16

980 192 30
                                    

මන් මූණ හෝදගෙන කලින් හිටපු තැනටම යනකොට එතන චේතා විතරක් නෙවේ තව දෙන්නෙක් ඉදගෙන හිටියා....

" අහ් මේ ඉන්නෙ birthday boy " මාව දැකපු ශෙනාල් සර් කිව්වා..මුන් දෙන්නා මොකදමෙහෙ කරන්නේ...

මොකුත් කියන්න බැරි කමට මම හිනා උනා..
ශෙනාල් ඉදන් හිටියෙ චේතන ලග නිසා මන් ශේශාන් සර් ලග ඉද ගත්තා...

" මොකද බන් ...මූණ කලු කරගෙන ..."
ශෙනාල් සර් මගෙන් ඇහුවා...

"මොකුත් නෑ සර් ..."

" ඔය මන් රට යනවා කියලා සර්..."

චේතන හිමීට කිව්වා..මන් අත ගුලි කර ගත්තා...

" ගිහින් ඉක්මනට එනවනෙ  ... ඉතින් ඕක ඔච්චර හිතන්න එපා "

ශෙනාල් සර් කියනවා...

මන් සර් දිහා බැලලා කට කොනින් හිනා වුණා ...

" යන්නේ ආයෙ එන්න නෙවේ ලු නෙ "

ඒ පාර නම් කලු උනෙ ශෙනාල් සර් ගෙ මූණ..

"මොකද්ද " පොර කලබල වුණා..

" ළමයො එතකොට එක්සෑම් " මූඉතින් අපේ ගුරානෙ...ඌට ඔක්කොටම වඩා ලොකු එක්සෑම් තමා...

" මෙයා ගෙන් ම අහන්න සර් " මන් චේතනව පෙන්නලා කිව්වා...

" මෙහෙ එනවා ..මටකතා කරන්න ඕනේ..." ශෙනාල් සර්ට තරහා ගිහින් ...චේතනගෙ අතින් අල්ලගෙන නැගිට්ටා...චේතන ඇස් ලොකු කරන් සර් දිහා බලන් ඉන්නවා..මගෙත් වෙනසක් නෑ ..අර ඩබල් බේසිකයා විතරක් ගානක් නැතුව කෝපි බොනවා...

යකෝ ඔය මගෙ කෝපි එක නේද !!

"ශේන් !! තරහා අරන් ප්‍රශ්න විසදන්න බෑ..කියලා මතක තියා ගන්නවා.." එයා හරි නිවුන විදියට කිව්වෙ කෝපි කෝප්පෙ ආයෙත් පිරිසිය උඩින් තියලා ඒ දිහාම බලාගෙන ...

ශේශාන් සර් දිහාවට බැල්මක් විතරක් දීලා චේතනවත් ඇදගෙන ගියෙ ගරාදි වැට ගාවට ... එතන ටේබල් මොකුත් නෑ ..නිදහස් ..එතන් තියෙන්නෙ නිකන් ඈත බලන් ඉන්න හොද වයිබ් එකක් ..

හ්ම්ම් !! මට තේරෙන්නෙ නෑ මේ දේවල් ...

මන් බලාගෙන හිටියා ..ශෙනාල් සර්    අරූ බිම බලා ගෙන ඉන්නකොට උරපතු දෙකෙන්ම අල්ලගෙන මූණට එබිලා මොනාදෝ මොනාදෝ කියනවා...

ඒක දිග කතාවක් Where stories live. Discover now