68

778 145 64
                                    

ශේශාන් ගේ ඔෆිස් එකෙන් එලියට ආපු මම driver ගෙන් යතුරත් අරගෙන වාහනේ නැගලා ඔහේ ඔලුව හැරුන අතේ ගියා .

අනේ මගෙ අප්පච්චි !!

ඔයාවත් ගහපු නැති කම්මුලට ඌ ගැහුවා අප්පච්චි  !!

සිමෙන්ති වලින් හදපු අප්පච්චිගෙ යි කියලා ලියවුණ වල ඉස්සරහා පිට බාගයක් ඉවර කරපු බෝතලෙත් තියල මන් දණ ගහ ගත්තා .

කලුටයි එක භාගෙට ගලවගෙන , සුදු ශර්ට් එකෙ උඩ බොත්තන් දෙක තුන ඇරගෙන අවුල් වෙච්ච කොන්ඩේ වගේම තොල අගින් ගාලාගෙන ගියපු ලේ බිංදු කීපය පිහින්න වත් කරදර නොවුන මම  රතු වෙච්ච කම්මුලක් වගේම  හිස් කරපු බෝතල් බාගෙට වගේම වේදනාව නිසා රතු කරගෙන කදුලු පුරව ගත්ත ඇස් එක්කලා අප්පච්චි ඉස්සරහා බිම වැටිලා හිටියා .

ඒක එකම එක කම්මුල් පාරක් නෙවේ අප්පච්චි !!

කම්මුලට්ට රිදුන නන් නොසලකා ඉන්න තිබුනා   ..

ඒත් ඌ රිද්දුවෙ මගෙ හදවත අප්පච්චි !! හික්..

අනෙ මාව බදා ගන්නකො අප්පච්චො !!

මට හරි වේදනයි !!හික්

ම්..මට.. කවුරුත්.හ් නෑහ්..අප්පච්චිහ්  ..මන් තනි වෙලා..හ් ..

කවුරුත්ම..නෑහ් මට ..

අන්තිමේදි මන් අප්පච්චි ලග කදුලු නිදහස් කෙරුවා ..අඩලා අඩලා ඒ මදිවට බීලා හෙම්බත් වෙලා කලුවර වැටුනටත් පස්සෙ මන් ගෙදර ආවා..

කඩපු දෙවෙනි බෝතලෙත් යන්තමට අඩියෙ ටිකක් ඉතුරු වෙලා තියෙනකොට මන් ඒකත් එල්ලගෙනම වැනි වැනි පඩිපෙල නැගල කාමරේට ගිහින් දොර වහලා දැම්මා ..

'සලාං!!' ඇහැ ගැටුන පලවෙනි දේ වෙච්ච seashells පුරවපු වීදුරු බෝතලෙ දොරේ වැදිලා මහ සද්දෙන්  කුඩු වෙලා ගියා වගේම වීදුරු කටු සිප්පි කට්ටු හැම තැනකම විසිරිලා ගියා .

බිස්නස් වැඩ වලට වෙරළ බඩට ගිය හැම වතාවකම , මුහුද අද්දරට ගිය හැම වතාවකම එකෙන් එක අරන් ආවේ මන් ලග හිටියා නම් කියලා හිතුන මනුස්සයට දෙන්න . ඇතුල් පැත්තෙ චූටියට කලු පාටි න් දිනේ ලියලා ලස්සන වීදුරු බෝතලේකට දාලා පරිස්සමට තිබ්බ මම ම අද එච්චර ආසාවෙන් ආදරෙන් පරිස්සම් කරපු ජාර් එක පිටින් මගේ වේදනාව කේන්තිය දුක පිට කරලා දැම්මා .

ඒක දිග කතාවක් Where stories live. Discover now