" මන් යුනිෆෝම් "

" කමක් නෑ අනේ.....ඉතිං ...."

" මාව දැක්ක ගමන් ඉන්න කපල් සේරම ඔළුව හැරුන අතේ දුවයිද දන්නෑ "

එයා හිනාවෙවී කිව්වම මන් එයාගෙ කම්මුලක් අලල්ලා මිරිකුවා.....

" අපේ අම්මයි ඔයාලගෙ අම්මයි මොන හේතුවකට මේ දේවල් කරනවද කියල මට තෙරෙන්නෑ පැටියෝ....."

" එයාලා එහෙම තමයි අයියේ.... ඒ පරම්පරාවල කට්ටිය හිතන පතන විදිය අපිට වෙනස් කරන්න බෑනෙ...... "

" ඊයෙ පෙරේදත් දරුවො හම්බෙන්න කියල මොනාදෝ පොවල කෙල්ලෙක් මැරුනා....දැක්කනේ..."

" සමහර විට ඔය දේවල් වල ඇත්තක් ඇති ඉතිං .... ඒ උනාට දැන් නම් ඕව ගොඩක්ම වෙන්නෙ සල්ලි වලට තමයි ..... මට සෙව්වන්දි මෑණියොත් මතක් වෙනව....."

මන් හිනාවෙමින් කියද්දි අයියා මිස්ගෙන් ආව කෝල් එක කට් කරල දැම්මා.....

" මන් වත් දැනන් ඉදියෙ නෑ පැටියො මේ ගැන.....එහෙනම් මන් ඕක සිද්ධ වෙන්න දෙන්නෑ....."

එයා දත් කුරූ හපන ගමන් කියද්දි මන් එයාගෙ අත් ගොබේකට කම්මුල හේත්තු කරගත්තා.....

විනාඩි කිහිපයකින් අපි බෙන්තර බීච් එකට ආවා.....

" මේ....රැල්ල පාගලා ඇති වැඩක් නෑ..... නාමුද ?"

මන් අහද්දි අයියා අහස දිහාත් බලලා කල්පනා කලා....අද සෝක් දවසක්....අව්ව එහෙම ගානට තීනව.....

" මන් ළග ඇදුම් නෑනේ පැට්ටො..."

මන් නම් ඇදෙන් ඉදියෙත් ශෝටක් තමයි ......අයියා ඉතිං යුනිෆෝම් නේ.....

" මෙහෙම කරන්න..... බොක්සර් එක තීනවනේ....ඔය ඕනෙ තරම් කොල්ලො නාන්නෙ... ඔයාට හරි මදි නම් මාත් බොක්සර් එක පිටි........"

" ඕන්නෑ !!!"

අයියා කිව්වෙ මූණ කළු කරන්....

" ඇයි.....අද ඔයා ඇන්දෙ බොක්සර් එකක් නෙමේද....? වවුලෙක්ද ?"

" විකාර නොකියා හිටපන්.... බොක්සර් එක පිටින් ගිහින් දන්න එකෙක් අහු උනොත්..... "

ඔව් ඉතිං මෙයා very very නිතිගරුක ඇන්ඩ් විනයගරුක මනුස්සයනෙ.....

" කෝ ඉන්න අනේ....ඔයාගෙ බොක්සර් එකේ දිග බලන්න....."

මන් අයියගෙ පිටිපස්සට ගිහින් එයාගෙ කාකි කලිසම ප්පහත් කරල බොක්සර් එක දිහා බලද්දිම එයා මට ගුටියක් දීලා ඒක උඩට ඇදගත්තා...... Celvin klein
එකක්......රතු පටයි....දිග දැක්කෙ නෑ හැබැයි.....

" ශෝටක් ගමු .....කඩ තීනවනේ මේ හරියෙ....."

අයියා වටපිට බලන ගමන් කිව්වම මාත් ඔළුව් වැනුවා....

එයා වොලට් එකත් සාක්කුවට දාගෙන ඉස්සර වෙද්දි මාත් කූඩැල්ලා වගේ එයා පස්සෙන් ගියේ වටේට තීන කෑම කඩ දිහාවට බැල්මක් දාගෙන.....

මන් නම් කියන්නෙ අංකල් කෙනෙක් හොයාගන්න එක ඇත්තටම හෙන වාසි සහගත දෙයක් .... දැන් හිතන්නකො මන් සේම් ඒජ් කොව්වෙක්ට කැමති උනා කියල ...ඌට ඉතිං ජොබ් එකක් නෑනේ.... දුක තමයි ...එතකොට කන්න අරන් දෙන්න බෑනේ..... දැන් බලන්න අපේ මහත්තය ....තමන්ගෙ මහන්සියෙන් උපයල මට කන්න අරන් දෙනව....

අයියා එතන කඩේකට ගිහින් හෙන ලැජ්ජාවෙ ශෝටක් තොරද්දි එයාගෙන් රුපියල් සීයක් කඩාගෙන මන් ආවෙ බයිට් විකුණන තැනක් ලගට.....ඒ මනුස්සයට යුනිෆෝම් ගිහින් ශෝටක් ගන්න ලැජ්ජයි...එයා නොදන්නව උනාට එයා යුනිෆෝම් බැස්සම හෙන තැනක් එයාට තියෙනව....කෑම කඩවල් වලට ගියාම මිනිස්සු නැගිටල පුටු දෙන්නෙ.....

දැන් මේ මෑතක ඉදන් අලුතෙන් බයිට් එකක් ඇවිත් තියෙනව මේ කොටු කොටු වගේ ...ඒක පට්ටම රසයි කිහාන්කො.... මම නන් මතුගම ගියාම කනව කනව හොදේ....ආයෙ ඉතිං කන්න කොතනද මන් එතනනේ.....

" ම්ම්ම්....."

" පැටියා කන්න....."

" ලැජ්ජ නැතුව ගන්න අලෝ.... මේවා ඔයාගෙ සල්ලි....."

මන් බයිට් කවරෙ දික් කරල කිව්වම අයියා අහුරක් අරන් කටට දාගත්තා..... ශෝටත් අරගෙන අපි වාහනේ ළගට එද්දි එයා කාර් එකේ පිටිපස්සට ගිහින් මුලින්ම අර ශර්ට් එක ගලවල මගේ කරෙන් දැම්මෙ බයිට් පිටින් අල්ලනේපා කියල .... ඉන් පස්සෙ බැනියමත් ගලවලා බෙල්ට් එක පන්නල කලිසම ගැලෙව්වා..... අහළ පහළ කට්ටිය නෑ ඉතිං ....

මන් ඇස් පොජ්ජ හීනී කරල අයියගෙ බොක්සර් එක දිහා බලද්දි අයියා මගේ කටට පාරක් ගැහුවා...

" ආව්ව්....."

" කට වහගනින්.... කටට ඕනෙ වෙලාද කට ඇරන් ඉන්නෙ "

මන් එයාට රැව්වා..... මට මේ ඕනෙ ඒක ලොකුද කියල බලාගන්න....හුහ්....

එයා ශෝට දාගෙන බලද්දි ඒක බොක්සර් එකෙන් අගලක් විතර වගේ තමයි දිග තිබ්බෙ.... රුපියල් පන්සීයක් දීලා ඕක ගත්ත වෙලේ බොක්සර් එක පිටින් ඉදිය නන් ඉවරයිනෙ....

අයියා ඇදුන් ටික පරිස්සමට අරන් ඇතුලෙන් දාද්දි මමත් ටී ෂර්ට් එක ගලවලා කාර් එක ඇතුලෙන් දාලා සෙරෙප්පු දෙකත් දාලා වැහුවා..... අයියා කාර් එක ලොක් කරල වටපිට බලලා කාර් එකේ යතුර කාර් එක යටට දාද්දි මන් ඇස් ලොකු කරන් බලන් ඉදියා ....

" ඕක පරිස්සම් කර කර ඉන්න බෑ බන් ....."

අයියා එහෙම කියල ගොන් හිනාවක් දාද්දි මමත් හෙන ගොන් හිනාවක් දැම්මා.... දෙකම එකයි වගේ.....

මන් එහෙන්මම අයියගෙ සරුවාංගෙට දැම්මෙ ලම්සම්න බැල්මක්....යෝහ්.... පපුව.....

මන් ඉවර උන බයිට් කවරෙ අඩියෙ ටිකත් කටට හලාගෙන කවරෙ ඩස්ට්බින් දාලා කලිසමෙන් අත පිහාගෙන අයියා ළගට ලන් වෙලා චුයික් කියල  එයාගෙ පපුව මැද්දට මූණ ඔබගත්තා... 

ම්ම්ම්ම්ම්ම්......පට්ට සුවදයි අනේ.....මන් අයියගෙ කුක්කු දෙකෙන් අල්ලලා මිරිකල මගේ කම්මුල් දෙකට තද කරගත්තා.... උණුසුම්..... නිදාගන්න හිතෙනව....

" මොනාද උඹ ඔය කරන්නෙ ?"

" sex...."

" මොකක් ??"

මන් මුකුත් නොකියා අයියගෙ පපුව ඉම්ඹා.... මෙච්චර ලම්සම්න පපුවක් තීනව කියල දන්නව නම් අංකල්ට බෑ කියන්නෑනේ.....

අයියා ගුටියක් දීලා මාව ඇදල පණුවෙක් ගානට අහක් කළා ..

" වටේ පිටේ මිනිස්සු බලන් ඉන්නව.....යන් දැන් ඉතිං ....."

අයියා ඉස්සර වෙද්දි මන් දුවගෙන ගිහින් අයියගෙ කරට පැනල ඉන වටේ කකුල් දෙක ඔතාගනිද්දි එයා මගේ පස්ස යටින් අත දාලා අල්ලගත්තා.....

මන් එයාගෙ බෙල්ල වටේ අත් දෙක බැදගෙන එයා දිහා බලන් ඉදියා.....

ලස්සනයි දෙයියනේ .....මන් කිව්වෙ මම.....ඉස්සරහ තීන කාර් එකේ වීදුරුවෙන් මට මාව පේනව...  මගේ ලස්සනට ගහන්න කෙනෙක් නම් මන් මේ ලංකාව ඇතුලෙ දැකල නැහැ.... කොරියාවෙ නම් ඉන්නව හැබැයි... world wide handsome jin ..... මන් හිතන්නෙ අපි දෙන්නම එකම මට්ටමේද කොහෙද..... මිනිස්සුන්ට දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න බෑනේ..... හදිසියේ වත් දෙපිලක් බෙදෙන්න කිව්වොත් එදාට ලෝක විනාසයක් වෙයි දෙයියනේ ....මන් පාරෙ යද්දි කට්ටිය මගෙන් අහනව ඔයා worl wide handsome jin ගෙ මල්ලිද කියල .....ලස්සනනිසානේදෙයියනේමෙසේරම ......

මන් අයියගෙ කම්මුලට කිස් එකක් තිබ්බා..... එයාගෙ මූණ් හිනාවක් ඇදුනා..... මන් මෙ එයාව කිස් කරාමනේ.... එයා ඉස්සරහ.....

මන් එයාගෙ කම්මුලට මගේ තොල් තද කරන් ඉම්බා.... එයා මාව බිමට බස්සනකන්ම මන් එයා දිහා බලන් ඉදියා...

එයා මාව ගෙනත් වැල්ලෙන් තියද්දි අපි දෙන්නා අත් දෙක අල්ලගෙන නිදහස් කියල හිතෙන තැනකට වැල්ල දිගේ ඇවිද්දා....සිනිදු සුදු වැල්ල.....

" මාර සනීපයි......"

වැඩිය ක්‍රවුඩ් එක නැති තැනකට ඇවිත් මන් මුහුදු හුළගට අත් දෙක දික් කරල ලොකු හුස්මක් අරන් කිව්වෙ..... මුහුදෙන් එන ඒ කරදිය සුවදට මන් මාරම ආසයි....

අපිට එහායින් ඉන්න කපල් එකක කොල්ලා කෙල්ලව පිටිපස්සෙන් බදාගෙන ඉදල රැල්ල එද්දිම කෙල්ලව උස්සල ගන්නව.......කෙල්ලට ඒකට කේන්ති ගිහින්....මූණ රතු කරගෙන.... හරි කියුට් කෙල්ලෙක්...කොල්ලට සාපේක්ෂව කෙල්ල චූටී..... මන් ඒ දිහා බලන් ඉදියා....පොඩි හිනාවකුත් මුවට නැගෙද්දිම අයියා මාව උස්සල අරන් වටයක් කැරකැව්වෙ මගේ කම්මුලකට කිස් එකක් තියල...

" අනේ..මෝඩයෝඕ "

" ම්ම්ම්......"

" ආහ්හ්හ්....නවත්...තන්න....කෝ.....මට...කැරකිල්ල වගේ....අනේ....."

එයා වට දහයක් විතර කරකවල මාව   ජබොස් ගාලා අතෑරියේ වතුරට....

ලුණු ලෝඩ් එකක් ආමාශගත උනා......

අපි දෙන්නා ටිකක් එහා හරියට ගිහින් රැල්ලත් එක්ක පීනගෙන මෙහාට ආවා..... අයියට වඩා මට වෙගෙන් පීනන්න පුලුවන් ..... එයා ඉතිං නාකි නේ...අපි හවස් වෙනකන්ම පීන පීන ඉදල ගොඩට ආවෙ ඉර බැහැලා යන්නත් කිට්ටුව..... එයයි මමයි වැලි වල ලොකුවට zhan + Abhu කියල ලිව්වා.... ඒක වතුර පාර එක්ක මැකිලා යන දිහා බලන් ඉදල සතුටු උනා.....

ඉර බැහැගෙන යන දිහා බලන් ඉදියා ...වැලි වලින් මඩ නාත් ගත්තා..... සීත හුළගක් ගතට දැනෙන්න ගද්දි අපි දෙන්නා ගොඩට ආවා.... එතනම තිබ්බ ශවර්ස් වලින් ලුණු ගතිය යන්න යාන්තමට සෝදගෙන අපි කාර් එක ළගට ආවා.....

එයාගෙ කාර් එකේ තිබ්බ සාලුව අරන් එයා  මට පිහිදගන්න දීලා  පස්සෙ එයාත් යන්තම් පිහිදගෙන මගේ ඇගට සාලුව පෙරෙව්වා... සීතලයිනෙ....මුහුදෙ ඉද්දි නම් සීතල නෑ....ගොඩට ආවම තමයි සීතල දැනෙන්නේ.....

" අපි මොනාහරි කාලා ඉමුද පැටියෝ..... බඩගිනි...මන් දවල්ට කාලත් නෑ "

" හා...... ඇයි කැවෙ නැත්තෙ දවල්ට...ඔයා ෆාස්ටින්ද ?"

" කන්න ගෙදර එන්න හදද්දි තමයි මැසේජ් එක දැක්කෙ....."

" ආ ඊට පස්සෙ ඔයා පියාඹලා ආවා නේත...."

එයා කාර් එකෙන් වොලට් එක අරන් ඉස්සර වෙද්දි මාත් සාලුවට ගුලි වෙලා එයා පස්සෙන් ගියේ ෆුඩ් ස්ටෝල්ස් හරියට...

" ඔයාට මොනවද පැටියො ඕනෙ ?"

" වෙජිටේරියන් තමයි ඉතිං ..... "

මන් එයා ළගට ගිහින් එයාගෙ තඩි අතේ ඇගිලිකරු අස්සෙන් මගේ අතේ ඇගිලි පහ දාගත්තා.... එයා තිබ්බ කෑම ජාති බල බල ඉස්සරහට ඇදෙද්දි මමත් ඒ පස්සෙන් ගියා.... ඈත මුහුදෙන් හමාගෙන හුළග එක්ක කෑම ජාති වලින් එන සුවද එක්ක පරිසරයේ තීන අදුරු පාට එක්ක මාරම අමුතු හැගීමක් මට දැනෙන්න අරගත්තා....

අපි කන්න චිකන් දාපු සම්බැරීන් එකකුයි චීස් දාපු බර්ගර් එකකුයි මට කන්න මශෲම්ස් දාපු බාඕ බන් එකකුයි අයියට පොර්ක් දාපු බාඕ  එකකුයි බොන්න ලයිම් ජූස් දෙකකුයි අරන් අපි ආවෙ බෙන්චස් තිබ්බ හරියට.... සෙනගක් ඇත්තෙ නෑ වැඩිය....කොහොමත් මේ වෙලාවට ඒ හැටි සෙනගක් නෑ.... අවට තීන හොටෙල්ස් වල නැවතිලා ඉන්න ගෙස්ට්ස්ලා තමයි ඉන්නෙ.....

" කන්න...... "

අයියා චීස් බර්ගර් එක දෙකට කඩල වැඩි පැත්ත මට තියල අඩු ටික එක කටට දාගත්තෙ ජූස් එකෙන් උගුරක් බොන ගමන්....

මාත් පොඩ්ඩ පොඩ්ඩ කන්න අරගත්තෙ මුහුද දිහා බලාගෙන...සාලුව පෙරවන් ඉදියත් මට පට්ටම සීතලයි......

" මශෲම්ස් දාලා මාර රහයිනෙ....ඔයා දන්නවද  අනුක් අයියලගෙ ගෙදර නම් මශෲම්ස් වරදින්නෑ..... අම්මෝ මට ගියාම බත් එක වැහෙන්න මශෲම් බෙදල දෙනව හොදේ...කාගන්නත් බෑ මට... එක දවසකට උයල තද දවසකට බැදල තව දවසකට තම්බලා.... ජූස් හදන්නැති එක විතරයි ....."

" එහෙමද ?"

" හ්ම්ම්....හැබැයි අනුක් අයියගෙ හස්බන්ඩ් මශෲම්ස් කන්නැද්ද කොහෙද.... අනුක් අයියා එයාට වෙනමම උයනව...."

මන් කාලා ඉවර වෙලා ලෙමන් ජූස් එක අරන් බොන්න ගත්තෙ අයියා එකපාරටම මගේ කටේ තිබ්බ බටේ උදුරල ගනිද්දි....

" මොකද ?"

එයා එයාගෙ ජූස් එකේ බටේ මගේ ජූස් එකට දාලා අර බටේ මගේ කටට ලන් කරල මට ඇස් වලින් ජූස් එක පෙන්නුව....

" මට බට දෙකකින් බොන්න බෑ !!"

මොනා කියනවද මන්දා....

" නෑ යකෝ...."

අයියා මගේ ඔළුවෙන් අල්ලලා  ජූස් එකේ තිබ්බ බටේට ලන් කාලේ මන් ඒක  කටට දාගනිද්දි.....එයා එහෙන්මම අනික් බටෙත් මගේ කටට දාලා එකේ අනික් පැත්තෙන් එයාගෙ කට තියාගත්තෙ  මන් පිස්සු හොල්මන වගේ බලන් ඉද්දි...

එයා මට ඇස් වලින් ජූස් එක පෙන්නද්දි මට වැඩේ තේරිලා මගේ මූණට ලේපිරුනා..... මහ වම්ලම්ත වැඩනේ....

අයියා ආයෙ ඇස් වලින් ජූස් එක පෙන්නද්දි මන් පොඩ්ඩක් උඩට ඉරුවෙ එක අනික් බටේ හරහා එයාගෙ කටට යද්දි.... ලැම්ජයිම් වගේ.....

" නිකන් ඉන්නවා...තමුසෙ තමුසෙගෙ එක බීලා මගේ එකෙනුත් බොන්න... මල පෙරේතයා...."

අයියගෙ බටේ පැත්තකට දාලා මන් ජූස් එක බීගෙන බීගෙන ගියේ එයා මහා වම්ලම්ත බැල්මකින් මන් දිහා බලන් ඉද්දි....

කාලා ඉවර වෙලා අයියයි මමයි කෝටු වල ගහපු අයිස් ක්‍රීම් දෙකක් ගත්තෙ ෆ්ලේවර්ස් දෙකකින්.... ඒකකකාඅපි වාහනේ ළගට ආවා....අද දිග දවසක්...

" මේකේ අර බෝල බෝල හැපෙද්දි මාර පැණිරසයි..."

අයියා කිව්වෙ අයිස් ක්‍රීම් එකේ තිබ්බ පාට පාට බෝල පෙන්නල....

" ම්ම්ම්..... "

" පැටියට කෑල්ලක් ඕනෙද ? මේ ෆ්ලේවර් එක රහයි..."

" හා "

එයා අයිස් ක්‍රීම් එක දික් කරල කියද්දි මන් පැනපු ගමන් බාගයක්ම  අල්ලලා කෑවෙ අයියට අත විතරක් ඉතුරු වෙද්දි....

එයා මන් දිහයි අතේ ඉතුරූන චුට්ට දිහායි මාරුවෙන් මාරුවට බැලුවෙ මන් එයාගෙ නහයට තට්ටුවක් දාලා ගිහින් කාර් එකට නගිද්දි......

එයා ගල් වෙලා වගේ බලන් ඉදල ඉතුරු ටික එක කටට ඔබාගෙන කාර් එකට නැග්ග ගමන් මගේ කට කන්න ගත්තෙ  අයිස් ක්‍රීම් එකේ වාඩුව ගන්නද කොහෙද.....

ඉන් පස්සෙ අපි ගෙදර එද්දි රෑ වුනා....අයියා අපේ අම්මටත් සද්දයක් දාලා මිස්ටත් හෙන සද්දයක් දැම්මා... මාත් එයාගෙ කිකරු පැටියා නිසා අම්මට ලොකු ලයින් පෙන්නගෙනම ඉදියා... මන් මැරුනම තෙරෙයි කට්ටියටම...හුහ්..... අපේ අම්මවත් පොඩ්ඩක් කල්පනා කරන්නෙපැයි.... ඒ උනාට ඉතිං මට අම්මා එක්ක තරහ වෙලා ඉන්න බෑ..... මන්ම ගිහින් අම්මවාඅයෙ යාලු කරගත්තා..

.
.
.
.
.
.
.
.
🍁 බායි...

Continua a leggere

Ti piacerà anche

14.6K 1K 9
အစိမ်းရောင် (.....) အောက်မှာ ကျရှုံးခြင်း Cover photo by Lwin Min Khant
58.1K 11.1K 82
ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා....
7.9K 1.9K 20
⭐ . Sinhala ⭐ . Bl ⭐ . YiZhan ⭐ . Love