85 last chapter 1

1.4K 157 72
                                    

අපි උන්නෙ හොටෙල් රූම් එකක . ශේශානුයි මමයි එකතු වෙලා හදපු හොටෙල් එකේ නිවාඩුවකට ඇවිල්ලා .දැන් පාන්දර තුනටත් කිට්ටුයි අපි දෙන්නා බැලකනි එකේ පුරුදු විදිහට වයින් එකක් රස බලනවා . බැන්දා කියලා ලමයි හැදුවා කියලා කවදාවත් ඒ පුරුද්ද වෙනස් උනේ නෑ සතියකට දවසක් මොනාම හරි බීමක් එක්ක මහපාන්දර වෙනකන් කතා කර කර ඉන්න එක . අද වෙනකන් ඒ විදිහටම සිද්ද උනා .

පුරුදු විදිහටම අද රාත්‍රියේ මතක සටහනක් මන් මගේ ig එකෙ පරිස්සමට අරන් තිබ්බා .

ඊට පස්සෙ එයාගෙ අතේ තිබුණ වයින් ග්ලාස් එක අරගෙන කටතලා තොල් අතර තියා ගත්තා . මන් දිහා බලන් උන්න මන්ධීර් මගේ තොල් ඉඩ ඉතුරු උන වයින් බිංදු ටික එයාගෙ දිවට ගත්තේ මගෙ ඉණවටේ අත දාගෙන එයාගෙ ඇගට තෙරප ගන්න ගමන් .

" තමුසෙ එන්න එන්න ලස්සන වෙනවනෙ ඕයි " මන් දිහා බලන් කියනකොට මන් හිනා උනා ..

"ඒකට තමා මහත්තයෝ පින කියන්නෙ "

"ඇත්තට .. ඒ උනාට එහෙම ලස්සන වෙන්නෙ .. මහත්තයා මහන්සි නැතුව සලකන නිසා කියලා රන්ට හිතෙන්නෙ නැද්ද "

මහ වල් හිනාවකුත් දාලා මගෙ කම්මුලක් හපන ගමන් මන්ධීර් කිව්වා .

" ඔව් ඔව් ඒ සැලකිල්ල හින්දා මොනා නැතත් මගෙ බැකිය නම් ලස්සන වුණා "

"කෝ බලන්න "

කියලා මේ මනුස්සයා මගේ පස්ස මිරිකනකොට මන් දැගලු ..

"ටික වෙලාවකට වත් පාඩුවේ ඉන්නවකෝ "

"බෑ උබ ලග ඉද්දි මට පාඩුවෙ ඉන්න බෑ .. ගෙදරදිත් ලමයි හින්දා මන් පාඩුවේ ඉන්නේ .. අනික ඉස්සර ඉදන්ම කියනවා උබට මන් ලග ඉන්නකොට මේ මගුල් ඇදගෙන එන්න එපා කියලා .. " එයා මගේ ටී ශර්ට් එකෙන් අදින ගමන් කටත් ඇද කරගෙන පොඩි එකෙක් වගේ නොහොක්කාඩු කිව්වා .

"එහෙනම් මන් කොහොමද ඉන්න ඕනේ ම්ම් .. "

මන් එයාගෙ කරේ එල්ලිලා එක අතකින් දැනෙන නොදැනෙන ගානට එයාගෙ ඇහිබැම දිගේ ඇගිල්ල ගෙනිච්චේ ඒ ඇස් දිහාම බලාගෙන ..

හැම දාම එහෙමයි මගේ හඩ බාල වෙන්න බාල වෙන්න මන් කොදුරන්න කොදුරන්න වෙන්නෙ එයා හුස්ම ගන්න වේගෙ වැඩි වෙන එක . එයාගෙ කටහඩ එන්න එන්න ගැඹුරු වෙන එක .

ඒක දිග කතාවක් Where stories live. Discover now