15

1K 180 11
                                    

" දැන් එතකොට උඹට ලබන සතියෙත් එන්න කිව්වද "

"ම්ම්." චේතාට විස්තරේ කිව්වම ඌ මගෙන් ඇහුවා...

" එකාතකට බලනකොට ඒකත් හොදයි..."

"මොකද්ද පගෝ ඒකේ තියන හොදේ..."

" උඹ ඉතින් බීඑස් පාඩම් කරන්නෙත් නෑනේ හරියකට "

"ඒ උනාට මන් එපැයි බන් බෙල්ල කඩන් ඔව්වා බලන්න.."

"හරි හරි සතියට එක පාරනේ...මන් යනවා නිදා ගන්න ..." ඌ එහෙම කියලා ආදට නැග්ගා ...

"ඇයි පාඩම් කරන්නෙ නැද්ද .." මොන ලෝක පුදුමයක් ද මේ මූ පාඩම් කරන්නෙ නෑ ...සමහර විට මහන්සි ඇති...ඌ මේ දවස් ටිකේම හොටෙල් එකේ වැඩ එක්ක ඔට්ටු උනා..

" උඹ මොකක් හරි ප්‍රශ්නෙකද බන් "

"එහෙම මොකුත් නෑ බන් "

නෑ කිව්වට මොනාම හරි තියෙනවා ...බලමුකො අපි ...

.
.
.
.
.
.
.

සතියම පාඩම් එක්ක තමයි ...ඉකෝන් ක්ලාස් එකේ පේපර් එකක් නිසා නොමැරී මැරුනා...චේතා මුල ඉදන් අගට මට ආයේ ඔක්කොම රිවිශන් කරා...

මට උගන්නනවා විතරයි ...ඌ පාඩම් කරන්නෙ නෑ...

මන් ඇහුවම කියනවා ...මට කියලා දෙනකොට ඌට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ ලූ...ඉබේම පාඩම් වෙනවලු ...

හා හා ඔයා කියන දෙයක් තමයි ඉතින් ....

සුද්දත් ස්කෝලේ යනවා ගෙදර එනවා...ආයෙම රස්තියාදුවෙ යනවා..කොච්චර කිව්වත් අර ඇම්ඩා එක්කම තමයි...ගෙදර එනකොට ලෙලි නෑ කොහෙන් හරි...

ඒ අස්සෙ අනිත් සබ්ජෙක්ට් අත රින්නත් බෑනේ දැන් ඉතින් දිගටම මේ රෝල තමයි එක්සෑම් ඉවර වෙනකන්ම ...

බී එස් එකේ පේපර් ක්ලාස් ඊලග සතියේ පටන් ගන්නවා  .....අයියෝ දෙයියනේ ...එක්කො මාව අතුරු දහන් කරපා...න් මේ ලෝකෙන් ..

ඒ අස්සෙන් අප්පච්චි බැංකුවෙන් අයින් වෙලා චේතනලාගෙ හොටෙල් එකේ අකව්සෙක්ශන් එකේ වැඩ ...එතන හොදයි බැංකුවට වඩා හොද පඩියක් අප්පච්චි ට එතන ලැබෙනවා...

.
.
.
.
. අගහරුවාදා දෙයියනේ කියලා ක්ලාස් නෑ..ඒත් අද හවස චේතාට හොටෙල් එකට යන්න ඕනෙලු ..මාවත් ඇදගෙන යන්න ලෑස්තිය..

ඒක දිග කතාවක් Tahanan ng mga kuwento. Tumuklas ngayon