Hollow Spirit🍁 [ Zhanyi Comp...

By HashiHiru

401K 77.9K 41.3K

🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යාය... More

🍁 පළමු දිගහැරුම 🍁
🍁 දෙවන දිගහැරුම 🍁
🍁 තුන්වන දිගහැරුම 🍁
🍁 හතරවන දිගහැරුම 🍁
🍁 පස්වන දිගහැරුම 🍁
🍁 හයවන දිගහැරුම 🍁
🍁 හත්වන දිගහැරුම 🍁
🍁 අටවන දිගහැරුම 🍁
🍁 නමවන දිගහැරුම 🍁
🍁 දසවන දිගහැරුම 🍁
🍁 එකොළොස්වන දිගහැරුම 🍁
🍁 දොළොස්වන දිගහැරුම 🍁
🍁 දහතුන්වන දිගහැරුම 🍁
🍁 දහහතර වන දිගහැරුම 🍁
🍁 දහසය වන දිගහැරුම 🍁
🍁 දහ හත්වන දිගහැරුම 🍁
🍁 දහඅටවන දිගහැරුම 🍁
🍁 දහනමවන දිගහැරුම 🍁
🍁 විසිවන දිගහැරුම 🍁
🍁 විසිඑක්වන දිගහැරුම 🍁
🍁 විසිදෙවන දිගහැරුම🍁
🍁 විසි තුන්වන දිගහැරුම 🍁
🍁 විසිහතරවන දිගහැරුම🍁
🍁 විසිපස්වන දිගහැරුම🍁
🍁 විසිහයවන දිගහැරුම 🍁
🍁 විසිහත්වන දිගහැරුම🍁
🍁විසි අටවන දිගහැරුම🍁
🍁විසිනමවන දිගහැරුම🍁
🍁 තිස්වන දිගහැරුම🍁
🍁තිස්එක්වන දිගහැරුම🍁
🍁 තිස් දෙවෙනි දිගහැරුම🍁
🍁 තිස්තුන්වන දිගහැරුම🍁
🍁තිස්පස්වන දිගහැරුම🍁
🍁තිස්හයවන දිගහැරුම🍁
🍁 තිස්හත්වන දිගහැරුම🍁
🍁තිස්අටවන දිගහැරුම🍁
🍁තිස්නවවන දිගහැරුම🍁
🍁හතලිස්වන දිගහැරුම🍁
🍁 හතලිස්එක්වන දිගහැරුම🍁
🍁හතළිස් දෙවන දිගහැරුම🍁
🍁 හතලිස්තුන්වන දිගහැරුම🍁
🍁හතලිස් හතරවන දිගහැරුම🍁
🍁හතලිස් පස්වන දිගහැරුම🍁
🍁හතලිස්හයවන දිගහැරුම🍁
🍁හතලිස් හත්වන දිගහැරුම🍁
🍁හතලිස් අටවන දිගහැරුම🍁
🍁හතලිස් නමවන දිගහැරුම🍁
🍁 පනස්වන දිගහැරුම🍁
🍁පනස් එක්වන දිගහැරුම🍁
🍁පනස් දෙවන දිගහැරුම🍁
🍁පනස් තුන්වන දිගහැරුම🍁
🍁පනස් හතරවන දිගහැරුම🍁
🍁පනස් පස්වන දිගහැරුම🍁
🍁පනස් හයවන දිගහැරුම🍁
🍁පනස් හත්වන දිගහැරුම🍁
🍁පනස් අටවන දිගහැරුම🍁
🍁 පනස් නමවන දිගහැරුම🍁
🍁හැටවන දිගහැරුම🍁
🍁හැට එක්වන දිගහැරුම🍁
🍁හැට දෙවන දිගහැරුම🍁
🍁හැට තුන්වන දිගහැරුම🍁
🍁හැටහතරවන දිගහැරුම🍁
🍁හැටපස්වන දිගහැරුම🍁
🍁හැටහයවන දිගහැරුම🍁
🍁හැට හත්වන දිගහැරුම🍁
🍁හැට අටවන දිගහැරුම🍁
🍁හැට නවවන දිගහැරුම🍁
🍁හැත්තෑවන දිගහැරුම🍁
🍁හැත්තෑ එක්වන දිගහැරුම🍁
🍁හැත්තෑ දෙවන දිගහැරුම🍁
🍁 හැත්තෑ තුන්වන දිගහැරුම🍁
🍁හැත්තෑ හතරවන දිගහැරුම🍁
🍁හැත්තෑපස් වන දිගහැරුම🍁
🍁හැත්තෑහය වන දිගහැරුම🍁
🍁හැත්තෑ හත්වන දිගහැරුම🍁
🍁හැත්තෑ අටවන දිගහැරුම🍁
🍁 හැත්තෑ නමවන දිගහැරුම🍁
🍁අසූවන දිගහැරුම🍁
🍁අසූ එක්වන දිගහැරුම🍁
🍁අසූ දෙවන දිගහැරුම🍁
🍁අසූ තුන්වන දිගහැරුම🍁
🍁අසූ හතරවන දිගහැරුම🍁
🍁අසූ පස්වන දිගහැරුම🍁
🍁අසූ හයවන දිගහැරුම🍁
🍁අසූ හත්වන දිගහැරුම🍁
🍁අසූ අටවන දිගහැරුම🍁
🍁අසූ නමවන දිගහැරුම🍁
🍁අනූවන දිගහැරුම🍁
🍁අනූ එක්වන දිගහැරුම🍁
🍁අනූ දෙවන දිගහැරුම 🍁
🍁අනූ තුන්වන දිගහැරුම🍁
🍁අනූ හතරවන දිගහැරුම🍁
🍁අනූ පස්වන දිගහැරුම🍁
🍁අනූ හයවන දිගහැරුම🍁
🍁අනූ හත්වන දිගහැරුම🍁
🍁අනූ අටවන දිගහැරුම🍁
🍁අනූ නමවන දිගහැරුම🍁
🍁සිය වන දිගහැරුම🍁
🍁එකසිය එක්වෙනි දිගහැරුම🍁
🍁එකසිය දෙවන දිගහැරුම🍁
🍁එකසිය තුන්වන දිගහැරුම🍁
🍁එකසිය හතරවන දිගහැරුම🍁
🍁එකසිය පස්වන දිගහැරුම🍁
🍁එකසිය හයවන දිගහැරුම🍁
🍁එකසිය හත්වන දිගහැරුම🍁
🍁එකසිය අටවන දිගහැරුම 🍁
🍁එකසිය නවවන දිගහැරුම🍁
🍁එකසිය දහවන දිගහැරුම🍁
🍁එකසිය එකොළොස්වන දිගහැරුම 🍁
🍁එකසිය දොළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහතුන්වන දිගහැරුම🍁
🍁එකසිය දහහතරවන දිගහැරුම🍁
🍁එකසිය පහළොස්වන දිගහැරුම🍁
🍁එකසිය දහසයවන දිගහැරුම🍁
🍁එකසිය දහ හත්වන දිගහැරුම🍁
🍁එකසිය දහඅටවන දිගහැරුම 🍁
🍁එකසිය දහ නමවන දිගහැරුම🍁
🍁එකසිය විසි වන දිගහැරුම🍁
🍁එකසිය විසි එක්වන දිගහැරුම🍁
🍁එකසිය විසි දෙවන දිගහැරුම 🍁
🍁එකසිය විසි තුන්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හතරවන දිගහැරුම🍁
🍁 එකසිය විසි පස්වන දිගහැරුම🍁
🍁එකසිය විසි හයවන දිගහැරුම🍁
🍁එකසිය විසි හත්වන දිගහැරුම 🍁
🍁 එකසිය විසි අටවන දිගහැරුම 🍁
🍁අවසාන (01 ) කොටස 🍁
🍁අවසාන කොටස 🍁
🍁HOLLOW SPIRIT 🍁

🍁 තිස්හතරවන දිගහැරුම 🍁

3.2K 703 268
By HashiHiru

ඊයෙ අයියා ඇවිත් ගියායින් පස්සෙ අම්මා ටිකක් කල්පනා කරනව වැඩිදෝ කියල මට තෙරුනේ එයා ඔහේ බලාගත්ත අත බලන් ඉන්න ගත්‍ත නිසා...

සමහට විට අම්මා අර භූතයට මාව දෙන්න දෙපාරක් හිතනව ඇති...

කොහොමත් ඉතිං මන් වගේ ලස්සන ළමයෙක් ඒ වගේ අංකල් කෙනෙක්ට දෙන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙමෙ සියපාරක් වත් හිතන්න ඕනෙ...

මන් පාඩම් කර කර උන්න බයෝ පොත වහල දාලා නැගිටල ආවෙ කණ්නාඩිය ඉස්සරහට...

" කොහොමද ලස්සන ළමයෝ....."

කොන්ඩෙ අවුල් කරල මන් ඇහුවෙ මගෙන්ම.....

වෙලාව හවස හය පහු.... අද දවසෙම මන් කළේ ප්‍රජනනය පාඩම් කරපු එක..... කොච්චර පාඩම් කරාද කිව්වොත් මට දැන් ප්‍රජනනයත් එපා වෙලා සංසර්ගයත් එපා උනා වගේ....

මදුරුවො එන නිසා ජනෙල් ටිකත් වහල දාලා මන් ආවෙ කුස්සියට අම්මා එක්ක කයියක් දාන්න... දැන් එයා උයන ටයිම් එකනේ....

අම්මා හවස නාලා....ඉරි ඉරි ගිය නයිටියක් ඇදගෙන තෙත නීසා  කොණ්ඩෙ කඩල දාලා මට පිටුපාලා අම්මා ජනෙලෙන් එළිය බලාගෙන හෝදන්න ගත්ත හාල් එකක් ඔහේ අතගානව....

අපේ අම්මගෙ කොණ්ඩෙ දණිස්සෙන් පහලටම දිගයිනෙ...ඒක බිම ගෑවෙන නොගෑවෙන තරම්.... එයාගෙ මුළු කොණ්ඩෙම එකතු කරාම මගේ එක අතක් මිට මොළවන්න මදී....ගොඩක් මහත කොණ්ඩයක් එයාට තිබ්බෙ......ෂැම්පු කන්ඩිෂනර් මුකුත් ගාලා නෙමෙයි ඔය.... 🙂

මන් හෙමීට පිටිපස්සෙන් ගිහින් අම්මගෙ උරිස්ස උඩින් බෙල්ල දාලා බැලුවා...... අම්මෝ බර කල්පනාවක..... මන් ආවා කියල වත් දන්නෑ....

" ආහ්හ්හ්......"

මන් එහෙන්මම අම්මගෙ කනට හුස්ම පොදක් පිම්ඹෙ අම්මා බය උන පාර කෑ ගැහද්දි.....මන් එහෙන්මම හිනා උනේ මුවට අත තියන්....

" මොනාද බං කරන්නෙ ?"

" ඔයා කොහෙද අනේ නැවතිලා ඉදියෙ.... ? "

" උඹත් මාර වැඩ කරන්නෙ....තව පොඩ්ඩෙන් පපුවෙ අමාරුව හැදිලා මැරෙන්නෙ..."

අම්මා පපුවට අත තියාගෙන කියද්දි මන් එතනම පැන්ට්‍රි කබඩ් එක උඩ ඉදගත්තෙ අම්මගෙ දිගම දිග කොණ්ඩ ගස් දෙක තුනක් අතේ ඇගිල්ලක ඔතාගෙන.... ඒවා මාරම සිනිදුයි....සුවදයි.... රාණි සබන් සුවද...දන්න දවසෙ ඉදන් අම්මා ගාන්නෙ රාණි සබන්....

මන් ආසම ඒක ඇගිල්ලක ඔතල ඔතල දිග්ගස්සන්න....එතකොට රැල්ලක් වගේ ඒක හිටිනව.....

" අම්මේ.....??"

" ම්ම්...."

" ඔයා මාව දෙනවද ඉතිං ?"

ඊයෙත් හරියට අහගන්න බැරි උනා අනේ.....

" කාටද බං ?"

" ඇයි අනේ නොදන්නව වගේ කතා කරන්නෙ ?"

මන් ඇහුවෙ අම්මගෙ කොණ්ඩෙ නහයට ලන් කරගෙන.....ම්ම්...සුවද...

" මොනාද සුදු චූටියො උඹ අහන්නෙ...?"

" මාව දෙනවද කියල ඇහුවෙ....අනේ ඔයත් අනේ මන්දා අම්මේ...."

" කාටද කාටද....කාටද දැන් උඹව ඕනෙ වෙලා තීන්නෙ ආ....."

අම්මා මන් දිහාවට හැරිලා අහද්දි මන් ඔළුව කසාගත්තා....අම්මා ඇයි අමුතුවට කතා කරන්නෙ....

" දැන් එතකොට කවුරුත් මාව ඔයාගෙන් ඉල්ලුවෙ නැද්ද ?"

" උඹ වගේ එකෙක්ව කවුරු ඉල්ලන්නද බං ?"

අම්මා මගේ අතේ තිබ්බ කොණ්ඩෙ අරගෙන  මටත් ගස්සගෙන ගියේ මන් යකෙක් ගැහුව ගානට බලන් ඉද්දි.....

" එතකොට .....එතකොට ඊයෙ අයියා ඇවිත් මොකද්ද කිව්වෙ ??"

" උඹට මෙච්චර ලගින් ඉන්න මට කියන්න බැරි උන දේ තමයි ඒ මහත්තය ඇවිත් කිව්වෙ.....මගේ යකා අවුස්සගන්නැතුව යනවා සාලෙට..."

අම්මෝ..... අම්මට යකා ආවේස වෙලා වගේ...එයාට කේන්ති ඇති ම්න් නොකිව්වා කියල ..ඒත් ඉතිං යාලුවෙලා ඉන්නෙපැයි කියන්න....

" ම....මන්..... නොකිව්ව දෙයක්....ඉතිං අම්මේ ඒක නොකිව්වෙ එහෙම දෙයක් නොතිබ්බ නිසානෙ....."

මන් තාම අයියට ආදරේ කිව්වෙත් නෑ....මන් එයාට ආදරේ නෑනේ....

" එහෙම දෙයක් නොතිබ්බ නම් ඒක මහත්තය කොහොමද දන්නෙ සුදු චූටි ??"

" අනේ අම්මේ....අයියගෙ විකාර...එයා කැමති උන පලියට මම කැමති වෙන්න ඕනෙද...."

" ඒ කොල්ලා විකාර කියන්නෑ...උඹ තමයි මෙතන ඉන්න ලොකුම විකාරෙ....මොකටද දැන් උඹ අකමැති ?"

අම්මා ඇහුවෙ ඉනටත් අත් දෙක තියන් ගේමට වගේ.....

" අකමැති ඉතිං ....ඒක මගේ තීරණයක්නෙ....නෑ මන් කියන්නෙ ඉතිං මගේ ජිවිතේ ගැන තීරණ ගන්නෙ මමනෙ...එහෙම වෙන්නම ඕනෙ කියල නෑනේ....."

" අනේ බං?? උඹේ ඔය තීරණ නිසා උඹත් මැරිලා මාවත් මරවල තමයි උඹ පස්ස බලන්නෙ...."

හෑ.....අයියා මාව ඉල්ලපු එක එච්චරටම දරුණුයිද ?

" අම්මව මරන්නෙ මොකටද...? ඔයානෙ මගේ සුදු නෝනා...."

මන් කිව්වෙ අම්මව බදාගෙන වෙනකොට අම්මා මාව ගනන් නොගෙන එළවළු කපන්න ගත්තා.....

" හිටපු ගමන් සිහිය නෑ වගේ දගලනකොට මහ රෑට ඇහැරන් එළියෙ නානකොට මට හිතුනා පුතේ.....ඒත් උඹ හැමදාම අනම් මනම් එකේකෙව කියද්දි මමත් උඹේ බොරු විශ්වාස කළා..... හිටපු ගමන් කලන්තෙ දාලා ඇදගෙන වැටෙන්නයි අසිහියෙන් දගලන්නයි මොකද්ද පුතේ මේ ජිවිතේ තේරුම..... ඔහොම ජීවත් වෙන්න පුලුවන් ද ? සේරම මගෙන් හංගන් ඉන්නෙ මන් පොඩි එකෙක් කියලද..... උඹට කරදයක් උනා ...නන්... මන් ...මොන දෙයියන්ටද...බන්...කියන්නේ...."

" හෑ..........."

අම්මා අඩන්න වගේ අහද්දි මන් ඉදියෙ පොල්ලෙන් ගැහුව ගානට........

" අම්මා...ඔයා....මොකක්ද.... කියන්නෙ....කියල පොඩ්ඩක්.....පොඩ්ඩම පොඩ්ඩක්....පැහැදිළි කරන්න ....පුලුවන්ද...?"

අම්මගෙ මූණට ඒබිලා ඇගිල්ලකිනුත් චුට්ටක් පෙන්නල මන් ඇහුවෙ අම්මා මෝහිනී වගේ මන් ඉහා බලද්දි.....

" පලයන් කාමරේට ....."

චටාස්ස්ස්.......

අම්මා දුන්නා පිට පුපුරන්න පාරක්.....

" ආව්ව්ව්....."

මන් පිට අතගගා ආවෙ කාමරේට .....

හරිනෙ අමාරුව..... අදත් අයියගෙ ලණුව කාලා වගේ......

පිටත් අත ගගා ඇවිත් මන් පෝන් එක අතට ගත්තෙ මල පැනල....

එතකොට අයියා අර දවල් උන සිද්ධිය ගැනද කියල තීන්නෙ....කිව්වත් කමක් නෑ...මේකා  අම්මට කියල තීන්නෙ වැඩි වැඩියෙන් අතිනුත් දාලා...බලාපල්ලකො ඉතිං මුගෙ තීන චීත්තෙ දිග පළල..... අංකල් කෙනෙක්‍ ය කියල පාඩුවෙ පැත්තකට වෙලා ඉදින්කො.... නැන්දම්මට කේලම් කියන්න එන්නෙ....මගුල.....

මන් අයියගෙ චැට් එක ඕපන් කරන් මතක් වෙන හැම සතාගෙම නම කියල අයියට මැසේජ් එකක් දැම්මා....

" Thamuse karoth karannema maha gon wadamai ayye..... buruwa gona antic badywa, ottapaluwa, gunamakiwa, polos kottoruwaa , sayiberiyan haraka  , thamuse miii haraka , gawaya eluwa..... "

තව......තව......

" saiberiyan hikanala...... polos wadda....lansi papol lontthaya... see more..."

ඕකට ඔය නම් ටික හොද වැඩී.....

ටිකකින් මැසේජස් සීන් වෙද්දි මන් තොලකුත් හපාගෙන බලන් ඉදියෙ අයියගෙන් රිප්ලයි එකක් එනකන්....

ටයිපින්......

විනාඩියක්.......නෑ....දෙකක්....

ටයිපින්......

කමක් නෑ බැනපංකො මට.....මාත් බයිනව......

ටයිපින්......

මන් දත කට මැදග්න ලොකූ මැසේජ් එකක් කියවන්න බලාගෙන ඉද්දිම.....

" Thanks 🖕 "

නෙද්දකින්.....මේකුන් වගේ උන් වට්සැප් එකට සාපයක්.....

මාත් ආයෙ පෙරලා මැසේජ් එකක් යැව්වා....

" Fuc#ing OIC🖕"

මූට තලන්නොනෙ මඩු වලිගෙන්...

පෝන් එක පැත්තකට දාද්දිම නොටි එකක් එද්දි මන් ආයෙ අරන් බැලුවා.....

Gon baduwa 🐃 🐵 send 1 massage ....

" wedak balaganin podi ekoo...."

මූ....... මූට මාව හැමදාම පොඩී....පෙන්නනම් මන් දවසක පොඩි....

" 😂🖕 "

රිප්ලයි එකක් දාලා මන් ගියේ වට්පෑඩ් එකට...... කියව කියව උන්න කතාවෙ ඉතුරු ටික කියවන්න....

.
.
.

" සුද් චූටි ....මෙහෙ වරෙං....."

පහුවදා හවස් වරුව මන් එළියෙ ඉදගෙන  පේර ගෙඩියක් කකා ඉද්දි අම්මා අඩගැහුව නිසා මන් ගෙට ගියා.....

" හවස් වරුවෙ කොවිල පැත්තෙ ගීන්  එමු....."

" ඇයි ඒ ?"

" උඹේ ඔය ලෙඩේට බේතක් හොයාගන්න....."

මන් එහෙන්මම ඉදගත්තෙ සෙටියෙන්....

" ඉස්සර එහෙම එකක් තිබ්බා තමයි    ඒත් දැන් එහෙම අවුලක් නෑ අම්මෙ..... කාලෙකින් මට හීන පෙවුනෙත් නෑ....අනිත් ඒක ඉතිං මේවා එහෙම ලොකූවට ගන්න  තරම් දේවල් නෙමෙයිනෙ....මට කරදරයක් එහෙමට නෑනේ.....මට මතකයි අපේ සුරේෂයට ඒ කාලෙ එයාලගෙ පාට්ටිගෙ මරණෙන්  පස්සෙ ඔය වගේ සීන් කෝන් වගයක් තිබ්බා....නූලක් බැදල දෙහි ගෙඩියක් කැපුවම ඕව හරි ගියා  ......මට නම් එච්චර වත් ඕනෙ නෑ අම්මෙ"

" එහෙනම් උඹ බඩ දරු වෙලාද හිටි ගමන් ඇදගෙන වැටෙන්නෙ... දවසට වේල් හතරකුත් කාලා කොයි වෙලේ බැලුවත් මැෂින් එක වගේ හප හප ඉන්න උඹ ඇදගෙන වැටෙන්නෙ කෑම නැතුව නෙමෙයිනෙ...

අම්මෝ....

" හරි ඉතිං ....අම්මේ මන් ඒකට විසදුමක් හොයාගත්තා "

අම්මා ළග බිමින් ඉදගෙන මන් කිව්වෙ අම්මගෙ උකුළෙන් ඔළුව තියාගෙන.....

" මට ඉන්නෙ උඹ විතරයි සුදු චූටියෝ.... "

" අම්මෙ...පොඩී ප්‍රශ්නයක් තිබ්බා තමයි ...ඒක දැන් හොදයි මට....එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි...ඔයා බය වෙන නිසා තමයි ම්න් ඔයාට කිව්වෙ නැත්තෙ...අර කේලමා ඔයාව බොරුවට බය කරලනෙ...."

" ඒ දරුවට එහෙම කියන්නෙපා !"

" දරුවාහ්හ් ?????"

මන් ඇහුවෙ ඇස් ලොකු කරන්...

" ඇය් ?"

අම්මා ඇහුවෙ මගේ ඔළුව අතගාන ගමන්...

" එයා මොන දරුවෙක්ද අනේ...එයා ඔයාට වඩා වැඩිමල්...."

අම්මා මන් දිහා බැලුවෙ ඇස් ලොකු කරල....

" මොක...ක් ?"

" ඔව් අනේ.... ඒකා අංකල් කෙනෙක්..."

" එච්චර වයසක් කියන්න බෑනේ සුදු චූටියෝ "

" දැන් ඔයාව දැක්කම කියන්න පුලුවන් ද වයසක්.....? ම්ම්...විසි එකේ කෑල්ල වගේනේ...."

" මන් හිතුවෙ නෑ ඒ මහත්තය එච්චර වයසය් කියල "

අම්මා නොදන්න දේවල් ගොඩක් ඔය මහත්තය කරල තීනව කියල මට කියන්න බෑනේ ඉතිං ....

" උඹ මහත්තය එක්ක මේ දේවල් කිව්වෙ මොන සම්බන්ධකමක් නිසාද සුදු චූටි ?"

" මන් එයා එක්ක මේව කියවන්න ගියෙ නැ අම්මෙ.... දවසක් මට එහෙ රෑ නවතින්න උනානෙ.... එවෙලෙ මන් රෑට දගලන නිසා එයාට තෙරිලා.... මාත් එතකොට තමයි දන්නෙ මන් රෑට දගලනව කියල ....."

මන් කිව්වෙ ලොකු හුස්මක් පිට කරල....

" එදාම කරුණා නැන්දා කියද්දි මට හිතන්න තිබුනා බං "

" දැන් එහෙම ප්‍රශ්නයක් නෑ අම්මේ....මාව විශ්වාස කරන්නකෝ..... මාළු පිලී නොකා පරිස්සම් උනා නම් ඉවරයි.... දැන් මාසයක් තිස්සෙ වගේ ඉදන් නෑ මට...."

අම්මා මගේ මුණ දිහා බලන් ඉදියෙ ඇත්‍තද අහන්න වගේ....

" ඔය දේවල් සෙල්ලමක් නෙමෙයි බං....මැරෙන්න උනත් පුලුවන් ..... "

අම්මා මගේ හිස සිම්ඹෙ මන් ඇස් පියාගනිද්දි.... මන් ඇස් පියාගෙන ඔහේ අම්මගෙ උකුළට වෙලා ඉද්දි මට එහෙන්මම නින්ද ගියා.... මේක නම් ලෙඩක්..සැක් වැටෙන තැන ඔහේ නින්ද යනව....ස්පෙශලි බස් එකේදි ට්‍රේන් එකේදි අනෙ අම්මෝ.... ගෙදර ඇද වගේ....

.
.
.

දවස් දෙක තුනක් කිසි ගානක් නැතිව ගෙවිලා ගියත් එන්න එන්නම විභාගෙට දින ලන් වෙනවා.... තව මාස හතරක් වගේ සේරටම තියෙන්නෙ.... ඒක මතක් වෙද්දි පිස්සු වගේ...

ඒ අස්සෙ මගේ හොදම යාලුවෙක් වෙන ගනේශ්ගෙ ගෙදර මගුල් ගෙයක් වෙලා.එයාලගෙ නන්ගි.....ඒ නිසා මන් ඊයෙ හවස ඉදන්ම එහෙ..... දැන් වෙලාව උදේ එකොළහට වගේ ඇති.අද රෑ තමා පාටිය..සෑහෙන්න වැඩ ඉතිං ...

ඒ අස්සෙ අම්මා කෝල් කරල බැන්නා ගෙදර වරෙන් කියල ...ඇත්තටම මන් ගමේ මගුල් ගෙයක් පැත්ත පලාතෙ යන්නෑ.... මේකත් මේ යාලුවගෙ එක නිසා ගියේ.....ඒ නිසා අම්මා බයිනව.... වැඩක් කරගන්න කියල ....

ඒ උනත් ආයෙ අද රෑට එන්න ඕනෙ කොහොමහරි ......

ගනේශ්ලගෙ ගෙදර ඉදන් අපේ ගෙවල් වලට සෑහෙන්න දුරයි...ගනේශුත් වැඩ නිසා සුරේෂයා ස්කූටරේ අරන් ආවෙ මාව ගෙදරට දාන්න.....

" උඹ පැදන් යමන්..."

සුරේෂ් මට බයික්කෙ දෙද්දි  මන් බයික්කෙ ස්ටාර්ට් කරන් වත්තෙන් එළියට දැම්මෙ සුරේෂයාත් පිටිපස්සෙ එල්ලෙද්දි....

ගම් වල මෙහෙම තමයි ඉතිං .... යාලුවෙක්ගෙ ගෙදර මල ගෙයක් මගුල් ගෙයක් කියන්නෙ තමන්ගෙ ගෙදර මගුලක් මල ගෙයක් වගේ තමයි .....අපි ඉතිං මහ රෑ පාන්දර වෙනකන් ඕවට නිදිමරනව.....

" අඩෝ අඩො හන්දියෙ කඩෙන් නවත්තපන්....සිගරට් එකක් අරන් යන්න..."

පාරට ඇවිත් සුරේෂයා කියද්දි මන් කඩෙන් නැවැත්තුවා......

ඌ ගිහින් සිගරට් එකක් අරන් ඇවිත් ආයෙ පිටිපස්සෙන් නගිද්දි මන් ස්කූටරේ පැදන් ආවෙ වත්ත පැත්තට....

" ඒ බන්..... දැන් උඹ ගමේ රස්තියාදු ගහන කොල්ලා කවුද ?"

පිටිපස්සෙ ඉදන් ඌ කෑ ගහල ඇහුවෙ හුළං පාරට මට යාන්තමට ඇහෙද්දි....

" රස්තියාදු ගහන එක සාමාන්‍ය දෙයක්නෙ බන්...."

" ගමේ හැමෝම කිව්වා....උඹ මට කිව්වෙ නෑ නේහ් ?"

" උඹට කියන්න බන් ඕය කාන්ති ඇන්ටිගෙ දූ කියන්නෙ රොම්බ බඩ්ඩක් නෙ "

සුරේෂයා අහද්දි මන් කිව්වෙ කෑ ගහල.....බයික්කෙ ඉස්සරාහ යද්දි හරියට ඇහෙන්නෑ කියන එක...

"මට තමයි දදැන් එකෙක් වත් සෙට් නැත්තෙ ??"

" ඇයි ප#යෝ උඹ කාන්ති ඇන්ටිගෙ දූවම සෙට් කරගන්න දගලන්නෙ ?"

සුරේෂයට කාන්ති ඇන්ටිගෙ දූ ඕනෙයි කියන්නෙ....

" ඒව තමයි හරියන්නෙ බන්...."

" උඹට  ඕනෙමනම් ඉතිං කරමු "

" මිනිහ නැති ගෑනිනෙ බන්.... හරියන්නෝනෙ දවසක....""

" හරියනවා හරීයනව...උඹට ඕක සෙට් වෙනව....උඹ බය නොවී හිටාන්...."

" එක්සෑම් එකෙන් පස්සෙ....කොරියා යනව බන්...."

සුරේෂයා කිව්වෙ මන් පාර අයිනෙන් ඇවිදන් ගිය නන්ගි කෙනෙක්ට හෝන් එක ගහල පැණි හිනාවක් දාද්දි...ඒකි ගස්සල අහක බැලුවෙ මූණ රතු කරන්.....

" ආ.....යන් යන්...."

" උඹත් එනවද ?"

" හෙට යන්....මටත් කොළ්ඹ ක්ලාස්.... "

" සිරාවට....?"

" ඔව් යකෝ....යන්......"

"උඹට කියන්න අභූ.... අද ....."

අරූ මොන මොනාද කියවද්දි මන් දැක්කෙ පාර අයිනෙ නවත්තල තියෙන පොලිස් ජීප් එක....

අයියා ඇවිල්ලද ? හෑ......

අනේ  පිස්සු කොල්ලා.....මාව හම්බෙන්න ඇවිල්ලා වත්ද.....

සුදෝප්පච්චිට මගේ මූණ බලන්නැතුව ඉන්නම බෑ නේ....... අනෙ අම්මේ..... කාටද ආඩම්බර ඉතිං ..... මන් වගේ ලස්සන කොල්ලෙක්ට  මේ සමාජෙන් තියෙන්නෙ පුදුම මල කරදරයක් අනෙ....බලන්න නයනී !!!

"අභූ !! අභූ හු#තො බලාගෙන යමන් යකෝ.....හ්හ්හ්... හු#තෝ පල්ලම....!!!!!!....ආව්ව්ව්ව්හ්හ්...."

" ආහ්හ්හ්හ්හ්හ් !!!"

බෙල්ලත් හරවගෙන ජීප් එක දිහාවට මනමාල  බැල්මක් දාගෙන ගිය මන් එකපාරට පියවි සිහියට ආවෙ අරු බෙරිහන් දෙන සද්දෙට වෙනකොට බයීක්කෙ පාරෙන් පැනලා රබර් පල්ලමේ  ලිස්සීගෙන ගියේ එකපාරටම එක තෑනක වට වෙලා උන්න මිනිස්සු වගයක් අපි දිහා අමුතුවට බලද්දි....එතන ඉදියෙ පොලිසියෙ කිහිප දෙනෙකුයි ගමේ කිහිප දෙනෙකුයි ස්පෙෂලි අයියාකාරයයි වෙද්දි එතන සුදු පාර රෙද්දකින් වහල තිබ්බෙ මිනියක් කියල තේරුම් යන්න මහ ලොකු වෙලාවක් ගියේ නැතත්.......,

දඩාස්ස්ස්ස්ස්ස්ස්........

" ආහ්හ්හ්හ්හ්හ්හ්..........."

" ළමයො....සර්.......!!!!"

" සර් !!!!!!!!!!!!!!!"

පල්ලමේ ආපු  පිම්මට මිනිය වටේ උන්න්න අය අයින්ට පනිද්දි  පිටිපස්සෙ උන්න සුරේෂයව දඩස් ගාලා වැටුනෙ සුදු රෙද්දකින් වහල තිබ්බ මිනිය උඩ වෙනකොට සද්දෙට කෑ ගහගෙන ඇවිත් ඇස් ඇරල බලද්දි මන් දැක්කෙ මගේ ඉස්සරහින් අයියා බොහෝම අව්‍යක්ත පෙනුමකින් මූණ හදාගෙන රබර් ගහට හේත්තු වෙලා ඉන්නව.....

මන් බය වෙලා ඇස් ලෝකු කරන් බලද්දි අයියා උන්න රබර් ගහට හේත්තු වෙලා රබර් ගහටයි අයික්කෙටයි හිර වෙලා  කකුල් පලල් කරගෙන.....  ස්කූටියේ රෝදෙ අයියගෙ කකුල් දෙක මැද්දෙන් රබර් ගහ සිපගෙන ඉද්දි අයියා දෝතින්ම බයික්කෙ මූණ අල්ලන් ඉන්නෙ ඒක එයාගෙ බදේ ගෑවෙන්න ඔන්න මෙන්න නිසා..... එයාට හීන් දාඩියත් වැක්කෙරෙද්දි සේරටම  හපන් සුරේෂයා මිනිය උඩ....

විනාඩියක්...........

දෙකක්................

තීරණාත්මක අවස්ථාවක් වගේ.....

" මොනාද අයිසෙ කරන්නෙ....."

පොලිසියෙ කෙනෙක් ඇවිත් බයික්කෙ පිටිපස්සට අදිද්දී මාවත් එක්කම ස්ස්කූට්ටිය පිටිපස්සට ඇදිලා ගියා...

ඒත් එක්කම අයියා තොප්පියත් ගලවන් බර හුස්මක් පිට කළේ එයාගෙ අනාගතේ දිහා බලාගෙන....

වරදක්  කළත් සිතකින් නොවේ...අයියගෙ අනාගතේට හානි කරන්න හීනෙකින් වත් හිතුවෙ නෑ අම්මා පල්ලා....

ඒත් එක්කම අයියා බරැති සුසුමක් පිට කරල මන් දිහා බලද්දි මන් අයියගෙ ට්‍රවිසර් එක දිහා බැලුවා..

අනාගතේ  ඇදයිද දන්නෑ !

" මොන මගුලෙද අයිසෙ යන්නෙ...මෙතන වැදගත් රාජකාරියක් කියල පෙන්නෙ නැද්ද..... උඹ දන්නවද උඹ කාවද මේ හප්පන්න හැදුවෙ කියල ...."

ජිවිතේට දැකල නැති පොලිස් අංකල් කෙනෙක් බැනගෙන බැනගෙන ගියේ මිනිය බදන් උන්න සුරේෂයා අමාරුවෙන් නැගීටිද්දි.....

" සොරි...ස...ර්"

මන් කිව්වෙ වචන ගැටගහල....

" මේ වයසෙ තක්ක්ඩින්ට තීන්නෙ රථ ගාය ඉන්ස්පෙක්ටර් මහත්තයෝ...ලයිෂන් තියා හෙල්මට් එකක් වත් නෑනෙ ඔළුවෙ "

මන් ස්කූටරේ ස්ටෑන්ඩ් එක ගහල ශේපට ස්කූටරෙන් බැස්ස්සෙ අයියගෙ මූණ දිහා බලන්...ඒක ටිකක් හත්තිලව්වට ගහපු මොකද්ද එකක් වගේ......

" පාරෙ ඉදිය නම් කමකුත් නෑ...යකෝ මේ පල්ලමක ඉදලත් මේ රස්තියාදුකාරයොන්ගෙන් බේරෙන්න වීදියක් නෑනෙ...."

" සිරිල්.... බලන්න බොඩි එකට හානියක් නෑනේද කියල ...."

අයියා උගුර පාදලා කියද්දි එතන උන්න අංකල් කෙනෙක් පහත් වෙලා බොඩි එක චෙක් කළේ මන් ටක් ගාලා අහක බලාගනිද්දි...ඔය වගේ දේවල් බලන්න මන් හෙන බයයි....

" පේන්න ලොකු දෙයක්නැහැ සර්..... ඒත් මේ කකුල ඩැමේජ් වෙලා.."

" ඩැමේජ් නොවී තියෙයිද....ස්කූටරේ ගියේ මේ මිනිහගෙ කකුල් දෙක උඩින් නේ..... වෙලාවට මේ මිනීහ මැරිලා ඉදියෙ....මැරිල වත් ඌට සැනසීමක් නෑ....."

අයියට යකා නැගලද කොහෙද...මට සෲජුව බයින්න බැරි නිසා බැනගෙන බැනගෙන ගියේ තොප්පිය දාගන්න ගමන්.....


" පොඩි එවුන් ඔහොන්මමයි සර්....අල්ලලා දාන්න කුඩූවට....මුන්ව හැදෙන්න.... පාරෙ ඉන්න අහිංසක මනුස්සයෙක් යට කරා නම් මොන දෙයියන්ට කියන්නද...."

සිරිල්  කියන කෙනා අයියගෙ යුනිෆෝම් එකේ තිබ්බ කොළ අතු කෑලි ගසන ගමන් කිව්වෙ අයියා මට හැටට හැටේ රවද්දි.... සුරේෂයා එහෙන් මාව මිරිකන්නෙ දැන් මොනාද කරන්නෙ කියල අහන්න වගේ.....

" දැන් මන් forensicලට මොනාද කියන්නෙ ??"

අයියා මගෙන් ඇහුවෙ මන් දෙවුර අකුලවද්දි...මන් දන්නවද එයා එයාලට මොනා කියනවද කියල ....කැමති නම් ඉතිං අයිලව් යූ උනත් කියන්න ඉතිං ...ඖලක් නෑ..

" සිරිල්......දාගන්නව මුන් දෙන්නව ජීප් එකට...... දෙදාහෙන් පස්සෙ හැදෙන එවුන් නම් අන්තිමයි....."

" අනේ සර්....සොරි සර්...අපිව පල්ලමේ ලිස්සුව සර්..."

සුරේෂයා එකපාරට මැදින් පැනල කියන්න ගත්තෙ හෙන අසරණ විදියට....

" පල්ලමේ ලිස්සන්න....?? ඇයි උඹලගෙ ගෙවල් තීන්නෙ රබර් ගස් උඩද...පල්ලමේ බයික් පදින්නෙ ?"

" අනේ නෑ සර්..... මූ මේ නිදිමතේ බයික්කෙ කැපුවනෙ පල්ලමට.....මන් මූට කිව්වා සර් හුත්තෝ....පල්ලම කියල "
මුට සයිකොද...

" මොනාද කියන්නෙ"

මන් ඇහුවෙ සුරේෂ්ගෙ වැලමිටට ගහල....

" උඹ කටවහන් ඉදපන්...උඹේ මනමාල කම තමයි සේරටම මුල....කෙල්ලක් දකින්න බෑ දත් තිස් දෙකම දාලා පැනි හලන්නෙ...."

අයියා මන් දිහා බලන් ඉද්දිම අරූ සද්දෙට කිව්වෙ මන් අයියා දිහා හොරේන් බලද්දි.......

" අපිට සමාවෙන්න සර්....ආයෙත් මෙහෙම වෙන්නෑ.....අපිට සමාවෙලා අදට යන්න දෙන්න සර්..."

සුරේෂයා බැගෑපත්ව කියද්දි අයියා මන් දිහා බැලුවෙ ඇහිබැමක් උඩ යවල...

" තමුන්ට යන්න දෙන්නම්....හැබැයි මෙයාව ගෙනියන්න වෙනව...බයික් එක ගෙනිච්චෙ මෙයානෙ.... මර්ඩර් එකකදි සාක්ෂි විනාශ කරපු හේතුවට මට මෙයාව අතඩංගුවට ගන්න පුලුවන් "

අයියා මට ඇගීල්ල දික් කරල යැයියැයි ගෑවෙ මන් සුරේෂයාගෙ වැලමිට මිරිකද්දි....

" එහෙම එපා සර්....මූව යවල මාව ගන්න ඒනම්..... මූ කුඩු ගානෙ ලගින්න ඕනෙ එකෙක්  නෙමෙයි සර්....මන් භාර වෙන්නම් ඌ වෙනුවට.. "

සුරේෂ් කියද්දි මට ඌ ගැන දුක හිතුනා....

" නගිනවලා දෙන්නම ජීප් එකට...හෙල්මට් එකක් නෑ මොකුත් නෑ..වැටිලා ඔළු පලාගෙන මැරිලා ගියාම අපි එපැයි උඹලට වග කියන්න...."

බලන්න නයනී.....අයියට මල පැනලා..

" මොන රෙද්දක යනවද මන්දන්නෑ.... තව පොඩ්ඩෙන් සර්වත් හප්පලා දානවනෙ..... සර් මුන්ව මාසයක් වත් කුඩුවට දාන්න ....තරුණ විසේ ඔළුවට ගහල...."

එතන ඉදිය කෙනෙක් කිව්වෙ අයියා මන් දිහා මරන් කන්න වගේ බලද්දි....

" සිරිල්....මුන් දෙන්නව දාගන්නව ජීප් එකට...බයික් එක පොලිසියට ගෙනියනව......එතකොට බොඩි එක ටීම් එකට දීලා මුලින්ම දැක්ක මනුස්සයගෙන් කට උත්තරයක් ගන්නව.... බොඩි එක ඩැමේජ් කියල පැහැදිළිව කියන්න... "

" ඕකේ සර්...."

අයියා තොප්පීය දාගන්න ගමන් කියල අපිව පාස් කරන් ගියේ උඩහට....

" හරිනෙ පු# අමාරුව...."

සුරේෂයා කිව්වෙ මන් දිහාවට මරන් කන්න බැල්මක් දාලා...

" හු#තෝ ඉතිං මන් උවමනාවෙන් පල්ලමේ බයික්කෙ ගෙනිච්චෙ නෑ..."

" කට වහපන්... ප#යා..."

" ළමයි....නගිනවා ජීප් එකට "

සිරිල් කියන කෙනා කියද්දි මමයි සුරේෂයයි කරබාගෙන ගිහින් ජීප් එකට නැග්ගා...

.
.

" මේ මොකද බන් මේ කොලු ගැටයා උස්සන් ඇවිත් "

" විජේ මෙයාලව දන්නවද ?"

" මේ අපේ අභුවනෙ සිරිල්...මූව නොදන්නෙ කවුද "

" අද වත්තෙ හම්බුන බොඩි එක ඩැමේජ් කලානෙ.... ස්කූටර් එකක් අරන් බොඩිය උඩින් ගිහින් තව පොඩ්ඩෙන් ලොකු සර්‍ර්වත් හපන්නව...."

අයියා ඔෆිස් එකට ආව ගමන් කවුද මන්දා detective කෙනෙක් අයියව මුණ ගැහෙන්න ඇවිත් ඉද්දි අපි දෙන්නා හොරු  දෙන්නෙක් වගේ බෙන්ච් එකක ඉදන් ඉදියෙ තට්ට අංකල් ඉනටත් අත් දෙක ගහන් අපි ගැන කතා කරද්දි...

" නෑ බං ඉතිං බොඩි එක ඩැමේජ්ද ?"

" ඔව්.... මේකුන් දෙන්නව සර් කිව්වා අරන් එන්න කියල .... ලයිෂන් වත් නෑනෙ....හෙල්මට් එකක් පලාතෙ නෑ.... පාරෙත් යන්නෙ ඉතිං ඔහොම තමයි නේ "

යැයි යැයි යෑයි තමයි ....

" පොඩි එකාට මුකුත් කියන්න එපා සිරිල් මහත්තයො.... අහිංසක කොල්ලා..තේකක් බීලා ඉදපන් කොලුවෝ..."

අම්මෝ...ලතා ඇන්ටි ඒ ඩිංගට තේත් හදන් ඇවිත්.....

මන් ඉතිං ලතා ඇන්ටි ගෙනත් දුන්න චොක්ලට්  පෆ් දෙකක් එක්ක තේක අතට ගත්තෙ සුරේෂයා ගෑණි මැරුන මිනිහ වගේ ඕනෙවට එපාවට ඉද්දි....

" හුහ්....හොරුන්ට තේ දෙන පොලිසියක් දැක්කමයි..."

සිරිල් කියන පගයා එහෙම කියාගෙන යන්න ගියේ මන් එ නාකියව හොදට ස්කෑන් කරද්දි... කවුරු කියලද දන්නෑ හිතන් ඉන්නෙ...

තේකකුත් බීලා ආතල් එකේ ෆෑන් එකක් යට ඉදගෙන ඉදියෙ සුරේෂයා මට බැන බැන ඉද්දි....මන් දන්නව් ඉතිං බොඩිය ඉඩින් ගියා නෙමෙයි බොඩිය බදාගෙන ගගට පැන්නත් අයිය මාව කුඩුවට දාන්නෑ කියල ....

" ආ.....කල්හාර අයියාහ් "

කට්ටිය එහෙට මෙහෙට වෙනකන් ඉදල  බර්ත්ඩේයි කෙේක් කාපු අයියා ලගට  ගිහින් මන් හෙමින් කිව්වෙ ලස්සනට හිනාවෙලා....

හෙමින් කතා කළේ..කට්ටිය ඉන්න තැන කතා කරොත් අහිංසක මගේ කාඩ් කුඩු...

" ආ....මේ අර මල්ලි නේද....ඇයි මල්ලි...මොකක් හරි කේස් එකක්ද ?"

" ඔව අයියේ...මේ...මුගෙ ලයිෂන් එක නැති වෙලානෙ..."

මන් කිව්වෙ එළියෙ ඉදන්ම පොලිස් කුඩුවෙ කුරූ ගණන් කරන සුරේෂයව පෙන්නල..

" ආහ්....ඇන්ට්‍රියක් දැම්මද ඉතිං ?"

" ඔව් අයියේ.... යාලුවෙක් එනකන් මේ බලන් ඉන්නෙ....අයියා මොකද කරන්නෙ ?"

මන් ඇහුවෙ කම්මුලට අතක් තියන් අයියාගෙ මෙසෙට එබිලා...

" දවසෙම වැඩ තමයි ඉතිං මල්ලි...."

" හා හා එහෙනම්...ඔයා වැඩ ටික කරගන්නකො ඈ.....එහෙනම් මන් ගියා...."

කල්හාර අයියට පහක් දාලා මන් ආයෙ සුරේෂයා ළගට එන්න හදද්දිම ඇවිත් ඉදිය detective ගිය නිසා මමයි  සුරේෂයයි ඕඅයිසීකාරයගෙ රූම් එකට ආවා....

Knock knock....

තට්ටු දෙකක් දාලා මන් කාමරේ ඇතුලට ආවම අයියා බොහෝම බැරෑරුම් පෙනුමක් දාගෙන මන් දිහායි සුරේෂ් දිහායි බැලුවා....

" තමුන්ල දෙන්න කරපු වැරැද්ද ගැන අවබෝධයක් තියෙනවද ?"

නෑ.....

" ඔව් සර් "

බැගෑපත්ව එහෙම කිව්වෙ සුරේෂයා....

" ලයිසන් එකක් නැතුව ඊටත් වඩා හෙල්මට් එකක් වත් නැතුව බයික්කෙ පදින්නෙ බෙල්ලෙ පාලුවට ඔළුව තියෙන නිසාද අයිසෙ..."

ඔව්නෙ...

" සොරි සර් "

" දැන් බලනවලා...තමුසෙලා දෙන්නා රෝල් වෙලා ගිහින් ගලක වගේ දේක ඔළුව හැපුන නම් තමුසෙලා දෙන්නා මොකද කරන්නෙ ආ ??"

අඩනවා.... නෑ...නටනව.... නට නට අඩනව...ඇයි ඇයි ?

" අපිට සමාවෙන්න සර් "

" හෙල්මට් එක තියෙන්නෙ ඔළුවෙ ආර්ක්ෂාවට...අපිට බයේ හෙල්මට් දාන්න නෙමෙයි.... උඹලා ඉතිං හෙල්මට් එක දාගෙන යන්නෙ අපි ඉන්න තැන විතරයිනෙ...."

ඇත්ත ඇත්ත....

" සොරි සර්..."

" බාලවයස්කාරයො දෙන්නෙක්  නිසා අදට බේරල යවන්නම්...හැබැයි තමුසෙලා දෙන්නා අද මුළු පොලිසියම අස් කරන්න ඕනෙ"

අන්ද්වේ.............

කලින් පාරත් අපිට කියල පොලිසියම සුද්ධ කරවගත්තා...

" මොකක්....!!"

මන් ඇහුවෙ මූණ අමුතු කරන්....

" හරි සර් "

සුරේෂයා මගේ අතට ගහල කිව්වෙ බැගෑපත් හඩින්...

" ඒයි පොඩි එකා...උඹ.... උඹ මේ කබ්බඩ් එක  අස් කරල මේ ෆයිල්ස් සේරම පිළිවලක් කරල දෙන්නඕනෙ....එතකොට තමුසෙ අර එලියෙ ව්වටේටම  වැවිලා තියෙන තණකොළ ගලවලා දාලා මල් වලට වතුර දාලා අර බෝගන්විලා පැල ටික කප්පාදු කරන්න ඕනෙ.."

පොඩි එකා කිව්වෙ මටනේ ඉතිං ....

" හරි සර්..... ගොඩක් ස්තූතියි සර්  "

සුරේෂයා මගේ වැලමිටට ඇන්නෙ මාත් ඉතිං බොරුවට ඔළුව් පාත් කරගනිද්දි....

" උඹ මේක අස් කරපන්.... හත්පොලේ ගාගන්නැතුව කරපන්...මී හරකා..."

සුරේෂයා මගේ අත කොනිත්තල එහෙම කියාගෙන ගියේ ඒ තරටම මාව විශ්වාස නිසා.....

සුරේෂයා යනකන් ඉදල අඩියත් පොලේ හප්පල මන් ගියේ අයියා ළගට...

" ඔයාගෙ වැඩ සේරම අපිට කරල කරගත්තම හරිද ??? අම්මා පල්ලා අයියේ මන් නම් කරන්නෑ.....හරී !!! "

මන් කේන්තියෙන් අහද්දි එයා මන් දිහා බලලා කම්මුලට අතක් තියාගෙන ඒ අත ටේබල් එකට හේත්තු කරගත්තා...ඉන් පස්සෙ මගේ  සරුවාංගෙටම බැල්මක් දැම්ම...

" කුඩුවට යන්න ඕනෙද ? කබඩ් එක අස් කරනවද ?"

" තමුසෙ මහ නපුරුයි අයියේ "

" අල්ලසක් විදියට කිස් එකක් දෙන්නත් පුලුවන් .... ඉට්ස් යුවොර් චොයිස් පණ...බට් එනිවේ මන් ඔය කබඩ් එක අස් කරගන්න විදියක් නැතුව ඉදියෙ..."

හුහ්....බලාපල්ලකු මූ...

ගස්සගෙනම මන් යන්න හදද්දි  එයා මාව ඈදල අරන් ඉනෙන් නමල එයාගෙ ඔඩොක්කුවට වට්ටගෙන මගෙ ඇස් කොනේ  තිබ්බ  birthmark එකට හාදුවක් තිබ්බෙ ක්ෂණිකව.......

" අයියේ !!!!!!"

" හොද බබා වගේ දැන් කබඩ් එක අස් කරන්න.....ම්ම්.... "

" ඔයාගෙ වැඩ සේරම අපිට කියල කරගත්තම හරිද එතකොට ??"

" සුදු චූටි ...... අර බොඩි එකට මන් දැන් වග කියන්න  ඕනේ...ඔයාව ඇරෙස්ට් කරන්නත් පුලුවන් මේ කේස් එකට.... ශේපක් දාගන්න මට උන්ට බටර් ගාන්න වෙනවා දැන් .... ඒ බටර් වලට හිලව් වෙන්න ඔය කබඩ් එක අස් කරල දීපන්.... ""

" මගුල "

" අනික උඹ මගේ කොන්දත් කැඩුවා..... උඹ දන්නවනේ මට කොන්දෙ අමාරුවකුත් තිබිලා හොද උනා විතරයි ....දැන් ආයෙ හරි ...."

" ඒකට නම් සොරි ඉතිං ...ඒත් ඔයාට අහකට පනින්න තිබ්බනෙ..."

ඉදිය විදියටම එයාගෙ අත් අස්සට වෙලා  මන් කිව්වෙ එයා හෙමින් සැරේ නැමිලා මගේ නිකටට පුංචි හාදුවක්  තියද්දි...සෑක්.

" මන් අහකට පැන්නා නම් මට බයික්ක්කෙ අල්ලගන්න බැරි වෙනව....එතකොට බයික්කෙ ගහේ වැදිලා උඹව වැටෙන්න පුලුවන් "

ඔව් හැබැයි ...එයාව බයික්කෙයි ගහයි අස්සට හිර වෙද්දීත් එයා දෑතින්ම බයික්කෙ අල්ලගත්තෙ පෙරලෙන්න නොදී.....

" ඔයා පව් අනේ "

එයා ගැන දැනුන අනුකම්පාව එක්ක එයාගෙ කම්මුලක් අතගාලා මන් කිව්වෙ   එයා මගේ අතට එයාගෙ කම්මුල තද කරගෙන ඇස් පියාගනිද්දි...

එයා ආයෙත් ඇස් ඇරල මන් දිහා බලද්දි  මම එයා දිහා බලන් ඉදියා.... අමුතු හැගීමක් දැනෙනව මට.....

" මෙච්චර ළගින් ඉදල අන්තිම මොහොතෙ ආදරේ නෑ කියල දාලා  යන්න හිතන්නවත් එපා පැටියෝ "

මගේ මූණට එබිලා එයා කිව්වෙ මන් කෙල පිඩක් ගිලිද්දි.... දාලා යන්නනේ හැදුවෙ..සැක්.... ඩබල් මිනී පෙට්ටි එහෙම තියේද දන්න්නෑ....අන්තිම මොහොතෙ සාක්කුවෙ දාගෙන අරන් යන්න...

ඒයා එහෙන්මම මගේ නළලටත් හාදූවක් තිබ්බා...අම්මෝ කිස් තුනක් දුන්නා අද....

" ඔයාට ඇයි  අයියේ  ආදරේ කරන්න මාවම තෝරගන්න ඕනෙ උනේ ? මේ දේවල් මිසුයි ඔයාගෙ අප්පච්චී දැනගත්තොත් මොකද වෙන්නේ ?"

" ඒ දේවල් වැඩක් නැහෑ.....මට ආදර්‍රෙයිද නැද්ද කියල වචනෙ දෙන්න පැටියො ? එතකො......"

ඒත් එක්කම දොර ඇරගෙන සිරිල් කියන කෙනා ඇතුළට එද්දිම උගේ ඇස් දොඹ ගෙඩි සයිස් උනේ මන් දඩිබිඩි ගාලා අයියගෙ ඔඩොක්කුවෙන් නැගිටිද්දි....

" මුකුත් ....හිතන්නෙපා... හාද...මේ.. කකුල පැටලිලා..වැටුනා.....එච්චරයි ..."

මන් කිව්වෙ කබඩ්  එක ළගට යන ගමන්....

ඒ මිනිහා ෆුල්  හොල්මන් ...

" ක්හ්ම්....රූම්  එකට එද්දි තට්ටු කරල එන්න සිරිල්.... "

" සොරි...සර්..වෙරි සොරි...මෙන්න සර් බාම් එක..."

ඔළුව දෙපැත්තට වනල අයඩෙක්ස් එකක් මෙසෙ උඩින් තියල මන් දිහාවටත් බැල්මක් දාලා සිරිල් යන්න ගියේ අයියගෙ කනක් රතු පාටින් දිලිසෙද්දි....

" සුදු චූටි ....මේක ගාලා ඉදපන්..."

තොප්පිය ගලවල නැගිටල එයා කිව්වෙ කොන්ද අතගාගන්න ගමන්...පව් අනේ...අයියට කොහොමත් පොඩි කොන්දෙ අමාරුවක් තිබ්බා කලීන් ඉදන්ම....නාකියිනේ ඉතිං ...

" ඔහොම ඉන්න.... මන් ලතා ඇන්ටිගෙ උණු වතුර ටිකක් ඉල්ලන් එන්නම්...තවලම ගාමු...."

මන්  එහෙම කියාගෙන එළියට ඇවිත් ජනෙලෙන් එබෙද්දි සුරේෂයා අව්වෙ දාඩිය නාගෙන මිදුල සුද්ධ කරනව....පෞ...

ලතා ඇන්ටීගෙන් උණුවතුර එක්ක ර්‍ර්දි කෑල්ලකුත් ඉල්ලගෙන මන් එද්දි අයියා කෝල් එකක....

" යස් අප්පච්චී ...... මට ශුවර් අප්පච්චී මේ කේස් එකේ පස් වෙනියා........ මූ කට හොල්ලයි කියන බයට මූව මරා දැම්මා...... !! වෙඩි වැදිලා අප්පච්චී ගානටම ඔළුවට උණ්ඩෙ ඒයිම් කරල තීන්නෙ...... ම්ම්..... ඕකෙ අප්පච්චී "

එන්න එන්නම වත්තෙ සිද්ධ වෙන්නෙ මහ පුදුම දේවල්.... ලොකු බේබිගෙන් පස්සෙ මරල දාපු පළවෙනි මනුස්සය උනාට තව මිනිස්සු තුන්දෙනෙක්ම අතුරුදහන් වෙලා ඉදියා...වත්ත කියන්නෙ දැන්  ජිීවත් වෙන්නත් බය හිතෙන තැනක්... මෙහෙම පැහැරගැනිලි වත්තෙ කුඩු රාජ් ඉද්දි වත් සිද්ධ උන්නෑනේ.... මේ සිද්ධ වෙන දේවල් එක්ක කුඩු හොදයි කියල මට හිතෙනව...උන්ගෙන් මෙහෙම වද නෑනේ ..... මොනාද මේ සිද්ධ වෙන්නෙ......

අයියා පෝන් එක කට් කරල මන් දිහා බලද්දි මන් අතින් කිව්වෙ එයාගෙ රූම් එකේ තිබ්බ පොඩි සෝපා එකෙන් හාන්සි වෙන්න කියල ....

"  ඔයාලගෙ අප්පච්චී ඇයි මේ ගැන හොයන්නෙ ?"

Conversation එකෙන් ඇහුන දේවල් එක්ක මන් ඇහුවෙ එයා උඩ ශර්ට් එක ගල්ලවල සෝපාවෙන් හාන්සි වෙද්දි...

"  එයා හොයන්නෑ.."

අයියා කිව්වෙ ගණනකට නැතුව....

" එහෙනම් ඔයා ඔය කිව්වෙ "

එයා මුකුත් නොකියා ඉද්දි මන් එයාගෙ යට බැනියම උඩට ඉස්සුවා...

" අම්මෝ අයියේ එතන තැලිලා අනේ.... දම්පාට වෙලා "

" හොද පාරක් වැදුනා බන් ඉතිං "

මන් උණු වතුර එකේ පොගවල ගත්ත රෙදි කඩින් එයාගෙ කොන්ද තැව්වා...තවල තවල පිහිදාලා බාම් එකත් ගෑවෙ එයා අමාරුවෙන් කොන්ද අල්ලන් නැගිටිද්දි...

" ඔයා ඕක ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව නම් හරි ... අද ගහේ වදින්න කලිනුත් ඔයාට ඕක තිබ්බනෙ..."

" පෙන්නුව පැටියො....මට scoliosis තයෙනව.. මගේ මේ spine එක ඇදයි...... "

" මොක.....ක් ?"

" හ්ම්ම්.... පුංචි කාලෙ ඉදන්ම ඒක තිබ්බා....ඉපදෙද්දිත් තිබිලා..අහු වෙලා නෑ පැටියො.... පස්සෙ තමයි ඒක අහු වෙලා තීන්නෙ අම්මලට... ඒ කාලෙ මන් නර්සරි වගේ....ඩොක්ටර්ස්ල හයර් කරහම  spine  එක ඇද වෙලා කියල තමයි කියන්නෙ.... "

" ඉතිං අයියේ බෙහෙත්  ගත්තෙ නැද්ද ?"

මන් ඇහුවෙ එයාගෙ පිට කොන්ද දිහා බලලා....එහෙම ඇදක් පෙන්නෙ නෑනේ...

" මන් බෙහෙත් ගත්තා ඒකට.....ස්කුල්ල් කාලෙ යකඩ වලින් හදපු  ජැකට් එකක් දාගෙන ඉදල ගානට හැදුවා ඒක... දැන් ඉතිං මේ එකතැන ඉදන් ඉන්නවයි අරවයි මෙවයි නිසා ඉදල හිටල එනව.... ඔය මගුල නිසා මට ආර්මි යන්නත් බැරි උනා.... "

එයා කොන්ද  අතගගාම ගිහින් සීට් එකෙන් ඉදගනිද්දි මන් එයා ළගට ලන් උනා....

" සොරි..අයියේ.... ඇත්තටම මන් හිතල ඔයාව හැප්පුවෙ නෑ...."

මන් වේදනාවෙන් කිව්වෙ එයාගෙ උරිස්සට අත තියල..

" ඉට්ස් ඕකෙ පැටියො.... මන් දන්නවනේ ම්ම්..... දදැන් හොද පැටියා වගේ අර කබඩ් එක අස් කරන්නකො...ම්ම් "

එයාව කොනීත්තගෙන ගිහින් මන් කබඩ් එකේ දොරවල්  ඇරියෙ ඒක පිළිවලක් කරන්න.... මෙයා සේරම වැඩ ටික කරවගන්නව.....!!!

ෆයිල්ස් සෙරම බිමට ඇදල දාලා දුවිල්ල පිහලා මන් කබඩ් එක අස් කර්‍රද්ද් අයියා මොනාහරි දෙයක් එක්ක බිසී වෙලාඉදියා....

ෆයිල්ස් සේරම ආයෙ කබඩ් එකට අඩුක් කරගෙන යද්දි  උඩම රාක්කෙට දාන්න ඉස්සුනා විතරයි  මගේ ටී ෂර්ට් එක්ක බොස් ගාලා උඩ පැන්නෙ මන් ශේපට අයියා දිහා බලද්දි....

එතකොටත් එයා බලන් ඉන්නෙ ශර්ට් එක යටින් පේන ඉන දිහා....වලත්තයා...

" මොනාද තමුසෙ බලන්නෙ..ඇස් ගලෝගන්න ආසද ?"

" තමුසෙ ඇහැටුල්ලෙක්ද..ඇස් ගලවන්නෙ ?""

අයියා කිව්වෙ නැගිටල මන් ළගට එන ගමන්...

" මන් කියන්නෑ ඉතිං "

එයා මගේ ළගටම එද්දි මන් අහක බලාගත්තෙ එන්නෙ නම් හොදකට නෙමෙයි නිසා.....

" අයියේ !!!.....ඉන්න දෙන්නකෝ "

එයා මගේ ළගටම එද්දි මන් කිව්වෙ බැගෑපත් හඩින්... ඇයියකෝ..හහ් !!

මන් එහෙම කිව්වම එයා මන් ළගට ඇවිත් යාන්තමට හිනාවෙලා මගේ  ටී ෂර්ට් එක පහලට ඇද්දෙ ඉන මිරිකලා දාන ගමන්...

" වලත්තයා..එහාට යනවා...."

නන් එයාගෙ  පපුවට අත තියල එයාව තල්ලු කරල දැම්මා..

" කොට මගුල් ඇදන් ඇවිත් වලත්තයලු.... "

" අනේ මේ මන් අදින්නෙ මටෝන විදියට.."

" ඕව ඉතිං වෑහෙන්න ඇදන් වරෙන්.... සුදට සුදේ දිලිසෙද්දි අල්ලන්න ආස හිතෙනවනේ...."

එයා කිව්වෙ තොලක් හපාගෙන ...

මන් එයාළගට ගිහින් ඇගිලිතුඩු වලින් ඉස්සිලා එයාගෙ නහයට තට්ටුවක්  දැම්මෙ සරාගී විදියට ඇස් අඩවන් කරගෙන....

" මේවත් සුදට සුදේ දිලිසෙද්දි අල්ලන්න ආස හිතෙනව තමයි ඉතිං ..."

අයියගෙ පස්සට තට්ටුවක් දාලා මන් කිව්වෙ තොලේ කොනක් හපාගෙන වෙනකොට එයා හිනාඋනා..එයා හිනාවෙද්දි හරි ලස්සනයි ..

" සෝ සොරි බේබි බෝයි... ඒක  ඔයාට අයිති නැහැනේ....බට් මේක නම් අයිති මට තමයි "

" අල්ලන්නෙපා මාව !! මන් තමුසෙව අම්මට කියනව...."

එයා මගේ පස්ස අල්ලන්න හදද්දි මන් කිව්වෙ එයාගෙ අත ගසල දාලා...

"හාකො හාකො...ඕක ඉක්මනට අස් කරනව.... කැරකි කැරකි  ඉන්නෙ සකබබරෙ වගේ...

මන් ආයෙ රාක්ක වලට පොත් අඩුක් කලේ එයා සීට් එකට යද්දි.....

.
.
.
.
.
.
.
.
🍁 බායි....

Continue Reading

You'll Also Like

4.4K 1K 16
වැටෙන්න වැටෙන්න... නැගිටින්න... ආයෙත් නොවැටි ඉන්න අත දෙන්න... මං ඉන්නව ඔබේ අසලම... ජීවිතේ සමහර දේවල් තියෙනවා දෛවයටත් පිටින් යන..අන්න එහෙමයි මං ආයෙත්...
14.5K 1K 9
အစိမ်းရောင် (.....) အောက်မှာ ကျရှုံးခြင်း Cover photo by Lwin Min Khant
8.4K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
182K 26.9K 62
අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈