84/ 2

860 118 22
                                    


කලින් පබ්ලිශ් කරපු එකේ බාගෙනෙ ලමයි පේන්නේ .. මේකේ යට මගේ නෝට් එක පේනවද කියලා කියන්නකො කවුරු හරි

"අච්චො අච්චො .. මගේ චූචි සූගුව තනියම තියලා අප්පච්චි දෝගෙනද ..."

ඔෆිස් එකෙන් එනකොට අද පරක්කු උනා ආව ගමන්  මම කාමරේට ආවේ වොශ් එකක් දාගෙනම මොකද එකක් මන් කාමරේට ආවොත් හඩුපිටින් මේ දොඩම් ඇටේ මගේ ඇගේ එල්ලෙනවා අනික මටත් උන්දැව අතට ගත්තට පස්සෙ ආයේ පැය ගානකට බිම තියන්න හිතන්නෙ නෑ .

මන් එනකොට මගෙ මිනිහා පොඩි දොඩමව පපුව උඩ තියාගෙන නිදි  . මේ බඩ්ඩ අප්පච්චි නහයත් එක්ක ලොකු ගනුදෙනුවක් .නහය අදිනවයි .හපනවයි මිරිකනවයි . හයියො හයියො ..

"කෝ කෝ එන්න මෙහෙට .. අම්මි ගාවට "

විහිලුවක් වගේද පිරිමියෙක්ට අම්මා කියනඑකන් . මේ ලෝකේ කොච්චර නම් පිරිමි ඉන්නවද අම්මා කියන නම නැතුවම අම්මගෙ භූමිකාව හරි ලස්සනට රග දක්වපු . මගෙ අප්පච්චි ත් එහෙම කෙනෙක් . කවදාවත් අප්පච්චි ට අපි අම්මා කියලා කතා නොකරට අප්පච්චි කරේ හැමදාමත් අම්මගෙයි අප්පච්චි ගෙ චරිත මාරුවෙන් මාරුවට පණ පොවපු එක .

"ම්ම්..රන් "

මන් සුගූ ව ගන්න හැදුවත් පොඩි දොඩමගෙ පස්සට අත තියලා එයාගෙ පපුවට තද කර ගන මගේ අතිනුත් ඇදලා මාවත් එයාගෙ අස්සට ගත්තා .

"ඔයා ඇහැරලද හිටියේ    "  මන් මන්ධීර්ගෙ අහුවෙච්ච තැනකට හාද්දක් තියලා ඇහුවා . අහුවුණේ ඉතින් උරහිස   .

" ම්ම් .. ඔයාගාව සීතලයි රන් .. නෑවද .. "

මගෙ පැත්තට බෙල්ල හරවලා මගේ තොල් වලට බර වෙන ගමන් එයා ඇහුවත් මට උත්තර දෙන්න බැරි උනේ එයා මගේ තොල් අල්ලගෙන හිටපු නිසා .

ආ... මේ මොකද මේ... අපි දෙන්නා කිස් කරන අස්සෙ දොඩම් බිබික්කම බක බක ගාලා හිනා වෙනවා . මායි අයියයි ඈත් වෙලා කැකිරි පලන බිබික්කම දිහත් බලලා මූණට මූණ බලා ගත්තා.

"මෙයා මොකද මේ..ආ...දොඩම් බිබික්කම ආතල්ද ඈ.."

මන් හිනාවෙන බට්ටටත් හාදුවක් තියලා චුට්ටක් හුරතල් කරා .

ඒක දිග කතාවක් Where stories live. Discover now