"දැන් එයාට කොහොමද " මිස්ට දිසා ගෙන් ඇහුවේ තාමත් ඇදේ ඇස් පියාගෙන ඉන්න මාමා දිහා බලලා.
"සිහිය නම් ආවා චූටි සර් . දැන් නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ "
"හරි මිස්ටර් දිසා නායක ඔයා දැන් යන්න . තෑන්ක්ස් උදව් කරාට " දොලහා පහු වෙනකනුත් මෙතනට වෙලා නිදි මරාගෙන මහන්සි ඇති කියලා හිතලා මන් කිව්වා .
"ඕක මොකද්ද චූටි සර් . චූටි සර් දන්නෙ නැති උනාට පොඩි සර් පොඩි කාලේ ඉදලා ගොඩක් වෙලාවට හිටියේ මන් එක්ක "
අසරණ විදිහේ හිනාවක් දාලා මිස්ට දිසා කියනකොට මට පව් කියලා හිතුනා . මේ මනුස්සයගෙ මුලු ජීවිත කාලේම ගෙවිලා
තියෙන්නෙ සේනානායකට . ඇත්තම කතාව නම් මේ අයියා මලෝ දෙන්නා තමයිලු සේනානායක ඒ කියන්නෙ අපේ ලොකු තැනගෙ හොදම යාලුවෝ දෙන්නා වෙලා තියෙන්නෙ .
මිස්ට දිසා ගියාට පස්සෙ මන් හෙව්වෙ මගෙ මිනිහව කෝ යකෝ මේකා බඹරා බඹරා කිව්වට අන්තිමේදි ඇත්තටම පියාබලා ගිහින් ද දන්නෙත් නෑ .
"කොහෙද ඉන්නෙ "
"එන ගමන් "
"හා 43 හරිද "
වාහනෙන් බහින්න හදනකොටම එයාගෙ නල්ල මලේ මල්ලි කෝල් කරපු නිසා එයා ඒකට කතා කරලා එන්නම් කියලා නැවතුන නිසා මන් තනියමයි රූම් එකට ආවේ . ඇයි ඉතින් තවත් අර මනුස්සයව රස්තියාදු කරන්න පුලුවන් යෑ ..
" නිදි නේද " ඇතුලට ආපු ඩබෙත් මාමා දිහාවට බැල්මක් දාලා මගෙන් ඇහුවා .
"ඔව් ඔව් නිදි තමයි පේන්නෙ නැද්ද "
වෙලාවකට මගේ කඩප්පුලි කටටත් බ්‍රේක් නෑ නේ ඉතින් ."පණ්ඩිතයා " මටත් රවලා කුටු කුටු ගාගෙන ගිහින් සෝෆා එකේ ඉද ගත්තා..
ඇත්තම කිව්වොත් එයා මේ වගේ වෙලාවට රවනකොට දෙක වසරේ පොඩි එකෙක් වගේ පේන්නෙ . දෙයියනේහ් මට ලෙඩක් වත් හැදීගෙන එනවද මන්දා .
"එනවා ටිකක් නිදා ගන්න මහන්සී " එයා සෝෆ එකේ දිගාඇදිලා මටත් කතා කරා .
" මන් කිව්වනේ ඔයා එන්නෝනෙ නෑ කියලා "
"නාවනම් උබ වෙනුවට කොට්ටයක් තුරුල් කරන්නෙ නිදා ගන්න වෙන්නෙ "