ඒක දිග කතාවක්

By Osi_Yr_

95.7K 15K 2.2K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් More

01
02
03
04
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
72
73
74
75
76/2
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

05

1.5K 207 36
By Osi_Yr_

පොඩ්ඩක් ඉදපන් ආර්‍යන් .. දැන් උබ බේසික ඇදුරු තුමාට කිවේ කොහෙ ගියා කියලා ද

ඔහ් ශිට් !!

" නෑ සර් මන් කිව්වේ මේ යාලුවෙක් ගේ මගුල් ගෙයක් "

ස්මයිල් ඉන් පේන්

අන්ධකාරේ මන් 🎶

මන් , කිසි දෙයක් ගනන් ගන්නෙ නැතුව මෙච්චර  වෙලා කැහැලා මැරෙන්න හදලා දැන් වාහනෙ ඩ්‍රයිව් කරන සහෝදර බේසිකයා දිහාවටත් බැල්මක් දාලා කිව්වා.

පොඩි එකී සර් ගෙ ඔඩොක්කුවෙ නිදි. බේසික ඇදුරු තුමත් මොන මගුලෙ යනවද මන්දා මේ මහ රෑ අර පොඩි එකීවත් කර ගහ ගෙන . ගෑනිවත් තනි පංගලමෙ දාලා..

"උබලගෙ වයසෙ උන් දැන්ම බදිනවද බන් . අපේ ලොකූ වත් තාම බැදලා නෑ "

ඉතිං මට පාන් ද කියලා අහන්න හිතුනත් මන් කට වහන් හිටියා. 

" යාලුවෙක්ගෙ අයියා කෙනෙක් සර් "

කව්ද මේ කෝල් ගන්නෙ.

මෙච්චර වෙලාම මැසේජ් සීයක් විතර කොටල මගෙන් උත්තර නැති තැන චේතා කෝල් කරනවා..

" හෙලෝ"

" කොහෙද මිනිහෝ ඉන්නේ "
අම්මෝ කනත් එක්ක අගුල් වැටුනා..හෙහ් හේ අබේගුණවර්ධන සහෝදර බේසික යුවල පිටි පස්ස හැරුන විදියෙන් කියත හැකි ඒක එලියටත් ඇහුනා කියලා.

මන් ඒ දෙන්නා එක්කත් හිනා වෙලා . පෝන් එකේ වොලියුම් අඩු කරලා කනෙ තියා ගත්තා.

" එනගමන් "

" එනගමන් !!! එනගමන් , උබට මැසේජ් කීයක් දැම්මද ආ.. සීන් වෙනවා විතරයි රිප්ලයි නෑ.. මහා රෑ මිනිස්සුන්ගෙ ලේ පුච්චන්න එපා යකෝ...උබ ආයේ පලයන්කො බලන්න ඔය මගුලෙ රිංගන්න " අරූ නිකන් කියවනවා පිස්සට හැතැක්ම නෑ වගේ..

බලන්න ඒ ආදරේ ..මගේකා..

" හරි හරි අනේ කෑ ගහන්න එපා අනෙ . අප්පචිට ඇහෙයි " මන් නිකන් මෙතන අප්පච්චි ඉන්නවා වගේ සද්දෙ අඩු කරලා කතා කරේ.

" අප්පච්චි! උබලගෙ අප්පච්චි තමා ඔක්කොටම හපන් තෝව තවත් හුරතල් කර කර . වරෙන්කො ගෙදර අප්පච්චි ලා පුතාලා එක්ක මන් හෙට බලා ගන්නම් "

දැන්නම්  සොරි වෙරි වෙන ලයින් එකක් තියෙන්නෙ.

මම කාර් එකෙ ඉස්සරහා වීදුරුවෙන් බැලුවේ ඉන්නෙ කොහෙද කියලා.

" අහන්නකො බබා !! " මගෙ ඇස් වලට එකපාරටම අහු වුනේ පිටි පස්ස බලන කන්නාඩිඑන් මන් දිහා බලන් ඉන්න සහෝදර බේසිකයගෙ ඇස් .

මන් පට ගාලා අහක බලා ගත්තේ  දැක්කෙ නැති ගානට .

" මන් එන ගමන්නෙ ඉන්නෙ . ආවාම කතා කරමු තියන්නම් "

" හ්ම්ම් "

මන් ආයෙමත් ජනේලෙන් එලිය බලා ගත්තා.
" මොකද අම්මට හොරෙන්ද ගියේ "
බේසික ඇදුරු තුමාගෙ කට හඩට මාව ගැස්සුනා .

"ආහ්!!"

"අම්මට නොකියද වව්ලගෙ මගුල් ගෙදර ගියේ "

" අම්මා නෙවේ සර් කුඩම්මා "

"ම්ම් "

ඊට පස්සෙ සර් මොකුත් ඇහුවේ නෑ .  අන්තිමට දෙන්නා එක්කම මාව අපේ ගේ ගාවටම අරන් ආවා.

අත් දෙකත් බැදගෙන ඇස් දෙකත් හීනී කරගෙන තනිකට සුදුත් ඇදගෙන අඹ ගහේ අදුරු හෙවනැල්ලේ ඉදන් කාර් එක ඉස්සරහට ආපූ රූපේ නිසා මාව ගැස්සුනා. මාව විතරක් නෙවේ සහෝදර බේසිකයත් ගැස්සුනා කියන්නෙ හොදම එකෙන් ගැස්සිලා බ්‍රේකුත් පෑගුනා . එකපාර හැරිලා අබේගුනවර්දන සහෝදරයො මූණට මූණ බලා ගත්තා.

" මේ කව්ද " පලවෙනි පාරට බේසික සහෝ කතා කරා.

" ඒ තමයි දැන් ටිකකට කලින් කතා කරපු මගෙ කුඩම්මා සර් "

.
.
.
.
.

අම්මෝහ් ...මට ඇස් ඇරගෙන ඉන්න බෑ නිදිමතයි. නිකන් මත් වෙලා වගේ ..ඉරටු කෑලි දෙකක් වත් ගහ ගන්න වෙනවා . ඇස් පිහාටු එකට ඇලෙන එක නවත්තන්න. ඒ අස්සේ දිවත් මොනාද වෙලා.

අරූ මාරයා වගේ ඉස්සරහට වෙලා cctv ඔන් කරගෙන ඉන්නවා අත් දෙකත් බැදගෙන . මම පේපර එක දිහා බලාගෙන නිදි කිරනවා  .

අද අපිට අකව්න්ටින් ක්ලාස් . සනීපයි ඉතින් ඊයේ රෑ පුරාවටම මැරිල මැරිලා ගෙදර ඇවිල්ලත් ඇහැ පියව ගන්න බැරි උනා . ක්ලාස් එකට ඇවිල්ලත් ආත බූත වෙලා ඉන්නකොට බේසික ඇදුරු තුමා කඩා පාත් උනා..ඊට පස්සෙ කියපි .. 'ලැමැයි අද ඉජලා ඔයාලට ක්ලාස් කරම්ඣෙ මම ඣෙවෙ මගෙ ඇයියා..යැයි යැයි තමා ..' අනේ ඉතිම් ඊට පස්සෙ දෙයියනේ කියලා සහෝදර බේසිකයා වැඩිය ගමන් දුන්නෙ නැතෑ පේපර් එකක් . හක්ක පනින විදියෙ . වෙන වෙලාවක නම් අරූගෙන් කොප්පක් වත් ගහන්න තිබ්බා . කොහෙද ඉතින් සහෝදර බේසිකයා පන්තිය් පුරා ඇස් කරකන විදියට ඔලුව වත් උස්සන්න පුලුවනෑ !!

පොඩ්ඩක් ඉන්න අරූ බේසික ඇදුරු තුමා නම් සහෝදර බේසිකයා උන්දැගෙ අයියා නම් වෙන්න ඕනේ ඩබල් බේසික ඇදුරු තුමා නෙවේද.

ල්

බේ

සි

" කුණු හර්ප ලියන්න නෙවේ පේපර් එක දුන්නේ "

පේපර් එක එක පාර ඇදිලා ගියා.

එහා පැත්ත මෙහා පැත්ත පෙරලලා බලලා . අයෙත් මේසේ උඩින් පේපර් එක තියලා තවත් ලමෙක් ගාවට ඇවිදගෙන ගියපු ඇදුරු තුමා දිහා බලලා ආයෙම මන් පේපර් එකට ඔලුව ඔබා ගත්තා.

"මොකද්ද බන් ඒ ගද ගහන පේපරේ "

මන් නලලත් පොඩි කර කර අරූගෙ කරට අත දාගෙන ඇහුවා.

" ගදයි තමයි තෝ පාඩම් නොකරන කොට "

"අනෙ නිකම් පලයම් යන්ඩ බේසිකයා "

ටඃ ගාලා ඔලුවට එකක් දීලා ඇරපු මම ඌවත් දාලා බස් හෝල්ට් එකට දිව්වා. නැත්තන් ඔය බේසිකයා මගෙ අත අඹරනවා.

එතකොටම වගෙ ආපු ලංගමේ හෝල්ට් එකේ හිටපු උන් ටික එල්ලුනාම ඉතුරු උනේ කපල් දෙක තුනක් විතරයි  . අනේ ඉතින් වයසටද මුන් . ඉගෙන ගන්න කාලේ මගුල් නටලා අන්තිමට ලව් එකත් නෑ එක්සැම් එකත් නෑ . දෙන්ඩ හිතයි අපේ පගයටත් දෙකක් ඇයි යකො. මම කියලත් ඉතින් ලව් නොකරට එක්සෑම් එකත් හරියට කරන් නෑ තමයි . ඒ වුනාට මගෙ එකාට එහෙම ඕන්නෑනේ.

විනාඩි දහයකට විතර පස්සෙ මන් දැක්කෙ හිමින් හිමින් සාක්කු දෙකටත් අත් දෙක දාගෙන හෝල්ට් එකට ඇවිදගෙන එන මගෙ පගයව . පව් ඌ මොකුත් නොවුන ගානට සාමාන්‍ය විදියට හිටියට උගෙ හිත තාමත් අඩනවා ඇති.

" මේ බල්ලො ගමනක් යමු ද "

මන් ආයෙම ලගට ගිහින් කරට අත දා ගත්තා.

" කොහෙ "

" යමන් කො පැහෙන්නෙ නැතුව "

මන් මගෙකාවත් ඇදගෙන ගෑටුවෙ මාලිගාවට.නුවර ජිවත් උනාට මන් මේ මාලිගාවට ඇවිත් තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් . ඒකත් එක්කො චේතනගෙ උවමනාවට නැත්තන් අප්පච්චි ගෙ වුවමනාවට .

මට මෙතනට එන්න හේතුවක් තිබ්බෙ නෑ . ඉතිං මන් ආවෙ නෑ . හැබැයි චේතට හිත නිදහස් කර ගන්න ඕන උනම එන්නෙ මෙතන්ට . ඇවිත් මලක් පූජා කරලා ඊට පස්සෙ  වැව දිහා බලා ගෙන ඉන්නවා.

" මේක ගනින් "

මන් උගෙ අතට දුන්නෙ නිල්මානෙල් වට්ටියක් . ඌට යන්න ඇරලා මන් ඌව පෙනෙන නොපෙනෙන ගානට පස්සෙන් ගියා. මේ වෙලාවෙ ඌට ඕනේ ටිකක් තනියම ඉන්න . නැත්තන් ඌ මාව හොයනවා. අද ඌ මන් එනවද කියලවත් නොබලම යනවා . ඉතින්  මාත් ඌට කරදරයක් නොවෙන්න පස්සෙන් හිටියෙ ඒකයි .

ඇගට ටිකක් තෙහෙට්ටුයි වගේ වමනෙ යන්නත් එනවා . ඒත් අරූ ආවට පස්සෙ ක්ලබ් එකට ගිහින් කියලම යනවා එක්සෑම් ඉවර වෙනකන් එන්නෙ නෑ කියලා . අව්ලක් වෙන එකක් නෑ කොහොමත් කලින්  ඉදන්ම කිය කියා නෙ ඉදියෙ එක්සෑම් ලං වෙනකොට නවතිනවා කියලා.

පැයක් විතර අපි මාලිගාවෙ හිටියා.  චේත් මල් පූජා කරලා ඉදගෙන වැදගෙන හිටිය. ඒත් මන් කරෙ ඉදගෙන ඔහෙ බලාගෙන හිටපු එක   , වෙලාවකට චේත් දිහත් වෙලාවකට කොහෙද බලාගෙන ඉන්නෙ කියලා නොදැනත් මන් බලන් හිටියා.

අන්තිමට චේත් ට යන්න ඇරපු මම කලින් වගේම ඌට අඩි දහයක් පිටිපස්සෙන් ආවා. ගේට්ටුවෙනුත් මෙපිටට ආපු මම ආයෙමත් හැරිලා දලදාව දිහා බැලුවා .

" අනේ දලදා සමිදුනේ !! මගේකාට නැති උන සැනසීම ඌට ආපහු හොයලා දෙන්න "

ජිවිතේ පළවෙනි වතාවට අතේ ඇගිලි ගානටත් අඩුවෙන් දලදා භූමියට පය ගහපු මම අනිත්‍ය බව කියලා දීපු , අත් හැරීම උගන්වපු දළදා හාමුදුරුවෝන්ගෙන් දෙයක් ඉල්ලුවා . ඒකත් ගේට්ටුවෙනුත් මෙපිට ඉදගෙන . තවත් මොහොතක් බලාගෙන ඉදලා මන් ආයෙම එන්න හැරුනා.

"යමුද " වැව රවුමෙ කීප පාරක්ම එහාට මෙහාට ඇවිදපු චේත් අන්තිමට මා ගාවට ආවා .

දවල්ටත් කාලා නැති අපි දෙන්නා මයිලෝ දෙකක් කටේ ගහගෙන බස් එකක එල්ලුනේ ක්ලබ් එකට යන්න .

අම්මෙහ් !! ගෙදර ගිය ගමන් නිදා ගන්න ඕනේ..

" සුද්දෝහ් !! සුද්දෝහ් !! "
මේ පොඩි පගයා මොන මගුලෙ යනවද මන්දා දොරත් ඇරලා දාලා. හයත් පහු වෙලා . ලයිට් එකක් දාලාත් නෑ.

" සුද්දෝහ් !!"

" මොකද බන් කෑ ගහන්නෙ "

" පොඩි පගයා නෑ බන් දොරත් හායි ගාලා ඇරලා දාලා . මොන ලෝකේ අන්තරස් දාන් වෙලාද මන්දා "

" ඌ ඇති බන් වෙලහකට අර පගර නැට්ටත් එක්ක ගස් බඩ ගාලා "

යකෝ ගස් බඩ ගාන්ඩත් මුන්ට වෙලාවක් කලාවක් නැද්ද  .

" සුද්දෝහ් ! " මන් කෑ ගගහම ආයෙත් මිදුලට බැස්සා.

"මොකද වදේ කෑ ගහන්නෙ "

ඔය එන්නෙ දුවගෙන කොහෙදෝ ඉදලා .

" කෑ ගහන්නෙ කියන්නෙ . උබ කොහෙද මේ දොරවලුත් ඇරලා දාලා ගියේ.."

" ආව් ආව්... අයියේ කන කන අනේ... "

ආපු ගමන් අල්ල ගත්තෙ කනෙන් . ඇයි යකො මොකෙක් හරි මේ ගෙට රිංග ගත්තත් ඔච්චරනෙ .

" කන නෙවේ . උබ දැන් දැන් රෝන්දෙ ගහනවා වැඩී සුද්දෝ හොදෙ . ඉදපන්කො අප්පච්චි ට කියන්න "

"අප්පච්චි මට බයින් නෑ " මට ත් ඇද කරලා
අප්පච්චි මට බයින් ඣැ ගාපු පොඩි පගයට අත දිග ඇරලා දුන්නා ඩෑස් එකක් පිට පැලෙන්ඩ .

ඇයි යකො මූත් දැන් ගානට නෙවේ.

" ඉදපන්කො හෙට ඉදන් මන් ගෙදරනෙ . "

" යමන් ගිහින් ඇග හෝදපන් "

හේම මෙනාර සූරියආරච්චි පොඩි පගයට තාම අවුරුදු දොලහයි ඒ උනාට කට නම් තියෙනවා වට්ටි අම්මා වගෙ . ආ නෑනේ වට්ටි තාත්තෙක් වගෙ . පවුලෙ බාලයො ඔහොම්මයි. ඒකට මම කොච්චර හොදට හැදුන ලමෙක් ද ගමේ හැමෝම එයාලගෙ ලමයින්ට කියන්නෙ ' සූරියආරච්චි  ගෙ ලොකු කොලුවා වගේ හැදියන් ' කියලා .

නාලා කරලා මන් මිදුලෙ  ගහක් යට තිබුන ලෑලි බංකුවට ආවා. ගහ පොල් ගහක් . යසට හිටී පොල් ගස් යට බන්කු හදලා .ඇත්තම කතාව නම් ගහේ නම මන් දන්නෙ නෑ.

හතත් පහු වෙලා අප්පච්චි කොහේ ගිහින්ද මන්දා.

මන් ඉදගෙන එහා කන්ද දිහා බලන් උන්නා. මතක ඇති කාලෙක ඉදන් මගෙ පුරුද්දක් මෙතනට වෙලා ඉදගෙන ඈතින් පේන ඒ කන්ද දිහා බලන් කල්පනා කරන එක .

' මට අර එහා කන්දට යන්න ඕනේ ' හැමදාම වගේ එකම සිතුවිල්ල .

තැනින් තැන ලයිට් එලියක් දෙකක් පත්තු උන කන්දක් මන් ඉන්නෙත් කන්දක් උඩ උනත් මට හැමදමත් ඕන උනේ ඈතින් තිබුන එහා කන්දට යන්න . මනුස්ස ගතිය කොච්චර වුණත් හිත යන්නෙම ලබා ගන්න බැරි දේවල් පස්සෙ  , නැත්තන් තමන්ට දුර දේවල් පස්සෙ... මනුස්සයෙක් කියන්නෙම ලග තියෙන දෙයින් සෑහීමකට පත්වෙන්න බැරි කෙනෙක් .

" මොකද කොලුවෝ අදුර වැටුන වෙලේ එලි බැහැලා "

කිරි අප්පට බ්‍රිජට් නැන්දා ඕන්නැති මගුලක් නෑ නිදහසෙ කල්පනා කරන්නවත් නෑ මේ ගෑනි එක්ක නම්

" බ්‍රිජට් නැන්දා කොහෙ යන ගමන්ද මේ කරුවලෙ "

" මන් මේ නිලංගලාගෙ කඩේ ගාවට පොඩ්ඩක් ගියා බන් . උබව දැකලා මෙහෙට ගොඩ උනේ "

" ආ එහෙමද මාත් මේ ගෙට යන්න කියලා හැදුවේ. එහෙනම් නැන්දා පරිස්සමට යන්නකො "

මන් එයා මොකුත් කියන්නත් කලින් නැගිටලා ගෙට ආවා.

හැම ගමකම ඉන්නවනෙ ඕප දූප මායියෙක් අපෙ ගමෙ එයා තමා මෙයා.. ඕප දූප වගේම තමා මලක් ලස්සනයි කිව්වොත් මල පර වෙන සීන් එකක් ලු තියෙන්නෙ . අනෙ මන් නම් දන්නෙ නෑ ඔය මගුල් .

" මලකට මැස්ස මං රොන් බිබි තිස්සෙම
ඉද්දි මග හැරි ගිය වස්සානේ .."

" කලකට ඉස්සර දෙවගන වෙනස් වෙලා
මං ලගට බැස්සා මේ යක්ශනි"

"කුනු ගොඩෙ මැස්සා මන්
තේරුම් ගත්තෙ පස්සෙ මන්
ඒත් මම පණ පිටින් සදමාලී...ආව් "

" ආව් ? මොනාද උබ ඔය කියවන්නෙ ආ...ඉස්කෝලෙ උගන්නෙ ඔව්වද උබට ..."

මන් ගෙට යනකොට ඇම්බැට්ටයා කැපිච්ච පනුවා වගෙ නලිය නලිය සිංදු කියනවා. යකො වයසට ගැලපෙන සිංදු නෙමෙ. ස්කෝල වල ගිහින් මොනා ඉගෙන ගෙන එනවද මන්දා .

" ඉස්කෝලෙ නෙමේ අනෙ"

" එහෙනම් .. වෙලහකට උබෙ අර අනිත් ඇම්ඩා  වෙන්න ඇති යමන් කො බලන්න ආයෙ ඌ එක්ක සෙල්ලමට "

නැහැදිච්ච උන් එක්ක කල්ලි ගැහෙන්න දීලා මූව හදා ගන්නත් නෑ ඇයි යකො හෙට ගිහින් කියන්න ඕනේ සෙසිත් අයියට උන්ගෙ ලමයව හදා ගන්න කියලා.

" ඔයානෙ හැම තිස්සෙම ඕක අහන්නෙ "

"කැ..හ්හ් කැ..හ් මොකක් ! "

" හහ් හහ් හා ...අම්මො අම්මෝ කක්කුට්ටා ඇදෙට ගිහින් පැටියට ඇදෙ යන්න උගන්නපු එකාව හොයනවා "

පැත්තක හිටපු චේත් කෑ ගහලා හිනා වුණා...යෝ මේ පොඩි එකා මාව ම කන්ඩ ආපු එකෙක් .

" යමන් ගිහින් පාඩම් කරපන් . ගුටි නොකා "


කෝමත ලමයිනේ....

අහන්නකො ..මන් යිබො වයි ශාන් වයි කවර් එකට දැම්මා...හරිද...හැබැයි මන් කතාවෙදි කියන්නෙ නෑ මේ චරිතෙ ශාන් මේ චරිතෙ යිබෝ කියලා..මොකද මට හිතෙන හැටියට කතාව පටන් ගන්නත් කලින්ම ලාවට වගේ ස්පොයිල් වෙනවා...ඒකයි තරහා වෙන්න එපා හාද දරුවනේ...🥺

මලකට මැස්සා මන් 🎶🎶

එහෙනම් කෙල්ලනෙ කොල්ලනෙ ඊලග චැපියෙන් සෙට් වෙමූ....

🖤🖤

Continue Reading

You'll Also Like

83.3K 2.4K 20
ရင်ခုန်ရင် ဒါအချစ်ပဲတဲ့
32.3K 4.3K 69
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
1.1M 54.7K 74
ငယ်ငယ်တည်းကမတော်တဆမူတခုကြောင့်ကွဲကွာခဲ့ရတဲ့ အမြွှာညီအကိုနှစ်ယောက်ပြန်တွေ့ချိန်မှာကြေကွဲစရာအဖြစ် အပျက်တွေနဲ့အကိုဖြစ်သူရဲ့ကလဲ့စားချေမူတွေကိုရေးသား ထားပ...