11

1K 186 11
                                    

" එහෙම කොහොමද නොකා බෙහෙත් බොන්නේ...එක්කො මයිලො එකක් වත් ගේන්නද "

" එපා බන් "

"එක්කො ගෙදර යමුද බන් "

" පිස්සු නොකර ඉදින් ...මට අව්ලක් නෑ.." ටිකක් අමාරු උනත් මන් කිව්වෙ දැන් ගියොත් මට වඩා චේතනට පාඩු වෙන නිසා..

තවත් ටික වෙලාවක් ඉදලා චේතා එලියට ගියෙ මන් ඩෙස්කෙ ඔලුව ගහගන්නකොට..

" කෝ නැගිටහන්...නිදිද "

මන් නින්දත් නොනින්දත් අතර උන්නෙ ...

" වෙලාව කීයද බන් "

" එකොලහයි හතලිස් හතයි.."

"........"

" කො මේක බීපන්...බෙහෙත් බොන්නත් එපැයි
...."

චේතා කැපචිනො කප් එකක් දික් කරලා කිව්වා..සුවදයි...මන් කප් එකෙ පියන ඇරලා ඉව කරලා බැලුවා...වෙනදා වගේ නම් මන් උඩ පැනගෙන බොයි ..ඒත් අද මට පිරියක් තිබ්බෙ නෑ...

" අද කලින් පටන් ගන්නද යන්නෙ..තව විනාඩි දහයක් ම තියෙනවනෙ "

චේතා ඉස්සරා බලාගෙන කියන කොට මන් බැලුවෙ ඉස්සරහා.... ඩබේ ඇදුරු තුමා පන්තියට ඇවිත් ...ඒත් පන්තියටම ඉන්නෙ අපි දෙන්නයි තව දෙතුන් දෙනෙකුයි විතරයි ...

"සර් ඇයි බන් මේ පැත්තට එන්නෙ " අපේ හරියටම උන්නෙ අපි දෙන්නා විතරක් නිසා සර් කවරෙකුත් උස්සන් මේ පැත්තට එනවා පෙනුන නිසා මන් ඇහුවා..

" මන් දන්නෙ කොහොමද බන් "

සමහර පිටි පස්සෙ මොකක් හරි ස්විච් එකක් ඕෆ් කරන්න එනවා ඇති...

" දැන් කොහොමද "

අපි ළග නතරවෙච්ච ඩබේ මන් දිහා බලලා ඇහුවා...මෙයා මොනාද මේ අහන්නෙ ...

"ඈ!!"

" දැන් අසනීපෙ හොදද කියලා ඇහුවේ "

" ආ !! ඕ !! "මාව නිකන් ආත බූත උනා මේ යකා කොහොමද මට සනීප නෑ කියලා දන්නෙ..

මන් පුදුමෙන් උත්තර දුන්නෙ චේතා දිහත් බලලා..

" කෑවද " මගෙ නලලලටත් අත තියලා ටි ශර්ට් එකේ කරෙන් ඇතුලට අතත් දාලා රස්නෙ බලනකොට නම් මාව ගැස්සිලා ගියා...

ඒක දිග කතාවක් Where stories live. Discover now