Hollow Spirit🍁 [ Zhanyi Comp...

By HashiHiru

453K 85.5K 42.6K

🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යාය... More

🍁 පළමු දිගහැරුම 🍁
🍁 දෙවන දිගහැරුම 🍁
🍁 තුන්වන දිගහැරුම 🍁
🍁 හතරවන දිගහැරුම 🍁
🍁 පස්වන දිගහැරුම 🍁
🍁 හයවන දිගහැරුම 🍁
🍁 හත්වන දිගහැරුම 🍁
🍁 අටවන දිගහැරුම 🍁
🍁 නමවන දිගහැරුම 🍁
🍁 දසවන දිගහැරුම 🍁
🍁 එකොළොස්වන දිගහැරුම 🍁
🍁 දොළොස්වන දිගහැරුම 🍁
🍁 දහතුන්වන දිගහැරුම 🍁
🍁 දහහතර වන දිගහැරුම 🍁
🍁 දහසය වන දිගහැරුම 🍁
🍁 දහ හත්වන දිගහැරුම 🍁
🍁 දහඅටවන දිගහැරුම 🍁
🍁 දහනමවන දිගහැරුම 🍁
🍁 විසිවන දිගහැරුම 🍁
🍁 විසිඑක්වන දිගහැරුම 🍁
🍁 විසිදෙවන දිගහැරුම🍁
🍁 විසි තුන්වන දිගහැරුම 🍁
🍁 විසිහතරවන දිගහැරුම🍁
🍁 විසිපස්වන දිගහැරුම🍁
🍁 විසිහයවන දිගහැරුම 🍁
🍁 විසිහත්වන දිගහැරුම🍁
🍁විසි අටවන දිගහැරුම🍁
🍁විසිනමවන දිගහැරුම🍁
🍁 තිස්වන දිගහැරුම🍁
🍁තිස්එක්වන දිගහැරුම🍁
🍁 තිස් දෙවෙනි දිගහැරුම🍁
🍁 තිස්තුන්වන දිගහැරුම🍁
🍁 තිස්හතරවන දිගහැරුම 🍁
🍁තිස්පස්වන දිගහැරුම🍁
🍁තිස්හයවන දිගහැරුම🍁
🍁තිස්අටවන දිගහැරුම🍁
🍁තිස්නවවන දිගහැරුම🍁
🍁හතලිස්වන දිගහැරුම🍁
🍁 හතලිස්එක්වන දිගහැරුම🍁
🍁හතළිස් දෙවන දිගහැරුම🍁
🍁 හතලිස්තුන්වන දිගහැරුම🍁
🍁හතලිස් හතරවන දිගහැරුම🍁
🍁හතලිස් පස්වන දිගහැරුම🍁
🍁හතලිස්හයවන දිගහැරුම🍁
🍁හතලිස් හත්වන දිගහැරුම🍁
🍁හතලිස් අටවන දිගහැරුම🍁
🍁හතලිස් නමවන දිගහැරුම🍁
🍁 පනස්වන දිගහැරුම🍁
🍁පනස් එක්වන දිගහැරුම🍁
🍁පනස් දෙවන දිගහැරුම🍁
🍁පනස් තුන්වන දිගහැරුම🍁
🍁පනස් හතරවන දිගහැරුම🍁
🍁පනස් පස්වන දිගහැරුම🍁
🍁පනස් හයවන දිගහැරුම🍁
🍁පනස් හත්වන දිගහැරුම🍁
🍁පනස් අටවන දිගහැරුම🍁
🍁 පනස් නමවන දිගහැරුම🍁
🍁හැටවන දිගහැරුම🍁
🍁හැට එක්වන දිගහැරුම🍁
🍁හැට දෙවන දිගහැරුම🍁
🍁හැට තුන්වන දිගහැරුම🍁
🍁හැටහතරවන දිගහැරුම🍁
🍁හැටපස්වන දිගහැරුම🍁
🍁හැටහයවන දිගහැරුම🍁
🍁හැට හත්වන දිගහැරුම🍁
🍁හැට අටවන දිගහැරුම🍁
🍁හැට නවවන දිගහැරුම🍁
🍁හැත්තෑවන දිගහැරුම🍁
🍁හැත්තෑ එක්වන දිගහැරුම🍁
🍁හැත්තෑ දෙවන දිගහැරුම🍁
🍁 හැත්තෑ තුන්වන දිගහැරුම🍁
🍁හැත්තෑ හතරවන දිගහැරුම🍁
🍁හැත්තෑපස් වන දිගහැරුම🍁
🍁හැත්තෑහය වන දිගහැරුම🍁
🍁හැත්තෑ හත්වන දිගහැරුම🍁
🍁හැත්තෑ අටවන දිගහැරුම🍁
🍁 හැත්තෑ නමවන දිගහැරුම🍁
🍁අසූවන දිගහැරුම🍁
🍁අසූ එක්වන දිගහැරුම🍁
🍁අසූ දෙවන දිගහැරුම🍁
🍁අසූ තුන්වන දිගහැරුම🍁
🍁අසූ හතරවන දිගහැරුම🍁
🍁අසූ පස්වන දිගහැරුම🍁
🍁අසූ හයවන දිගහැරුම🍁
🍁අසූ හත්වන දිගහැරුම🍁
🍁අසූ අටවන දිගහැරුම🍁
🍁අසූ නමවන දිගහැරුම🍁
🍁අනූවන දිගහැරුම🍁
🍁අනූ එක්වන දිගහැරුම🍁
🍁අනූ දෙවන දිගහැරුම 🍁
🍁අනූ තුන්වන දිගහැරුම🍁
🍁අනූ හතරවන දිගහැරුම🍁
🍁අනූ පස්වන දිගහැරුම🍁
🍁අනූ හයවන දිගහැරුම🍁
🍁අනූ හත්වන දිගහැරුම🍁
🍁අනූ අටවන දිගහැරුම🍁
🍁අනූ නමවන දිගහැරුම🍁
🍁සිය වන දිගහැරුම🍁
🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁
🍁එකසිය දෙවන දිගහැරුම🍁
🍁එකසිය තුන්වන දිගහැරුම🍁
🍁එකසිය හතරවන දිගහැරුම🍁
🍁එකසිය පස්වන දිගහැරුම🍁
🍁එකසිය හයවන දිගහැරුම🍁
🍁එකසිය හත්වන දිගහැරුම🍁
🍁එකසිය අටවන දිගහැරුම 🍁
🍁එකසිය නවවන දිගහැරුම🍁
🍁එකසිය දහවන දිගහැරුම🍁
🍁එකසිය එකොළොස්වන දිගහැරුම 🍁
🍁එකසිය දොළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහතුන්වන දිගහැරුම🍁
🍁එකසිය දහහතරවන දිගහැරුම🍁
🍁එකසිය පහළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහසයවන දිගහැරුම🍁
🍁එකසිය දහ හත්වන දිගහැරුම🍁
🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁
🍁එකසිය දහ නමවන දිගහැරුම🍁
🍁එකසිය විසි වන දිගහැරුම🍁
🍁එකසිය විසි එක්වන දිගහැරුම🍁
🍁එකසිය විසි දෙවන දිගහැරුම 🍁
🍁එකසිය විසි තුන්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හතරවන දිගහැරුම🍁
🍁 එකසිය විසි පස්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හයවන දිගහැරුම🍁
🍁එකසිය විසි හත්වන දිගහැරුම 🍁
🍁 එකසිය විසි අටවන දිගහැරුම 🍁
🍁අවසාන (01 ) කොටස 🍁
🍁අවසාන කොටස 🍁
🍁HOLLOW SPIRIT 🍁

🍁 තිස්හත්වන දිගහැරුම🍁

3.7K 753 565
By HashiHiru

" එන්න එන්න උණ වැඩි වෙනව වගේ අභූගෙ අම්මේ ...... "

" අනේ මහත්තයො මන් මේ ත්‍රීවිලර් එකක් කතා කරන් එන්න හන්දියට යන්න හැදුවා විතරයි .....කොල්ලට ෆිට් එකත් තියෙනව...."

" හරි හරි බය වෙන්නෙපා.... මට ඇල් වතුර භාජනයක් ගෙනත් දීලා අභූගෙ අම්මා ලෑස්ති වෙන්නකො...අපි බෙහෙත් ගේන්න යන්...."

පසුබිමෙන් ඇහෙන කටහඩවල් නිසා තද නින්දක උන්න මම ගැස්සිලා වගේ ඇහැරෙද්දි මන් යාන්තමට ඇහිපිය විවර කළේ අපහසුවෙන්...

" ඔයා නැගිට්ටද පැටියෝ....."

ඇද ළගම ඉදගෙන උන්න අයියා අහද්දි මන් දෙතුන් පාරක් ඇහිපිය ගහල බැලුවෙ එයා දිහා....එයා කොහෙද මෙහෙ.... අනික මන් එතකොට ඊයෙ රෑ දැක්කෙ හීනයක් නෙමෙයිද.... ඇත්තටම මට උණ අරන්ද......

වැඩට යන්නද කොහෙදෝ යුනිෆෝම් එක ඇදන් උන්න එයා මගේ හිස පිරිමැද්දෙ පහතට නැමිලා මගේ නළල සිපගන්න ගමන්.....

" පැටියෝ ?"

" අ...යියේ....ඔ..යා ...මෙහෙ ?"

" හ්ම්...... මන් මේ පැටියගෙ පොත් වගයක් දීලා යන්න ආවෙ..... අම්මා මාර කතාවක් කිව්වෙ එවෙලෙ..... "

" මොක..ද්ද...?"

" එළියෙන් ආව වාහන සද්දයක් නිසා අම්මා රෑ මැද ඇහැරුනාලු.... ඇහැරිලා ඔයා කෝ කියල බලද්දි ඔයා කාමරේ නැහැලු.... බලද්දි සාලෙ දොරත් ඇරල දාලලු.....ඔයා උළුවස්ස ලග වැටිලා උන්නලු....."

මොක ........ක්.....

මට උණ විකාරෙන් වෙන මොනාහරි ඇහෙනව වත්ද

" මේක....විහිළු....කරන වෙලාවක්...නෙමෙයි....අයියේ "

මන් කිව්වේ කේන්තියෙන් ......

" මන් විහිළුවක් කරනව වගේ ඔයාට පේනවද පණ....ම්ම් .....මාත් මේ දෙලෝ රත් වෙලා ඉන්නෙ කියල උඹට පේන්නැද්ද ?"

"................."

එයා කේන්තියෙන් වගේ ඇහුවෙ ඒත් එක්කම අම්මා වතුර බේසමක් අරන් කාමරේට එද්දි....

" මන් ඉක්මනට ලෑස්ති වෙලා එන්නම් මහත්තයා....."

අම්මා දඩිබිඩි ගාලා ආයෙ එයාගෙ කාමරේට දුවද්දි අයියා අම්මා ගෙනත් දුන්න රෙදි කෑල්ල වතුර බෙසමේ පෙගෙව්වා....

" තමුසෙලගෙ අම්මා පව් ඕයි..... තමුසෙගෙ වැඩ නිසා ඒ මනුස්සය පිච්චෙනව....මොනාද තමුසෙ මේ කරන වැඩ වල තෙරුම.....?"

මාව ගිනි කබල වගේ රස්නෙයි.... ඒ මදිවට මට මාරම ඇගට අමාරුයි..... අයියා මාව කෙලින් කරල එයාගෙ ඇගට වාරු කරන් උඩ ටී ෂර්ට් එක ගලවල දාලා මාව ඇදෙන් හාන්සි කළා.....

" මන් ....මොනා කියල කරන්නද...අයියේ ?"

එයා තෙත රෙදි කෑල්ලෙන් මගේ මුළු අත පයම තෙම්මුවෙ උණ බස්සන්න වෙන්නැති.....

එතකොට මන් ඊයෙ රෑ විකාරෙකින් වගේ එයාව දැක්කනෙ..... මට හොදටම දැනුනා එයා කියල ..... කොහෙදිද කියල මට මතක නැහැනෙ..... සමහර විට දැක්ක හීනයක්ද දන්නැ.....

එතකොට මන් දොරකඩ වැටිලා උන්නෙ ඇයි ?

ඊයෙ රෑ නිදාගන්න යන්න කලින් මට ආයෙ මොකක් හරි උනා..... ඒක දැන් මට තෙරෙනව.... ඒත් දොරකඩ වැටිලා උන්නා කියන්නෙ  ....මන් ඉදියෙ කාමර්‍රෙනෙ....මන් දොර ඇරන් ගියේ කොහොමද ?

රෑට වොශෲම් යන්න ඕනෙ උනත් යන්නෙ පිළිකන්න පැත්තෙන් මිසක් ඉස්සර දොරෙන් නෙමේනේ.....

" තමුසෙලගෙ අම්මා පව් ඕයි... අඩුම ඒ ගැනිට මෙච්චර දුක් දෙන්නෙපා... මාත් එක්ක කිය කිය ඇඩුවා ...."

අයියා මාව තෙම්මමින් කියද්දි අවංකවම මටත් දුක හිතුනා...ඒත් දෙයියනේ මන් මොනා කියල කරන්න්ද....මේ වෙන දේවල් ගැන මට තෙරුමකුත් නැහැනේ.....මේව මගේ උවමනාවට සිද්ධ වෙන දේවල් නෙමෙයිනෙ... 

" මගෙ...ඔළුව....පැලෙන්න...වගේ..."

" ඔළුව කොහෙහරි වැදුනද....රිදෙනවද ගොඩක්.... මේ පැත්තද රිදෙන්නෙ...."

මන් එහෙම කිව්වා විතරයි අයියා කලබලෙන් මගේ ඔළුව හරව හරව ඇහිවෙ මන් හිස දෙපසට වනද්දි....

" ඔළුව....ඇතුලෙන්...රිදෙන්නෙ....ම්හ් "

අයියා ලොකු හුස්මක් අරන් මගේ නලලින් රෙදි කඩක් තිබ්බ...ඒත් එක්කම අම්මා ලෑස්ති වෙලා ආවෙ කාමරේට ....

" හරිද ?"

" හරි මහත්තයා.... කොල්ලට පැනඩෝල් පෙත්තක් දෙන්නද මන් "

" එපා අභූගෙ අම්මේ... ඩොක්ටර් මීට් වෙලා ඉමු... දැන් උණ ටිකක් බහී තෙම්මපු නිසා...."

අයියා එහෙම කියල එළියට යද්දි මන් මලා වගේ ඇස් අකුලගත්තා.... නැත්තන් මෙතන ලෙඩින් නෙමෙයි මැරෙන්න වැටිලා ඉදිය උනත් අම්මා පටන් ගන්නව ආයෙ කන් වල ඇබ ගහගන්න.....

අම්මා මට අල්මාරියෙන් අරන් ටී ෂර්ට් එකක් අන්දවද්දි ඒත් එක්කම අයියා ආයෙ ඇතුළට ආවා...

" අභුගෙ අම්මා ගිහින් කාර් එකට නගින්න...."

අයියා එහෙම්මම ඇවිත් මාව දෝතට ගත්තෙ මන් පොඩි එකා වගේ එයාගෙ අත් අස්සට ගුලි වෙද්දි.... ගුලි වෙන්න දේකුත් නෑ නිකන්ම රෝල් වෙලා ගිහින් එයාගෙ පපුවෙ වදිනව... එයාගෙ අත් වලට මන් හරිම පොඩී.....

අයියා මාව දොර ඇරල තිබ්බ කාර් එක අතුලෙන් තියල දොර වහද්දි අම්මත් අනික් පැත්තෙන් නැග්ගා...මන් එහෙන්මම අම්මගෙ උරිස්සට ඔළුව තියාගත්තෙ අම්මා  මාව සැරෙන් සැරේ තෙත රෙදි කඩකින් තෙම්මද්දි....

මට පොඩි කාලෙත් කිහිපවතාවක්ම ෆිට් එක හැදිලා තියෙනව....ඒ නිසා අම්මා හරි බයයි මට උණ හැදෙනවට....

අයියත් සැරෙන් සැරේ මන් දිහා බල බල වාහනේ ගෙනියන්නෙ මට ලැජ්ජත් හිතෙද්දි...උදේ පාන්දර අපේ ගෙදර ආවෙ මොකටද....මාව බලන්න වෙන්නැති .....ලස්සන නිසානෙ දෙයියනේ මේ සේරම.....

" මොකද්ද දරුවො කරන්නෙ ඔය රෙදි කෑල්ල වැටෙනව "

මන් ලැජ්ජාවෙන් කොණ්ඩ කෑල්ලක් කන පිටිපස්සට දාගන්න යද්දිම අම්මා අතට ගහපු නිසා තමයි තෙරුනෙ මට උණනේ කියල .....සැක් ....

" මට...පයින් යන්න පු......"

කියන්න හම්බුන්නෑ.... අයියා ඇවිත් මහා උරග දැවැන්තයා වගේ සෙල්ලම් බඩුවක් ගානට මාව උස්සල ගත්තෙ දෝතට.... ශෑ ශෑ....එලෙවල් ඉවර වෙලා ජිම් ගිහින් බොඩිය හදාගන්න ඕනෙ...එතකොට මට හැමදාම බොටම් වෙලා ඉන්න ඕනෙ නෑ.... ටොප් වෙන්නත් පුලුවන් .....අයියව කසාද බැදල හනිමූන් එකේදි රතුපාට කිට් එකක් ඇදන් ගිහින් මන් අයියගෙ කාමරේ කබඩ් එකේ ලාච්චුවේ තීන මාංචු දෙක අරන් අයියට දාලා එයාව ඇදේ ගැටගහල කියනව " ම්ම්ම්ම් බේබිබෝයි අද මම තමයි ටොප්" කියල ..... ම්ම්ම්ම්ම්......

දැන් එතකොට මන් අයියව කසාද බදිනවද ?

නෑ අනේ....එක්කො ඕන්නෑ..... අයියව කසාද බැන්දොත් අයියා මට දහ අට නිතිදාලා මගේ අත්තටුකපල මාව එක්ටැම් ගේක නෙමෙයි මතුගම එයාලගෙ ගෙදර හිර කරයි....

මන් මගේ ප්ලෑන්ස් එක්ක ග්‍රැජුවේටඩ් ගර්ල් කෙනෙක්ව බැදල මාතෘ මූලික සමාජයක් ගොඩ නංවන්න දායක වෙනව..... එහෙම හොදයි.... එතකොට කවදහරි අයියට කියන්න වෙන්නෙ " ඔබ ඈත සද සේ පායා.....~ මම මෑත තරුවක පිපිලා ......~ " කියල ....ඒ ගෑණු ලමයගෙ කොණ්ඩෙ මන් දිගට වවනව....වවලා අම්බුළුවාවෙ ගිහින් කොණ්ඩෙ අල්ලන් පොටෝ එකක් දානව දැට්ස් මා ගර්ල් කියල ...එතකොට අයියා යටින් කමෙන්ට් කරයි "ඔබ ඈත සද සේ පා.....~ " කියල .....

හොදෑඩේ මේ ගොං බඩුවට..ආවා මෙතන සීනි පියා වෙන්න....

" නම මොකද්ද ?"

සුපුරුදු ලෙස මන් අම්මා දිහා බැලුවා....

" අභූ මහේෂ්වරී "

" වයස....."

" දහ නමයයි "

අයියා එළියෙද කොහෙද....නැන්දම්මට කඩේ යන්න අරන් දැන් ඉදන්ම.... නැන්දම්මා නන්ගී *

ඩොක්ටර් බෙහෙත් දුන්නට පස්සෙ උණ වැඩිම නිසා අයියා කිව්වා බෙහෙත් ටික දැන්ම බොන්න කියල .... මන් බෙහෙත් ටික බොද්දි එයා ටවුන් එකෙන් මට ජෑම් පාස් එකක් අරන් දුන්නා.... කන්න කියල .... අම්මට අරන් දුන්නෙ මාළු පාන් එකක්.... මන් මගේ පාඩුවේ ජෑම් පාස් එක කෑවෙ අම්මගෙ උරිස්සට හේත්තු වෙලා..... මට තාම සැකයි මේ අයියා උදේ පාන්දර අපේ ගෙදර ආව එක ගැන.....

" දරුවට වෙලාවට එහෙනම් බෙහෙත් ටික දෙන්න...."

" මහත්තයෝ තේකක් බීලා යමු..."

" ඕනෙ නැහැ අභුගෙ අම්මෙ...මන් මෙහෙන්මම යන්නම්...."

" නෑ නෑ මහත්තයෝ.....එන්නකො... තේකක් බොමු "

අම්මා බලෙන්ම කියල කාර් එකෙන් බහිද්දි මාත් උණ උස්සල පැත්තකින් තියල දඩිබිඩි ගාලා බහින්න හැදුවත් අයියා මාව උස්සන් කිහිල්ලෙ ගහගෙන ඇවිත් ඇදට අතෑරියා....

අතෑරියෙ නෑ...කේක් ගෙඩ්ඩ වගේ පරිස්සමට තිබ්බා ඉතිං ...ඒ උනාට එයාට ඕනෙ ඕනෙ අතට එයාට මාව කරවන්න පුලුවන් නේ.... ඒක මහ අසාධාරණයි......

දැන් ඉතිං නිවී සැනසිල්ලෙ හිතන්න උනෙ ඊයෙ මට උනෙ මොකද්ද කියල ....මේ දේවල් වල ඉවරයක් තියෙන්නත් එපැයි....

" ඇගට අමාරුද තාම "

" දැන් නෑ...."

එයා මාව ඇදෙන් අතෑරපු ලැජ්ජාවට මන් කිව්වෙ කොට්ටයක් බදාගෙන.....

" ඉදගන්න මහත්තයා "

අම්මා මගේ පොත් මෙසෙ පුටුව ඇද ළගට ලන් කරල අයියට උණුම උණු තේකක් ගෙනත් දුන්නා.....

" අභූට මේ උන දේයි එයාට වෙනද වෙන දේවල් අතරෙයි සම්බන්ධයක් තියෙනවද අභූගෙ අම්මේ ?"

අයියා ඇහුවෙ තේකෙන් උගුරක් බීලා පරිස්සමට තේ කෝප්පෙ පිරිසි තැටිය උඩින් තියල අල්ලගෙන....

" අනේ මන්දා මහත්තයෝ.... මට තෙරෙන්නෑ මන් මොනවා කරන්නද කියල ....."

" මේක බල බල ඉන්න එකෙන්  මේ දරුවට වෙන්න පුලුවන් හානිය වැඩී කියල තෙරෙනවනේ ? මේකට විසදුමක් හොයාගන්න ඉක්මනට "

මෙයා නිකන් ලෝකපාලක වගේනේ...

" මන් ගිය සතියෙත් සාමිව හම්බෙන්න කොවිලට යමු කිව්වා මහත්තයො... දැන් ප්‍රශ්නයක් නෑ මට හොදයි අරකයි මේකයි කියල ගෙදර නැවතුනා "

" මෙයා කියන දේවල් අහල වැඩක් නෑ අභූගෙ අම්මේ.......ඔයා හිතල තිරණයක් ගන්න...මොකද මෙයාට මෙවයේ බරක් පතලක් තෙරෙන එකක් යැ "

එව්ව්ව්....අනේ යකෝ....

අම්මා ලොකු හුස්මක් පිට කරද්දි අයියා තේ කෝප්පෙ තිබ්බෙ මගේ මෙසේ උඩින්.....

" අනිද්දා නුවර යනවලු නේද ?"

හරි හරි ගම කන්න වගේ හදන්නේ....

" ඔව් මහත්තයො මොකද්ද මේ කොල්ලො වගයක් එක්ක එකතු වෙලා දාගෙන කැම්පස් එක බලන්න යන්න...."

" අභුගෙ අම්මත් යනවද ?"

" අනේ නෑ මහත්තයො මට ඔවයේ යන්න පුලුවන් ද ඉතිං ?"

" දැන් මෙයා මේ භාරකාරයෙක් නැතුවද යන්න හදන්නෙ "

හරිනෙ ඉතිං ....ගම අවුලඥ්ඥං රට පටලන්ඥ්ඥං ගිනි ගෙඩි දෙඥ්ඥං දෙඥ්ඥං දෙඥඥං .........

" කැහ්.....කැහ්....කැ.....හ් "

දෙන්නගෙ කතාව නවත්තන්න ඕනෙකමට මන් කැස්සත් නැන්දම්ම නන්ගීයි බෑණයි සත පහකට මාව ගණන් ගත්තෙ නෑ....

" මෙයා මේ අසනීප ගානෙ ඉද්දි නුවර යවන්නෙපා....!"

ටෞකන්ඩ යකෝ......

" අනේ මේ අයි....."

" ඒක තමයි මහත්තයො මාත් බැලුවෙ "

මූ ඇවිත් ගිනි තියනවනේ.....

" අනික අභූගෙ අම්මෙ මේ පොඩි එවුන් ටික තනියෙම ගමනක් බිමනක් යන්න දන්නවද.... මේ කොළඹට හරි මාතරට හරි නන් කමක් නෑ..... නුවර කියන්නෙ කොච්චර දුරයිද...ඔය මේ කියන යාලුවො ටිකත් මන් නම් හිතන්නෑ දිස්ත්‍රික්කෙන් පිට ගිහින් ඇති කියල ...නුවරට කොච්චර දුරයිද කියල ඔයාම හිතල බලන්නකො..."

" වැඩිය නෑ.... කිලො මීටර් 110 ...."

කොළඹ ඉදන්...මන් කිව්වෙ හෙමින්....

" ට්‍රේන් එකේ යන්නලු ඉන්නෙ... අභූගෙ අම්මා හිතනවද මෙයාලට ෆුට් බොඩ් වත් එල්ලෙන්න පුලුවන් වෙයි කියල ....එදාට කට්ට සෙනගක් ඉදී.... "

අනේ දෙයියනේ ..... අපේ අම්මටත් අයියා කියනවනම් ඕනෙ පැත්තකට හෝයියා හැබැයි....

අම්මා කල්පනාවකට වැටෙද්දි මන් අයියගෙ උකුළ කොනිත්තන් ඉදියෙ රවන ගමන්......

" මෙයාව නුවර යවන එකට නම් මම.........."

" කැහ් කැහ්හ්හ්හ් කැහ්හ්හ් "

" අනුමැති.....ය දෙන්නෙ"

" කැහ්හ් කැහ්හ්හ්හ්.......කැහ්හ්හ්හ් "

මන් කොච්චර හයියෙන් කැස්සත් අයියා කැස්ස පරයා සද්දෙට කතා කරද්දි අම්මා අපි දෙන්නා දිහාම බැලුවෙ මාරුවෙන් මාරුවට.....

" නෑ....මොකද අභූගෙ අම්මේ එදාට...."

" කැහ්හ්හ්හ්හ්හ්හ්.....කැහ්හ් අම්මෝ... මට හුස්ම ගන්න බැරියෝ...අයියෝ.... අම්මේ..... කැහ්හ් කැහ්හ්...කැ....හ්හ්හ් "

ඕවර්ඇක්ටින්දගලානා .....

" මොකද උනේ ??".

අම්මා ඇහුවෙ මන් ළගට ඇවිත්...අයියා මන් දිහා බලන් ඉන්නෙ කුණු මාළු කෑල්ලක් ගානට....

" ව...තු....කැහ්හ්හ් කැහ්හ්...ර...."

අම්මා කුස්සියට දුවද්දි මන් අයියා දිහාවට දැම්නෙ මරන් කන්න බැල්මක්...

" මේ මේ ...තමුසෙ මට කියල අණ්ඩක් ගලෝගන්න තමයි හදන්නේ ආ..... හොදින් නැත්තන් නරකින් හරි මන් මේ ගමන යනවම තමයි ... එන්නෙපා මෙතන මට නිතී දාන්න හොදේ... තමුසෙ ගිනි කුකුලද ගිනි  තියන්නෙ මෙතන... ගිනි කෙසේ වෙතත් කුකුළා නම් තමයි .. මේ !! අම්මව අවුස්සන්නෙපා හරී !! දෙන්නෙ ඔය සුදු කම්මුල චප්ප වෙන්න "

හෙන රෆ් වොයිස් එකකින් මන් ගැම්මට කිව්වෙ අයියගෙ කම්මුලට පාරක් ගහල.... ඒක චූට්ටිත්තන් පාරක්......එයා මාව ගණන් ගත්ත පාටක් පෙවුනෙ නැ...

" එදාට සෙනග වැඩී පැටියෝ.. ඔයාට යන්නම ඕනෙ නම් මන් එක්කන් යන්නම්..."

" බෑ බෑ බෑ බෑ බෑ !!!! බෑ කිව්වනෙ බෑ !!! තවුසෙ ඔළුවෙන් හිටගෙන කිව්වත් මන් මේ ගමන යනව.... මට යන්න ඕනේ..."

" ඔය හදන්නෙ ඉතිං මට කියල කන පලාගන්න තමයි "

" ආ ඇත්තදූ.....~….හොදින් නැත්තන් නරකින් නරකින් නැත්තන් ඒත් නරකින් මන් යනවම තමයි හොදේ...ඔහේ එන්නෙපා මෙතන මගේ කන පලන්න.... "

අයියට හිනාත් එක්ක ඒ අස්සෙ....

" පැටියෝ..... කියන සිංහල පොඩ්ඩක් තෙරුම් ගනින්කො....මොකද ඔච්චර හිතුවක්කාර....ඔයාට යන්න ඕනෙම නම් අපි වෙන දවසක යන්... මට පුලුවන් ඇතුලෙ කෙනෙක්ව කන්ටැක් කරගන්න....."

" ආ ආ මේක බොන්න "

අම්මා දුවල ගිහින් වතුර කෝප්පයක් පුරවල අරන් එද්දි මන් පපුවත් අල්ලන් කෝප්පෙ බීගෙන බීගෙන ගියා....

" අයියා..දැන් යන්න..නැත්තන් පරක්කු වෙනවනෙ...."

එයාව යවාගන්න ඕනෙකමට මන් කිව්වම එයා තොප්පිය දාගෙන පුටුවෙන් නැගිට්ටා....

" මන් එහෙනම් යන්නම් අභූගෙ අම්මේ.....දරුවට වෙලාවට බෙහෙත් ටික දෙන්න...."

හා යන්න යන්න...

" හරි මහත්තයෝ...ගොඩාක් ස්තූතියි "

" මහත්තයෝ කියන්න එපා අභුගෙ අම්මේ.... ඇත්තටම මට අවුල් එහෙම කියනකොට...අපි අතර මහ ලොකු ඒජ් ගැප් එකකුත් නැහැනෙ..... "

හෑ..........……………………………

මන් ඇදෙන් ඉදගත්තෙ දොර රෙද්ද උඩ දාලා තිබ්බ උළුවස්සෙන් එළියට එබෙන ගමන්...නැන්දම්මයි බෑණයිද දැන් එතකොට ..

" අනේ මහත්තයෝ ඉතිං මන් වෙන මොනා කියන්නද ? මොකෝ ඉතිං පුතේ කියල කියන්න යැ "

" පුහ්හ්හ්......"

මන් කටට අත තියාගත්තෙ අම්මා මට මැරිලා යන්න බැල්මක් දාද්දි...

" මට තිසෙව් කියන්න....පවුලෙ අය මට කතා කරන්නෙ එහෙම..... අනික ඉතිං නැන්දම්මා මහත්තයෝ මහත්තයෝ කියද්දි කැතයිනෙ...යන්නම්....යන්නම් දරුවො....."

අම්මගෙ ඇස් නළලට යද්දි මන් පපුවත් අල්ලන් ඇදට කඩන් වැටුනා...

ආහ්හ්හ්හ් මට හාටැටෑක් වgay.....

#මාවහොස්පිටල්ගිහින්දාන්නඅයියෝ#

මහත්තයා යන්න යද්දි තිසෙව් මන් දිහා බලලා ඉනට අත් දෙක තියාගත්තා....

ආ නෑ නෑ...... තිසෙව් යන්න යද්දි මහත්තයා..............ආයිශ් ශිබල් ශිබල්...

තිසෙව් යන්න යද්දි අම්මා මන් දිහා බලලා ඉනට අත් දෙක තියාගත්තා....

" වගකීමෙන් කියන්නෙ මන් මුකුත් කෙරුවෙත් නෑ මන් මුකුත් දන්නෙත් නෑ මන් කියන්නෙත් නෑ ලස්සන නිසානෙ මේ සේරම......"

මන් එහෙන්මම රෙද්ද ගෙල මුලටම ඇදගත්තෙ අම්මා තකහනියක් ඇවිත් මගේ අලි පුපට පාරක් ගහල කුස්සියට යද්දි....

ඉම්හී.....

#ලස්සනනිසනෙදෙයියනේමේසේරම#

.
.

අද දවසම ගෙවිලා ගියේ නුවර ට්‍රිප් එකේ vibe එකෙන් වෙද්දි අයියා වනන පැත්තට අපේ අම්මා හෝයියා වෙලා මට ගමන යන්න තහනම් කළා.... මන් කිව්වෙ...ආවනේ මෙතන මහ පාන්දර රට අවුලලා ගිනිගෙඩි දීලා යන්න.... රෙද්ද....

දැන් ඉතිං අයියව ශේපක් ගහගෙන අයියා ලව්වා අම්මගෙන් ශේපක් ගහගන්න ඕනෙ.....ම්ම්ම්......

ලස්සන නිසනෙ දෙයියනේ මේ සේරම...නැත්තන් ඉතිං  තිසෙව් අංකල් ඔහොම මගේ පස්සෙන් එන්නෑනේ....

" අයියෝ අම්මේ....පොඩ්ඩක් තේරුම් ගන්නකො මන් පොඩි ළමේක් නෙමෙයිනේ..... "

" සුදු චූටි ...මන් දැන් සැරයක් කිව්ව !!"

අද අසනීප වෙලා දෙවෙනි දවස.....දැන් නම් මට හොදටම හොදයි... උණක් කියන්නෙ ඒක මේ ඇගේ අමාරුවට හැදෙන උණක් නිසා ඒක දවසක් වත් තියෙන්නෑ මට...... හෙම්බා වගේ නෙමෙයිනේ... ඒ උනත් මට තාම හිතාගන්න අමාරු මොනාද මේ සිද්ධ වෙන දේවල් කියල ...ඒත් අමාරුවෙන් උනත් මට දැන් ඒ දේ පැත්තකින් තියල නැන්දම්මා නන්ගී සහ බෑණා තිසෙව් ශේප් කරගන්න වෙලා තීන්නෙ....

" ඔයාලා මහ නරකයි අප්පා...ජිවිතේ විදින්න ඕනෙ මට ...."

" විදපන් ඉතිං .....අල්ලන් ඉදියැ "

" ඔයාලා මගේ තටු කපනවනේ "

" රබර් ගහකට නැගල බිමට පැනහන්.... තටු එයි එතකොට "

අම්මා කිව්වෙ මන් ගස්සල දාලා කාමරේට එද්දි..... දෙකම එකයි....නැන්දම්ම නන්ගිටම හරියන බෑණා පොඩ්ඩ....

මන් ඇදෙන් ඇලවෙද්දි පෝන් එක අතට ගත්තා.... මහ කම්මැලී.... පාඩම් කරන්න කිසි ෆිට් එකකුත් නෑ.....

පෝන් එකේ ස්ටේටස් වලට ගිය මන් ඒකෙ උඩ පහළ ඔබ ඔබ ඉද්දි මන් දැක්කෙ ජිවිතේට ස්ටේටස් එකක් නොදාන තියා මන් දාන එකක්  බලන්නෙ වත් නැති අයියා දාපු ස්ටේටස් එකක්....

අනේ ඉතිං ...මන් කියන්නැ.....

ඒකට යටින් දාලා මදාවියෙක් කියල ....

මන්ද මදාවියා...මන් කියන්නෑ මන් ළග තීන මද + අවිය...

දෙන්නෙ බොට....

මන් ඒකට ලස්සන මැදෑගිල්ලක් යැව්වා....ආවා මෙතන...පානදර ඇවිත් අම්මව ෆෝම් කරල ගිහින් දැන් මෙතන කනක් ඇහෙන්න නෑ මට.....

සම්පූර්ණයෙන් වගේ උණ බැහැලා ගිහින් තිබ්බත් ඇගට දැනුන අපහසුව අඩු වෙලා තිබ්බෙ නැති නිසා මන් ඇදට වැටිලා ඇස් පියාගත්තා.... අනිද්දා තමයි ට්‍රිප් එක යන දවස.....සේරටම හපන් මන් තමයි ට්‍රිප් එකේ නඩේ ගුරා.... එහෙම වෙලත් මට ට්‍රිප් එකට යන්න බැරි උනාම වැඩක් තියෙනවද....

තාත්තගෙ වයසෙ මිනියෙක් හොයාගත්තම ඔහොම වෙනව සුදු චූටියෝ  ....

ඒත් ඉතිං මන් හොයාගත්ත එකක් යැ.... ඌමනෙ හොයාගෙන ආවෙ.....

මනෝ පාරක් ගහගෙන අයියට බැන බැන උන්න මට එහෙන්මම නින්ද ගියේ කීයටද කියල වත් මන් දන්නෙ නෑ..... ඒත් මන් ආයෙ ඇහැරුනෙ අම්මා ඇවිත් මගේ පුපට පාරක් දුන්න නිසා....

" කන්...න....බෑ...."

එයා ඇහැරවන්නෙ කන්න නිසා මන් කිව්වෙ කොට්ටෙට මූණ තද කරන්....

" අනෙ අම්මේ සුදු චූටි උඹට කන්ඩමයි... නැගිටපන්...ආන් අර මහත්තයා ඇවිල්ලා.... "

" මොන....මහත්තයද..."

" මහත්තයල දහයක් නෑනේ....උඹේ මහත්තයා තමයි "

" අනේ....මට ...ඇති මහත්තයෙක් නෑ..... "

මන් කිව්වෙ බෙඩ්ශීට් එක බෙල්ල මුලටම ඇදගෙන......

" මහත්තයට දෙයක් උබ ඉස්සරහ කියන්න ඔනෙලු..."

" අනේ...එයාට නටාගන්න.....කියන්න... "

මන් ආයෙ ඇස් තද කරගත්තෙ අම්මා කාමරේන් එළියට යනව ඇහෙද්දි....

" කොල්ලා හොදටම නිදි මහ....ත්තයා..."

අපේ ගෙදර මහා ලොකු විසාල ගෙයක් නෙමෙයිනෙ ඉතිං ...සාලෙ කතා වෙන දේවල් කාමරේට ඇහෙනව....

" දැන් එයාට හොදයිද "

" දැන් නම් ඉහෙන් බහින ලෙඩක් නෑ මහත්තයෝ.... ඔය තියෙන ඇට්ටරකමට මාත් එක්ක රණ්ඩු අල්ලනව...."

" ඇත්තටම අභූගෙ අම්මේ මට අභූ ගැන අදහසක් තියෙනව....!"

හෑයියා.......

මන් කරන්ට් එක වැදුනා වගේ ඇදෙ ඉදගත්තෙ අන්ද මන්ද වෙලා....

අරූ මගුලක්නෙ කරන්නෙ....අයියෝ.....

" මහත්තයා ?"

" අභූගෙ අම්මට තවත් හංගන්න දෙයක් නැහැ නෙ....අනික අභූම මට කිව්වා අභුගෙ අම්මා මේ ගැන ඇහුවා කියල "

අඩොව් ...කාපිය මාව.....අයියෝ..... මේ අසනීප ගානෙ දැන් ඉතිං ප්‍රශ්නත් විසදන වෙනවනෙ....

මන් වැනි වැනිම ඇදෙන් නැගිට්ටල සාලෙට ඇවිත් හේත්තු උනෙේ එතනම උළුවස්සට.....

මට දැන් හිතෙනව දිව හපාගෙන මැරෙන්න....

" ඔය නැගිට්ටෙ යස අගේට.... ඇග තීන්නෙ කාමරේ උනාට කන තීන්නෙ සාලෙ...."

අම්මා ඇගිල්ලෙන් ඇනල කියද්දි මන් අයියා දිහා බලලා රැව්වා.... එයා ඉදියෙ සාමාන්‍ය ඇදුමක් ඇදල ...කැශුවල්.... මාව ගෙනියන්නම ඇවිත්ද කොහෙද  ....

ඒත් සූට් කේස් එකක් නෑ...

" මහත්තය මේ කියන්නෙ හොදට හිතල බලල ගත්ත තීරණයක්ද ?"

අම්මා ඇහුවෙ සෘජුව....

" ඔව් "

" මහත්තය දන්නවනෙ අභූ කවුද අභූගෙ අප්පා කවුද කියල ....සේරටම වඩා ඒක දන්නෙ මහත්තයනේ...."

" අභූගෙ අප්පාව ගාවගෙන අභූව සේරටම කලින් හෑල්ලුවට ලක් කරන්නෙ ඔයයි පද්මා  .... !"

ඔතොක්කේ.....!!!

මන් දැන් ඉන්නෙ කලන්තෙ දාන්න ඔන්න මෙන්න....ඒ අස්සෙ මට හිනත් යන්න එනවා....

" සොරි...... මට කතා කරන්න නම comfortable  නැහැ...ඒකයි ....."

අයියා කේන්තියෙන් උනත් කිව්වෙ අහක බලන්.....අම්මා ඒකට මුකුත් කිව්වෙ නෑ...ඒ වෙනුවට අයියා දිහා බලන් ඉදියා ....

" මහත්තයා.... මට උන දේ දන්නෙ මම මහත්තය.... ජිවිතේ ගැන බරක් පතලක් නැතුව මන් ගත්ත තීරණ නිසා අද විදවනවා.. හැබැයි මගේ දරුවට විදවන්න සිද්ධ වෙනවට මන් කැමති නෑ....මහත්තයලගෙ ගෙවල් වලින් මේ දේවල් ?"

" අභූගෙ අම්මා බය වෙන්න එපා.... මගේ අප්පච්චී දැනටමත් මේ ගැන දන්නව....."

මගේ හුස්ම හිර වෙන්න ආවා.....

" මන් බොහොම ඉක්මනට මේ ගැන අම්මටත් කියන්නම්...."

අයියා කිව්වෙ විශ්වාසවත ඇස් දෙකකින්....අනේ මන්දා ලැජ්ජයිත් වගේ....ලස්සන නිසානෙ මේ සේරම....

" අභූ කියන්නෙ මටත් දරුවෙක් වගේ පද්මා...."

ඉතිං මාව දරුකමට ගන්නකො...ඉවරයිනෙ පරස්නෙ .....

" එයාව පරිස්සම් කරන්න ඕනෙ විදිහ මන් දන්නව   ....අම්මා කෙනෙක් විදියට ඔයාට දැනෙන හැගීමත් මම දන්නව....ඒත් මම විශ්වාසෙන් පොරොන්දුවක් වෙන්නම් කසාද බදිනකන්ම මන් අභූව පරිස්සම් කරනව කියල  ....."

රෙද්ද....ඇයි කසාද බැන්දට පස්සෙ මරල දානෝද ......

හැබැයි ඉතිං මගෙන් නම් ඔයාට තමයි පරිස්සන් වෙන්න වෙන්නේ....

" ඒ කොහොම උනත් අභූගෙ හිතේ මහත්තය ගැන පැහැදීමක් නැති පාටයි "

ඇත්ත ඇත්ත....

අම්මා අහපු ප්‍රශ්නෙ එක්ක අයියා මන් දිහා බලද්දි උළුවස්සට ගහන් උන්න අඩය අකුලන් කෙලින් වෙලා පපුව පුම්බන් හෙන ගැම්මක් ඇගට අරගත්තා....

අයියා හිනාඋනා....කට කොනින්....

" එයාගෙ හිතේ මන් ගැන හැගීමක් ඇති වෙනකන් මන් බලන් ඉන්නව...."

" මහත්තයෝ මේ සම්බන්ධෙට මගේ අකමැත්තක් නැහැ.... ඒත් මගේ දරුවා පරිස්සම් කරන්න මහත්තයෝ.... මට ඉන්නෙ එච්චරයි ..... මගේ දරුවට ලැබෙන්න පුලුවන් නම් ලැබෙන වටිනාම මනුස්සය වෙන්නෙ මහත්තය.... ඒත් මහත්තයො මහත්තය දන්නවනෙ අපේ පවුල් පසුබිම.... මේ දේවල් එක්ක අනාගතේදි ප්‍රශ්න ඇති වෙනව නම් මේක මෙතනින් ඉවරයක් කරල දාන්න මහත්තයෝ..."

" මන් පොරොන්දු වෙනව අභූගෙ අම්මේ.... කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්න මන් ඉඩ තියන්නෙත් නෑ මොන දේ උනත් මා අභූගෙ පැත්තෙන් හිටගන්නව කියල ....."

අයියා දැඩිව කියද්දි එයා ගැන පොඩි අනුකම්පාවක් දැනුනා.. ඇත්තටම එයාගෙ හිතේ මන් ගැන මෙච්චරටම වටින අදහසක්ද තියෙන්නෙ.... මෙහෙම සෘජුව ඉදිරිපත් කරන්න තරම්.....

" මන් දන්නව මෙවෙලෙ අභූගෙ අම්මට දැනෙන හැගීම් මොන වගේද කියල ...ඒත් මන් ඉල්ලන්නෙ මාව විශ්වාස කරන්න කියල විතරයි ..... අභූ ගැන මගේ හිතේ තියෙන පැහැදිළි හැගීම තමයි මන් මේ කිව්වෙ... ඇත්තටම මන් එයාට ගොඩක් ආදරෙයි පද්මා.... එයාව අල්ලලා පපුව අස්සෙ හංගගන්න තරන් මට ලෝබයි..."

හත්තික්කේ....

" එයාව මට තාම පොඩි දරුවෙක් පද්මා....එයා තරුණයෙක්....ඒක මන් දන්නව.... එයාව මට දැනෙන්නෙ ......පුංචිම පුංචි පූස් පැටියෙක් ගානට ...."

අම්මා ඉස්සරහ රෙදි ලෙප්ට් වගේ....අම්මා මන් දිහා හෙනම සිරියස් විදියට බලද්දි මන් දොර රෙද්ද අස්සෙන් ඇතුළට රිංගගෙන ලාවට බෙල්ල දැම්මා......ලැජ්ජයි යකූ.....ලස්සන නිසානෙ මේ සේරම.....

" අනේ මන්දා මහත්තයෝ.... "

අම්මා එහෙම කිව්වම මන් ආයෙ උළුවස්සට හේත්තු උනා.....

එතනින් එහාට සාලෙ තිබ්බෙ ලොකු නිහැඩියාවක්...

" සුදු චූටි .....උඹේ අදහස මොකද්ද ?"

ලප් තැනම ලොප්......

" අ..ද...හ..ස...ද...එහෙම..එකක්... නෑනේ...."

මන් කිව්වම අම්මා මගේ ළගට ඇවිත් මගේ ඔළුව අතගෑවා....

" දැනෙන තැන නතරවෙයන් මගෙ පොඩි කොල්ලො...."

මගේ නළල ඉඹගෙන අම්මා කිව්වෙ මාව පපුවට තුරුළු කරන්...

දැනෙන තැන නතර වෙන්න කියල  කී තැනක නතර වෙන්න කියලද දෙයියනේ ?

එක අතකට අපේ අම්මා මාරම මධ්‍යස්ථයි....අම්මට තිබ්බා මාව අයියගෙ කරේ ගහල ආතල් එකේ ඉන්න...ඒත් එයා එහෙම නෑ...

" හරි ඉතිං ....හැබැයි මෙහෙමයි.... මට නිති දාන්න එන්න බෑ....අංක එක.... එතකොට මට ඕනෙ දේ කරන්න දෙන්න ඕනෙ.....අංක දෙක... එතකොට එයයි මමයි දෙන්නම කොල්ලො දෙන්නෙක්නෙ.... වයස පැත්තකින් තිබ්බම දෙන්නටම තීන්නෙ සමාන හැගීම් අදහස්..... එයා ටොප් කියල මගේ හැගීම් නොසලකා හරින්න බෑ.... ආදරේ කරන්න වදයක් වෙන්න බෑ.... මාව ඩේට් වලට එක්ක යන්න ඕනෙ.... මට කැමති විදියට ඇදුන් අදින්න ඕනෙ.....මොකද හතර අතින් වහන් ඉන්න මම ගෑනියෙක් නෙමෙයිනෙ..... එතකොට මට කන්න අරන් දෙන්න ඕනෙ..... ඊලගට රණ්ඩුවක් උනාට පස්සෙ රන්ඩුව ඇදගත්තෙ කවුරු උනත් මුලින් සමාවගන්න ඕනෙ එයා... මට මේ  ගුසු ලාන් වංශයේ වගේ නිති තුන්දස් හයසීයක් දාන්න බෑ !මේ අර මිනිහා එක්ක කතා කරන්නෙපා මේ මිනිහා එක්ක කතා කරන්නෙපා යැයි යැයි කියල..... මට ඒවා පේන්න බෑ....!"

මන් කියාගෙන ගියාම අම්මා මන් දිහා බැලුවෙ ආඩම්බරෙන්....

" පැටියො.... දෙන්නෙක් ආදරේ කරද්දි දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනෙ.... එකිනෙකාගෙ හැගීම් වෙන් වෙන් වශයෙන් අදුනගන්න ඕනෙ.... අනිත් කෙනාට ඇහුම්කම් දෙන්න ඕනෙ.... ඒ දේවල් තියෙනව නන් එතන නිති දාලා රකින්න උවමනාවක් නැහැ පැටියො.....ඉයාගෙ වයසට ඔයා දකින අහන දේවල් එක්ක ඔයාට දැනෙන දේ සාධාරණයි..... ඔයාගෙ මේ ඉල්ලීම් අස්සෙ තිබ්බෙ මට මගේ නිදහස දෙන්න කියන එකනේ...... ?"

අයියා මගෙන් අහද්දි මන් බිම බලාගත්තා....ඒක විතරක් මදීනෙ කන්න දෙන්නත් ඕනෙ....

" ම්ම්....ඒකනේ පැටියො ඔයාවවඩා අඩියක් මන් ඉස්සරහින් හැමතිස්සෙම..... ම්ම්ම් ඔයාගෙ හැගීම් මට තෙරෙනව.... මන් ඔයාව අනවශ්‍ය විදියට හිර කරන්නෙ නෑ පැටියො.....මන් ඔයාගෙන් සාම්ප්‍රධායික බිරිදක් බලාපොරොත්තු වෙන්නෙ නෑ....නමුත් ඔයා මන් වෙනුවෙන් ඉශ්ට කරන්න ඕනෙ යුතුකම් තියෙනව..... මමත් ඒ දේවල් ඔයාගෙන් බලාපොරොත්තු වෙනව...ම්ම් "

මට උයන්න බෑ....පරිප්පු විතරයි උයන්න පුලුවන් ...... !

" මගෙන් ඔයාට ඉෂ්ට වෙන්න ඔනෙ යුතුකනුත් තියෙනව පැටියො...ඒ දේවල් අතර අපි ජීවත් උනොත් අපි දෙන්නට ලේසී ඉදිරියට යන්න..... මන් හිතන්නැ ඔයාට මාත් එක්ක කතා කරල ප්‍රශ්නයක් විසදගන්න බැරිම තර්න් මන් දරුණු මනුස්සයෙක් කියල ..... ඔයාටම තෙරෙනවනෙ පැටියො මන් මොන වගේ මනුස්සයෙක්ද කියල "

අම්මත් මන් දිහා බලද්දි මන් ඔළුව වැනුවා.....

" ම්ම්..... මන් මේක ගෙදරට කියන්න කල්ගත්තා වැඩි වෙන්න ඇති...ඒත් ඔන්න මන් දැන් සම්පූර්ණයෙන්ම ගෙදරින් අවසර අරගත්තා නේ ..... මගේ සීමාවන් මම දන්නව පද්මා.... ඒ නිසා අනවශ්‍ය විදියට කලබල වෙන්න දෙයක් නැහැ...."

අම්මා මගේ ඔලුව අතගාලා මාව පපුවට තුරුල් කරගත්තා....එයාට හෙන ලෝබයිද කොහෙද....

" මන් මහත්තයට තේකක් හදන් එන්නම්......සුදු චූටි මෙහෙ එනෝ "

අම්මගෙ මූණෙ තිබ්බෙ ලස්සන හිනාවක්.....

නිදාගෙන නැගිට්ට මන් මල පෙරේතයෙක් වගේ කොණ්ඩෙත් වනාගෙන ඈනුමක් අරමින් කුස්සියට ආවෙ අයියා මන් දිහා බලාගෙන ඉද්දි....

" අයියා බුලත් විට කන්නෑ....."

අම්මා වතුර රත් කරල දඩිබිඩි ගාලා හෙප්පුවක් උස්සන් ඇවිත් බුලත් කොළ වලට පුවක් කපද්දි මන් කිව්වෙ....

" උඹට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නැහනේ.... ඔය දුඹුරු පාට බාස්කට් එකේ ඇති චොක්ලට් බිස්කට් පැකට් එක කඩල ට්‍රේ එකක තියල ගනිං "

හෑ.......අනේ අපේ අම්මා හංගල දෙයියනේ.....මන් ඊයෙත් හෙව්වා කන්න බිස්කට් එකක්....

ඉන් පස්සෙ අම්මා තේකක් හදල ඒක ට්‍රේ එකෙන් තියල හෙප්පුව මගේ අතට දුන්නා .....

" ඕක මහත්තයට දීලා වැදපං..... චාරිත්‍ර වාරිත්‍ර ඒ විදියට ඉස්ට කරන්න ඕනෙ..... මහත්තය උඹව මගෙන් ඉල්ලන්න ආව නම් ඒ දේවල් හරියට සිද්ධ වෙන්න ඕනෙ....."

" හෑ........... මං අයියට...වදින්න ??"

මන් ඇහුවෙ ඇස් ලොකු කරන්...

" ඔව් "

අම්මො අම්මො මගේ රෙදි ගැලවෙන්න යන්නෙ....අභූ ගේමක් ගහපන්...
.
" පිස්සුද...අනේ මේ....මේ .....ඔයා සිංහල උනාට මන් ටැමිල්..."

" අභූ !!!!!!"

රෙද්ද......

මන් ගස්සල බුලත් හෙප්පුව අතට ගත්තා..... අයියට බැරිද දන්නෑ මේක අරන් මට වදින්න....කැමැත්ත දුන්නට....

" ඉස්සර වෙයන්...."

මන් ඒක අරන් ඉස්සර වෙද්දි අම්මා මගේ පස්සෙන් ආවා..... අයියා ඉදියෙ පෝන් එක ඔබන ගමන්..... මන් එයා ඉස්සරහට ගිහින් බුලත් හෙප්පුව දික් කරද්දි එයා මන් දිහයි හෙප්පුව දිහායි මාරුවෙන් මාරුවට බැලුවා...

" මන් විට කන්නෑ පැටියො...."

අනෙ අම්මේ මූ වගේ පොල් පිති හරකෙක්....

කමක් නෑ මගෙත් ඔයිට වැඩි වෙනසක් නෑනෙ....

" ඕක ගන්න මහත්තයො.... මේව එදා ඉදන් සිද්ධ වෙන චාරිත්‍රනේ...."

අම්මා කියද්දි තමයි අයියට මීටර් උනේ.....අයියා දඩිබිඩි ගාලා නැගිටල හෙප්පුව ගත්තෙ හොද ළමයා වගේ.....

මන් ඉතිං ටිකක් වෙලා එයාගෙ මූණ දිහා බලන් ඉදියා මට වදීද කියල බලන්න...

වැන්දෙ නෑ යකු..... මන් එහෙන්මම බිමට නැමුනා....රෙදි නෑ වගේ දැනෙනව පොඩ්ඩක්....

පොළවෙ දණ ගහල අයියගෙ කකුල් දෙක අල්ලලා මන් වැන්දා ඉතිං .....

අයියා මගේ උරිස්සෙන් මාව නැගිට්ටවල අම්මා ඉස්සරහම මගේ නළලට දිග හාදුවක් දුන්නා කිහාන්කො.....

" මගේ පණ...."

පණ යන්න වගේ....

අම්මත් ඉන්නව අනේ.....

අයියා මගේ ඔළුව අතගාලා ආයෙ පුටුවෙන් ඉදගනිද්දි මන් දැක්කා මන් ඇදන් උන්න ඇදුම් සාලෙ හතරකොනේ පාවෙනව.......

" තේ බොමු මහත්තයෝ...."

අම්මා ට්‍රේ එක එතන සෙටියෙ ටේබල් එකෙන් තියල උළුවස්සට හේත්තු උනේ මන් ප්ලාස්ටික් පුටුවකින් ඉදගෙන පොළව හාරද්දි.... ලැජ්ජාවක් දැනෙනව.... මාව බලන්න මනමාල මහත්තයෙක් ගෙදරටම ආවනෙ...ලස්සන නිසානෙ දෙයියනේ  මේ සේරම.....

ම්ම්ම්ම්.....

අයියා තේ එක ට්‍රේ එකෙන් තියල අම්මා එක්ක හිනා උනා....

" මන් එහෙනම් ගිහින් එන්නම් පද්මා ...."

එව්ව්ව්ව්..... යන්න යන්න....

" හරි මහත්තයෝ...."

අයියා පුටුවෙන් නැගිටල මගේ ඔළුවත් අතගාගෙනම එළියට යද්දි මමත් ඒ පස්සෙන් එළියට ගියේ අම්මා ගෙට වෙලා ඉද්දි....

" මේ...."

අයියා ගිහින් කාර් එකට අත තියද්දි මන් කතා කලාම එයා මන් දිහා බැලුවා....

" අම්මව ශේප් කරල දෙන්නකො...."

" ඇයි ?"

" මට ට්‍රිප් එක යන්න ඕනෙ....."

" ඔයා තවම ඉන්නෙ යන්න ඕනෙ කියන මතේද ?"

මන් ඔළුව වැනුවෙ අයියා මන් දිහාවට හැරෙද්දි...

" ඇයි පැටියො තේරුම් නොගන්නෙ.... ෆුට් බෝඩ් වල යන්න ගිහින් කරදරයක් උනොත්...."

" ෆුට් බෝඩ් එකක යන්න බැරි වෙන්න තරම් මන් පොඩි ළමයෙක්ද අයියේ..."

" පැටියො එදාට සෙනග ගොඩක් වැඩිවෙයිනේ.... කියන එක තේරුම් ගන්නකො...."

මට දැන් කේන්තී...

" ඉතිං සෙනග තමයි ...සෙනග කියල මන් මක් කරන්නද අයියේ... මට ඒ ගමන යන්නම ඕනෙ..."

" මුරණ්ඩු මොකද මෙච්චර ?තාම හරියට සනීපත් නැහැ..."

එයා ඇහුවෙ වාහනේට හේත්තු වෙන ගමන්...

මන් රවල අහක බලාගත්තා....

" හරි දැන් යන්නම ඕනෙද ?"

" ඕනෙ කියල තමයි මන් කියන්නෙ...."

" ඔයාට හරියට සනීපත් නැහැනේ පැටියෝ.... ගොඩක් දුර ඇවිදින්න කරන්නත් වෙයි...."

රෙද්ද......

මට දැන් කේන්ති හොදටම.... මට දැන් මේක අයියටයි අම්මටයි කියලම එපා වෙලා තීන්නෙ.... මන් දත් කුරූ හපාගෙන අයියා දිහා බලලා ගස්සල දාලා ගෙට එන්න ආවා..... ගෙදර නොවුන නම් මන් දනී කරන දේ...අම්මත් ඉන්නවනේ ඉතිං ....ම්හ්...

මන් ගෙට ඇවිත් ඇදෙන් පෙරළුනාට පස්සෙ මට ඇහුනා එයාගෙ වාහනේ ස්ටාර්ට් වෙනව....

එයා අවසර දෙන්නැත්තන් අම්මා අවසර දෙන්නෙත් නෑ.... මගුල....මටමයි වෙන්නෙ.... කෙල්ලෙක් හොයාගත්ත නම් මෙච්චර වද නෑනේ......

#ලස්සනනිසානේමේසේරම#
.
.
.
.
.
.
.
🍁

😂✋ ammo

🍁 බායි...

Continue Reading

You'll Also Like

130K 16.1K 118
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...
242K 33.7K 105
အပိုင်း ပေါင်း (83) ပိုင်း ပါပါတယ်။ စာလုံးရေကတော့ လေးထောင်နှင့်အထက် ရှိပါတယ်။ သားရဲ ကမ္ဘာကို ကူးပြောင်း သွားတဲ့ ဇာတ်လမ်း ပုံစံ မျိုးပါ။ [BL] ပါ။ က...
219K 30K 70
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
6.4K 621 11
තවමත් නුබ නමින් .. ✨️❤ රශේනයා කිව්වා වගේ මලක් හැබැයි කැලෑ මලක් නෙමේ පින්න මලක් .. - රොන් ... ඒ නපුරු ඇස් ... ආඩම්බරයි , සෙල්ලක්කාර යි ... ඒ නපුරා වග...